Ads 468x60px

.

ජනාධිපති මහින්දට එරෙහිව ඉන්දීය දෙමළ ජාතික තරුණයෙක් සිරුරට ගිනිතබා ගනී...

ඔහු ගිනි තබාගැනීමට පෙර ජනාධිපතිවරයාට එරෙහි සටන් පාඨ කියවලා...

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඉන්දීය සංචාරයට එරෙහිව සිරුරට ගිනි තබාගත් ඉන්දීය දෙමළ ජාතික තරුණයෙකු අසාධ්‍ය තත්ත්වයෙන් රෝහලට ඇතුලත් කළ බව බීබීසී පුවත් සේවයයෙන් වාර්තා වෙනවා.

තමිල්නාඩු ප්‍රාන්තයේ වෘත්තීය සමිති ක්‍රියාකාරිකයෙකු තමිල්නාඩුවේ සලීම් දිස්ත්‍රික්කයේ පිහිටි බස් නැවතුම්පොළකදී මෙසේ ගිනිතබාගෙන ඇත. 


ඔහු ගිනි තබාගැනීමට පෙර ජනාධිපතිවරයාට
එරෙහි සටන් පාඨ පවසමින් සිට ඇති බවයි බීබීසී ය සඳහන් කොට තිබේ.දැඩි පිළිස්සුම් තුවාල ලැබූ ඔහු මේ වන විට බරපතල තත්ත්වයෙන් ප්‍රතිකාර ලබන බව  එම පුවත්සේවය වාර්තා කරයි.


ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා  සාංචි හා ඉන්දීය මධ්‍ය ප්‍රදේශ්හි සංචාරය කිරීමට නියමිත අතර ජාත්‍යන්තර බෞද්ධ විශ්ව විද්‍යාලයට මුල්ගල තැබීමද ඔහුගේ ඉන්දීය සංචාරය තුළදී සිදුකිරීමට නියමිත
යි.

ජනපති මහින්දට එරෙහිව ගිනිතියා ගනී
 
Related Posts with Thumbnails