Ads 468x60px

.

බුද්ධත්වය අවබෝධ කරගත් සිරිවර්ධනට ප්‍රහාරයක්...

බුද්ධත්වය අවබෝධ කළ බව පවසමින් බුදු දහමේ කරුණු විකෘති කරනවලු ...

ගාල්ල වදුරඹ ප‍්‍රදේශයේ සිරිවර්ධන නමැත්තාගේ නිවසට ඊයේ(24) සවස එල්ල කෙරුණු ප‍්‍රහාරයෙන් එම නිවසට බරපතල හානි සිදුව තිබෙන අතර ප‍්‍රහාරයට පැමිණි පුද්ගලයන් 06 දෙනෙකු අත්අඩංගුවට ගත් බවත්,
ගැටුමෙන් පොලිස් නිලධාරින් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බවත් වැඩ බලන පොලිස් ප‍්‍රකාශක පොලිස් අධිකාරී සජීව මැදවත්ත මහතා සඳහන් කරයි.

මෙම සිරිවර්ධන නැමැත්තා, බුද්ධත්වය අවබෝධ කළ බව පවසමින් බුදු දහමේ කරුණු විකෘති කෙරෙන දේශන පවත්වන්නේ යැයි චෝදනා කරමින්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ගේ මුලිකත්වයෙන් බොදු බල පවුර නැමති සංවිධානයක් විසින් ඊයේ වඳුරඹ නගරයේදී සමුළුවක් පවත්වා ඇත.

එම සමුළුවෙන් අනතුරුව, සිරිවර්ධන නමැත්තාට එරෙහිව ඊට සහභාගිවූවන් විරෝධතා පා ගමනක නිරතවි තිබේ. විරෝධතාකරුවන් සිරිවර්ධන නමැත්තාගේ නිවස වෙත ගමන් කරමින් සිටියදී පොලීසිය මාර්ග බාධක යොදා ඔවුන්ගේ ගමන වැළැක්වීමට උත්සාහ දරා ඇත.

පසුව පොලිස් නිලධාරීන් සහ පා ගමනේ පැමිණි ගිහි පැවිදි දෙපිරිස අතර යම් උණුසුම්කාරී තත්ත්වයක් හට ගෙන ඇති අතර, ප‍්‍රකෝපකාරීව හැසිරුණු පිරිස එම නිවසට ගල් ප‍්‍රහාර එල්ල කරමින් ගිනි තැබීමට උත්සාහ කළ බවද වාර්තාවේ. පසුව එය ව්‍යවර්ථ කිරීමට පොලීසිය කඳුළු ගෑස් ප‍්‍රහාරයක්ද එල්ල කළ තිබේ.

ගල් ප‍්‍රහාරයෙන් අදාළ නිවසට දැඩි හානි සිදුවී ඇති අතර පසුව පොලීසිය පිරිස විසුරුවා හැරීමට කටයුතු කර ඇත. තවද පොලිස් විශේෂ කාර්යය බලකායේ වාහනයකට සහ තවත් වාහන කිහිපයකට හානි සිදුවූ බවද වාර්තාවේ.

මෙම ප්‍රහාරයෙන් සිරිවර්ධන නමැත්තාට හෝ ඔහුගෙන් දේශන ශ‍්‍රවණය කිරීමට පැමිණි කිසිවෙකුට හානි සිදුනොවූ බවද ඔවුන් නිරුපද්‍රිතව ඉවත් කරගත් බවද පොලීසිය පවසයි.
 
Related Posts with Thumbnails