Ads 468x60px

.

නුපුර් ඩිල්ෂාන් සම්බන්ධයෙන් කියන කතාව..!

මම පවුම් 800 ක් එයා වෙනුවෙන් වියදම් කළා.
 
එයා ඒකවත් මට තාම ගෙව්වේ නෑ...
 
ලන්ඩන් කියන්නේ මිල අධික නගරයක්..
 
ඔහුට කැසිනෝ යන්න ,බුරියානි කන්න ,සාප්පු සවාරි යන්න වුවමනා වුනා,
 
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් සහ ඉන්දියාවේ නිලියක් වන නුපුර් මෙහෙතා සම්බන්ධයෙන් පසුගියදා ආන්දෝලනාත්මක කතාබහක් සිදු වූ අතර මෑතදී ඉන්දීය රෙඩිෆ් වෙබ් අඩවිය සමග සම්මුඛ සාකච්චාවක් පවත්වමින් ඇය කියා සිටින්නේ තමන් ඩිල්ෂාන් වෙනුවෙන්  පවුම් 800 ( ඇ.ඩො 1225) මුදලක් වියදම් කල බවත් ඩිල්ෂාන් එම මුදල තමන්ට නොගෙවූ බවත් ය.
 
2009 විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලිය පැවැත්වූ කාලයේ ඔබ සහ ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න දිල්ෂාන් අතර තිබු සම්බන්ධය ඇත්තක්ද ?
මට ඒ ගැන වැඩි විස්තරයක් කියන්න බැහැ.ඒ සම්බන්ධතාවය බොහොම කෙටි කාලයකට සීමා වුනු දෙයක්..කියන්න තරම් දෙයක් එහි නැහැ.මම පවුම් 800 ක් එයා වෙනුවෙන් වියදම් කළා.එයා ඒකවත් මට තාම ගෙව්වේ නෑ.
 
ලන්ඩන් කියන්නේ මිල අධික නගරයක්..ඔහුට කැසිනෝ යන්න ,බුරියානි කන්න ,සාප්පු සවාරි යන්න වුවමනා වුනා,ඒවගේම තරඟාවලියේ වීරයා එයා වුන නිසා ඒ වෙනුවෙන් වලට පවා මට වියදම් වුනා.
 
කොහොමද ඔයා ,ඩිල්ෂාන්ව මුණ ගැසුනේ ?
මම නිවාඩුවකට ලන්ඩන් ඉන්න කාලේදීම තමයි 20/20 ක්‍රිකට් තරඟාවලියත් පැවැත්වුනේ..ඒ කාලේ කොහේ ගියත් ක්‍රිකට් ක්‍රීඩකයින් මුණ ගැසෙනවා.දවසක් මම පීසා ගන්න ගිය වෙලේ මට එහා පසින් ෂේන් වොට්සන් සිටියා.
 
හොටෙල් ලොබියේදී දිල්ෂාන් තමයි මං ලඟට ඇවිත් කතා කලේ,මං එයා ලඟට ගියේ නෑ.කැසිනෝ එකේදිත් දිල් ෂාන් ට සෙල්ලම් කරන්න අවශ්‍ය වූ නිසා මම එයා වෙනුවෙන් වියදම් කළා.
 
 
ඊට පසුව ඩිල්ෂාන්,ඔබ සමග සම්බන්ධතා පැවැත්වුවද ? 
එයා අයි .පී.එල් තරඟාවලිය සඳහා ඉන්දියාවට ආවට මට කෝල් කරලා ස්තුතිවත් කලේ නෑ මම කරපු සත්කාර වලට…මම වියදම් කරපුවා නැවත මට ගෙව්වෙත් නෑ.

ඒවගේම මේ දේ ඇ හුවොත් නම් ඔයාල පුදුම වෙයි ,එයා කෝල් කරලා කියනවා එයාගේ ෆෝන් එකේ ක්‍රෙඩිට් ඉවරයි ඒ නිසා මට ,එයාගේ ෆෝන් එකට කෝල් කරන්න කියලා…
 
ඒවගේම ක්‍රිකට් ආයතනය එයාට අවුරුදු දෙකකින් මුදල් ගෙවා නැති බවත් ආදී ක තා එයා කිව්වා ඒ නිසා මට එයා වෙනුවෙන් වියදම් කරන්න සිදු වුනා.
 
මේ ඇය රෙඩිෆ් අඩවිය සමග පැවැත් වූ කතාවෙන් උපුටා ගත් තක් වන අතර කෙසේ වෙතත් ඇය මේ වන විට ඇයට නැගුනු චෝදනාව වන බුකි කරුවන් සමග ක්‍රිකට් ක්‍රීඩකයින් මුදලට පාවා ගැනීමේ චෝදනාවෙන් නිදහස් වී තිබෙනවා.එහෙත් ගොසිප් ෆස්ට් අපට සිතුනු සිතුවිල්ලක් නම් ක්‍රිකට් තරඟ පැවැත්වෙන වකවානුවේම ඇයගේ ලන් ඩන් නිවාඩුව ගත කිරීමට පැමිණීමත් ,සැමවිටම ක්‍රිකට් ක්‍රීඩකයින් ඉලක්ක කරගනිමින් ඒ අවට සැරිසැරීමත්…ඇය බුකි කරුවන්ගේ වුවමනාව මත  සිදු කරන ලද්දක් බවයි.
 
එසේම ඩිල්ෂාන් වෙනුවෙන් ඇය වියදම් කළා යැයි කියන මුදල පිලිබඳ කතාව සත්‍යක්‌ නම් සැබවින්ම ඒ මුදල ඩිල්ෂාන්ව ගොදුරු කරගැනීම සඳහා බුකි කරුවෙක් විසින් ඇය වෙත දී තිබු මුදලක් විය නොහැ කිද ?
 
මන්ද ඇගේ කතාව හොඳින් කියවා බැලුවොත් පරස්පර විරෝධී අස්වාභාවික කරුණු රැසක් එයින් ගම්‍ය වෙන බව පෙනී යයි.
 
 
 
Related Posts with Thumbnails