Ads 468x60px

.

එස්. බී. ට ටැපලිලා, ජනාධිපතිට ජනාධිපතිනිය කියලා...

මේ... දැන් ඉන්නේ මමයි...ජනපති...

ඒස්. බී. ලැජ්ජාවෙන් ඇඹරුණ හැටි එතන හිටිය හැමෝම දැකලා...


ඊයේ ජනාධිපති මන්දිරයේදී ජනාධිපතිතුමා පුවත් පත් කතුවරුන් සමග පැවති රැස්වීමට අපේ රටේ උසස් අධ්‍යාපන ඇමතිවරයා වූ එස්. බී. දිසානායක මැතිතුමාත් සහභාගි වෙලා.

බිරින්දෑවරු පස් දෙනාගේ ලිංගික අතවරයන්ට ලක්ව සැමියා මියයයි....

සැමියා රූමත් තරුණියක් නිවසට රැගෙන විත් ඇය සමග මාස කිහිපයක්ම පවුල් කාලා...

බිරියන් පස් දෙනා මේ පිළිබඳව දැඩි ඉරිසියාවක් හා වෛරයක් ඇති කරගෙන...

නයිජීරියාවේ බෙනු පළාතේ කෝටිපති ව්‍යාපාරිකයකු වූ යුරොකෝඔනේජා (45) තම බිරින්දෑවරු පස් දෙනාගේ ලිංගික අතවරයන්ට ලක්ව හදිසි හෘදයාබාධයකින් මියගිය බව ඬේලිපෝස්ට් පුවත්පත කියයි. 

සම්පත් කුමාරතුංග විවාහ වූ දා...

රාජකීය විදුහලේ රග්බි පුහුණුකරුවා ළමයින්ට ලිංගික අතවර කරනවලු

සෑම තරගයකින්ම පසු සුපිරි හෝටල්වල සාද පවත්වා සිසුන් මත්පැනට හුරු කරනවා...

ළමයින්ට අඩ නිරුවතින් නර්තනයේ යෙදෙන්න කියලා...

කොළඹ රාජකීය විදුහලේ රග්බි පුහුණුකරුවා වන බිලාල් යූසුෆ් මහතා ළමයින්ට ලිංගික අතවර කරන්නේ යැයි චෝදනා එල්ල වේ.

‘අයිස්ක්‍රීම්’ වෙනුවට ‘රයිස් ක්‍රීම්’

රයිස් ක්‍රීම් ගුණවත් අතුරුපසක්...

වෙනත් අයිස්ක්‍රීම් වර්ගවලට වඩා රසයත් ගුණයත් අනූනයි...

මිලෙන් ඉතා අඩුයි... 

කිරි සීනි වෙනත් රසකාරක යොදා සකස් කළ අයිස්ක්‍රීම් (හිමකිරම) වෙනුවට දේශීය සහල් උපයෝගිකොටගෙන නිෂ්පාදනය කළ රයිස්ක්‍රීම් විශේෂයක් ගන්නෝරුව කෘෂි ප්‍රදර්ශනයේදී ජනතාවට හඳුන්වා දී තිබේ.

57 හැවිරිදි ගොවියෙක් ඔලිම්පික් බලන්න රික්ෂෝවෙන් ලන්ඩන් ගිය හැටි

වසර 2010 මැයි 23දා සිය නිවසින් පිටත් වූ චෙන් මහතා, ලන්ඩන් නුවරට ලඟා වුනේ 2012 ජුලි 09 වැනිදා...

රටවල් 16 ක නගර 1764 පසුකරමින් සිය ඉලක්කය කරා.. 

ගංවතුර, යුද කලාප, උස් කඳු සහිත පෙදෙස් පසුකරමින් අසිරිමත් ඔලිම්පික් ක‍්‍රීඩාවලිය නැරඹීම සඳහා රික්ෂෝවකින් දුරුකතර ගෙවාගෙන බි‍්‍රතාන්‍යයට ගිය සොඳුරු මිනිසෙක් පිළිබඳ පුවතක් ලන්ඩන් නුවරින් වාර්තා වේ.

කහවත්තෙ ඝාතන රැල්ලෙන් මතුවන පදනමක් නැති කතා

ඉටු නොකළ නිධන් භාරයක් තියෙනවලු...

පෙර රා මදින මිනිසෙකු විසින් කාන්තාවකට පිහියෙන් ඇන මිනිය කර තබාගෙන කිලෝමීටර් ගනනාවක් කොටකෙතන ඇල දිගේ ඇවිත් දුෂණය කරන්න හදලා...

කහවත්ත ප්‍රදේශය කියූ සැනින් දැන් අපේ මතකයට නැගෙන්නේ එතරම් සුබදායි මතකයන් නොවේ.ඒ කහවත්ත කාන්තා ඝාතන 14 ක් හේතුවෙන් සලිත වී ඇති හෙයිනි.කහවත්ත කොටකෙතන ගමේ මේ බොහොමයක් සිදුවීම් සිදුවූ අතර මෙහි ඇති විශේෂත්වය වුයේ සෑම මිනිමරුමකටම ගොදුරු වුයේ කාන්තාවන් වීමය.

ඉලන්දාරි වයසේ පුතෙකු සිටින ගායිකාවකට වහ වැටුණු වේගපන්දු යවන්නා කව්ද...?

සංගීත සංදර්ශන සඳහා එන්නෙත් ආපසු යන්නේත් ඔහු සමගලු...

දකුණෙන් බිහිවූ දකුණත් වේගපන්දු යවන්නෙක් වේගරිද්ම ගායිකාවනට වහවැටී ඇතැයි වාර්තා වේ.

ඩෙංගු රෝගය මැඬලීමට වටිනා බෙහෙත් තෙලක්‌...

ඩෙංගු රෝගය මැඬලීමට හැකි වටිනා බෙහෙත් තෙලක්‌ පිළිබඳව මිට පෙර ලිපියකින් අප හෙළි කලා...

වතුපිටිවල රෝහලේ ඩෙංගු රෝගීන් හට මෙම තෙල ආලේපයන් පසුව ඩෙංගු රෝගීන් ගණන අඩුවෙලා...

පසුගිය කාලයේ මර්වින් සිල්වා අමාත්‍යවරයා හරහා මාධ්‍ය හමුවේ දී තොරතුරු අනාවරණය කල බෙහෙත් තෙල ඩෙංගු රෝගියකුගේ සිරුරේ මෙම තෙල් ආලේප කළ විට රෝගය බොහෝ දුරට සුව අතට හැරෙන බව අමිතිරිගල පාලිත ධම්ම හිමියෝ පැවසූහ.

දිනකට දෙසීය පණහකට වැඩි පිරිසක් නාගෙන කන තැනක්...

දේශපාලන ක්ෂේත්‍රයේත්, කලා ක්ෂේත්‍රයේත් අද වැඩිපුරම ඉන්නේ මෙසේ නාගෙන කන කට්ටිය තමයි...

ඇද ගෙන නාගන්නවා කියලත් කියනවා...

 "නාගෙන කෑම" මේක අපේ ජනවහරට එක්වුනේ මෑත කාලයක ඉඳන්. මෙතනදී "නාගෙන කනවා" යැයි කියන්නේ ව්‍යංගාර්ථයක් ලෙසින්. කිසියම් වැඩක් හරිහැටි කරගන්න බැරි වුනාම "නාගන්නවා" කියා කියනවා. මෙසේ වැඩ පටලවා ගෙන අවුල් ජාලයක් කරගත් පසු "ඇද ගෙන නාගන්නවා" කියලත් කියනවා.

අපේ සිහින සැබෑ කරගන්න අවස්ථාවක් එනවා - ගම්‍යා

අමිර්ඛාන්, ෂාරුක් වගේ අය එක්ක රඟපාන්න ලැබුණොත් අපේ ලංකාවටම එය කීර්තියක්...

මිස් ශ්‍රී ලංකා කිව්වාම උනන්දුවෙන් කටයුතු කළා. එයාලා මාව පුදුමයට පත්කළා...

බොලිවුඩය ජයගත් ජැකලයින් ෆර්නැන්ඩස් සුරූපිනියට පසුව තවත් ශ්‍රී ලාංකීය රූ රැජිනකට බොලිවුඩයේ අවස්ථාව ලැබී තිබෙනවා. ගම්‍යා විජයදාස ඒ සුරූපිනියයි. 

කොළඹ මියුසියස් විද්‍යාලයෙන් සහ  ඕස්ටේ‍්‍රලියාවේ ස්ට‍්‍රැට්මෝර් පාසලින් අධ්‍යාපනය ලබා පසුව මෙල්බර්න් සරසවියෙන් මානසික විද්‍යා අංශයේ ශාස්ත‍්‍රපති සහ කළමනාකරණ අංශයේ උපාධිධාරිනියක වන ‘ගම්‍යා’ මේ අවස්ථාව ලබාගත්තේ කොහොමද? මේ ඒ ගැනයි...

කමල් අද්දරආරච්චි , ගණිකා මඩම් සහ ලංකාවේ ලිංගික අසහනය

ලිංගික අසහනයෙන්  ශ්‍රී ලාංකිකයා දැඩි ලෙස පෙලෙනවා...

කමල් අද්දරආරච්චි විසින් පයිප් පාරේ සම්භාහන ආයතනයක් මුවාවෙන්  ගණිකා මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය බවට පුවත් පළවේ. පහත දැක වෙන්නේ ඒ සම්බන්දයෙන් පල වූ වාර්තාවකි.

සැමියාගේ ආශාව ඉෂ්ට කිරීමට නිළියක් වූ නිරෝෂා

රගපෑමට උනන්දු කළේ සැමියා...
අද සැමියා ඉන්නා ස්ථානය පිළිබඳව සතුටු වනවා...

රිදී සිත්තම් හි දීපා ලෙසින්ද, සේපාලිකා හි පබා ලෙසින්ද පේ‍්‍රක්‍ෂකයන් අතරට සමීප වූ නිරෝෂා තලගල නිළියක්වූයේ සැමියාගේ ආශාව ඉෂ්ට කිරීමට බව කියයි.

සෝමාවතියේ හාස්කම් සුලභයි - ඒවා සියසින් දැකගැනීමට හැකි වෙන්නේ කලාතුරකින්...

චයිත්‍යයෙන් බුදුරැස් විහිදෙන ආකාරයත්...
චුඩා මානික්‍යයේ සිට කොත් කැරැල්ල දක්වා කිරි වැගිරෙන ආකාරයත්...
හෝකන්දර පදිංචි ඉඳුනිල් උදයංග හා නදීෂා පෙරේරා යන දෙදෙනා සියසින් දැකලා... 

 සෝමාවතී චෛත්‍යය ආශ්‍රිතව සිදුවන හාස්කම් මිට පෙර ඔබ අසා ඇතිවාට සැක නැත.සෝමාවතී චෛත්‍යයෙන් බුදුරැස් විහිදෙන අයුරු යනුවෙන් හදුන්වා  විඩියෝවක්ද අන්තර්ජාලයට නිකුත්වී තිබුණි.

තත්වය මෙසේ තිබියදී එක්තරා හිමිනමක් විසින් දිවයින පුරා බැතිමතුන් රැස්කරගෙන සෝමාවතී චයිත්‍යයේ බුදු රැස් විහිදෙන අයුරු බැලීමට වන්දනාවේ ගිය අතර ගංවතුරට කොටුවූ එම පිරිස ජිවිත ගලවාගෙන පැමිණියේ හමුදාවේ මැදිහත්වීමෙනි.

කමල් අද්දරආරච්චි ඔහුගේ නිර්දෝෂී භාවය ලක්බිම පුවත්පතට ප්‍රකාශකර තිබු අයුරු...

බෞද්ධයින් හැටියට මෛත්‍රී කරන්න ඕනේ දැන් පන්සල් යනවා....

පසුගියදා නාරාහේන්පිට ප්‍රදේශයේ වැටලු තායි කතුන් සැපයු ගණිකා මඩම පිළිබඳත් එය මෙහෙයවූ පුද්ගලයන් ගැනත් මෙයට පෙර හෙලිකල අතර ඔවුන්ට පොලිසියේ උසස් නිලධාරීන්ගේ සහයද නොමදව ලැබෙන බවත් වාර්තා වුනා.

කෙසේ නමුත් මේ ගණිකා මඩම මෙහෙයවීම පිටුපස සිටින බවට සැක කරන ප්‍රවීන නළු කමල් අද්දරආරච්චි ඔහුගේ නිර්දෝෂී භාවය ලක්බිම පුවත්පතට ප්‍රකාශකර තිබුනේ මෙසේය.

දරුවාගේ තොල් ඉදිමීලා - පියාගෙන් දරුවාට කාමරේදී අතවර

කාමරයකට රැගෙන ගොස් අතවර කරලා...

දරුවාගේ තොල් ඉදිමී මුහුණේ රතු ලපයක්...
 
කාට හෝ කීවොත් මරණවා කිව්වලු...

අට හැවිරිදි පිරිමි දරුවකු ලිංගික අපයෝජනයට ලක්කළ බොල්ලත ප්‍රදේශයේ පියකු ගණේමුල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

ජනිත් වික‍්‍රමගේටත් මනමාලියක් හොයනවලු..

ගැලපෙන කෙනෙකු ලැබුනොත් ඉක්මනින්ම විවාහ වෙනවා...
හිතේ ඇදුන රුවක් නැතත්, හිත ආකර්ෂණය කළ හැකි කෙනෙකුට ආරාධනා...

ජනපි‍්‍රය යොවුන් නළු ජනිත් වික‍්‍රමගේ මනාලියක් සොයමින් සිටින බව කියයි.සති අන්ත පුවත්පතක ටැබ්ලොයිඩ් අතිරේකයකට ඔහු මේ බව පවසා තිබිණි. තමාට ගැලපෙන කෙනෙකු ලැබුනොත් දෙමාපියන්ගේ ආශිර්වාදය මැද හැකි ඉක්මනින්ම විවාහ වෙන බවද ඔහු පවසා තිබේ.

ඉනේ පැළඳ සිටි බලගතු යන්ත‍්‍ර රාජයා මර්වින්ගේ සරම අස්සෙන් වැටිලා...

මර්වින් මේ දිනවල මාර අප්සට් එකේ...
සරම අස්සෙන් කොහේ හෝ වැටීලා ඇති...

මහජන සම්බන්ධතා අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා අපල උපද්‍රවලින් බේරීම සඳහා පැළඳ සිටි ලක්‍ෂ වාරයක් ජීවං කරන ලද මහා බලගතු යන්ත‍්‍ර රාජයෙක් පසුගියදා ඔහුගේ අතින් නුවර කොළඹ අධිවේගී මාර්ගය අසල පිහිටි ‘ක්ලැරියන්’ හෝටලයේ කාමරයක් තුළ නැති වී ඇති බව  වාර්තාවේ.

ගණිකා මඩම සම්බන්ධයෙන් කමල් අද්දරආරච්චි කියන්නේ මෙහෙමයි...

මා ඇසුරු කරන්නේ තෝරගත් පිරිසක්...
චරිතවලට මඩ ගහන එක අපරාධයක්...

මඩ ප‍්‍රහාර නිසා ඇතැම් නිර්දෝෂී පුදගලයකු අත්අඩංගුවට ගනු ලැබූවත් ඔහුගේ නිර්දෝෂීභාවය අනුව ඔහු නිදහස ලබන බව ප‍්‍රවීණ සිනමා නළු කමල් අද්දරආරච්චි මහතා පවසයි.

ඔලිම්පික් සමාරම්භක උළෙලේ ඡායාරූප එකතුවක්....

ඔලිම්පික් උළෙල ලබන අගොස්තු 12වෙනිදා දක්වා...

2012 ලන්ඩන් ඔලිම්පික් උළෙලේ සමාරම්භක උත්සවය ඊයේ රාත්‍රි ආරම්භ විය. එය ලන්ඩන් නුවර ඔලිම්පික් පාර්ක් ක්‍රීඩාංගණයේදි අති උත්කර්ෂවත්ව අන්දමින් පැවැත් විය. 

මහ පාන්දර ප්‍රීටි ඇබැද්දියක...

පාරත් හොඳටම පාළුයි. වෙන කිසිම කෙනෙක් ඒ හරියේ ඉඳලා නැහැ. කාර් එක නවත්වපු තැනටත් දුරයිලු. ප්‍රීටිටත් ප්‍රේම්ටත් හිතුණලු මේ එන්නෙ නම් හොරු කට්ටියක්මයි කියලා...

සුරූපී නිළි ප්‍රීට් සින්ටා මේ දිනවල ඉතා කාර්ය බහුල තත්ත්වයකයි පසුවෙන්නේ. ඇය නිෂ්පාදනය කළ ‘ඉෂ්ක් ඉන් පැරිස්’ චිත්‍රපටයේ වැඩකටයුතුවල නියැළී සිටින නිසයි, ඇයට මේ අවිවේකය. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ ප්‍රේම් සෝනි. 

Lankafaces.com වෙතින් තරු පිරි රැයක්

සැප්තැම්බර් 01දා සවස 6.00ට

කලා ලෝකයේ කැමරාව ඉදිරිපස හා පසුපස සිටින සියල්ලන්ගේ විස්තර ලබා දෙන නව වෙබ් අඩවියක් වන Lankafaces.com  කලා ලෝකයේ සහෘදයන්ගේ එකතුවෙන් තරු පිරි රැයක් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.

ලංකා ෆේසස් ස්පෙෂල් නයිට් ලෙස නම් කර ඇති මෙම ප‍්‍රසංගය එළැඹෙන සැප්තැම්බර් 01දා සවස 6.00ට කොළඹ නෙළුම් පොකුණ රගහලේදී පැවැත්වේ.

වාහන පදවන්නේ වමෙන් නැතිව උඹේ ඔළුවෙන්ද - ස්ථානාධිපති

ඇයි රාලහාමි මොකක්ද වරද...
අලුත්ම නීතිය වමෙන් පැදවීම වරදක්...

ගම්පහට නුදුරු පොලිස් ස්ථානයක සේවය කළ පොලිස් නිලධාරියකු දුම්රිය මාර්ගයක් අසල රාජකාරියේ නියැලී සිටියේය. 

කාන්තාවක් තම වාහනය දකුණුපසින් තවත් වාහනයකට ඉස්සර කොට ගමන් කරන බව දුටු මේ පොලිස් නිලධාරියා සංඥා කොට එම රථය නැවැත්වීය.

වෙබ් අඩවි වල අසභ්‍ය කරුණු ඇතුළත් දත්තයන් පිළිබඳව පාඨකයෙකුගෙන් අභියෝගයක්...

අසභ්‍ය දෑ නොබැලූ කම්පියුටරයක් තමා වෙත ගෙන ආවොත් තමන්ගේ කම්පියුටර් හතරම තෑගි දෙනවා... පාඨකයෙක්

පසුගිය 23 වන සඳුදා කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණයේ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ප‍්‍රසන්න අල්විස් මහතා ඉදිරියේ විභාගයට ගැනුනු වෙබ් අඩවි පිළිබඳ නඩුවේදී රහස් පොලිසියේ පොලිස් පරීක්‍ෂක අනුර සිල්වා වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් කියා සිටියේ, අදාළ වෙබ් අඩවි කාර්යාලවල තිබී අත්අඩංගුවට ගත් කොම්පියුටර්වල ‘‘ෆර්නෝ ග‍්‍රැෆී මැටීරියල්ස්’’ නොහොත් අසභ්‍ය කරුණු ඇතුළත් දත්තයන් තිබුණු බවයි.

ජනාධිපතිතුමාගේ වශී බෝලයට කුඩා දරුවාත් වශී වූවාද

නොදරුවා ඒ සමග සෙල්ලම් කිරීමට පටන්අරන්...

වසර 39 කට පසු ප්‍රතිසංස්කරණය වූ  ජාතික නිවාස සංවර්ධන අධිකාරියට අයත් ‘මාළිගාවත්ත මහල් නිවාස සංකීර්ණය’ ඊයේ (26) ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ හදිසි නිරීක්ෂණයට ලක්විය.

නදිෂයි මුදිතයි අතර ප්‍රේම සම්බන්ධයක් තියෙනවා කියන්නේ ඇත්තද .?

අපි යාළුවො විතරයි - මුදිත... අපි අතර හොඳ තේරුම් ගැනීමක් තියෙනවා - නදීෂා 

ජනප්‍රිය නිළියක වන නදීෂා හේමමාලි ගේ පෙම්වතා බව පවසමින් පසුගිය කාලයේ විවිධ පුද්ගලයන්ගේ නම් කියවුණත් මෑතකදී ස්වර්ණවාහිනියේ නිවේදකයෙකු වන මුදිත සමග ක්‍රිකට් තරඟයක් නැරඹීමට ගිය නිසාවෙන් මේදිනවල නදීශාගේ පෙම්වතා ලෙස නම් ලබා ඇත්තේ මුදිතය.

මේ පිළිබඳව නදීෂා හා මුදිත පවසන්නේ මෙවැන්නක්.

තවම මම ආදර වන්තියක් නෙමෙයි, එහෙම වෙලා ඉදලත් නෑ - ප‍්‍රතිභා

දෙමව්පියෝ කව්රු හරි හොයලා දෙනකන් ඉන්නවා...

අපි අපි වගේ රුවන්මාලිගා, සැනකෙළියයි මායා, සුභා වැනි ටෙලිනාට්‍ය තුළින් අප හඳුනාගත් ප‍්‍රතිභා හෙට්ටිආරච්චි, ප‍්‍රවීණ රංගන ශිල්පි ගාමිණි හෙට්ටිආරච්චිගේ දියණියයි.

ශ්‍රී ලංකික විශ්ව විද්‍යාල ජගත් විශ්ව විද්‍යාල ශ්‍රේනිගත කිරීමෙන් තවත් පහලට වැටීමේ අවදානමක්...

අධ්‍යාපනික ගුණාත්මකභාවය අතින් දැනට ලෝකයේ ඉතාම පහළම  දර්ශකයක් දරන ශ්‍රී ලංකික විශ්ව විද්‍යාල වර්තමානයේ සරසවි ආචාර්යවරුන්ගේ වර්ජනය නිසා  තවදුරටත් පහල වැටීමේ අවදානමක් පවතින බව කොළඹ විශ්ව විද්‍යාලයේ  කථිකාචාර්යවරයෙකු විසින් පවසයි.  

වත්සලා කුමුදුනි ද සිල්වාට යුක්තිය ඉටු කරනු...

බලපිටියේ වැල්ලවත්තේ පදිංචි වත්සලා කුමුදුනි ද සිල්වා බලපිටිය සිද්ධාර්ථ විද්‍යාලයෙන් සිය ප්‍රාථමික අධ්‍යාපනයත් ද්විතික අධ්‍යාපනය අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලයෙනුත් සම්පුර්ණ කොට රුහුණු සරසවියට යාමට වරම් ලැබුවාය.  

විමල් විරවංශගේ වෙබ් අඩවිය විසින් මිත්‍යාව වැපිරීම...

විචාරශීලි බුද්ධිය නැති මෝඩ ජනතාව රැවටීම...
මෙවැනි පුවත් සිංහල පත්‍ර වල මිසක ඉංග්‍රීසි පත්‍ර වල පළ නොවේ.

ලංකාවේ සිංහල පුවත් පත් වල නිතරම, එලොවින් ආ ජීවකයන් , වකුගඩු රෝග දේව බලයෙන් සුව කරන්නන්,විශ්ව බලය යොදා රෝග සනීප කිරීම, පිළිකා නිට්ටාවට සුව කරන්නන් පිළිබඳව නිතරම පුවත් පල වේ. 

නාරාහේන්පිට පයිප් පාරේ ගණිකා මඩම මෙහෙයවූ ප්‍රධාන නළුවා

ගණිකා මඩමට ඇතුළුවීමේ ගාස්තුව රුපියල් 4500 ක්...

තායි තරුණියන් රුපියල් 5000 ක්....

පයිප් පාරේ සම්භාහන ආයතනයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මඩමට ඇතුළුවීමේ ගාස්තුව රුපියල් 4500 කි.රුපියල් 4500 ක් ගෙවූ පසු බිල්පතක් නිකුත් කරන අතර එය රැගෙන ඇතුලට යා හැක.ඇතුලට යාමෙන් පසු තමන් කැමති තායි තරුණියන් තෝරාගත හැකි අතර ඔවුන්ගේ පහස ලැබීම සඳහා රුපියල් 5000 සිට ඉහලට මුදල් ගෙවිය යුතුය.

නාරාහේන්පිට ගණිකා මඩම කාගේද..?

කොළඹ දිසාව භාර ඉහල පොලිස් නිලධාරියෙක් උදව් කරලාලු...

සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් නාරාහේන්පිට පවත්වාගෙන ගණිකා මඩමක් නාරාහේන්පිට පොලිසියේ ත්‍රස්ත හා දුෂණ මර්දන ඒකකයේ නිලධාරින් කණ්ඩායමක් විසින් වටලා ඇත.

කාමරයේ හැංගීලා සුද්දියන් හෙලුවැල්ලෙන් ඉන්නවා බලන්න ගිහින් වැඩ වරදියි...

මුහුදු වෙරළෙන් පැමිණ හෝටල් කාමරයට රිංගලා...
හෙලු වැල්ලෙන් ඉන්නවා හොරෙන් බලන් ඉඳලා...

මීගමුවේ සංචාරක හෝටලයක කාමරයක්‌ තුළ හැංගී විදේශික කාන්තාවන්ගේ නිරුවත බැලූ බව කියන තරුණයකු ජුලි මස 31 වැනි දින දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට මීගමුව ප්‍රධාන මහෙස්‌ත්‍රාත් නියෝග කළේය.

විද්‍යුත් මාධ්‍යක් ලෙස වෙබ් අඩවිද ක‍්‍රියාත්මක විය යුතුයි

නිළියන් හෝ දේශපාලඥයන් හෝ වේවා ඔවුන් සම්බන්ධයෙන් සත්‍යතාවය විමසා බලා පල කිරීම මාධ්‍ය කරුවාගේ වගකීමක්...

සංනිවේදන තාක්ෂණයේ දියුණුවත් සමග විද්‍යුත් මාධ්‍යක් ලෙස වෙබ් අඩවිද ක‍්‍රියාත්මක විය යුතුයි

කලාව පවතින රටක කටකතා (ගොසිප්) ද පැවතිය යුතු බව ප‍්‍රවීණ රංගන ශිල්පිණි අනුලා කරුණාතිලක මහත්මිය පවසයි. 

සමලිංගික සබඳතා නිසා නේහාගේ සිත තදින්ම ගිනි අරන්...

සිනමාපටය තිරගත වීමට ආසන්න වන විට ඇයට තරු විසි වෙන්නට පටන් අරන්......

නේහා හා එක්තා අතර මත ගැටුමක්...

නේහා ෂර්මා නම් විසි හතර හැවිරිදි සුරූපී තාරකාව බොලිවුඩයට පෑයුවේ ‘කෲක්’ සිනමාපටයෙනි. අද වන විට ඇයගේ සිනමා ආයු කාලය වසර හතරකි. සිනමාපට ගණන තුනකි. සිනමාපට දෙකක්මතිරගත වීමට නියමිතව ඇත්තේ මේ වසරේදීය.

දුමින්ද සිල්වා පැමිණෙන විට 50,000 කට අධික පිරිසක් මල් මාලා දමා ඔහු පිළිගන්න කටයුතු සුදානම්

දුමින්දාගමනය නම් වූ පෝස්ටරයක් කොළඹ නගරය පුරාවට...

මුල්ලේරියාවේ වෙඩි තැබීමෙන් බරපතල තුවාල ලබා සුව වී ඇති දුමින්ද සිල්වා ජුලි මස ලංකාවට පැමිණෙන බැවින් එම පැමිණීම ඉහලින් සැමරීමට මේ දිනවල කටයුතු යෙදෙමින් පවතී.

Z ලකුණට එරෙහිව කොළඹ සහ කුරුණෑගල ශිෂ්‍යයින් උද්ඝෝෂණය කරති - මහව සිසුහු පොල් ගසති..

නැවතත් ප්‍රතිඵල අවුල දෙගුණ තෙගුණ වෙලා...

කතරගම දේවාලයට දේව කන්නලව්වක්‌... 


මෙවර Z ලකුණු අගය නිසා අසාධාරණයට ලක්‌වූ මහව අධ්‍යාපන කලාපයේ  පාසල්වල සිසුහු පිරිසක්‌ මහව කතරගම දේවාලයට ගොස්‌ දේව කන්නලව්වක්‌ පවත්වා ඊයේ (24) පොල් ගැසූහ. මානව හිමිකම් කොමිසම හමුවට ඉදිරිපත් කිරීමට අත්සන් ලේඛනයන්ද මෙහිදී සකස්‌ කෙරිණි.

මගේ පඩිපත සියයට හතළිහකින් වැඩි වෙලා.දන්නෙත් නෑ

පඩිපත අතට ගත් දකුණේ ජවිපෙ මන්ත්‍රීගේ ඇස්‌ උඩගිහින්...

අපි ඉල්ලුවේවත් උද්ඝෝෂණය කළේවත් නෑ  අපිටත් නොදන්වාම අපේ පඩිය වැඩිකරලා...


මෙම මාසයේ පළාත් සභා මන්ත්‍රීවරයකු ලෙස මාගේ පඩිපත අතට ගත්විට මා විශ්මයට පත් වුණා එහි රුපියල් එක්‌ලක්‌ෂ දොළොස්‌ දහසක මුදලක්‌ තිබුණා. 

අමුතුම ලෝක වාර්තාවක්,මිනි කාරයක් ඔලුව උඩ...

සමබරව තබාගන්නා ලද වැඩිම ස්කන්ධයකින් යුත් මෝටර් රථය...

කිලෝ 159 . 6 ක ස්කන්ධයකින් යුත් මිනි කාරයක් තත්ත්පර 33 ක කාලයක් හිස මත තබාගෙන සිටීමෙන් තබන ලද ලෝක වාර්තාවක් පිළිබඳව මෙම පුවත වාර්තා වේ.

අලුත්ම විදිහට විදුලිය කැපෙන්නේ මෙහෙමයි...

කපනවා කියපු වේලාවන් වල කපලා නෑ...
කාලසටහනේ අවුලක්ද...  

දිවයිනේ ප්‍රධාන නගර 62 ක සහ ඒ ආශ්‍රිත ගම්මාන වල හෙට සිට දින 02 ක් විදුලිය අත්හිටුවීමට සිදුවන බව විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය පවසයි.

විදුලිබල මණ්ඩලය විසින් පෙන්වාදී ඇති එකී නගර හා ප්‍රදේශ විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. එකී නිවේදනය පහත පරිදිය.

මුල්ලේරියාවේ සිදු වූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් මට මොනවත් මතක නෑ - දුමින්ද

කොළොන්නාව ප්‍රදේශයේ සංචාරයක නිරත වූනා...
ඊට පස්සේ ඇඳක් උඩ ඉන්නවා මතකයි...

හාරත ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඝාතනයට සැක කරුවකු වන දුමින්ද සිල්වා මේ වන විට සිංගප්පූරුවේ "ද මවුන්ට් එලිසබෙත්" රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

නමුත් මෙම මුල්ලේරියාවේදී ඇති වූ සිද්ධිය සම්බන්
යෙන් වන නඩුව තව දුරටත් විභාග වෙමින් පවතින අතර දුමින්ද සිල්වා ව අත් අඩංගුවට ගැනීමට වරෙන්තු අවශ්‍ය නැති උවද තවමත් ඔහුව අත් අඩංගුවට ගැණුනේ නැහැ.

කවදාවත් කපන්නේ නෑ කියපු විදුලිය අද ඉඳලා කපන්නේ මෙහෙමයි...

විදුලිය අත්හිටුවනු ලබන්නේ පැය දෙකක කාලයක් බව විදුලි බල මණ්ඩලය ඊයේ (23) කියා සිටියද මේ වන විට දිවා කාලයේ පැය 2කුත් විනාඩි 15ක් හා රාත්‍රියේ විනාඩි 45ක් වශයෙන් පැය 3ක කාලයක් විදුලිය අත්හිටුවීමට නව තීරණයක් ගෙන ඇතැයි වාර්තා වේ.

මෙසේ විදුලිය අත්හිටුවනු ලබන්නේ තෝරාගත් ප්‍රදේශවල අප පහතින් දක්වා ඇත. ලක්විජය හා කෙරවළපිටිය බලාගාරවල සිදුවූ බිඳවැටීම් හේතුවෙන් මෙම කප්පාදුකිරීම් කිරීමට සිදුවන බව පවසන විදුලි බල මණ්ඩලය එවා අලුත්වැඩියා කිරීමට දින 05ක් පමණ ගතවනු ඇති බව කියයි.

අද සිට විදුලිය කපන හැටි...

වෙලේ බැඳිය යුතු මී හරක් උසස් අධ්‍යාපනයට අත දැමීම...

මුදල් වලට ආචාර්ය උපාධි ලබාගෙන රට හිනස්සනවා...

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ ප්‍රශ්නය විසඳීම සඳහා කැමති බව මර්වින් සිල්වා මැදිහත් වන්නට කැමති බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයට දැනුම් දී ඇත.

ගයාන්ට පොඩි ඇබැද්දියක්‌...

පල්ලමක ඉඳගෙන දුවගෙන ආපු ගයාන් ගලක වැදිලා අඩි හයක්‌ විතර උඩින් ගිහින් වැටිලා...

ගයාන් වික්‍රමතිලක මේ දවස්‌වල වැඩිපුර කාලය වැය කරන්නේ සිරිදළදා ගමනය චිත්‍රපටයේ රූගත කිරීම්වලට කියල අපට දැනගන්න ලැබුණා. 

නිරපරාදේ ජිවිත දෙකක් විනාශ කිරීම නිසා මරණීය දණ්‌ඩනය නියම වූ ස්‌ථානාධිපති...

මෙය සෑම පොලිස්කාරයෙකු විසින්ම කියවිය යුතුය...  
නීතිය අවනීතිය කල පොලිස්කාරයන්ටද කර්මයෙන් ගැලවෙනු නොහැක...

 මේ පින්තුරයේ සිටින්නේ අඟුලාන පොලිසියේ හිටපු  ස්‌ථානාධිපතිව සිටි ඩී. ඩබ්ලිව්. නිව්ටන්ය. ඔහු ප්‍රදේශයේ තමන්ට ලෙන්ගතු කාන්තාවකගේ නිවසට අවේලාවේ පැමිණි තරුණයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්තේය. 

ඇමතිතුමා අපේ පවුලේ හිතවතෙක් විතරයි - නයනා

වෙබ් අඩවිවල තිබුන ඒවා නම් මම දැකලා නැහැ...
අපි ඕවා බලන්නෙත් නැහැ...

ඇමැතිතුමා අපේ පවුලේ හිතවතෙක්‌ කලාකරුවෝ මැති ඇමැතිවරු එක්‌ක හිතවත් තමයි ඒවා බලාගෙන ඉන්න බැරි අය කතන්දර හදනවා. වෙබ් අඩවිවල තිබුණ ඒවා අපි බලන්නෙත් නෑ. කයි කතන්දර වලට අපේ පවුල කඩන්න බැහැ යැයි නයනා කුමාරි පවසනවා.

ශ්‍රියන්ත මෙන්ඩිස්ගේ දියණිය විවාහවූ දා...

ප්‍රවීන රංගන ශිල්පී යුවළක් වන ශ්‍රියන්ත මෙන්ඩිස් සහ කුසුම් රේණුගේ දියණිය වන නිපුනි පේෂලා විවාහ වුනා. ඇයගේ අතගත් මනාලයා වූයේ අමන්ද පෙරේරාය. ඔහු එංගලන්තයේ ඉංජිනේරු උපාධියක් හදාරණ තරුණයෙක්.

නිපුනි පේෂලා සහ අමන්ද පෙරේරාගේ විවාහ උත්සවය පල්ලියේ චාරිත්‍රවලින් පසු ගල්කිස්ස හොටලයේදී කලාකරුවන් රැසකගේ සහභාගිත්වයෙන් 20 වෙනිදා පැවැත්වූවා. නිපුනි පේෂලාගේ උපන් දිනයද එදිනට යෙදී තිබීම විශේෂ සිද්ධියක්.

දකුණෙන් පහල වූ මෛත්‍රි බුදුන්ගේ මැණික් පුටුවේ වටිනාකම ලක්ෂ 400 යි

පය තබන කොටසේ නෙලුම් මල් 16 ක්...
වටිනා නිල් රතු පසිංගල් මැණික් කැට යොදා හිස කොටස වටේ සරසලා...

දකුණෙන් පහල වූ මෛත්‍රි බුදුන් යයි හදුන්වා ගත් සිරිවර්ධනගේ ආශ්‍රමයේ තිබී වටිනා මැණික් පුටුවක් හමුවී ඇත.මේ පුටුව තට්ටු තුනකින් සමන්විත අතර පුටුව තබා ඇත්තේ නවීනතම කාමරයකය.

මෙම පුටුවේ
පාදම සඳකඩ පහනක හැඩයකින් යුක්ත වන අතර එය නිමවා ඇත්තේ රන් රිදී තඹ වලිනි.පුටුවේ ඇති විශේෂ ආසනයට ගොඩ වීම සඳහා ඇත්තේ අත් ඇඳි දෙකක් වන අතර එය නිමවා ඇත්තේ සඳුන් බුරුත කොස් ලි වලිනි.

"ටැබා" පාසල් සිසුන්ට හරහට හිටී...

අනෙක්‌ ප්‍රදේශවලද ව්‍යාප්ත කිරීමේ ජාවාරමක්‌...

පාසල් සිසුන් හා වෙනත් පිරිස්‌ මත්වීම සඳහා ට්‍රැමඩෝල් හෙවත් "ටැබා" නමැති ඖෂධය බහුල වශයෙන් භාවිතයට පෙළඹී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයට තොරතුරු ලැබී ඇත.

ආයුර්වේද ප්‍රතිකාර මධ්‍යස්ථාන 500 කෙප්පය...

ආයුර්වේද ප්‍රතිකාර මධ්‍යස්ථාන 500ක් ජපානයේ පිහිටුවීමට දේශීය වෛද්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇති බව දිනමිණ පුවත්පත පසුගියදා වාර්තා කළේය.