Ads 468x60px

.

මොනාලිසා චිත‍්‍රය හොරකම් කල ලෝක ප‍්‍රසිද්ධ හොර දෙටුවා

සොරකම් කර යුරෝ 3825 ක මුදලකට විකුණලා...

විසිවන සියවසේ ප‍්‍රංශයේ සුප‍්‍රසිද්ධ සොර දෙටුවා ලෙස සලකනු ලබන්නේ පැරීසියේ ජීවත්වූ ඉතාලි ජාතික වැන්ශෙන්ෂෝ ෆෙරුයෝය. 

ලෝක ප‍්‍රසිද්ධ ලා ජොකොන්ඞ් ලෙස නම් කල ලියෝනාර්ඩෝ ඩාවින්චි විසින් සිත්තම් කල මොනාලිසා චිත‍්‍රය එය තබා ඇති ලෝකයේ විශාලතම හා වටිනාම කෞතුකාගාරය ලෙස සුප‍්‍රසිද්ධ පැරීසියේ ලූවර් කෞතුකාගාරයෙන් 1911 අගෝස්තු මස 21වෙනිදා ඔහු විසින් ඉතා සුක්ෂම අයුරින් සොරකම් කළහ.


ඉන් අනතුරුව වසර දෙකක් ඔහු අත් අඬංගුවට පත්නොවීය.
ඉතාලියට පැනගත් ඔහු වසර දෙකකට පසු මොනාලිසා රූප රාමුව ඉතාලියේ  ෆොලොරොන්ස් හි ටොස්කාන් නගරයේ සාප්පුවකට විකිනීමට තැත් කිරීමේදි පොලිස් අත් අඬංගුවට පත්විය.

කල වරදට මාස හතක සිර දඬුමක් විඳීමට සිදුවිය. අත් අඬංගුවට පත් ඔහුගේ ඡුායාරූප දෙකක් පොලීසිය විසින් ගන්නා ලදී.එහි විශාලත්වය මි:මී:123X54ක් විය. 

මෙම ඡුායාරූප දෙක පසුගිය සතියේ ලෝක ප‍්‍රසිද්ධ වටිනා කෞතුක භාන්ඩ අලෙවි කරන පැරීසියේ ටආජාන් වෙන්දේසි මධ්‍යස්ථානයේදි යුරෝ 3825 ක මුදලකට(රුපියල් ලක්ෂ හයක් පමන) වෙන්දේසියේදී ඉතාලි ජාතිකයෙකු විසින් මිලට ගන්නා ලදී.



 
Related Posts with Thumbnails