Ads 468x60px

.

සමාවක් ලැබුණද? නොලැබුණද? ජෙනරාල් එජාපයට !


ජනාධිපති සමාවක් ලැබුණද? නොලැබුණද? දේශපාලන සිරකරු ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ලබන වසර මුලදී එක්සත් ජාතික පක්‍ෂයට එක්වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි ඔහුගේ සමීපතම හිතවතෙකු දැඩි විශ්වාසයකින් යුතුව අප වෙත පැවසීය.

මර්වින්ගේ අමල් අතුරුදහන් කර ඇත්තේ මර්වින්මලු

අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ හිටපු ලේකම්වරයෙකු වූ පසුගියදා පැහැර ගැනීමට ලක්වූ අමල් රොඞ්රිගෝ මහතා පැහැර ගැනීමට ආරක්‍ෂක අංශයට ආධාර අනුබල දී ඇත්තේ මර්වින් සිල්වා මහතා විසින්ම බව මේ වනවිට හෙළි වී ඇත.

දුෂ්‍යන්ත් ගැන අමුතුම ආරංචියක්

ගායනයට, රංගනයට වගේම නර්තනයටත් විශේෂ දක්ෂකම් තියෙන කෙනෙක් තමයි දුෂ්‍යන්ත් වීරමන් කියන්නේ. පසුගිය දා අපිට දුෂ්‍යන්ත් ගැන අමුතුම දෙයක් ආරංචි වුණා. ඒ නිසාම දුෂ්‍යන්ත්ට කතා කලා.

මම කවදාවත් විවාහ වෙන්නේ නෑ - උදයන්ති

ජනප්‍රිය ටෙලි නිලි උදයන්ති කුලතුංග ඊයේ පුවත්පත් සම්මුඛ සාකජ්ජාවකදී පවසා තිබෙන්නේ තමාට විවාහ වෙන්නට ගෙදරින් කෙනෙක් සොයන බවට මින් පෙර පුවත්පතකට කියූ කරුණක්  විකෘති  කොට නැවත පල කර තිබෙන බවත් ඇත්තටම තමා කිසිදා විවාහ නොවන්නට සිටින කෙනෙකු බවත් ය ඇය ඒ පිලිබදව මෙසේ කියා තිබේ  සම්පුර්ණ ලිපිය පහතින්

ඕප දූප හොයන කාටත් වැඩක් තියෙන්න ඕනේනේ අතුල- සමිතා කටකතා ගැන කියයි

අතුල හා සමිතා විසින් ගයන ආලෙන් වෙලා ගන්න කෝලම් කළා ගීතය මෑතකදී ඉතා ජනප්‍රිය වුනා. නමුත් මෙම ගීතය පිළිබඳව පසුගියදා සරසවිය පුවත්පතට හා රිවිර පුවත්පතකට ඔවුන් විසින් පවසා තිබුනේ මඳක් පරස්පර අදහස්.පසුගිය මාසයේ රිවිර පුවත්පතකට මේ පිළිබඳ අතුල විසින් පවසා තිබුනේ මෙලෙසින්.

2007 සිට ලියන ශලනිගේ ආදර කෙබර නවකතාව

සිරස කුමරිය ලෙස අභිෂේක වෙමින්  වර්තමානයේ ජනපි‍්‍රය ටෙලිනාට්‍ය නිළියක්, මෝස්තර නිරූපිකාවක් හා නර්තන ශිල්පිනියක් බවට පත්ව සිටින ගෝනකුඹුර පංගුකාරගේ ශලනි තාරකා විජේබණ්ඩාර ක්ෂේත‍්‍රයට පැමිණි මුල් කාලයේදී නවකතා දෙකක් ලියන බව පැවසුවාය.ශලනිගේ මේ නවකතා දෙකේ කතාවට පත්තර පිටු අතර ද ප‍්‍රසිද්ධියක් ලැබුණි.මේ නව කතාවලින් එකක් ශලනිගේ හිතේ ඇඳි එකක් වන අතර අනෙක ඇගේ යෙහෙළියකගේ ආදර අන්දරයක් බවද ඇය මාධ්‍යට පවසා තිබිණි.

රටට වදයක් වූ නවක වදයේ වත්සලාගේ කතාවේ ඇතුල් පැත්ත

විශ්ව විද්‍යාල තුලින් නවක වදය අතුගා දැමීමට සෑම අවුරුද්දකම කථිකාවක් ගොඩ නැගුනත් ඒ හැම වසරකම නවක වදයට බිලිවූ සිසුන් ගැන වාර්තා වේ.නවකවදය තිබුනාට කමක් නැත.නමුත් අමානුෂික නවක වදය ශිෂ්ඨ සමාජයක කිසිවෙකු අනුමත කරන්නේ නම් නැත.

වෙලා තියෙන්නෙ මුගෙ අවලන්කම් ඉවසන්න - එස්.බී

මේ දිනවල කැම්පස් සිසුන් හා යුද්ධයක නිරත වී සිටින උසස් අධ්‍යාපන ඇමති එස්.බී. දිසානායක මේ වන විට ශිෂ්‍ය සංගම් 30 කට අධික ගණනක් තහනම් කරන සැබෑ තතු  වාර්තාවේ. පේරාදෙණිය කැම්පස් එක අසල ගලහ පාරට එස්.බී.ගේ ඇත්තේ පුදුම කැමැත්තකි. උසස් අධ්‍යාපන ඇමති වශයෙන් එස්.බී.ගේ එකම බලාපොරොත්තුව විශ්වවිද්‍යාලවලට හෙණ ගැහුවත් ගලහ පාර සන්සුන්ව තබා ගැනීමයි.

රාත‍්‍රීයේ පොලීසිය තරුණයාට බැණ වැදී තරුණිය දුෂණය කරයි

රාත‍්‍රී කාලයේ මෝටර් රථයකින් ගමන් ගත් තරුණ පෙම් යුවලක් පරීක්‍ෂා කිරීමට යයි පවසමින් නාරාහෙන්පිට බේස්ලයින් පාරේදී එම මෝටර් රථයේ සිටි තරුණියට ලංගික අඩත්තේට්ටම් කොට ඔවුන් සන්තකයේ තිබූ මුදල් සහ ජගම දුරකතන සොරා ගැනීමේ සිද්ධීන්ට සම්බන්ධ පොලිස් නිලධාරීන් තිදෙනෙකු පිලිබඳව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පරීක්‍ෂණ ආරම්භ කොට තිබේ.

ලිංගික අතවර කල තංගල්ල ප්‍රාදේශීය සභාපති භාරවෙයි

තංගල්ල, වෑමැඩිල්ල ප්‍රදේශයේ හෝටලයකදී විදේශීය ජාතිකයෙකු ඝාතනය කිරීමට අදාළ ප්‍රධාන සැකකාරතංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණ මහතා අද (26) රාත්‍රීයේ 8.15ට පමණ පොලීසියට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබේ.

වාහන තදබදයට විසදුමක් - මෝටර් සපත්තු

වාහන තදබදය ලොවපුරා බොහෝ අයට ඇති බරපතල ගැටළුවකි.ඊට විසඳුමක් කැලිෆෝනියාවේ වෙසෙන නිර්මාණකරුවෙකු වන පීටර් ටෙ‍්‍රඩ්මන් වෙනස් ආකාරයේ විසඳුමක් ඉදිරිපත් කර ඇත.ඒ, මෝටර් වලින් කි‍්‍රයාත්මක වන ස්වයංක‍්‍රීය පාවහන් යුවලක්.spnKiX ලෙස නම් කර ඇති මෙම පාවහන් වලට යොදා ඇති මෝටර්, බැටරි බලයෙන් කි‍්‍රයාකරන අතර, මෙය පැයට සැතපුම් 10ක වේගයකින් ගමන් කළහැකි බව වාර්තා වේ.

ජීව විද්‍යාව විෂය කලත් - ලැබී ඇත්තේ වාණිජ ප්‍රතිඵලයක් - ප්‍රභාෂ් මධුශංක

ඊයේ මධ්‍යම රාත්‍රියේ නිකුත්වූ උසස්පෙළ ප්‍රතිඵල ගැටළු සහගත බව නිසා මේවන විට සිසුන් දැඩි අපහසුතාවයට පත්වී තිබෙනවා.ඒ අනුව ඇතැම් කළා සිසුන්ට විද්‍යා අංශයේ ප්‍රතිඵල ලැබී ඇති බව ලංකා ගුරු සංගමය ප්‍රකාශ කරනවා.