Ads 468x60px

.

යොවුන් නළු නිළියෝ පාපැදි සවාරියක

පරිසර දිනය හැඩ කරන නළු නිළි පාපැදි සවාරිය ජූනි මාසයේ 05 වැනිදා...

මේනක, නෙහාරා, පියුමි, කංචන, උපේක්ෂා, නදීශා, සාරංග, ගයාන් කියන යොවුන් නළු නිළියෝ කිහිප දෙනා පාපැදි සවාරියක් යන්න සූදානමින් ඉන්න වග ආරංචි වුණා.

මොකක්ද මේ පාපැදි සවාරිය කියලා අපි මේනකගෙන් ඇහුවා.

ඉන්ක්‍රෙඩිබල් හල්ක් ට අපූරු ඇබැද්දියක්

තීන්ත වර්ගයක් ආලේප කර ඉවත් කිරීමට නොහැකි වෙලා...
දින 2ක් පුරාවට විසි වතාවක් පමණ ස්නානය කරලා...

උත්සවයක් සඳහා ප‍්‍රවීන චිත‍්‍රකතා තරුවක් වන ඉන්ක්‍රෙඩිබල් හල්ක් ලෙස සැරසුන පුද්ගලයෙක් ට වූ අපූරු ඇබැද්දියක් පිළිබඳව බ‍්‍රසීලයෙන් වාර්තා වේ.

ඔබත් සිහින පියාපත් වංචාවට අහු වුනාද ?

සිහින පියාපත් අධ්‍යක්ෂ සඳුන් රාජකරුණාට තරුණියකගෙන් පැමිණිල්ලක්. 

මේ වංචාවට ඔබත් හසු වී ඇත්නම් සඳුන්ගේ 0726674660 දුරකතන අංකයට දැනුම් දෙන්න. 

පසුගිය රයිගම් ටෙලි සම්මාන උළෙලේ ජනප්‍රියම ටෙලි සිතුවම වූ ‘සිහින පියාපත්’ අධ්‍යක්ෂ සඳුන් රාජකරුණාගේ ජංගම දුරකතනය ගිය බදාදා සැන්දෑවේ නාද වූයේ නාඳුනන අංකයකින්. තරමක කුතුහලයකින් යුතුව ඊට ආමන්ත්‍රණය කළ ඔහුට එහා කොනින් යෞවනියකගේ නුහුරු කට හඬක් ඇසුණා.

රොෂේන් සමරුවට 5000කට අධික පිරිසක්

සෑම වර්ෂයකම මැයි 30 වෙනිදා රොෂේන්ට උපහාර දක්වන දිනයක් වෙනවා...

සැබෑ විශ්‍රාම වැටුපක් දිනා ගැනීමේ සටන, අරගලය දියත් කරනවා...

EPF/ETF අරමුදල රැකගැනීමේ අරගලයේදී ඝාතනය වූ සෙවක රෝෂේන් චානක මහතාගේ පළමු වර්ෂ පූර්ණ සැමරැම අද (30) කටුනායක ඇවරියවත්ත ඔරලෝසු කණුව අසලදී අති සාර්ථකව පැවැත්වීණි. 

දැන් වාහනය එලවන ගමන් කෝල්ස් ගන්න, වටපිට බලන්නට පුළුවන්

ස්වයංකී‍්‍රයව ධාවනය කල හැකි මෝටර් රථය සාර්ථකයි...

දුරකතන සංවාදවල යෙදෙමින් රිය පැදවිම ලොව බොහෝ රටවල දඩයක් අයකරගන්නා වරදකි. ශි‍්‍ර ලංකාවේදී එය බොහෝ විට අධිකරණ කි‍්‍රයාවලියකින් දඩුවම් ලැබිය හැකි වරදකි.

රටට විරුද්ධව මඩ ප්‍රචාර කරන වෙබ් අඩවි අටකින් රට ඉදිරියට යන ගමන විකෘති කරනවා - ජනපති

මේ වෙබ් අඩවි 08 ම කරන්නේ එක පුද්ගලයෙක්...

රටට වින කරන වෙබ් අඩවි 8 ක් තිබෙන බවත්, එම වෙබ් අඩවි 08 ම කරන්නේ එක පුද්ගලයෙක් බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියි. 

සුදුවීමට ගත්තු ඉන්ජෙක්ෂන් එක නිසා නදීෂා මහත් වෙලාලු

නොසිතූ ලෙස මහත්වීම ඇගේ හිතට බරක් වෙලා...

සිනමා හා ටෙලි නාට්‍ය නිළියක් ලෙස ජනපි‍්‍රයත්වයට පත් නදීෂා හේමමාලි මේ දිනවල නොසිතූ ලෙස මහත්වීම ඇගේ හිතට බරක් වී ඇතැයි වාර්තා වේ. 


සුදුවීමට හා සිය සුන්දරත්වය ආරක්ෂාකර ගැනීමට ලබාගත් විශේෂ එන්නතක් හේතුවෙන් නදීෂා මෙසේ ටිකක් තරබාරුවී ඇති බවට ඇගේ හිතේ මතයක් ඇතැයි ද පැවසේ.

අපි විවාහ වෙලා ටිකක් කල් ඒත් තාමත් වෙනම ජිවත් වන්නේ - චතුරිකා

මම වැඩිය ඔය පුහු දේවලට කැමති කෙනෙක් නෙවෙයි...රොෂාන්

ටෙලි නාට්‍යය නිලි චතුරිකා පිරිස් හා රොෂාන් පිලපිටිය සමග පමාවූ විවාහය පිලිබඳ පසුගිය කාලයේ බොහෝ මාධ්‍යය වල කතාබහට ලක්වුවා.

මේ මියගිය තරුණියට තවමත් යුක්තිය ඉටු වී නැත...

රජයේ රැකියාවක් දෙනවා කියා මරදානේ හෝටලයකට ගෙන ගොස් ඇයව බලහත්කාරයෙන් දුෂණය කරලා...

මේ ඡා
යාරූපයේ සිටින්නේ මිනුවන්ගොඩ ඕපාත ප්‍රදේශයේ පදිංචිව සිටි මල්දෙනියගේ ප්‍රියදර්ශනී නම් තරුණියයි.



ඇය සේවය කලේ කටුනායක ඇඟලුම් කම්හලකය. මුදලින් දුප්පත් නමුත් රුවින් පොහොසත් මෙම තරුණිය  පාසල් අධ්‍යාපනය නිම කිරිමටත් ප්‍රථම රැකියාවකට ගියේ නිවසේ තිබු අග හිඟකම් නිසාය. 

අනාථ වූ සුනඛයන්ට පිහිට වීමට ඔඩෙල් ප්‍රධාන විධායක නිලධාරිනිය රංගනයට

ය සතුන් පිළිබඳව සිදුකරන ලද චිත්‍රපටයක්... 
ප්‍රධාන පරමාර්ථය අනාථ වූ සුනඛයන්ට පිහිට වීමයි.

ඔඩෙල් සමූහ ව්‍යාපාර‍යේ ප්‍රධාන විධායක නිලධාරිනිය වන ඔටාරා ගුණවර්ධන විසින් චිත්‍රපට රංගනයට පිවිස ඇත.

රුපියල් කෝටි 10 ට ආසන්න මුදලක් යොදා තැනූ ‘‘සුපර් සික්ස්’’

සුපර් සික්ස් කියන්නේ ලංකා පොළවේ පය ගහලා ජීවත්වන තරුණ තරුණියන් පිරිසක් වටා ගොනුවූ චිත‍්‍රපටයක්...

ලංකා සිනමා ඉතිහාසයේ මෙතෙක් වැඩිම මුදල වන රුපියල් කෝටි 10 ට ආසන්න මුදලක් යොදා තැනූ ‘‘සුපර් සික්ස්’’ චිත‍්‍රපටය මේ දිනවල ප‍්‍රදර්ශනය වෙනවා. 

උදාර පල්ලියගුරු අධ්‍යක්ෂණයෙන් සහ ටී සදේෂ් කුමාර් නිෂ්පාදනයෙන් බිහිවූ සුපර් සික්ස් සඳහා එතරම් මුදලක් වැය වූයේ ඇයි? 

ඉන්ධන මිල යලිත් ඉහල යන ලකුණු...

පෙට්‍රල් හා ඩිසල් මිල ඉහල දැමීමට ලංකා IOC අවසර ඉල්ලයි

ඒ අනුව පෙට්‍රල් ලීටරයක් රුපියල් 10 කිනුත් ඩිසල් ලීටරයක් රුපියල් 13 කිනුත් ඉහල දැමීමට ඛනිජ තෙල් අමාත්‍යාංශයෙන් එම සමාගම ඉල්ලුම්කොට ඇත.

නෙහාරා මේනක සංසාර සක්මන හි මුහුරත් උළෙල දා

සංසාර සක්මනෙහි නිර්මාණ ක‍්‍රියාකාරීත්වය දිගහැරෙන්නේ මෙහෙමයි...

සත් රළ පෙළ, බාගෙට නෑයෝ,  ආදරේ අහස තරම්, පිණි අග පුළිගු යන ටෙලි නාට්‍ය නිෂ්පාදනයෙන් නිෂ්පාදන කරළියට පා තැබූ ප්ලස් වන් (PLUS ONE) නිෂ්පාදන ආයතනයේ නවමු නිර්මාණය වන ‘සංසාර සක්මන’හි මුහුරත් උළෙල පසුගියදා පැවැත්විණි.

ප්ලේම් නමින් වෛරසයක්‌ සුදානමින් සිටින්න - කැස්‌පර්ස්‌කි ආයතනය පවසයි

මෙම වෛරසයේ ඉලක්‌කය රහස්‌ තොරතුරු ඒකරාශී කිරීමයි.

ප්ලේම් නමින් හඳුන්වන පරිගණක වෛරයක්‌ සම්බන්ධව රුසියානු කැස්‌පර්ස්‌ ආයතනය විසින් අනතුරු අඟවා ඇත.මෙම වෛරසය කාගේ නිර්මාණයක්‌දැයි හෙළිවී නැත.

පන්නල ධාවන තරග සඳහා යොදාගන්නා රේසින් කාර් දෙකක්‌ තැන් දෙකකදී අනතුරට

එකක් පාරෙන්  ඉවතට පැන නිවසක ගැටිලා...
අනෙක රෝදයක්‌ ගැලවී කාණුවක හිරවෙලා...

පන්නල ප්‍රදේශයේ පැවැති තරගයකට සහභාගී වීම සඳහා යමින් තිබූ ධාවන තරග සඳහා යොදාගන්නා මෝටර් රථ (රේසින් කාර්) දෙකක්‌ පස්‌යාල මීරිගම මාර්ගයේ ස්‌ථාන දෙකක දී (26) දා උදෑසන අනතුරට ලක්‌ව ඇත.

වතුර බොන ලිඳෙන් ඛණිජ තෙල්

ප්‍රදේශවාසීන් විශාල පිරිසක් එය දැකබලා ගැනීම සඳහා පැමිණෙයි...

කටුපොත ප‍්‍රදේශයේ පිහිටි පැරණි ළිඳකින් ඛනිජතෙල් මතුවීමට පටන් ගැනීම හේතුවෙන් එහි අයිති කරුවන්ට ලිඳ අතහැර දැමීමට සිදුව ඇතැයි වාර්තා වේ. 

අතුල - අමායා කැදැල්ලේ තුන්වන්නෙක් එකතුවීමට සුදානම්ලු

විවාහය වසර දෙකක පමණ රහසක් විදිහටයි තිබුනේ...

අතුල අධිකාරි සමිතා මුදුන් කොටුව සමග පවතී විවාහය අවසන් වීම හේතුවෙන් නිරුපන ශිල්පිනියක වූ අමායා සමග විවාහ වූ බව පසුගියදා මාධ්‍යයට ප්‍රකාශකොට තිබුණි.

සිරස හැර හිරු ටීවී නාලිකාවට සම්බන්ධවීම නිසා අරුණට හොඳම ටෙලියට හිමි සම්මානය අහිමි වෙයි

අනේ අරුණ මහත්තය..මේ තෑගි මුදල ඔයාට දෙන්න එපා කියල ලියුමක් එවල තියෙනවා...
කව්ද කියල තියෙන්නේ...
සිරස තමයි කියල තියෙන්නේ...

රයිගම් ටෙලීස් සම්මාන උළෙලේ හොඳම ඒකාංගික ටෙලිනාට්‍ය ලෙස සම්මානයට පාත‍්‍රවූ සිරස නාලිකාව විකාශය කරන ලද ‘සුළඟට එන්න කියන්න’ ටෙලියට හිමි තැගිමුදල ගැනීමට ගිය එහි අධ්‍යක්‍ෂ අරුණ ජයවර්ධනට අපූරු අකරතැබ්බයකට මුහුණදීමට සිදුවී ඇතැයි වාර්තා වේ.

මංජුලා හා ඩිල්ශාන් පුතුගේ උපන්දින උත්සවයේ ජයාරූප

දිහේල වෙනුවෙන් මවුන්ට් ලැවිනියා හෝටලයේ සාදයක්...

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක තිලකරත්න දිල්ශාන් හා ටෙලි නාට්‍යය නිලි මංජුලා තිළිණිගේ පුතු වන දිහේල දින්හාස් පසුගිය සෙනසුරාද දිනයේ සිය පළමු උපන්දිය සමරනු ලැබුවා.

ජංගම දුරකථන වල වාසය කරනා කෘමියෙක් සොයාගැනීමට අපේ වෛද්‍ය පර්යේෂණ ආයතනය සමත් වෙයි

අපගේ මයික්‍රෝ ලෝකය පිරි ඇත්තේ මෙවැනි මයිටාවන්ගෙන්...

මෑතකදී ස්වර්ණවාහිනිය මාර  නිවුස් එකක් පෙන්නුවේය.  ජංගම දුරකථන වල වාසය කරනා කෘමියෙක් සොයාගැනීමට අපේ වෛද්‍ය පර්යේෂණ ආයතනය සමත්වෙලා තිබෙන බව ඉන් කිවේය.  

කාල්ටන් සුපර් සෙවන්ස් රගර් තරගාවලියට බිපාෂාව ගන්න මිලියන 60ක් වියදම් කරලා

බිපාෂා මිලියන 60 යි..
ඔබරෝයිට සහ පී‍්‍රති සින්ටාට මිලියන 70 යි..
-----------------------------------------------------
මුතුතන්තී‍්‍රට දිනකට රුපියල් 74,000 යි..
සාරංගට දිනකට රුපියල් 65,000 යි..
දිලිප්දිනකට රුපියල් 59,000 යි.

කාල්ටන් සුපර් සෙවන්ස් රගර් තරගවලියේ අවසානයේ (ජුනි 03) පැවැත්වීමට නියමිත ප‍්‍රසංගය සඳහා ඉන්දීය කලාකරුවන් ගෙන්වීමට වැයකරනු ලබන මුදල රුපියල් මිලියන 150 ක් බව වාර්තා වේ.

කොටට නිල ඇඳුම ඇඳගෙන ආවයි අවවාද කිරීමට කිපී දැරියගේ පියා විදුහල්පතිගේ ඇටකටු බිඳලා


විදුහල්පති ගෙදර යද්දී ත්‍රීරෝද රථයකින් පාර හරස් කර හොඳටම ගහලා ...

ඇහිබැම ගා නියපොතුවල කියුටෙක්ස් ආලේප කර කොටට නිල ඇඳුම ඇඳගෙන පාසලට කිහිපවරක්ම පැමිණි ශිෂ්‍යාවකට මව්පියන් ගෙන්වා අවවාද කිරීමෙන් පසුව ගම්පහ මිශ්‍ර පාසලක නියෝජ්‍ය විදුහල්පතිවරයක් විකට්ටුවකින් පහර කා ගම්පහ රෝහලට ඇතුලු කරනු ලැබ සිටී.

ඉටිමල් නිසා රන්ජන් අනර්කලී යළිත් පෑහෙයි (පින්තුර)

අනර්කලී හා රන්ජන් අතර හාදකමක් ඇති බවට රාවයක්...

ජනපි‍්‍රය සිනමා හා ටෙලි නිළි අනර්කලී ආකර්ෂා, ජනපි‍්‍රය සිනමා නළු රන්ජන් රාමනායක හා යළිත් පෑහී ගණුදෙනු කිරීමට පටන්ගෙන ඇතැයි වාර්තා වේ. 

කිවූ ලෙසම පුනම් පාන්ඩේ නිරුවත් වෙයි

වයස අවුරුදු 18ට අඩු ළමුන්ට එය නැරඹීමෙන් වලකින ලෙස ඉල්ලීමක්...

ලෝක කුසලාන අවසන් තරඟයෙන් ඉන්දියාව ජයග්‍රහණ කිරීමත් සමග බොහෝ දෙනෙකු පුනම් පාන්ඩේ යන නිරුපිකාව පිලිබඳ කතාබහට ලක් කළා.

40% යි ගෙවන්නේ මම කොන්ත‍්‍රාත්තුව අත්සන් කරන්නේ නෑ - ලසිත් මාලිංග

ඒත් ඕනෑම මොහොතක රට වෙනුවෙන් ක‍්‍රීඩා කිරීමට මම සූදාම්...

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන්නෙකු වන ලසිත් මාලිංග ඉදිරි වර්ෂය සඳහා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සමඟ වන කොන්ත‍්‍රාත්තුව අත්සන් නොකිරීමට තීරණය කර තිබේ.

ගූගල් ආයතනය බ්‍රිතාන්‍ය වැසියන්ගේ පුද්ගලික දත්ත පවා හොරකම් කරලලු

බ්‍රිතාන්‍ය පොලිසිය විසින් පරීක්‍ෂණයක්‌...

ගූගල් ආයතනය බ්‍රිතාන්‍ය වැසියන්ගේ පරිගණකවලින් රහස්‌ තොරතුරු සොරාගන්නා බව අනාවරණය වී ඇත.

සිකුරු සංක්‍රාන්තිය පියවි ඇසින් බැලීම අනතුරුදායකලු

බලා ගැනීම මඟ ඇරුනොත් අයෙත් බලන්න වෙන්නේ  2117දී...

සූර්යයාගේ මතුපිට හරහා සිකුරු ග්‍රහයා ගමන් කිරීම හෙවත් “සිකුරු සංක්‍රාන්තිය” සිය ජීවිත කාලය තුළ යළිත් එක්වරක් ලබන 6දා දැක බලා ගැනීමට ශ්‍රී ලංකාවාසීන්ට අවස්ථාව උදාවන බව තාරකා විද්‍යාඥ ආචාර්ය චන්දන ජයරත්න මහතා පැවසීය.

පියාව ඝාතනය කරන බව කියා කප්පම් ඉල්ලු අනුෂ්කා සොනාලි වරද පිළිගනියි

පියාගෙන් රුපියල් පනස්දහසේ සිට ලක්ෂය දක්වා විටින්විට කප්පම් ඉල්ලලා...

තම පියාගෙන් කප්පම් ගැනීමේ සිද්ධියක් උඩ ටෙලි නාට්‍ය නිලියක් වන අනුෂ්කා සොනාලි සායක්කාර පොලිසිය විසින් අත් අඩංගුවට නු  ලැබුවා.

මම බලාපොරොත්තු වෙන්නේ මට හුඟක් ආදරය කරන මගෙ ලඟින්ම ඉන්න කෙනෙක් - විනූ උදානි

මගේ විවාහය අවුරුදු 22 ත් 26 ත් අතර කාලය තුළ සිද්ද වේවි ...

2012 දෙරණ වීට් මිස් ශ්‍රී ලංකා තරගාවලිය අවසන් වූයේ සුමුදු ප්‍රසාදිනී හා විනූ උදානි සිරිවර්ධනට සම කිරුළු හිමිකරදෙමිනි. 

එසේ ජයග්‍රහණය හිමිකරගත් විනූ උදානි සිරිවර්ධන මිස් ශ්‍රී ලංකා තරගාවලියේ දී මිස් ටැලන්ට් හා සන්ඩේ ඔබ්සවර් මිස් පොපියුලර් යන අනු කිරුළු හිමිකරගැනීමට ද සමත්විය. . .

නර්මදාගේ විවාහ උත්සවයේ ජායාරූප

ජනප්‍රිය නිවේදිකාවක් ද නිරූපිකාවක් ද වන නර්මදා ගොඩක් අයගේ ආදරය දිනූවෙක්. එත් ඇගේ ආදරය එක්කෙනෙක්ට විතරයි. ඔවුන් මීට දින කිහිපයකට පෙර අතිනත ගත්තා. ඒ ‍සොදුරු දවසේ ඡායරූප එකතුවයි මේ.

සිකුරු සංක්‍රාන්තියට තව දින 09 යි

සූර්යයාගේ මතුපිට හරහා සිකුරු ග්‍රහයා ගමන් කිරීම හෙවත් “සිකුරු සංක්‍රාන්තිය” සිය ජීවිත කාලය තුළ යළිත් එක්වරක් ලබන 6දා දැක බලා ගැනීමට ශ්‍රී ලංකාවාසීන්ට අවස්ථාව උදාවන බව තාරකා විද්‍යාඥ ආචාර්ය චන්දන ජයරත්න මහතා පැවසයි.

අඩනිරුවත් ඡායාරූප අන්තර්ජාලය පුරාම විසිරී ඇති නිසා විහාරාධිපති හිමිනමක් පුෂ්පිකාට පිටුපාලා

මෙම විහාරාධිපති හිමිගේ අතේ පච්චයයකුත් තියෙනවලු...

සිරිදළදා ගමනය චිත‍්‍රපටයේ හේමමාලා කුමරියගේ චරිතය රගපෑමට ආරාධනා ලැබ සිටි 2011 ශී‍්‍ර ලංකා රූ රැජිණ බවට පත් මහම්පිටිය ආරච්චිලාගේ පුෂ්පිකා සඳමාලි ද සිල්වා එම චරිතය රගපෑම සම්බන්ධයෙන් මතුව තිබෙන ගැටලුවක් නිරාකරණය කර ගැනීමට විහාරාධිපති හිමිනමක් මුණ ගැසීමට ගොස් ඇති අතර ඒ හිමිනම පුෂ්පිකාට පිටුපා ඇතැයි වාර්තා වේ.

අවුරුදු පහළවකට පසු ජැක්සන් ටෙලි නාට්‍යකට

දියණියන් සිවු දෙනෙකුගේ වගකීම් ඉටු කරන ධම්ම නම් වූ දිරිය පියකු ලෙස...

ප‍්‍රවීණ නළු ජැක්සන් ඇන්තනි අවුරුදු පහළවකට පසු ටෙලි නාට්‍යකට රංගනයෙන් එක්ව සිටී.
ඒ මේ දිනවල ස්වර්ණවාහිනිය ඔස්සේ විකාශය වන ආනන්ද අබේනායක විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘අප්පච්චි’ ටෙලි නාට්‍යත් සමගයි.

පළිගු මැණිකේ සමග ටෙලි නාට්‍ය ක්ෂේත‍්‍රයට පිවිසි ඔහු ඉන් අනතුරුව  සුසීමා, ඉරට මුවාවෙන්, ඇසළ කළුවර, අකාල සන්ධ්‍යා, කඩුල්ල, ඇල්ල ළග වලවිව, පිටගමිකාරයෝ, වෙද හාමිනේ, ආදී මතකයේ රැදෙන නාට්‍යවලට රංගනයෙන් එක්විය.

බලු පැටවුන් සය දෙනෙකුට අම්මාවූ සචිනි


සචිනිගේ නැවිල්ල නිසා බලු පැටවුන් ටික මිය ගිහින්...


වසර 2003 ශී‍්‍ර ලංකා රූ රැජින හා ජනප‍්‍රිය නිළියක වන සචිනි අයේන්ද‍්‍රා සංකාරා චිත‍්‍රපටයේ රූගත කිරීම් සිදුකරන සමයේදී අපූරු සිද්ධියකට මුහුණදී ඇතැයි පැවසේ.

මීළඟට මේනකගේ පෙම්වතිය වන්නේ ෂෙරිල් ලු


අදහා ගත නොහැකි තරමේ අපූරු ආදරයක් ලු...


ප‍්‍රවීණ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂක සමන් කුමාර ලියනගේ මේ දිනවල මීළග ටෙලි නිර්මානයට සූදානමින් සිටී.


සමරවීර විජේසිංහ විසින් ලියන ලද ‘‘වැස්ස වලාහක’’ නව කථාව ආශ‍්‍රයෙන් නිර්මාණය වන මෙහි තිර රචනය පුෂ්ප කුමාර එල්ලාවල විසින් සිදුකර ඇත.

තවමත් ’ලොව රූමත්ම කාන්තාව’ බව ඔප්පු කළ ඓයිෂ්වර්


සිය දරුවට ප‍්‍රමුඛත්වය දැක්වීම පිළිබඳව ඓයිෂ්වර්යාට ප‍්‍රශංසා නොඅඩුව...


සිරුරේ බර වැඩිවීම හේතුවෙන් පසුගිය කාලය පුරාවට දැඩි දෝෂදර්ශනයට ලක්වූ සුපිරි බොලිවුඞ් නිළි ඓයිෂ්වර්යා රායි බච්චන් පසුගිය 24දා කෑන්ස් රතු පලස මත පෙනී සිටියාය.


රනින් වැඩදැමූ කී‍්‍රම් පැහැයට හුරු සාරියකින් සැරසුනු ඓයිෂ්වර්යා තමා තවමත් ’ලොව රූමත්ම කාන්තාව’ බව ඔප්පු කළාය.

මම දැන් ඉන්නෙ මගෙ දෙමව්පියන් එක්ක - නෙහාරා

සමහරු මට කතා කරල කියනව..
අර වෙබ් සයිට් එකේ මෙහෙම තිබුණා. 
මේ වෙබ් සයිට් එකේ අරහෙම තිබුණා කියල...

පසුගිය රයිගම් ටෙලි සම්මාන උලෙළේදී නෙහාරා පීරිස් වසරේ ජනප්‍රියම ටෙලිනාට්‍ය නිළිය ලෙස සම්මානයට පාත්‍ර වූවා ය. නෙහාරා අපට සිටින ජනප්‍රිය මෙන් ම දක්ෂතම රංගන ශිල්පිනියකි. 

මේ දිනවල විවිධ නාළිකාවන්හි විකාශය වන ටෙලිනාට්‍ය ගණනාවක ඇයගේ රංගනයන් දැකගත හැකිය. 

අන්තිමට මගේ කකුල් වල ටිෂූත් ගියා, ඇවිදින්නත් බැරිවුණා - අරුණී

තාම පෙම්වතෙක් නෑ...
අඩි හයකටත් වඩා උස පෙම්වතෙක් නම් හොඳයි...

සොදුරු රුවක හිමිකාරීත්වය දැරීමේ අභිමානය ඇයට හිමිය. ඒ තුළින් රට අභිමානයට පත් කිරීමේ ගෞරවයද ඇයට හිමිය. ඇය දැන් නිරූපිකාවක් , නිවේදිකාවක් පමණක් නොවේ. සිනමා නිළියකි. 

දින 42ක් පුරාවට පොල් ගස මුදුනේ උපවාසයේ

මට දරුවෙක් ඉන්නවා...
තව දරුවෙක් ලැබෙන්න ඉන්නවා...
මට මේ අය ජීවත් කරගන්න විදිහක් නෑ...

තම ඉල්ලීම් දෙන තුරු පොල් ගසකට නැඟ උපවාසයේ යෙදී සිටින පුද්ගලයෙක් පිළිබඳ පුවතක් ගිරිබාව පොලිස්ථානයෙන් වාර්තා වේ.

මම ශලනිට ආදරෙයි - සංකේත්

ඒත් සංකේත්, මමයි අතර එහෙම දෙයක් නෑ - ශලිනි

සිහින පියාපත්, ‍මලී, සහ ‍භාර්යාවෝ යන ටෙලිනාට්‍යවල රඟපෑ ආනන්ද වික්‍රමගේ - මානෙල් වානගුරු යුවළගේ බාල පුතු වන සංකේත් අභිලාෂ් වික්‍රමගේ හා ශලිනි තාරකා පිළිබඳව පසුගිය කාලයේ කටකතා පැතිර තිබුණා.

පිය පුතු ගඟට පැන්නා ද? මරා ගඟට දැමුවාද

ආර්ථික ප්‍රශ්නයක්‌ හේතුවෙන් කලකිරීමකින් හිටියලු...

අම්බලන්ගොඩ හල්වතුර ගඟේ පාවෙමින් තිබූ පිය පුතු දෙදෙනකුගේ මළ සිරුරු දෙකක්‌ ඊයේ (25) අම්බලන්ගොඩ පොලිසිය විසින් සොයාගෙන ඇත. 

ප‍්‍රසිද්ධ ටෙලි නිළිය දරු ගැබක් ඉවත් කරයි - ඇමතිවරයා සිත් තැවුලෙන්

පසුගිය වෙසක් පොහොය දිනයේ මෙම කටයුත්ත මඟ හැරී තිබුනා...

ජනප‍්‍රිය ටෙලි නාට්‍ය නිළියක් විසින් සිය තුන් මසකට මදක් වැඩි දරු ගැබක් විනාශ කර දමා ඇතැයි විශ්වාශ කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

මගේ විවාහය කැඩිලා බිඳිලා ඉහිරිලා ගියා - උපේක්ෂා

මාව තේරුම් ගන්න, මාව අවබෝධ කර ගන්න ඔහුට පුළුවන් වුණේ නෑ....

යුග දිවි අරණේ සුවඳ වත්සුණු ජීවිතය මත ගල්වන්ට පටන් ගත්තා පමණි. ඇබින්දෙන් ඇබින්ද දේදුනු පැහැගෙන ජීවිතයේ හදවත මත ස්නේහයේ සිතුවම සිත්තම් කරන්නට පටන් ගත්තා පමණි. පේ‍්‍රමයේ පිණිබිඳ බිඳී ගියේය. 

යළිදු සැකසිය නොහැකි වීදුරු කැඩපතක් සේ ඔවුන් දෙදෙනා එක්තැන්ව තැනූ ආදරයේ මන්දිරය ඉරිතලා ගියේය.

ස්ත්‍රී දූෂක නුවන් ප්‍රසාද් කණ්ඩම්බිගේ ජරාව කෑ අනුරාධපුර පොලිසියේ හිවල්ලු වැඩ තහනමට

නිවසට ගොස් සෝදා පිරිසිදුව පසුදින ‍ලේ තැවරුණු ඇඳුම්ද රැගෙන එන්න කියලා ...

අනුරාධපුර තුන්වන පියවර පදිංචි නුවන් ප්‍රසාද් කණ්ඩම්බි අනුරාධපුරයේ ප්‍රසිද්ධ කෝටිපති ව්‍යාපාරික පුත්‍රයෙකු වන පේමතුංග හේවා කණ්ඩම්බිගේ පුතාය. 

ශ්‍රී ලංකාවෙනුත් චන්ද්‍රිකාවක් කක්ෂගත වෙයි

එයින් චන්ද්‍රිකාගත දුරකථන සේවා හා අන්තර්ජාල සේවා ආරම්භ කිරීමට නියමිතයි...

ශ්‍රී ලංකාවට අයත්වන පළමු චන්ද්‍රිකාව කක්ෂගත කිරීම සඳහා "සුප්‍රීම්සැට්" පුද්ගලික සමාගම සූදානම් වෙනවා. 

අකුණක් වැදීම හේතුවෙන් පියෝ ටීවී BUSY වෙයි

නිතරම රූපවාහිනී තිරමත කාර්ය බහුලයි යනුවෙන් (BUSY) සටහන් වෙයි...

ශී‍්‍ර ලංකා ටෙලි කොම්හි පියෝ ටීවී (Peo TV) සේවය ඇණහිට ඇතැයි වාර්තා වේ.අකුණක් වැදීම හේතුවෙන් මේ තත්ත්වය ඇතිවී ඇති බවද පැවසේ.

මම ලස්සන වීමට ප‍‍්‍රධාන හේතුව තාත්තායි - පූජා

තාත්තා චිත‍‍්‍රපටයක රඟපෑවේ නම් ඔහු ජනපි‍‍්‍රය නළුවෙකු වෙනවා සිකුරුයි...

ඉන්දීය නිළි පූජා උමාශංකර් ගේ ලස්සනවීමේ රහස පසුගියදා මාධ්‍යට හෙලිකර තිබිණි.ඇය පවසා තිබුනේ තමාගේ ලස්සන වීමට ප‍‍්‍රධාන හේතුව තාත්තා බවයි.

සනත් ගුණතිලකට ගිහිගෙය කළ කිරී භාවනා කරන්න හිතිලා


ඔහු මේ දිනවල මීතිරිගල භාවනා මධ්‍යස්ථානයේ භාවනා යෝගීව වැඩ වාසය කරනවලු...


ප‍්‍රවීන සිනමා නළු සනත් ගුණතිලක හට ගිහිගෙය කළ කිරී ඇතැයි වාර්තා වේ.අදාළ තත්ත්වය හේතුවෙන් ඔහු මීතිරිගල නිස්සරණ භාවනා මධ්‍යස්ථානයේ භාවනා යෝගීව සිටි බව පැවසේ.

ජැකලින් පෙම්වතා සමඟ අමනාපයෙන්


ඇයට පෙම්වතා වන සජිඩ් ගෙන් ප‍්‍රමාණවත් සහයක්  නෑලු  ...


ශ‍්‍රී ලංකා රූ රැජිනක් හා බොලිවුඩ් නිළියක වන ජැකලින් ෆර්නැන්ඩස් පසුගිය සතියේදී සිය පෙම්වතා වන සජිඩ් ඛාන් හා දැඩි අමනාපයෙන් පසුව ඇතැයි වාර්තා වේ.

ටී – පාර්ටි යෙන් පියුමි බොතේජු ඉවතට


නෙහාරා යළිත් එම වැඩසටහනට...


දෙරණ රූපවාහිනී නාලිකාවේ ජනපි‍්‍රය වැඩසටහනක් වූ ටී – පාර්ටි වැඩසටහන මෙහෙය වූ ජනපි‍්‍රය ටෙලි නිළියක් හා නිවේදිකාවක් වන පියුමි බොතේජු ඉන් ඉවත්කර ඇතැයි වාර්තා වේ.