Ads 468x60px

.

අධිවේගීයේ ජනවාරි පළමුවැනිදා සිට ධාවනය වනවායු සමනය කළ බස්

දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ ජනවාරි පළමුවැනිදා සිට ධාවනය කිරීමට නියමිත සූඛෝපභෝගී බස්රථවල රියැදුරන්ට ප‍්‍රායෝගික පුහුණුවක් ලබාදීම කොට්ටාව පිවිසුම් මාර්ගයේ දී අද පැවැත්විණි.

ජෙනරාල්ට සමාව දීම ඔහු හිරේ සිටියාටත් වඩා අන්තවේ ලු

ලබන වසර මුලදී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට ලබාදීමට නියමිත පොදු සමාව කොන්දේසි රාශියක් මත දෙන නිදහසක් බව ඉතා විශ්වාසවන්ත කටයුතු මාර්ග වලින් වාර්තාවේ.මේ යටතේ ජෙනරාල් ෆොන්සේකා මහතා බන්ධනාගාරයෙන් නිදහස් කළද, ඔහුට දේශපාලන කටයුතුවලට සම්බන්ධවීමේ අයිතිය අහිමි කිරීමට නියමිතය.

ටෙනිස් ටෙනිස් පිටියට පෑයූ රුසියානු සරාගී ලඳුන් (Photo)

ටෙනිස් පිටියට සරාගී ලියන්ගෙන් අඩුවක් නොවේ. පසුගිය දශක කිහිපයේ ටෙනිස් පිටියේ සරාගී කිරුළට වැඩිවශයෙන් හිමිකම් කීවේ රුසියාවෙන් ටෙනිස් පිටියට පෑයූ ලඳුන්ය. ඒ අතරින්, එලීනා බොවිනා, ඇනස්ටාසියා මිස්කිනා, ඇනා චක්වෙට්ඞ්ස්, ඔලෙගා පුචකෝවා, එලීනා වෙස්නිනා, එලීනා ඩෙමන්ටීවා, මාරියා ශරාපෝවා, මාරියා ක්රිලෙන්කෝ හා ඇනා කොරනිකෝවා විශේෂිතය. 

පළමු සහභාගිත්වයෙන්ම සම්මානයට පාත්‍ර වුනු චාන්දනී


චාන්දනී සෙනෙවිරත්න’ ලංකාවේ රංගන ශිල්පිනියන් අතර රංග ප්‍රතිභාව මනාව සිය චරිතය ඔස්සේ පිළිඹිබු කරන්නට හැකි චරිතාංග රංගන ශිල්පිනියක්. විවිධ භූමිකා ඔස්සේ ප්‍රේක්ෂකයාට සමීප වන ඇය වේදිකාවත්, ටෙලිනාට්‍යයත්, සිනමාවත් තුළ සිය රංග පරාසය විහිදාලමින් සම්මානනීය රංගන ශිල්පිනියක් බවට පත්ව අවසන්. පසුගියදා ඇය ඩුබායි ජාත්‍යන්තර සිනමා උලෙළේ ලංකා නියෝජනය වූ ‘නිකිනි වැස්ස’ සිනමා පටය හරහා ජූරියේ විශේෂ සම්මානයෙන් පුද ලද එකම රංගන ශිල්පිනිය බවට පත්වුණේ ජාත්‍යන්තරය නියෝජනය කළ සිනමාපට රැසක් අභිබවමින්.

බිරියගේ අසභ්‍ය දර්ශන රූගත කර අන්තර් ජාලයට දාලා

තරුණියන් හා කාන්තාවන් රවටා රැගෙන ගොස් ඔවුන්ට හොර රහසේ ඔවුන්ගේ අසභ්‍ය දර්ශන රූගත කර ඒවා අන්තර්ජාලයට අලෙවි කිරීමේ ජාවාරමක යෙදුන බවට සැකපිට තරුණයකු බියගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.සැකකරු ළඟ තිබී කාන්තාවන්ගේ අසභ්‍ය දර්ශන ඇතුළත් පරිගණකයක්ද පොලිස් භාරයට ගෙන ඇත.

වික්ටෝරියා ඇලේක්සැන්ඩර් වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹට

තංගල්ල, මැඩිල්ලේ  පිහිටි සංචාරක හෝටලයක්‌ තුළදී ඇතිවූ ගැටුමකදී තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්‌ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රුසියානු ජාතික වික්ටෝරියා ඇලේක්සැන්ඩර් (23) තරුණිය ඊයේ  කොළඹ පෞද්ගලික රෝහලකට රැගෙන ගිය බව එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය ජයම්පති සේනානායක මහතා පවසයි.

ගයේෂා දරුවෙකු සමඟ සෙල්ලමක

කලා ක්ෂේත්‍රයට නිතර දෙවේලේ නැවුම් බවක් එක කරන නව පරපුරේ දක්ෂ රංගන ශිල්පිණියක් වන ගයේෂා පෙරේරා ගේ මින් පෙර නොදු‍ටු වෙනස්ම ආකාරයේ ඡායාරූප පෙලක් අප වෙත ලැබී ඇත


සුද්දියක් සමග සමග නටද්දී සුද්දෙක් දකුණු කන සපා කෑල්ලක් කඩාගෙන

බ්‍රිතාන්‍ය ජාතික තරුණයෙක් විසින් කොළඹ පිහිටි තරු හෝටලයදී ශ්‍රී ලාංකික තරුණයෙකුගේ දකුණු කන සපා කෑල්ලක් කඩා ගත්තැයි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබේ.ඊයේ දිනයේ කොළඹ කොටුව අධිකරණයට ඉදිරිපත් කරන ලද සැකකරු ඇප මත මුදා හරිනු ලැබ ඇත.විදේශීය කතක සමග නටද්දී විදේශිකයා කන සපා කා තිබෙන බව පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන්ය.

තාත්තා වැඩියෙන්ම ආදරේ මටයි - සෝනම්

බොලිවුඞ් නිළි සෝනම් කපූර් වැඩිපුරම ආදරේ ලබන කෙනෙක් ලු.
පසුගිය දිනයක රූපගත කරන ලද ඉන්දීය රූපවාහිනී වැඩසටහනකට සහභාගී වෙමින් සෝනම් පවසා ඇත්තේ සිය පියා වන අනිල් කපූර් ගේ වැඩි ආදරය ලබන්නේ තමන් බවයි.සෝනම්, අනිල්ගේ කුළුඳුල් දරුවා වන අතර, ඔහුට තවත් දියණියක් හා පුතෙකු සිටියි.

ශිහාන් මිහිරංගගේ පෙම් සබඳතාවයට වසර නවයක් - විවාහය ලබන ජුනි

සුපර් ස්ටාර් පළමු වටයේ ශිහාන් තරඟයෙන් ඉවත්වූ විට කුඩා දරුවන් ජනාධිපතිවර යාට පවා කතාකොට ශිහාන් නැවත තරඟයට ගන්න ලෙස ඉල්ලීම් කල බව එකල ප්‍රසිද්ධ රහසකි.නමුත් එදා මෙදාතුර ශිහාන් තමාට පෙම්වතියක් සිටින බවනම් හෙළිකළේ නැත.සිරස සුපර් ස්ටාර් පළමු අදියරේ සිටි වඩාත් ආකර්ශනීයම තරඟ කරුවා වුයේ ශිහාන් මිහිරංගය.පළමු වටයේ සුපර් ස්ටාර් බවට පත්වූ අජිත් බණ්ඩාර ට වඩා ජනප්‍රියතාවයක් ඉසිලීමට ශිහාන් ට හැකිවිය.

ප්‍රතිඵල නිවැරදියි, සැකනම් නම් උත්තරේ පත්තරෙත් පෙන්නනවා - එස්.බී

පසුගියදා ඇතිවුන උසස්පෙළ ප්‍රතිඵලයේ හේතුවෙන් විභාගයට මුහුණදුන් සිසුන්ට තම උසස්පෙළ ප්‍රතිඵල පිලිබඳ අවිශ්වාසයක් ගොඩ නැගී ඇත.මෙම අවිශ්වාසය දුරු කිරීම සඳහා ඊයේ දිනයේදී උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ඇතුළු පිරිසක් මාධ්‍යය හමුවක් පැවැත්වුවා.

RUNWAY RECAP 2011

Former Miss Sri Lanka Gayesha Perera Presents "RUNWAY RECAP 2011" Fashion Extravaganza will be held in Nuwara Eliya CineCita Grounds on 29th 30th & 31st December, Theis is the 1st time SRI LANKA YOUTH is organizing a Fashion Event in Sri Lanka, The show will be the 1st of this kind in Sri Lanka & It will be Choreograph by Gayesha Perera,