Ads 468x60px

.

දෙවැනි හේමමාලා කුමරියත් අඩ නිරුවතින්...

ප‍්‍රසාදි සමරකෝන්ටත් පසුගියදා පුෂ්පිකාට එල්ලවූ චෝදනාම එල්ලවෙලාලු...

සිරිදළදා ගමනය චිත‍්‍රපටයේ හේමමාලා කුමරියගේ චරිතයෙන් 2011 ශී‍්‍ර ලංකා රූ රැජිණ බවට පත් මහම්පිටිය ආරච්චිලාගේ පුෂ්පිකා සඳමාලි ද සිල්වා ඉවත් කිරීමෙන් ඇයට සිදුවූ හානියට වන්දි මුදලක් ලබාදීමට එහි නිෂ්පාදක කණ්ඩායම එකග වුවද පුෂ්පිකාට මෙතෙක් එය ලබාදී නැතැයි වාර්තා වේ.



පුෂ්පිකා හා අදාල නිෂ්පාදකයන් අතර ඇතිකරගත් ගිවිසුමට අනුව අධ්‍යක්ෂවරයාට පුෂ්පිකා චිත‍්‍රපටයෙන් ඉවත්කිරීමට අවසර ඇත්තේ ශාරීරික හෝ මානසික හේතුවක් මත පමණක් බවද පැවසේ.

පුෂ්පිකා අඩ නිරුවත් ජායාරූපවල පෙනී සිටීම ඇය හේමමාලා චරිතයෙන් ඉවත් කිරීමට හේතුවූ බව පසුගිය කාලයේදී මාධ්‍ය වාර්තා කර තිබිණි.
කෙසේවුවද මේ සම්බන්ධයෙන් පුෂ්පිකා සති අන්ත පුවත්පතකට පවසා තිබුණේ මෙවැන්නකි.

‘‘ මම බිකිනි එකක් ඇඳලා ලෝක රූ රැුජින තරගයට ඉදිරිපත් වීමත් මේ ඉවත් කිරීමට එක් හේතුවක් වුණා. මම 2011 ලෝක රූ රැජින තරගයට ඉදිරිපත් වුණේ ලංකාවේ නීතියට පටහැනිව නොවෙයි. මම බිකිනි එක ඇඳ ඉදිරිපත් වුණේ මගේ රට නියෝජනය කරන්න. 

ලංකාවේ නීතියෙන් එලෙස ඉදිරිපත්වෙන්න අවසර දීලයි තියෙන්නේ. ඒ වගේම මේ තරගයේ එම ඉදිරිපත් කිරීම අනිවාර්ය අංගයක්. ඒ නිසා එම ආයතනය මුහුරත් උළෙලට කලින් මාව මේ සඳහා යොදාගන්නවද නැද්ද කියලා හිතන්න තිබුණා.’’

මේ අතර, පුරප්පාඩුවී තිබූ හේමමාලා කුමරියගේ චරිතය රගපෑමට ගුවන් සේවිකාවක් වන ප‍්‍රසාදි සමරකෝන් පසුගියදා තෝරාගෙන තිබූ අතර ඇයටද මේවන විට පුෂ්පිකාට එල්ලවූ චෝදනාම එල්ලවෙමින් තිබෙන බව පැවසේ.

ප‍්‍රසාදි ද මෝස්තර නිරූපිකාවක් වන අතර ඇයද අඩ නිරුවත් නිරූපන සඳහා පෙනී සිටීම නිසා මේ තත්ත්වය මතුව ඇතැයි පැවසේ.

නව හේමමාලා කුමරියේ චරිතයට පන පොවන ප‍්‍රසාදි සමරකෝන්ගේ ජායාරූප එකතුවක් පහලින්.










2011 දෙසැම්බර් මාසයේ චීනයේ පැවති මිස් ටුවරිසම් ක්වීන් ඉන්ටර්නැෂනල් තරඟාවලියේ බිකිනියෙන් සැරසී සිටි පුෂ්පිකාගේ ජායාරූප කිහිපයක් පහතින්.












 
Related Posts with Thumbnails