Ads 468x60px

.

දියේ ගිලී මියගිය සිසුවියගේ අවමඟුලට සහභාගිවීමට අවසර නොදුන්නැයි සිසුවා නාන කාමරයක එල්ලීලා...

අපලයකට සුරයක්‌ දමා තිබෙන නිසා සිසුවියගේ අවමඟුලට සහභාගිවීමට ඉඩ දෙන්න එපා විදේශගත මව...

රෙදි සේදීමට නාන කාමරයට යන බව පවසා ගොස්‌ ගෙල වැලලාගෙන...

මහරගම මධ්‍ය මහා විද්‍යාලයේ 09 වැනි වසරේ ඉගෙනුම ලබන සිසුවකු මහරගම මංගල මාවතේ පිහිටි නිවසේ නාන කාමරයක එල්ලී ගෙල වැලලාගෙන මියගොස්‌ ඇත.

සහෝදර සිසුවියකගේ අවමංගල්‍යයට සහභාගිවීමට ඔහුගේ භාරකරුවන් අවසර නොදුන්නැයි කනස්සල්ලෙන් එසේ දිවිනසා ගෙන ඇතැයි වාර්තා වේ.


මෙසේ මියගොස්‌ ඇත්තේ කොතලාවල ලියනගේ විහඟ සඳරුවන් නමැති දහතුන් හැවිරිදි සිසුවෙකි.මියගිය සිසුවාගේ පියාද මියගොස්‌ ඇති අතර, මව විදේශගතව රැකියාවක්‌ කරන බව හෙළිවිනැයි පොලිසිය පවසයි. ඔහු ලොකු අම්මා ළඟ සිට පාසල් ගිය බවද පැවසේ.

සිද්ධිය වූ දිනයේ මියගිය සිසුවා සිය සොහොයුරිය සමග පාසල් ගොස්‌ නිවසට පැමිණ තිබේ.දියේ ගිලී මියගිය පාසලේ සහෝදර සිසුවියගේ අවමඟුලට සහභාගි වන්නැයි පාසලෙන් දැනුම් දුන් බව මියගිය සිසුවා සිය ලොකු අම්මාට පවසා තිබේ.

එහිදී ලොකු අම්මා විදේශ ගතවී සිටින සොහොයුරියගෙන් දරුවාට ඒ සඳහා යැමට අවසර දෙන්න දැයි විමසා තිබේ. දරුවාගේ අපලයකට සුරයක්‌ දමා තිබෙන නිසා සිසුවියගේ අවමඟුලට සහභාගිවීමට යැමට නොදෙන ලෙස පවසා ඇත.

අනතුරුව ලොකු අම්මා ඒ සඳහා නොයන ලෙස දරුවට පවසා ඇත. ඉන්පසු මියගිය සිසුවා රෙදි සේදීමට නාන කාමරයට යන බව පවසා ගොස්‌ මෙලෙස ගෙල වැලලාගෙන ඇතැයි හෙළි වූ බව මහරගම පොලිසිය පවසයි.

මහරගම මධ්‍ය මහා විද්‍යාලයේ 8 වන වසර ඉගෙනුම ලැබූ  ත්‍යාගා දෙව්මිණි රණගල (12) ශිෂ්‍යාව, පසුගිය ඉරිදා බුත්තල ගම්උදාව භූමියේ යුද හමුදා ක්‍රීඩාපිටියේ පැවැති සුහද සැහැල්ලු කාන්තා සහ පිරිමි පන්දු ක්‍රීඩා තරගයට සහභාගි වී ආපසු එමින් සිටියදී දියේ ගිලී මියගියාය.ඇය සැහැල්ලු පන්දු ක්‍රිකට්‌ ක්‍රීඩාවට මෙන්ම මලල ක්‍රීඩාවටද දක්‌ෂ සිසුවියකි.
 
Related Posts with Thumbnails