Ads 468x60px

.

කාදිනල් හිමිපා‍ණෝ මොරටුව ළමා නිවාසයේ

අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්නත්තල් තිළිණ ද රැගෙන අද (25)  
පෙරවරුවේ රාවතාවත්ත ළමා නිවාසයට පැමිණියේයතම දෑතේ සුරතල් වූ සිඟිති දරු දැරියන් 
ඇතුළු පිරිසට කාදිනල් හිමිපාණන් නත්තල වෙනුවෙන් ආශිර්වාද කළේය.ශ්‍රී ලංකාවේ ඉන්දීය  
මහකොමසාරිස් අශෝක් කේකාන්තා මහතාද මේ අවස්ථාවට එක්ව සිටියහ.මොරටුවරාවතාවත්ත 
ළමා නිවාසය සම්බන්ධයෙන් සති කිහිපයකට පෙර ආන්දෝලනයක් මතුවී තිබිණ.

උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කෙරෙයි


2011 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මීට ස්වල්ප මොහොතකට පෙර නිකුත් වී තිබේ. එබැවින් මේවන විට www.doenets.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් ප්‍රතිඵල ලබාගත හැකිය. කෙසේ වෙතත් අද පෙරවරු 10.00ට ප්‍රතිඵල නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ඊයේ දිනයේ දී විභාග දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කෙරුණු අතර විභාග කොමසාරිස් ජනරාල්වරයා අද ප.ව 6.00 පසුවන විට ප්‍රතිඵල නිකුත් කළ හැකි බව මීට පෙරාතුව නිවේදනය කරන ලදී. 

සුදුපාට මල් වැටුණු ගයන්ත පිණිබිඳු ටෙලිනාට්‍යය ඔස්සේ


‘සුදුපාට මල් වැටුණු’ ගීතය ගායනා කරමින් ජනාදරයට පත් ගයන්ත විජේරත්න රංගනයට පිවිසීමට  
සූදානමින් සිටින බව වාර්තාවේ.ළගදීම ස්වාධීන රූපවාහිනී සේවය ඔස්සේ විකාශයවීමට නියමිත
'පිණිබිඳු’ ටෙලිනාට්‍යය ඔස්සේ ඔහුගේ රගපෑම් දැකගත හැකිබවද පැවසේ.

නිරෝෂා සහ ඉරෝෂාගේ සොහොයුරියගේ අමල් රොද්‍රිගූ රට පටවයි


අතුරුදහන් කිරීමේ ඒකකය' විසින් පැහැරගෙන යනු ලැබූ අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකුවන අමල් රොද්‍රිගූ නැමැත්තා  නිදහස් කොට, ඔහුගේ පවුල පිටින් විදේශ ගත කොට තිබේ.ඔහුව මීගමුවේ දී ඊයේ (24) මුදා හැර තිඛෙන අතර වහාම එම ස්ථානයට ගොස් ඇති බස්නාහිර පළාත් සභා අමාත්‍ය නිමල් ලන්සා ඔහුව කොල්ලූපිටියේ 'බේස් කරෝකී' රාත්‍රී සමාජ ශාලාවට රැගෙන ගොස් තිබේ.

බි්‍රතාන්‍ය තරුණියගේ ඇග පසඟ අතපත ගා පෙම්වතා මරා දමයි


නාමල් රාජපක්ෂ මහතාගේ ගජ මිතුරෙකුවන තංගල්ල ප්‍රදේශීය සභාවේ සභාපති සම්පත් චන්ද්‍ර පුෂ්පකුමාර මහතා අද (25) උදැසන බි්‍රතාන්‍ය ජාතිකයකු ඝාතනය කොට මේ වනවිට සැගවී සිටී. එම ඝාතනය සිදු කළ වහාම ජනාධිපතිවරයාගේ තංගල්ල කාල්ටන් නිවසට ගොස් ඇති සභාපතිවරයා,තමාව බේරා ගන්නැයි ඉල්ලා තිබේ.

රනිල් දිනවන්න මම පූජාවකුත් කළා - මර්වින්


විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ අපල උපද්‍රව දුරුකොට, ඔහුට යළි පක්ෂ නායකත්වය ලබා ගැනීම සඳහා තමා කැලණිය දේවාලයේ විශේෂ පූජාවක් සහ ශාන්ති කර්මයක් පැය 24ක් පුරා පැවැත්වූ බව අමාත්‍ය මර්වින් සිල්වා මහතා පෙරේදා රාත්‍රියේ තම හිතවතුන් පිරිසක් සමඟ පවසා තිබේ.

හඳහන කියන්නෙ වෙලාවකට ලෙඩක් - ඩයියා


රංගනයේදි ඔහු ඒ චරිතයට කෙතරම් දුරට කිඳා බැස ඇතිදැයි පසක් වන්නේ නරඹන්නන් ඒ චරිතයට එතරම්ම සමීප වීම නිසාය. එදිරිමාන්න සහ දොළහක් වේදිකා නාට්‍යයේ ඔහු දායක වන චරිත ඊට කදිම සාක්‍ෂියයි. එලෙසින් කලින් කලට විවිධ නිර්මාණ සමග රංගන ක්‍ෂේත‍්‍රයට අරුතක් ගෙන දෙන ඔහු ධර්මප‍්‍රිය ඩයස්ය. නමුත් වේදිකාවේ මෙන්ම අනෙකුත් ක්‍ෂේත‍්‍රවල බොහෝදෙනා ඔහු අමතන්නේ ‘ඩයියා’ නමිනි. මේ ධර්මප‍්‍රිය ඩයස් හෙවත් ඩයියා ගැන තව තවත් හැඳින් විය යුතු නැත. 

මටත් කවදාහරි මවක ලෙස පෙනී සිටින්න වෙනවා - නාටාෂා


නටාෂා රත්නායක ගැන ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙක් හඳුනාගෙන සිටින්නේ නිරූපණ ශිල්පිනියක ලෙසය. ශ්‍රී ලංකාවේ තවත් සමහරු ඇය හඳුනන්නේ ඉංගී‍්‍රසි ගීත ගයන ශිල්පිනියක ලෙසය. නමුත් නටාෂා යනු පුංචි ශ්‍රී ලංකාවේදී පමණක් එලෙසින් කටයුතු කරන ශිල්පිනියක නොවේ. අද ඇයගේ ගැඹුරු හඬින් ගැයෙන ගීත යුරෝපයේ මෙන්ම ඇමරිකාවේ ගුවන් විදුලි නාලිකා ඔස්සේ විකාශය කෙරේ. බොහෝදෙනා ඒ ගීත අසන්නට වඩාත් පි‍්‍රය බව සඳහන් කළ හැකිය.

දහ අට වංගු හිරිගඩු නැගෙන මීදුමෙන් වැසෙයි


ඉකුත් දින කිහිපයේ ලංකාවේ සතර දිග්භාගයට අධික වැස්සක් වැටුණේය.මේ මොහොතේද සමහර පළාත් වල ඇතැම් ප‍්‍රදේශ වලට ඒ අයුරින්ම වැසි ලැබෙමින් පවතී. සොබාව ධර්මය මිනිස් සංතානයට විටෙක අපූරු පාඩම්ද ගෙන එනු ලබන්නේය. මේ සොබා දහමෙන් අපට ලැබෙන අව්වත් වැස්සත් හේතුවෙන් මිනිස් සිත සතුටටත් විටෙක දුකට කඳුළටත් බරවෙන අවස්ථා එමටය.

අමිලා නදීශානි යළිත් අම්මා කෙනෙක්


සිරස සුපර්ස්ටාර් තුළින් ගායිකාවක් ලෙස ජනපි‍්‍රයත්වයට පත් වල්පොල කංකානමලාගේ අමිලා  
නදීශානි ජයසුන්දර යළිත් අම්මා කෙනෙක් වීමට යන බව වාර්තා වේඇය මෙලෙස යළිත් අම්මා
කෙනෙකු වීමට යන්නේ වසර දහයකට පසුවයඅමිලාටමේ වන විට කොළඹ තර්ස්ටන් විදුහලේ   
පහ වසරේ අධ්‍යාපනය ලබන පුතෙකු සිටියිඇය විවාහ වූයේ 2009 ජනවාරි 11 වැනිදා වන අතර  
ඇයගේ අත ගත්තේ සමන්ත ගමගේයඔහුද කලාවට සම්බන්ධ අයෙක් වන
අතර ඔහු බේස් ගිටාර්වාදකයෙකි. චවි චානක්‍ය අමිලාගේ පුතුගේ නමයි.

රිලා උගුල පවුලක් ම නිහඬ කරයි - ඔකඳගලම කම්පාවට පත්වෙයි

හගුරන්කෙත ඔකඳගල එකම පවුලේ තිදෙනකු අනවසර විදුලි රැහැනක පැටැලී මියයාමේ පුවතක් 
මතුරට ප‍්‍රදේශයෙන් වාර්තා වේමොවුන් බිලිවී ඇත්තේ රිලවුන් මැරීමට අටවා තිබූ උගුලකට බව  
පොලිසිය කළ මූලික පරීක්‍ෂණවලින් හෙළිවී ඇතමුලින්ම මෙම අගුලේ පැටලී ඇත්තේ අවුරුදු  
තුනක් වයසැති පුතා බවත්පසුව ඔහු බේරා ගැනීමට ගිය මවටත් පියාටත් විදුලිසැර වැදී ඇත.

සී නිවුස් වෙබ් අඩවිය ලක්වැසි ජහමනයාට සැබෑ ආඩම්බරයකි...!

ඉංජිනේරු කටයුතු හා ඉදිකිරීම් අමාත්‍ය විමල් වීරවංශ ‘මහතා’ගේ මග පෙන්වීම සහ අධීක්‍ෂණය යටතේ පවත්වාගෙන යනු ලබන ‘ලංකා සී නිවුස්’ වෙබ් අඩවිය ලොව සියලූ වෙබ් අඩවි අභිබවා යමින් ගූගල් ටුවිටර් ෆේස්බුක් පරදවමින් ලොව අංක එකේ වෙබ් අඩවිය බවට පත්වී ඇති බව මහත්වූ ජාතික අභිමානයකින් මෙසේ සකල ලෝකවාසීන්ට දැනුම් දෙනු ලැබේ.