Ads 468x60px

.

මරියානා ආගාදය තරණය කල කැමරන් යළි මතුවෙයි

3D තාක්‍ෂණය යොදාගෙන රූගතකිරීම් කරලා... 
පැය 4කට වැඩි කාලයක් පුරාවට එහි ගවේෂණ කටයුතු...

ලොව ගැඔරුම සාගර පතුල වන මරියානා ආගාදය කරා ගිය සුප‍්‍රකට හොලිවුඞ් චිත‍්‍රපට අධ්‍යක්ෂ ජේම්ස් කැමරන් යළි දිය මතුපිටට පැමිණ ඇත.




බටහිර ශාන්තිකර සාගරයේ කි.මී. 11ක් පමණ ගැඹුරින් පිහිටි මරියානා ආගාදය වෙත යාමට ඔහුට ගත වී ඇති කාලය පැය 2කි.

ඞීප්සී චැලෙන්ජර් ලෙස නම්කර තිබ සබ්මැරීනයකින් මරියානා ආගාදය වෙත ගිය කැමරන් පැය 4කට වැඩි කාලයක් පුරාවට එහි ගවේෂණ කටුයතු වල නිරත වී ඇත.


3D තාක්‍ෂණය යොදාගෙන මරියානා ආගාධය රූගතකිරීමට අවශ්‍ය පහසුකම් සහිත ඞීප්සී චැලෙන්ජර් සබ්මැරීනය නිපදවීමට කැමරන්ට හා ඉංජිනේරුවන් පිරිසකට වසර කිහිපයක් ගතවී තිබූ අතර,

මීටර 7ක් දිග හා ටොන් 11ක් බරැුති මෙය නිපදවනු ලැබුවේ ඉතා රහසිගතවය.කැමරා හා විදුලි බුබුළු රාශියකින් සමන්විත වූ චැලෙන්ජර් සබ්මැරීනය දිය යට රූපවාහිනී මැදිරියකට සමාන බව විදෙස් වාර්තා සඳහන් වේ.

සිය සංචාරයේ ලද වීඩියෝ දර්ශන වලින් වාර්තාමය වැඩසටහනක් ඉදිරිපත් කිරිමට කැමරන් අදහස් කර සිටියි.සිය අත්දැකීම පිළිබඳව විස්තර කළ කැමරන් පවසා ඇත්තේ වෙනස් ග‍්‍රහලෝකයකට ගොස් යළි පැමිණි බවට දැනුන බවයි.

ප‍්‍රථම වරට මරියානා ආගාදය තරණය කරන ලද්දේ 1960දීය. ඒ, ඇමෙරිකානු නාවක හමුදා නිලධාරියෙකු වූ ඩොන් වොල්ෂ් හා ස්විස් ජාතික සාගර විiාඥ ජාක් පිකාඞ් විසිනි.

සුපකට ටයිටැනික් හා ඇවටාර් චිත‍්‍රපටි වලින් විශාල ජනපි‍්‍රයත්වයක් ලද කැමරන්, මරියානා අගාදය තරණය කළ තෙවැන්නාය.කෙසේ වෙතත්, තනිවම මරියානා අගාදයට ගමන් කළ පළමු පුද්ගලයා ලෙස ඉතිහාසයට එකතු වෙයි.
 
Related Posts with Thumbnails