Ads 468x60px

.

කීර්ති පැස්කුවෙල්ගේ හැංගිච්ච හාදකම..

හාදකමට මුල පුරා ඇත්තේ 10 වැනි වසරේ ඉඳලා...

බොහෝ දෙනාගේ ජීවිත තුළ හැංගිච්ච අතීයක් තිබෙනවා.ඒ අතීතය හෙලි නොවන්නේ සමහරු ඒ අතීතය එලියට දාන්න මනාප නැති නිසායි.

ජනපි‍්‍රය ගායකයකු වන කීර්ති පැස්කුවෙල්ගේ ජීවිතෙත් ඒ වගේ හැංගිච්ච හාද කමක් ගැන අප
ට වාර්තා වුනා.මේ හාදකම ඇතිවී ඇත්තේ ඔහු පාසල් යන කාලයේදීයි. කීර්ති මේ හාදකමට මුල පුරා ඇත්තේ 10 වැනි වසරේ සිටියදී බවද පැවසෙනවා.

ඔහු සිය මිතුරන් සමග මහනුවර ධර්මරාජ විදුහලේ තාප්පයෙන් පැන මහා මායාවේ කෙල්ලන්ට ලයින් දාන්නට ගොස් මේ හාදකමට මුලපුරා ඇති බවද වාර්තා වෙනවා
.

ඇය දැන් වෙනත් අයෙක්

ලෝකෙන්ම උතුම් රට ලංකාව බව නාසා ආයතනයත් පිළිගනී.

දැන් ඉතින් පණ්ඩිත උන්දැල මේකෙ අඩුපාඩු හොයයි...

ගුරුත්වයට බලපෑම් කරන වැඩිම ශක්තිය තියෙන්නෙ අපේ හෙළ රට තුලයි.

යාලුවනේ ලෝකයෙන්ම උතුම් රට හෙළ රට බව අවිවාදිතයි. රාවණ ඇතුලු මහ නරපතියන් රජකල බුදු පාමොක් මහ සගන ඇසුරුකල අපේ රට අති උත්තම බව අමුතුවෙන් කියන්න ඕනි නෑනෙ. ඔන්න දැන් විද්‍යාවෙන් ඒකම ඔප්පු කරල.

යාලුවනේ 2002 වසරේදී ඇමරිකවේ නාසා ආයතනය සුවිශේෂ මෙහෙයුමක් කලා‍. එහි අරමුණ උනේ පෘථිවියේ ඇති ගුරුත්වය අධ්‍යනය කර බැලීමයි. මේ සදහාම 2012 මාර්තු 17 සුවිශේෂි චන්ද්‍රිකාවක නිපදවා කක්ෂගත කලා. මෙහි පින්තූරයේ පළවෙනි රූපයෙන් ඔබ දකින්නේ එම චන්ද්‍රිකාවක නිර්මාණය වන ආකාරයයි.

හොඳින් ඇඳ පැළඳගත් කාන්තාවකගේ කකුල් දෙක අස්සේ කොම්පියුටරයක්..

පරිඝණකය සාරිය අස්සේ සඟවාගෙන...

කාන්තාව සමඟ පිරිමියෙකුත් ඇවිත්...

දංකොටුව ප‍්‍රදේශයේ වෙළඳ ආයතනයකට ගොඩ වැදුනු හොඳින් ඇඳ පැළඳගත් කාන්තාවක් විසින් එහි තිබූ රු. 85000.00ක් පමණ වටිනා ලැප්ටොප් පරිඝණකයක් සොරාගෙන ගොස් තිබෙනවා.

සොරාගත් පරිඝණකය සාරිය අස්සේ සඟවාගත් මේ තැනැත්තිය ත‍්‍රිරෝධ රථයක නැඟී පලා ගිය බවට තොරුතුරු හෙළිව ඇතැයි පොලීසිය කියනවා.

කාන්තාව සමඟ පිරිමියෙක් ද

මගේ සැමියා මේ විදියට බෝම්බයක් පුපුරවාගෙන සියදිවි නසා ගනීද කියල මට සැකයි - මේජර්ගේ බිරිය

තාත්තා රුපියල් ලක්ෂ 13ක් ඔහුට වරින් වර දීලා තිබුණා...

එම සල්ලිවලින් රුපියල් ලක්ෂ 10ක් විතර පස්සේ අම්මගේ ‍පොතට දමලා තිබුණා... පෙම්වතිය කියයි

මගේ සැමියා මේ විදියට බෝම්බයක් පුපුරවාගෙන සියදිවි නසා ගනීවිද කියල මට සැකයක් තියෙනවා..බිරිය කියයි

හේතුව මෙයා අපිත් එක්ක හොඳින් ඉන්න ‍පොරොන්දු වෙලා ඊට ටික දවසකට කලින් ගෙදරින් ගියේ” යැයි තිහගොඩදී පසුගිය 18 දින බෝම්බ පිපිරීමකින් මියගිය යුද හමුදාවේ මේජර්වරයකුවූ කුරුණෑගල, හිරියාල ‍ලේනව බණ්ඩි‍පොළ පදිංචිව සිටි නලීන් සම්පත් කුමාරගේ පශ්චාත් මරණ පරීක්ෂණයේදී සාක්කි දෙමින් ඔහුගේ බිරියවූ 34 හැවිරිදි කාන්තාව ප්‍රකාශ කළා. 

එම සවිස්තර ප්‍රකාශය පහතින්...

උපේක්‍ෂායි අනූෂායි කොරියා යන්න ටිකට් බුක් කරලා තියෙන්නේ රොෂාන්ගේ දෙපැත්තෙන්ලු...

රොෂාන්ගේ දකුණු පැත්තේ උපේක්‍ෂා රොෂාන්ගේ වම් පැත්තේ අනූෂා...

ජනපි‍්‍රය නිළයන් වන උපේක්‍ෂා ස්වර්ණමාලි, අනූෂා දමයන්ති හා ජනපි‍්‍රය නළු රොෂාන් රණවන පසුගිය 26 වැනිදා කොරියාව බලා පිටත්ව ගිය බව මේවන විට ප‍්‍රසිද්ධ රහසකි.

ඔවුන් මෙසේ පිටව ගියේ ඉතාලියේ පැවැත්වෙන නර්තන ප‍්‍රසංගයක් සඳහා එක් වීමටයි
.අදාල කොරියානු ගමනට මේ තුන්කට්ටුව  ගුවන් යානයේ ආසන වෙන්කරගෙන තිබුණේ අපූරු අයුරකින් බව වාර්තා වෙනවා.

ඒ ගමනට මේ නිලියන් දෙදෙනා ආසන වෙන්කරගෙන ඇත්තේ රොෂාන් රණවන මැදි ආකාරයට බවද පැවසෙනවා
.රොෂාන්ගේ දකුණු පැත්තේ අසුන උපේක්‍ෂා විසින්ද රොෂාන්ගේ වම් පැත්තේ අසුන අනූෂා විසින්ද වෙන් කරගෙන තිබූ බව වාර්තා වෙනවා.

එඩ්නා සමාගමට විරුද්ධව පැමිණිලි කිරීමෙන් පසුව පැමිණිලිකරුට තෑගී පාර්සලයක්

"එඩ්නා චොක්ලට් නට් නිෂ්පාදිතය" තුල තිබී හමු වූ ගල්...

මෙයට පෙරත් මේ වගේ දේවල් තිබිල තියෙනවලු... 

පාරිභෝගික අධිකාරයේ පරිගණක අංශයේ ප්‍රධානියා විසින් මිලදී ගනු ලබු එඩ්නා චොක්ලට් එකක තිබී බ්ලේඩ් තල කැබැල්ලක් ගිලීමෙන් සිදුවූ අවාසනා වන්ත සිදුවීම පිළිබඳව පසු ගිය දින කීපයකම කතා බහක් ඇති වුනා..

මේ පිළිබඳව පාරිභෝගික අධිකරියට පැමිණිලි කිරීමට කිසිවෙක් ඉදිරිපත් නොවූ අතර එම සමාගමට පැමිණිලි කිරීමෙන් අනතුරුව එඩ්නා නිෂ්පාදන ඇතුලත් තෑගී පාර්සලයක් අදාළ පැමිණිලිකරු වෙත ලබාදීමට එම සමාගම කටයුතු කර තිබෙනවා.

බොහෝ පිරිස් දන්වා සිටියේ එඩ්නා සමාගමේ නිෂ්පාදන තුලින් ඔවුන්ට මෙයට පෙරද මෙවන් අත්දැකීම් ලැබී තිබු බවයි. පහතින් දැක්වෙන්නේ මිලදී ගත් "එඩ්නා චොක්ලට් නට් නිෂ්පාදිතය" තුල තිබී ගල් හමුවූ ආකාරයයි.

ශ්‍රී ලංකාවට සුපිරි පන්දු වාරයේ සුපිරි ජයක්...

නුවන් කුලසේකර ලකුණු 33 කට කඩුලු  2 ක්...

පන්දුවාර 20/20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සුපිරි 8 වටයේ පළමු තරඟයෙන් ජය වාර්තා කිරීමට   ශ්‍රී ලංකාව සමත් වූයේ නවසීලන්තය පරාජ‍යට කරමින්.

ලකුණු සමවීම නිසා ජයග්‍රහණය තීරණය කෙරුණේ අතිරේක පන්දු වාරයක් ක්‍රීඩා කිරීමෙන් අනතුරුවයි.

මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවති මෙම තරඟයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන්නේ නවසීලන්තයයි.

පන්දුවාරයකට ලකුණු 8.70 ක දළ වේග‍යක් රඳවා ගත් නවසීලන්ත‍ය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 174ක්  රැස් කිරිමට සමත් විය.

මම ඒ තීරණය ගත්තේ ආදරේ වැඩිකමට - මාලනී.

ඉල්ලා අස්වුණේ ආදරේ නිසයි...

තමන් පසුගියදා මන්ත‍්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපියක් බාර දුන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයට ඇති ආදරය නිසා බව පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී මාලනී ෆොන්සේකා මහත්මිය පවසනවා .

ඇත්තෙන්ම මේ රජය ගැනවත් මේ රජයේ වැඩපිළිවෙල ගැනවත් කලකිරීමකින් නෙමෙයි මම ඒ තීරණය ගත්තේ.

මම මේ රජයට කැමතියි. ආදරෙයි. නමුත් රජය යම්කිසි වෙලාවක අපහසුතාවයට පත්වෙන දෙයක් සිදුවෙනවා නම් එහිදී මට බලා ඉන්න අමාරුයි. ඒ හින්දයි මා එයට ඉදිරිපත් වී අස්වීමට තීරණය කලේ. 

එහෙම නැතිව රජයේ වැඩපිළිවෙල ගැන කිසිම අප‍්‍රසාදයකින් නෙමෙයි. මේ රජය කරන වැඩ කොටස වෙන කිසිම රජයකට කරන්න බැරි බව මා දන්නවා.’ යයිද ඇය පවසනවා.

නූගතුන්ගේ දේශය....

ලංකාවේ දැනට ඉතිරිවී ඇත්තේ මොනවද

උගත් සහ නිරෝගී ජනතාවක් පාලනය කිරීම අපහසු බව ඇමරිකානු සිනමාවේදියෙකු වන මයිකල් මුවර් පවසා තිබේ. මේ ප්‍රකාශය වර්තමාන ලංකාවේ පාලකයන් තරයේ අදහන බවට කිසිදු සැකයක් නැත. 

ලංකාවේ අධ්‍යාපනය විනාශ කොට නූගත් ජන ප්‍රජාවක් බිහිවීම ආණ්ඩු පක්ෂයේ පමණක් නොව විපක්ෂයේ ද  අපේක්ෂාවකි. මෙහිද අප විපක්ෂය ලෙස හඳුන්වනේ එකසත් ජාතික පක්ෂය පමණක් නොවේ. 

ජවිපෙ ඇතුළු අනෙකුත් පක්ෂ ද මිට ඇතුලත්ය. මේ සියලු පක්ෂ වල  අතීත ක්‍රියාකාරීත්වය විශ්ලේෂණය කර බලන විට මොවුන් සියලුදෙනාගේම යටි අරමුණු වුයේ ලංකාවේ අධ්‍යාපනය විනාශ කොට  නුගත් ගම් හරක් බිහි කර ගැනීමයි. 

දෙමාපිය ආරවුලට මැදිවී මියගිය බිළිඳා රෙදිකඩක ඔතා කැලයට විසිකරලා

පියාගේ වයස අවුරුදු 19 කි.. මවට වයස අවුරුදු 18 කි...

පියා මවට පහර එල්ලකරන අතරේ. එම පහරවල් දරුවාටද වැදීලා...

සැමියා හා බිරිඳ අතර ඇති වූ ආරවුලක්‌ දුර දිග යැමෙන් පසු තම මාස 2 ක්‌ වයසැති කුඩා බිළිඳකුට පහරදී මරා දැමූ ඉතා ශෝචනීය පුවතක්‌ මීගලෑව පොලිස්‌ වසමෙන් වාර්තා වෙනවා.

මීගලෑව - වීරගොල්ල පදිංචි මෙම යුවළ අතර පසුගිය 20 වැනි දින රාත්‍රී 9 ට පමණ තම නිවසේදී ආරවුලක්‌ ඇති වී තිබෙනවා. මේ අවස්‌ථාවේදී මව කුඩා සිඟිත්තාට කිරි පොවමින් සිටි අතර සුළු වේලාවකින් දරුවා නින්දට ගොස්‌ තිබෙනවා. 

එම අවස්‌ථාවේදී ද මෙම යුවළ අතර ඇතිවූ ආරවුල හේතුවෙන් දරුවා නින්දෙන් ඇහැරී හැඩීමට පටන් ගෙන ඇති අතර එම හැඩීමත් සමඟ දරුවා මව විසින් වඩා ගත් අතර පියා මවට පහර කිහිපයක්‌ එල්ලකර තිබෙනවා. එම පහරවල් දරුවාටද වැදී තිබෙනවා. 

ලංකාවේ ගණිකා වෘත්තිය නීතිගත කරන්න යයි...

ලංකාවේ ගණිකා නිවාස නීතිගත කරන්න යෝජනාව ගෙනාවේ මන්ත‍්‍රී  කෙනෙක්...

ශ‍්‍රි ලංකාව තුල ගණිකා නිවාස පිළිගත් වෘත්තියක් ලෙස නීතිගත කල යුතු යයි මන්ත‍්‍රී යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.
 
ළමා අපචාර හා දුෂණ වැළැක් විය යුතු යයි කොළඹ මහ නගර සභාවට පාලක එක්සත් ජාතික පක්‍ෂ මන්ත‍්‍රීවරයෙකු විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවතට පක්‍ෂව අදහස් දක්වමින් මහ නගර සභා මන්ත‍්‍රී නදීල් මානගොඩ මහතා මෙම නව යෝජනාව කර තිබෙනවා.

ශ‍්‍රී ලංකාවේ පුරුෂ පාර්ශ්වය බලවත් ලිංගික අසහනයෙන් පෙළෙන බවත් ඒ හේතුවෙන් ළමා අපචාර හා දුෂණ වැඩි වී තිබෙන බවත් ඔහු කියනවා.



හැමදාම අනුන්ගේ ගීත ගායනා කිරීමට ගියොත් වැඩ වරදිනවා - ඉන්දිකා උපමාලි

ආදරය ගැඹුරින් දකින්න මම උත්සාහ කළා...

අනුන්ගේ ගී. ගයල සල්ලි හම්බ කරන සංකල්පයෙන් මිදෙන්න ඕනේ...

එහෙම උනොත් ඔවුන්ට අත්වෙන්නෙ අමිහිරි ඉරණමක්... 

ඉන්දිකා උපමාලි දක්ෂ ගායිකාවකි. එමෙන්ම දක්ෂ රංගන ශිල්පිනියකි. එසේම ඇය සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ සංගීතය පිළිබඳ කථිකාචාර්යවරියක ලෙස තම දැනුම මීළඟ පරපුර වෙත ලබා දෙන්නට වෙහෙසෙන්නීය.

මේ දිනවල ඇය සුදානම් වන්නේ ඇයගේ නවතම ගීත එකතුව රසික රසිකාවියන් වෙත ගෙන ඒමටය. ඒ පිළිබඳවත් ඇයගේ කලා දිවිය පිළිබඳවත් විමසීමට ඇය වෙනුවෙන් අපි ඉඩක් වෙන් කළා
.
 
මේ ඇය පිළිබඳවයි...

වැසිකිළියක් තුළ පාසල් සිසුවියන් හතර දෙනෙක්..

වැසිකිළිය තුළදී පාට ඇදුම්වලට ඇදුම් මාරු කරමින්ඉඳලා...

පාසල් ඇඳුමින් මාතලේ නගරයට පැමිණ නගරයේ පොදු වැසිකිළියක් තුළදී පාට ඇදුම්වලට ඇදුම් මාරු කරමින් සිටි පාසල් සිසුවියන් සිව් දෙනෙකු මාතලේ මූලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට අරන් තියෙනවා.

සැකකාර සිසුවියන් මාතලේ වාලවෙල ප්‍රදේශයේ පදිංචිකාරියන් වන අතර, මෙම දැරියන් මාතලේ නගරයේ උසස් පාසලක ඉගෙනුම ලබන අය බවද පැවසෙනවා
.

අත්අඩංගුවට ගත් දැරියන් පාසල් සිසුවියන් බැවින්

එක මඤ්ඤොක්කා ගසකින් කිලෝ 160 ක්... පුදුමයි ඒත් ඇත්තයි...

තරාදියත් සසළ කළ මෙහෙමත් අලයක්...
මඤ්ඤොක්කා අල දැක බලා ගැනීමට විශාල සෙනගක්...

එක මඤ්ඤොක්කා ගසකින් කිලෝ 160 ක් බරට අල තිබුණැයි කීවොත් ඔබට පුදුම හිතෙනු ඇත. 

නමුත් එවන් බරට අල තිබුණු මඤ්ඤොක්කා ගසක් නොබෝදා බී. පුණ්‍යවර්ධන ගොවි මහතාගේ ඉඩමක තිබී අපට හමුවිය. එය දැක බලා ගැනීමට විශාල සෙනගක්ද ඒ මහතාගේ නිවස අසලට පැමිණ සිටියහ. 

එම මඤ්ඤොක්කා ගස කැමරාවේ සටහන්ව තිබූ අයුරු පහතින්.

නාගයකු සමග ජීවත් වූ ක්ලියෝපැට්රා නයි නළඟනට නාගයා නැතිව නින්ද යන්නේ නැතිලු

ඇයට කිසිම මානසික ලෙඩක් නෑ...

සතුන් වත්තට බාර දී ඇති නාගයාගේ අයිතිය නළඟන අත්අරින්නෙත් නැතිලු...

ඒ වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවක්...

නාගයකු සමග ජීවත් වූ සමාජශාලා නළඟනක වන නිරෝෂා විමලරත්නට (ඩිලානි) සත්ව ආඥා පනත හෝ සතුනට වධ හිංසා කිරීමේ පනත යටතේ නඩු පැවරිය නොහැකි යැයි ද, ඇය නාගයා ආදරයෙන් රැකබලා ගත්තේ යැයිද ජනාධිපති නීතීඥ රියෙන්සි අර්ස කුලරත්න මහතා කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂක විජේරත්න මහතා ඉදිරියේ කරුණු දැක්වුවා.

ඇය කිසිම වරදක් කර නැති හෙයින් නිදහස් කරන්නැයි නීතීඥවරයා ඉල්ලා සිටියා .ඇයට එරෙහිව චෝදනා ගොනුකරන බව පොලිසිය දැන්වුවා.

ඔක්තෝබර් 11 වැනිදාට පෙර එසේ කරන්නැයි දැනුම්දුන් මහේස්ත්‍රාත් ඉන් පසුව ඊට විරෝධතා මතුකිරීමට විත්තියට හැකි බව සඳහන් කලා.

සතුන් වත්තට බාර දී ඇති නාගයාගේ අයිතිය එම නළඟන අත් නොහරින බවද, ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවක් පවරන බවද අර්ස කුලරත්න මහතා කීවා. 

රන්මිණිතැන්න ජනාධිපතිවරයා නොමග යවමින් කළ ව්‍යාපෘතියක් - රන්ජන් කියයි

රන්මිණිතැන්නේ කාරිය හරියට කෙරුණේ නෑ...

දූෂණ, වංචා, යටිමඩි ගැහිල්ල එහි තිබෙනවා...

අවංක දේශපාලනය දැවැන්ත අභියෝගයක්...

සද්ද විද්ද පළඟ පතිර රාජපක්ෂ කුමාරගේ දොන් රන්ජන් ලියෝ සිල්වෙස්ටර් රාමනායක නොහොත් සිංහල සිනමාවේ අද අපට සිටින ජනප්‍රිය නළුවෙක් වන රන්ජන් රාමනායක සිංහල සිනමාවේ වසර ගණනක්ම එක දිගටම ජනප්‍රිය නළු සම්මානයට හිමිකම් කියා තියෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ද වන රන්ජන් තමන්ටම ආවේණික සුවිශේෂ චින්තන රටාවක් සහිත සුවිශේෂ චරිතයක් ද වෙනවා.


මේ ඔහුත් එක්ක කල කතා බහක්.

කහවත්තේ කාන්තා ඝාතන කල්ලියේ මෙන්න වැඩ... කරපුවා දැන් දැන් එලිවෙයි...

කහවත්තේ කාන්තා ඝාතන 6 කම මහ මොළකරු දැනට බන්ධනාගාරගතව සිටින දේශපාලනඥයකු ධර්මසිරිලු...

මෙම ඝාතන කල්ලිය සඳහා පුද්ගලයන් පස්‌දෙනෙක්‌...

ඝාතනයට පෙර ඝාතකයන් අතින් දූෂණයට ලක්‌ වෙලාලු...

කහවත්ත ප්‍රදේශය භීතියට පත්කරමින් ඉකුත් මැයි සහ ජුලි මාසවලදී සිදුවූ කාන්තා ද්විත්ව ඝාතන සිද්ධීන් දෙකම සිදුකර ඇත්තේ මිනීමැරුම් චෝදනා මත දැනට බන්ධනාගාරගතව සිටින රත්නපුර ප්‍රදේශයේ ප්‍රාදේශීය දේශපාලනඥයකු ඇතුළු සංවිධානාත්මක පිරිසක්‌ විසින් ලබාදුන් කොන්ත්‍රාත්තුවක්‌ මත බවට තොරතුරු අනාවරණය වී ඇත.

මෙම ඝාතන කල්ලිය සඳහා පුද්ගලයන් පස්‌දෙනකු සම්බන්ධ වී සිටි බවටද තොරතුරු මේ වනවිට ලැබී තිබේ.

මෙම ප්‍රාදේශීය දේශපාලනඥයා

කටු නොගසා එන්නත් කරන අලුත්ම ක්‍රමය.

කටුවකින් විදින්නේ නැතුව එන්නතක් ලබා ගන්න පුළුවන් නම්...? 

මේ එවැනි ආරංචියක්...
 
කවුරු කවුරුත් එන්නත් කරනවාට බය වෙන්නේ පුංචි වේදනාවක් එයින් දැනෙන නිසයි. කුඩා දරුවන් එන්නත් කරනවාට බය මේ වේදනාව දරන්න ඔවුන්ට අපහසු යැයි සිතන නිසායි. 

කොහොම නමුත් එන්නත්වලට බය වැඩිහිටියොත් අප අතර ඉන්න බව නම් බොරුවක් නොවෙයි. කොහොම නමුත් කටුවකින් විදින්නේ නැතුව එන්නතක් ලබා ගන්න පුළුවන් නම්...? 

එහෙම නම් කවුරුත් එන්නත් ගැන බය වෙන එකක් කම් නෑ. මේ එවැනි ආරංචියක්. දකුණු කොරියාවේ සියොල් ජාතික විශ්විවද්‍යාලයේ මහාචාර්යවරු පිරිසක් විසින් සොයාගන්නා ලද නවතම එන්නත් කිරීමේ ක්‍රමයක් නිසා කටුවක් නොගසා එන්නත් කර ගන්න හැකියාව ලැබී තිබෙනවා. මෙම එන්නත් කිරීම සිදු කරනු ලබන්නේ ලේසර් භාවිතා කරමිනි. 

එහි ඇති විශේෂත්වය වෙන්නේ වේදනාවක් නොදැනී

ඇටඹගස්‌යාය හඬවමින් 14 හැවිරිදි සුලානි අවසන් ගමනේ

දියණිය "පපුව දනවා" කියමින් කෑගසමින් සිටියා...

මගේ ඇඟ දනවා ආච්චි නෑවොත් නම් හරියයි කිව්වා...

මරුවා සමග පැය ගණනක්‌ පොර බදා අවසන් හුස්‌ම පොද වාතලයට මුසු කළා...

එක කුස උපන් දරුවන් රණ්‌ඩු සරුවල් කර නොගන්නේ මොන රටේද? ඒත් එම රණ්‌ඩු සරුවල් දුර දිග ගොස්‌ මිනී මරාගන්නා අවස්‌ථාද දැන් දැන් අසන්නට ලැබෙන්නේ අවාසනාවටම බව අපට සිතේ. මේ කියන්නේ එවන් රණ්‌ඩු සරුවලයකින් පසු මිනීමරාගත් කතාවක්‌ නොවේ. එය සියදිවිනසා ගැනීමකි.

රිදීගම රිදීවිහාර විද්‍යාලයේ 9 වසරෙහි අකුරු කරමින් සිටි ඈ පදිංචිව සිටියේ රිදීගම නගරයට නුදුරු ඇටඹගස්‌යායේය. එස්‌. ඒ. සුලානි අනුපමා සුබසිංහ 14 හැවිරිදි ය. ඇගේ වැඩිමල් සොයුරිය 18 හැවිරිදිය. ඈ අකුරු කරන්නට ගියේ නිවසේ සිට සැතැපුම් 15 ක්‌ පමණ දුර පිහිටි ඉබ්බාගමුව මැදි විදුහලටය.

මව කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ සේවය කොට ආපසු එද්දී සවස්‌වන බැවින් සාමාන්‍යයෙන් ගෙදර දොරේ වැඩ කරන්නේ අක්‌කා-නගෝ දෙදෙනාය.වළං ටික සේදීමට ගොස්‌ දෙදෙනා

එඩ්නා චොක්ලට් සමාගමට සීල්...

මාධ්‍යයට වසන් වූ බ්ලේඩ් චොක්ලට් නිෂ්පාදක සමාගම...

නිවසේ දී දරුවන්ට ද බෙදා ඔහුද ඉන් කොටසක් අනුභව කරලා...

බ්ලේඩ් තලය කැඩී කොටසක් ගිලුන අතර ඉතිරි කොටස දත්වල රැඳීලා...

චොක්ලට් වර්ගයක බ්ලේඩ් තලයක් තිබී එය අනුභව කළ පුද්ගලයකුගේ සිරුර තුළට යෑමෙන් බරපතළ කැපීම් සහිත තුවාල ඇතිවී ම නිසා රෝහල්ගත කැර තිබේ. මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණපා තිබුනේ පාරිභෝගික අධිකාරියේ ප්‍රධාන පරිගණක නිලධාරියාය. 

ඔහු පසුගිය 20 වනදා රාත්‍රියේ මිනුවන්ගොඩ ප්‍රසිද්ධ සුපිරි වෙළෙඳ සලකින් චොක්ලට් එක මිලදී ගෙන තිබේ.


නිවසේ දී දරුවන්ට ද බෙදා ඔහුද ඉන් කොටසක්

මාලනී වෙනුවට ‘මාලනී’ වුනේ මෙහෙමයි...

මහ ලේකම් ධම්මික දසනායක මහතාට ලිඛිතව දැනුම් දීලා...

මන්ත්‍රි ධුරයෙන් ඉල්ලා අස්වීම නිසා ඇතිවූ පුරප්පාඩු සඳහා නැවත මාලනී ෆොන්සේකා මහත්මියම පත්වෙයි...

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරයෙන් මාලනී ෆොන්සේකා මහත්මිය ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රි ධුරය සඳහා නැවත මාලනී ෆොන්සේකා මහත්මිය පත්කරන ලද බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා අතින් විශේෂ ගැසට් නිවේදනයකින් පෙරේදා (24 දා) ප්‍රකාශයට පත් කෙරුනා.

විමලවංශ හිමියන්ට බිම පෙරලා ගෙන පහර දී සිවුරත් ඉරා දමලා...

උඹ බර්ටිට නේද උදව් කළේ කියමින් විහාරාධිපතිට බිම දමාගෙන පහර දීලා...

අළුත් මහ ඇමැති එස්.එම්.රංජිත් මහතා පවසන ජනතා පරමාධිපත්‍යය මේකද..?

පංසල්වලට පහර දුන් දෙවැනි අවස්ථාව...

හොරොව්පතාන,ඉහළදිවුල්වැව ශ්‍රී ජිනරතනාරාමයේ විහාරාධිපති ඉහළ දිවුල්වැවේ විමලවංශ හිමියන්ට 24 දා රාත්‍රි 9.30 ට පමණ එම විහාරස්ථාන බිමේ දී මැර ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

විමලවංශ හිමියෝ ඉහළ දිවුල්වැව විදුහලේ ගුරුවරයෙක් වශයෙන් කටයුතු කරන අතර හොරොව්පතාන ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රිවරයෙක් ද වෙනවා. 24 දා සවස 5.30ත් 6ත් අතර මෙම විහාරස්ථානයට කිසියම් පිරිසක් පැමිණ රතිඤ්ඤා පත්තු කරන්නට පටන් ගෙන තිබෙනවා. 

එම පිරිස අතරේ කපුගොල්ලෑවේ සිදු වූ මිනිමැරුම් සිද්ධියක් සම්බන්ධයෙන් අනුරාධපුර මහාධිකරණයේ අධිචෝදනා ලැබ සිටින ප්‍රදීප් සඳරුවන් නැමැත්තා ද සිටින බව හිමියෝ හදුනා ගෙන තිබෙනවා. මොහු සිවිල් ආරක්ෂක බලකායේ හිටපු සෙබළෙකි. මිනිමැරුම් සිද්ධියත් සමග ඔහුගේ සේවය අත්හිටුවා තිබෙනවා. 

පංසලකට පැමිණ රතිඤ්ඤා පත්තු කරමින්

බුද්ධ ප‍‍්‍රතිමාව වැළඳගත් නිරුවත් තරුණියක් ප‍‍්‍රංශයේ ”නිව්ලුක්” සඟරාවේ...

එහි තේමාව බුදු හිමිගේ සමාධිය බිඳි තරුණියකගේ ආකර්ශනය යන්නයි...

නබි තුමන්ගේ නිරුවත් කාටූන් ප‍‍්‍රසිද්ධ කරනු ලැබුවේද ප‍‍්‍රංශ සමාගමක්...

බුද්ධ ප‍‍්‍රතිමාවට අපහාස කෙරෙන ඡායාරූප පෙළක් ප‍‍්‍රංශයේ ”නිව්ලුක්” නමැති සඟරාවේ පළකර තිබෙනවා. එම සඟරාව විලාසිතා, ක්‍‍්‍රීඩා වැනි ක්ෂේත‍‍්‍ර කිහිපයක් සම්බන්ධයෙන් ලිපි පළ කරන්නකි.

එහි පළකර තිබෙන උක්ත ඡායාරූප පෙළෙන් නිරූපණය කෙරෙන්නේ තරුණ යුවතියක් නිරුවත්ව සහ අඩ නිරුවත්ව බුද්ධ ප‍‍්‍රතිමාව වැළඳගෙන සිටින ආකාරයයි.

එම ඇතැම් ඡායාරූපවලින් අසම්මත ලිංගිකක්‍‍්‍රියාකාරකම් ද නිරූපණය කෙරෙනවා
. බුදු හිමිගේ සමාධිය බිඳි තරුණියකගේ ආකර්ශනය යන්න ඒවායෙන් සමහරකට යොදා තිබෙන තේමාවයි.මින් පෙර ඉස්ලාම් ආගමට අපහාස කරමින් නබි කුමන්ගේ නිරුවත් කාටූන් ප‍‍්‍රසිද්ධ කරනු ලැබුවේද ප‍‍්‍රංශ සමාගමක් විසිනි.

එම පින්තුර පහතින්.

කොරියාවෙදි ලෝචනාගේ වෙස් පෙරලුන හැටි...

අනේ මට සිංදු කියන්න පුළුවන්ද කියල නම් දන්නේ නැහැ...

ඒත් මේ එක එක ප්‍රෝග‍‍්‍රෑම්වල සිංදු කිවුවම අහන් ඉන්න අය ලස්සනයි කියල කියනවා...


‘තූර්යා’ ටෙලි නාට්‍ය හරහා මේ දිනවල ඔබේ ආලින්දයට ගොඩවන ලෝචනා ඉමාෂිගේ වෙස් පෙරලියක් සම්බන්ධයෙන් අප වෙත වාර්තා වෙනවා.

මේ වෙස් පෙරළිය සිදුවන්නට යන්නේ ලබන 29 වැනිදා කොරියාවේදී බවද පැවසෙනවා
.මෙතෙක් කල් නිළියක් ලෙස ජනාදරයට පත් ලෝචනා කොරියාවේදී ගායිකාවක් වීමට යාම මේ අලූ‍ත් වෙස් පෙරළියයි.

ඇය සිය වෙස් පෙරලිය සම්බන්ධයෙ
න් මාධ්‍යට පවසා තිබුණේ මෙවැන්නකි. 

මම තාත්තට කිව්ව වගේම විභාගෙ පාස්‌වුණා - ඒත් ඒ සතුට දකින්න තාත්තා නෑ...

තාත්තාගේ ලොකුම බලාපොරොත්තුවක්‌ තිබුණා මම ශිෂ්‍යත්වෙ පාස්‌වෙයි කියලා...

මට විභාගෙන් ලකුණු 173 ක්‌ තියෙනවා.ඒත් තාත්ත මම ශිෂ්‍යත්වෙ ලියපු දවසෙම නැතිවුණා.

"විභාගෙ පාස්‌වුණ ගමන් මම දුවට ලැප්ටොප් එකක්‌ අරන් දෙනවා”‍ කියූ ගමන් තාත්තාගේ ෆෝන් එක කට්‌ වුණා. පස්‌සෙ දැනගත්තා ඒ වෙලාවෙ තාත්තා නැතිවෙලා කියලා. දැන් මම ශිෂ්‍යත්වෙ හොඳට පාස්‌.

මේ සතුට බෙදා ගන්න අම්මයි මල්ලියි එක්‌ක තාත්තත් හිටියා නම් මොන තරම් දෙයක්‌ද...? ‘‘ එසේ අප වෙත පැවසූ පුංචි උදේශි මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ කඳුළු මතකයක්‌ අවදි කරවන කුඩා හපනෙකි.

ඇය අන් කවරකු නොව ශිෂ්‍යත්ව විභාගය පැවැති ඉකුත් මස 26 වැනිදා විභාගයේ පහසු බව දුරකථනයෙන් තාත්තාට පවසන අවස්‌ථාවේ ඒ සතුට දරාගත නොහැකිව හෘදයාබාධයකින් මියගිය චමින්ද ශ‍්‍රියාලාල් ද සිල්වා මහතාගේ දියණියයි.



දරුවාගේ අපලය දුරුකිරීමට පැමිණි යකැදුරා දෙදරු මව සිහිනැති කර අතවර කරලා...

සැමියාට සැක සිතී ජනේලයෙන් බලන විට සිද්ධිය දැකලා...
යකැදුරා හපුතලේ ප්‍රදේශයේ සුපිරි ගනයේ නිවසක්‌ද ඉදිකරනවලු...

ඌවපරණගම පොලිස්‌ වසමේ 24 වියෑති දෙදරු මවක යකැදුරකු විසින් අතවරට ලක්‌කර තිබෙනවා.

මෙසේ අපහරණයට ලක්‌වී ඇත්තේ ඌවපරණගම වදගොල්ල හිඹිලියාගහ මඩිත්ත ප්‍රදේශයේ පදිංචි කාන්තාව
ක්‌.

ඇය සිය මාස 4 ක්‌ වයසැති දරුවාට අපල තිබෙන බැවින් දරුවා ගැන විමසීමට ශාස්‌ත්‍ර කියන ස්‌ථාන කිහිපයකින් පේන බලා ඇති අතර දරුවාට අපල ඇති බවත් සිය නිවසට භූත බලපෑම් ඇති බවත් පේන බැලූ ස්‌ථානවලින් පවසා තිබෙනවා. මේ නිසා නිවසේ භූත බලපෑම් ඉවත්කර ගැනීම සඳහා ඇය යකැදුරකුගේ පිහිට පතා තිබෙනවා.

පසුව යකැදුරා නිවසට පැමිණ නිවසේ භූත බලවේග

දෙන්නා වෙන්කරලා ජීවත් කරවන්න පිහිට වෙන්න...

මොවුන් දෙදෙනාටම පිහිටා තිබෙනුයේ එකම හෘදය වස්‌තුවක්‌...

බිලිඳියන් දෙදෙනාට ඇත්තේ එක උප්පැන්න සහතිකයක්‌...

ශ්‍රී ලංකාවේ දෙබිඩි දරු උපත් මින් පෙරද සිදුවී ඇති අයුරු අපි අසා ඇත්තෙමු. දැක ඇත්තෙමු. එහෙත් මේ දෙබිඩි දරුවන්ගේ උපත ඊට හාත්පසින්ම වෙනස්‌ වනුයේ කාරණා කිහිපයක්‌ හේතු කරගෙනය.

දරුවන් දෙදෙනකු වශයෙන් පෙනුණද මේ බිලිඳියන් දෙදෙනාට ඇත්තේ එක උප්පැන්න සහතිකයකි. එක නමකි. එසේම මේ බිලිඳියන් දෙදෙනා අනිකුත් දෙබිඩි දරුවන්ට වඩා වෙනස්‌ වන විශේෂත්වය නම් මොවුන් දෙදෙනාටම පිහිටා තිබෙනුයේ එකම හෘදය වස්‌තුවකි.


මොනරාගල මැදගම ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයට අයත් තඹාන ග්‍රාම නිලධාරී වසමේ මල්ගස්‌ලන්ද දුෂ්කර ගම්මානයේ පදිංචි ඩී. එම්. ගුණසේකර සහ ආර්. එම්. සුමනාවතී මවුපියන්ට දාව ඉකුත් අගෝස්‌තු 13 වැනි දින බොරැල්ල සොයිසා කාන්තා රෝහලේදී උපත ලැබූ සඳුනි නිල්මිණි දිසානායක නම් බිලිඳිය නමින් එක්‌ අයකු ලෙස පෙනුණ ද භෞතික වශයෙන් බිලිඳියන් දෙදෙනෙකි.

අඟහරු ලොවේ අහිතකර විකිරණ අද මධ්‍යම රාත්‍රියේ ඔබේ ජංගම දුරකථනයට - යන අංක එකේ බොරුව

2008 සිට ලෝකය පුරා කරක් ගැසූ අංක එකේ බොරුවක්...

මෙවන් ව්‍යාජ පණිවුඩ ලංකාවේ පැතිරුණු පළමු අවස්තාව මෙය නොවේ...

අඟහරු ලොවේ අහිතකර විකිරණ අද දිනයේ මධ්‍යම රාත්‍රියේ පෘතුවියේ වායුගෝලයට ඇතුළුවන හෙයින් ඔබේ ජංගම දුරකථනය ක්‍රියාවිරහිත කර තබන ලෙස මේ දිනවල ලංකාවේ බොහෝ දෙනා අතර කෙටි පණිවුඩ ඔස්සේ භයානක අනතුරක් ගැන ඉඟි කරමින් පවතිනවා.

මෙහි මුලාශ්‍රය ලෙස දක්වා ඇත්තේ නාසා හා බි.බි.සි පුවත් සේවයයි. මෙය 2008 සිට ලෝකය පුරා කරක් ගැසූ අංක එකේ බොරුවකි.නමුත් දැනටමත් බොහෝ ලාංකිකයන් අතරට මෙම පණිවුඩය ගොස් ඇති හෙයින් ඒ බව විමසා අප වෙතද පණිවුඩ ලැබී තිබුනා.

මෙවන් ව්‍යාජ පණිවුඩ

යහපත් බිරිඳක් හා මවක් වීමට පෙරුම්පුරන දමිතා දෙසම්බරේ බඳිනවාලු...

දමිතාගේ පෙම්වතා අවුරුදු 23 ක් තිස්සේ හිටියේ ඩුබායිවලලු...පෙම් සම්බන්ධතාවයට වසර නවයක්ලු...

රංගනයට දායක වෙමින් යහපත් බිරිඳක් හා මවක් වෙනවා... 

ජනප්‍රිය නිලියක් මෙන්ම ගායිකාවක් වන දමිතා අබේරත්න එළෙඹෙන දෙසැම්බර් මස යුග දිවියට එළඹීමට සුදානම් වන බව වාර්තා වනවා.

දමිතා අබේරත්න මෑතකදී වඩාත් කතාබහට ලක්වුයේ රුවන්වැල්ලේ සෝභිත සම්බන්ධයෙන් ගොඩනැගුනු කතිකාවට ඇගේ නමද ගෑවී තිබු හෙයින්.

එහෙයින් ඇය තමාගේ නිර්දෝෂී භාවය ප්‍රකාශකරමින් පුවත්පත්වලට ලිපි සපයන අතරේ ඒ පිලිබඳ පලකල වෙබ් අඩවි වලට නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට උත්සාහ කලාය.

ජැකලින් ෆර්නැන්ඩස් රතු පලස මත...( පින්තුර )

බොලිවුඩයේ සුපිරි නමක් දිනාගෙන ඇති කරන් ජොහාර් ද එක්වෙලා...

ආලියා භාත් ඇතුළු නළු නිළියන් හා ප‍්‍රභූවරුන් රැසක්...

කවදත් හැඩට අඳින නිළියක් ලෙස බොලිවුඞ් පුරයේ නමක් දිනාගෙන ඇති ශ‍්‍රී ලංකා රූ රැජිනක හා බොලිවුඞ් නිළියක වන ජැකලින් ෆර්නැන්ඩස් පසුගියදා ද රතු පලස මත ඉන්දීය මාධ්‍යවේදීන් ගේ කැමරා කාචයට හසුවුනා.

ඒ, ඉන්දියාවේ ප‍්‍රධානතම විලාසිතා සඟරාවක් වන 'වෝග් ඉන්ඩියා' හි පස් අවුරුදු සංවත්සරය නිමිත්තෙන් පැවති සුපිරි උත්සවයකදීය.මේ සැමරුමට බොලිවුඩයේ සුපිරි නමක් දිනාගෙන ඇති කරන් ජොහාර් ද එක්වී තිබුනා
.

විලාසිතා අතරින් මීට අමතරව සමීරා රෙඞ්ඩි, ශිබානි දන්දකාර්, කාජල්, අලී බට්, යමී ගෞතම්, දියා මිර්සා, කල්කි කුච්ලින්, ආලියා භාත් ඇතුළු නළු නිළියන් හා ප‍්‍රභූවරුන් රැසක් ද එක්ව සිටි බව පැවසෙනවා
.

මේ උත්සවයට සහභාගි වූ ජැකලින් ඇතුළු තරු කිහිපයක් රතු පලස මත ඡායාරූප සඳහා පෙනී සිටියේ මෙසේය.


ශිෂ්‍යත්වයෙන් ප්‍රථම ස්ථාන දෙකක්...

තුන්වැනි ස්ථානය කඳාන සෙවන්ත්ඩේ පාසලට...

5 වසර ශිෂ්‍යත්ව විභාග ප්‍රතිපල අද (25) විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. එම ප්‍රතිඵල අනුව මුළු දිවයිනෙන්ම ප්‍රථම ස්ථාන දෙකක් දෙදෙනකු විසින් දිනා ගෙන තිබෙනවා

ගාල්ල රිච්මන්ඩ් විදුහලේ කිසර සදළුක කොඩිතුවක්කු ශිෂ්‍යයා ළකුණු 196ක්ද , තලාතුඔය කණිෂ්ඨ විදුහලේ ආර්.එම්.ඒ.යූ. මධුවන්ති ශිෂ්‍යයාව ළකුණු 196ක්ද ලබා ප්‍රථම ස්ථාන ලබා ගෙන තිබෙනවා.


ජනප්‍රිය නිළියක් හා නිරුපිකාවක් වන යුරේනිගෙනුත් වෙබ් අඩවියක්...


ලංකාවේ ජනප්‍රිය නිළියක් හා මොස්තර නිරුපිකාවක් වන යුරේනි නොෂිකා විසින් 23 වන දින ඇ‍යගේ නමින් වෙබ් අඩවියක් අන්තර්ජාලයට මුදා හරිනු ලැබුවා .

එම අවස්ථාව පැවැත්වුනේ කොළඹ ජයික් හිල්ටන් හෝටලයේදියි


ඇගේ වෙබ් අඩවිය වන www.yureninoshika.co අන්තර්ජාලයට මුසු කිරිමේ උත්සවයට ඇගේ හිතවතුන් පිරිසක් මෙන් ම ක්ෂේත්‍රයේ රැසක් ද එම අවස්ථාවට සහභාගිවුනා.

එම අවස්ථාවේ ඡායාරුප රැසක් පහතින්.

ආශ්චර්යකට මෙන් ජිවිතය බේරුන පුද්ලගයෙක්..

රුසියාවේ අධිවේගි මාර්ගයක පසුගිය දිනක රිය අනතුරක් සිදු වුනා

මෙම අනතුරෙන් කිසිදු ජිවිත හානියක්  සිදුවුනේ නෑ .

ආශ්චර්යකට මෙන් මෙම අනතුරට මුහුණ දුන් ට්‍රක්රථ රියදුරාගේ ජිවිත බේරුණි. පිටුපසින් පැමිණි මොටර් රථයේ තිබු කැමරාවේ එම අනතුර සටහන් වි තිබු වීඩියෝව පහතින්.

මව්කිරි හිර වී අසාධ්‍ය තත්ත්වයෙන් ගෙන ගිය බිළිඳා ප්‍රතිකාර නොකරම ආපසු යවලා...

රෝහලේ කවුරුවත් දරුවා ගැන බැලුවේ නෑ...

හොස්‌ස ළඟින් මැස්‌ස ගියත් අසරණ රෝගීන් බිල්ලට ගෙන වැඩ වර්ජන කරන අප රටේ සෞඛ්‍ය සේව
යේ තවත් පහත් වැඩක්...

නියාගම ග්‍රාමීය රෝහලට මව්කිරි හිරවීම නිසා අසාධ්‍යව ගෙන ආ බිළිදකු ප්‍රතිකාර නොකර ආපසු හරවා යවා එම දරුවාගේ ජීවිතය අනතුරට ලක්‌කර ඇතැයි අදාළ රෝහලට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා.

ඉකුත් 18 වන දින මෙසේ රෝහලට ගෙනැවිත් ඇත්තේ දින පහළොවක්‌ වයසැති කුඩා දරුවෙකි. දරුවා රැගෙන එන අවස්‌ථාවේ රාජකාරි භාරව සිටි වෛද්‍යවරයා රෝහලෙන් බැහැරව සිටි නිසා මෙම තත්ත්වය උදා වී
තිබෙනවා.

නියාගම රෝහලට භාර නොගත් දරුවා

මුහුදේ නාමින් සිටි තරුණියකට කිමිදී ගොස් ලිංගික අතවර කරලා...

ගුවන් භටයා දිය යටින් කිමිදී ලිංගික අවයව ස්පර්ශ කරලා...

මීගමුව,ඒත්තුකාල මුහුදේ දිය නාමින් සිටි වෙළෙඳ කලාපයේ තරුණියකට දිය ය‍ටින් කිමිදී ගොස්, ලිංගික අතවර කල ගුවන් භටයකු බන්ධනාගාර ගත කර තියෙනවා.

මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත වූයේ තිස්සමහාරාමයේ පදිංචි, කටුනායක ගුවන් හමුදා කඳවුරේ ගුවන් භටයෙකුයි

සිද්දිය මෙසේයි...

මීළඟ අධ්‍යාපන ඇමති මාලක සිල්වා...

මාලකට රෙහාන්ට එතෙර අධ්‍යාපනය සඳහා යෑමට වරම්...

මේජර් සුසේන පැමිණිල්ලක් ගොනු කරනවද ? නැත්නම් නීතිපති උපදෙස් ගන්නවද..? දැන්වීමට නියෝග...

තමාට පහර දුන්නැයි පරස්පර ප‍්‍රකාශ කළ හමුදා මේජර් සුසේන සම්බන්ධයෙන් පැමිණිල්ලක් ගොනු කරන්නේද? නැත්නම් නීතිපති උපදෙස් ගන්නේද යන්න දන්වන්නැයි කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා කොම්පඤ්ඤවීදිය පොලිසියට දැන්වුවා.

මේජර් රාජකාරියක් සඳහා එහි නොගිය බවත් කැසිනෝ හල් හිමියකුට ආරක්ෂාව සැලසුවේද යන්න

මාලනීගේ ඉල්ලා අස්වීම ජනපති බාර අරන් නෑ..

මාලනීට මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස ජනාධිපති කාර්යාලයෙන් ඊයේ ඇයට දැනුම්දී තිබුනාලු...

පාර්ලිමේන්තු මන්ත‍්‍රීධූරයෙන් ඉවත් වීමට මාලනී ෆොන්සේකා මහත්මිය ගෙන ඇති තීරණය ජනාධිපති  මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ප‍්‍රතික්ෂේප කළ බව ජනාධිපති මාධ්‍ය ප‍්‍රකාශක බන්දුල ජයසේකර මහතා පවසනවා.

මාලනි ෆොන්සේකා මහත්මිය  එක්සත් ජනතා නිදහස් සන්‍ධානයේ ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුරයෙන් අද දහවල් ඉල්ලා අස්වුනා
. එම ඉල්ලා අස්වීමේ ලිපිය තමන් වෙත ද ලැබී ඇති බව  පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා ද තහවුරු කලා.

මේ අතර උතුරු මැද හිටපු මහ ඇමතිවරයා පාර්ලිමේන්තුවට නො ඒමට තීරණය කර තිබීම මාලනී  ෆොන්සේකා මහත්මියගේ ඉල්ලා අස්වීම  බාර නොගැනීමට හේතු වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සදහන් කරනවා
.


මන්ත්‍රී ධූරය අත් හරින මාලනීට ඉතා වැදගත් තනතුරක්.

බර්ටිට පාර හදන්න මාලනී ෆොන්සේකා ඉල්ලා අස්වේ. 


මාලනී ෆොන්සේකා අද සවස ජනාධිපති ලේකම් කාර්‍යාලයට

අන්තෝජටා බහි ජටා - ඇතුළෙත් ගැට පිටත් ගැට ශ්‍රී ලංකාවේ දේශපාලනයේ අද හැම තැනම ගැට.

වැල්ලවත්තේ ගණිකා නිවාසයට මගේ සම්බන්ධයක් නෑ - මර්වින්

මම කසිප්පු පානය කල මීයන්ට අභියෝග කරන්නේ නෑ...

සම්බන්ධීකරණ ලේකම්වරයකු කියන වසන්ත රාජපක්‍ෂ නොහොත් සුද්දා මගේ කාර්ය මණ්ඩලයේ සේවය කරන්නේ නෑ...

වලාන දූෂණ මර්දන ඒකකයට ලද තොරතුරක් මත අලුත්කඩේ උසාවියේ සෝදිසි වරෙන්තුවක් මත පසුගිය සිකුරාදා පස්වරුවේ අංක 577, ගාලුපාර ස්ථානයේ දෙමහල් නිවසක පවත්වාගන ගිය සුපිරි ගණිකා මධ්‍යස්ථානය උපායදූතයන් දෙදෙනෙකු යොදවා සෝදිසි කර තිබුනා.

වටලනු ලැබු පසු අනාවරනය වුනේ එහි හිමිකරු වන්නේ අමාත්‍ය මර්වින් සිල්වාගේ සම්බන්ධීකරණ ලේකම් බවයි.

දෙමහල් ගොඩනැඟිල්ලේ පහත මාලය පවත්වාගන ගොස් තිබුනේ කායවර්ධන මධ්‍යස්ථානයකි. උඩුමහලේ ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් මෙම ගණිකා ජාවාරම වසර 11ක් තිස්සේ ජයටම කරගන ගොස් තිබුනා.

මන්ත්‍රී ධූරය අත් හරින මාලනීට ඉතා වැදගත් තනතුරක්.

බර්ටිට පාර හදන්න මාලනී ෆොන්සේකා ඉල්ලා අස්වේ. 


මාලනී ෆොන්සේකා අද සවස ජනාධිපති ලේකම් කාර්‍යාලයට

අන්තෝජටා බහි ජටා - ඇතුළෙත් ගැට පිටත් ගැට ශ්‍රී ලංකාවේ දේශපාලනයේ අද හැම තැනම ගැට. 

කොතරම් ඡන්ද පැවැත්වුවත් ජනතා ඡන්දයට වටිනා කමක් නැති බව උතුරු මැද පලාතේ ජනතාව පවසති.ඒ ඔවුනට දැනගන්නට ලැබුන නවතම පුවතක් හේතුවෙනි.

එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීනි මාලනී ෆොන්සේකා මහත්මිය විසින් තම ඉල්ලා අස්වීමේ ලිපිය ඡන්ද කොමසාරිස්වරයා වෙත යවා ඇති බව පැවසෙනවා
.

බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතාට පාර්ලිමේන්තුවට ඒම සදහා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණ සිටින මාලනී ෆොන්සේකා මහත්මිය සිය මන්ත්‍රී ධූරයෙන් ඉවත්වීමට තීරණය කොට තිබෙන බව වැඩි දුරටත් වාර්තා වෙනවා


බුදු දහමට හා ජනාධිපතිතුමාට අවමන් කරන තවත් ෆේස්බුක් පිටුවක්...

දැන් ඔබේ වාරයයි. 

උතුම් ‍බුදු දහමත්, බෞදධකමත්, සිංහල ජාතියත් රැකගනිමු...

සිංහල බෞද්ධයනි මේ පිළිබදව ඔබගේ අවධානය යොමු කරන්න...

නිර්මල බුදු දහමට නිගරු වන අන්දමින් තුන්ලෝකාග්‍ර සම්මා සම්බුදු රජාණන් වහන්සේට මහත් සේ නින්දා අපහාස වන අන්දමින් උතුම් බුද්ධ රූප හා සර්වඥ ධාතුන් වහන්සේලාට නිගරු වන අන්දමින් අසභ්‍ය යෙදුම් හා විකෘත කරන ලද පින්තූර එකතුකරමින් ධම්මානන්ද සුමංගල’ නමින් ‍ෆේස්බුක් පිටුවක් අන්තර්ජාලයට මුදා හැර තියෙනවා.

‍උතුම් බුදු දහමට අපහාස කරන අදහසින් පාපකාරී අන්තවාදී කල්ලියක් විසින් මෙය සිදු කරන බවට කිසිදු සැකයක් නැත.උතුම් බුද්ධ ශාසනයත් සමස්ථ මහා සංඝරත්නයත් සිංහල බොදුනුවාත් ඉලක්ක කරගනිමින් ලොවෙන්ම නිර්මල බුදු දහම මුලිනුපුටා දමා අනත්වාදය ව්‍යාප්ත කිරීමේ අදිටනින් සිදුකරනු ලබන මෙවැනි ‍නිර්ලැජ්ජිත ක්‍රියාවන් කෙරෙ‍හි පළමුවෙන්ම බෞද්ධ ජනතාවගේ ‍ඇස යොමුවිය යුතුයි.

ලෝකයම අන්ධකාරයේ ගිලෙන දින තුනක්...?

2012 දෙසැම්බර් 21 දා විශ්වයේ කිසියම් සුවිශේෂී පිහිටීමක් ඇති වෙයි...

එම පිහිටීමෙහි ප්‍රතිඵලයක් ලෙස දින තුනක කාලයකට පෘථිවියට සූර්ය ආලෝකය නොලැබි යයි...

සියලුම ග්‍රහලෝක එකම සරල රේඛාවක් දිගේ පිහිටයි...

මේ දිනවල ෆේස් බුක් වබේ අඩවිය ඔස්සේ ද, ඊමේල් මාර්ගයෙන් ද පැතිර යන එක්තරා අපූරු ආරංචියක් විශාල ආන්දෝලනයකට තුඩු දී තිබෙනවා.

මෙම ආරංචියෙන් කියවෙන්නේ මෙම වසරේ (2012) දෙසැම්බර් මස 22,23 සහ 24 යන දින තුන තුළ මුළු මහත් පෘථිවියම අන්ධකාරයෙන් වැසී යනු ඇති බවයි. දින තුනක් පුරා සූර්යාලෝකය පෘථිවිය මත පතිත නොවනු ඇති බව ඒ මගින් කියවෙනවා

විශ්වයේ ඇතිවන කිසියම් විපර්යාසයක් නිසා මෙබඳු සිද්ධියක් සිදුවනු ඇති බවට අනාවැකි පවසා ඇත්තේ ඇමෙරිකාවේ සුප්‍රකට අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයක් වන නාසා (NASA) ආයතනය බවද මෙම විද්‍යුත් ආරංචිය විසින් පවසනු ලබනවා.

මෙයින් කියවෙන ආකාරයට 2012 දෙසැම්බර් 21 දා විශ්වයේ කිසියම්

තත්ත්පර 60 දර්ශනයට උදයන්තිව පැය 12ක් තිස්සේ නාවලා...

උදයන්ති මේ දර්ශනය රගපා ඇත්තේ සීතලේ ගැහි ගැහීලු...

උදයන්ති විවාහ නොවී සිටින්නේ ආදරයෙන් පැරදුන හින්දලු...

‘කලර්’ චිත‍්‍රපටයේ අධ්‍යක්‍ෂ ඉසුරු වීරසිංහමුදලි ජනපි‍්‍රය සිනමා හා ටෙලි නිලියක් වන උදයන්ති කුලතුංගව වරුවක් නෑවීමේ පුවතක් අප වෙත වාර්තා වෙනවා.

කෙසේවුවද  උදයන්තිත් මේ නෑම සතුටින් කළ බවත් පැවසෙනවා
.උදයන්ති මෙසේ නා ඇත්තේ කලර් චිත‍්‍රපටයේ රූගත කිරීමක් සඳහායි.

ඇයට එම චිත‍්‍රපටයේ එන වැස්සට තෙමි තෙමී සතුටින් නාන දර්ශනයක් රූගත කිරීමේ දී පැය 12කට ආසන්න කාලයක් නාන්න සිදුවී තිබෙනවා
.කෙසේ වුවද චිත‍්‍රපටයේ එම දර්ශනය තත්ත්පර 60ක් වත් නොමැති බවද පැවසෙනවා.

හිමාලි ප‍්‍රමුඛ සෙන්ෂේශන් නර්තන කණ්ඩායමට වෙච්චි ඇබැද්දියක්...

‘සඳ පානවගේ’ ගීය වෙනුවට පෝල් හදිස්සියේම ‘ගොළු හදවත විවර කරන්න, යන ගීය ගායන කරලා...

‘සඳ පානවගේ’ ගීයට නටන්න ආ හිමාලි ප‍්‍රමුඛ සෙන්ෂේශන් නර්තන කණ්ඩායම හීන් සීරුවේ වේදිකාවෙන් බැස ගිහින්...

හිරු එෆ්.එම්. සංවිධානය කරනු ලබන මෙගා බ්ලාස්ට් එලිමහන් සංගීත ප‍්‍රසංගය පසුගියදා පැවැතියේ ගාල්ල මීපාවල අමරසූරිය කී‍්‍රඩාංගනයේදීය. මේ ප‍්‍රසංගයට ආරාධිත ගායකයකු ලෙස ප‍්‍රවීන ගායක පෝල් ප‍්‍රනාන්දු ද සහභාගි වුනා.

මෙහි ගීත ගායනයට පෝල් වේදිකාවට නැග ඇත්තේ උණුසුම් ප‍්‍රතිචාර මධ්‍යයේය.ඔහු වේදිකාවට ගොඩවත්ම සංගීත කණ්ඩායම ඔහුගේ ජනපි‍්‍රය ගීතයක් වන ‘සඳ පානවගේ’ ගීයේ මුල් සංගීත කණ්ඩය වාදනය කර තිබෙනවා
. මේ අතර, එම ගීයට නැටුමක් ඉදිරිපත් කිරීමට හිමාලි සිරිවර්ධන ප‍්‍රමුඛ සෙන්ෂේශන් නර්තන කණ්ඩායමද වේදිකාවට ගොඩ වී තිබෙනවා.

වේදිකාවට ගොඩ වූ හිමාලි දෙස දෑස් දල්වා බලා සිටි පෝල් හදිස්සියේම ‘ගොළු හදවත විවර කරන්න, නොඉඳ හිතේ තද කරන් මට කියන්න, කඳුළු සලන්න ඉඩ නොතබන්න කඳුළු සලන්න ඉඩ නොතබන්න’ යනුවෙන් සංගීත කණ්ඩයට පිටින් ඔහුගේ වෙනත් ගීතයක් ගායනා කර තිබෙනවා.