Ads 468x60px

.

සිරස කුමරිය ලෙස අභිෂේක වූ පවනි මධුශානිට සිරසෙන්ම විවාහ යෝජනා

සිරස ආයතනයේ දෙදෙනෙකු හා ව්‍යාපාරිකයෙකුගෙන් යොජනා...

පසුගියදා නව සිරස කුමරිය ලෙස අභිෂේක වූ පවනි මධුශානි විජේසිංහට සිරස කුමරිය තරගය අතරතුර විවාහ යෝජනා ලැබුණු බව ඇය හෙළිකර තිබෙනවා.

ඇය මෙම හෙළිදව්ව කර ඇත්තේ සතිපතා පලවන කළා පුවත් පතකටය.කෙසේවවුද ඇය මෙම යෝජනා ගෙනා පුද්ගලයන් එම පුවත් පතට හෙළිකර නොමැත.

සිරස ආයතනයේ දෙදෙනෙකු හා ව්‍යාපාරිකයෙකු ඇයට අදාල යොජනා ගෙනා බව අප වෙත විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් වාර්තා වෙනවා. පවනි ඇඳුම් මොස්තර නිර්මාණ කරණයේ යෙදී සිටින තරුණියකි.

මෙවර සිරස කුමරිය වූ පවනි

කිරිබත්ගොඩ ප‍්‍රදේශයේ පදිංචිකාරියකි.වසර 1987 දී උපන් ඈ අධ්‍යාපනය ලබා ඇත්තේ කොළඹ සංඝමිත්තා සහ ආනන්ද බාලිකා යන පාසල් වලිනි.

මෙවර සිරස කුමරිය තරගයට ඉදිරිපත්වී ඇත්තේ ඉතා සුළු තරග කාරියන් පිරිසක් බවද මේ අතර වාර්තා වෙනවා.එසේම පළමු තරගය මෙන් මෙයට එතරම් ජනපි‍්‍රයත්වයක්ද නොලැබුණු බව පැවසේ.පළමු සිරස කුමරිය බවට පත්වූයේ ශලනි තාරකාය.


අතිශය ජනාදරයට පත් වූ සිරස කුමරිය පළමු අදියරෙන් හඳුනා ගත් දුලානි අනුරාධා, ශලනි තාරකා (පළමු අදියරෙහි කුමරිය) මේ වන විට අප ක්ෂේත්‍රයේ කැපී පෙනෙන චරිත බවට පත්ව සිටියි.

පවනි ද තව නොබෝ දිනකින්ම ඔවුන් අතරට එකතු වනු ඇත. මේ දිග හැරෙන්නේ පවනි පුවත්පතකට ලබා දුන් පළමු පුවත්පත් සංවාදයයි.

ඔබ මීට ප්‍රථම කිසිදු කලා නිර්මාණයකට දායක වෙලා නැහැ නේද?
ඔව්. ඒත් පාසල් යන කාලයේ ඇති තරම් කලා කටයුතු කළා. අධ්‍යාපනයෙන් අනතුරුව ෆැෂන් ඩිසයිනින්ග් පිළිබඳ ඉගෙන ගෙන ගියා. එතකොට තමයි සිරස කුමරියට ඇප්ලයි කළේ. ඒ නිසා ඒ කටයුතුත් තාවකාලිකව නැවැත්තුවා.

ඔබ සිරස කුමරිය හා සම්බන්ධ වුණේ ජනප්‍රිය වන්නට යැයි කෙනෙකුට හිතන්න පුළුවන්?
ඒකට මං මෙහෙම පිළිතුරක් දෙන්නම්. සිරස කුමරිය තරගයට ගිය පමණින් ජනප්‍රිය වෙන්න බැහැ. මෙම තරගය නෙවෙයි වෙනින් කිසියම් තරගයකට ගියත් ජනප්‍රිය වෙන්න බැහැ. ජනප්‍රියත්වය යම්තාක් දුරකට හෝ ලබන්න ඉදිරියට යන්න ඕනේ. 


ඉදිරියට යන්න හැකියාවන් තියෙන්න ඕනේ. අනික මම සිරස කුමරිය වුණයි කියලා පාරේ බැහැලා යන්න බැරි තරම් ජනප්‍රියත්වයක් ලැබිලා නැහැනේ. අනික මං පාසලෙන් ඉවත් වූ දින සිට කලාව කළා නම් මීට වඩා ජනප්‍රියවන්න තිබුණා. මට ඕනෑ වුණේ මේ තරගය හරහා මගේ හැකියාවන් හඳුනා ගන්න.

එහෙම පුළුවන් වුණාද?
සත්තකින්ම, අපිට තරගයේ අතරතුර ටෙලි චිත්‍රපටයක රඟපාන්න ලැබුණා. එතකොටයි මට රඟපාන්න පුළුවන් බව මං දැන ගත්තේ.

ඇත්තටම ඔබට රඟපාන්න පුළුවන්ද?
මං හිතනවා. ඒත් ඒ හැකියාව දියුණුකර ගන්න ඕනේ ස්වයං අධ්‍යයනයෙන්.

දැනටමත් රඟපාන්න ඇරැයුම් ලැබිලා ඇති වග දැනගන්නට ලැබුණා?
ඔව්. අධ්‍යක්ෂවරු කිහිප දෙනෙක් කතා කළා.

සිරස ආයතනය ඔබට නිදහස දීලා තිබෙනවාද රංගන කටයුතුවලට?
ආයතනය දැනුවත් කොට මට නිර්මාණවලට රංගනයෙන් දායකවන්න හැකියාවක් තියෙනවා.

සිරස කුමරිය වීමට ඔබට තිබූ සුදුසුකම් මොනවාද? ඔබට වැඩිය සුරූපී අය අවසන් දොළොස් දෙනා අතර සිටියා නේද?
ලස්සන විතරක් නෙවෙයි, ටීම් වර්ක් එක, නායකත්ව හැකියාව, වෙනත් කලා දක්ෂතා යනාදිය බැලුවා. ඒවාට මට ඉහළ ලකුණු ඇති. ඒකනේ මට කිරුළ හිමි වුණේ.

මං දැන් පවනිගේ පෞද්ගලික තොරතුරු ටිකක් අහන්නයි හදන්නේ?
අහන්න.

පවනිගේ සම්පූර්ණ නම?
පවනි මදුශානි විජේසිංහ.

පාසල?
ඉස්කෝල දෙකකට ගියා. කොළඹ සංඝමිත්තා සහ ආනන්ද බාලිකා.

පදිංචිය?
ඉපදුණේ කොළඹ. වර්තමාන පදිංචිය කිරිබත්ගොඩ.

උපන් දිනය?
1987. 10. 17

උස?
අඩි 5යි අඟල් 3.

ලග්නය?
කුම්භ.

ආදරවන්තයා?
එහෙම කෙනෙක් ඉස්සර හිටියා. දැන් නැහැ.

තරගය අතරතුරදී විවාහ යෝජනා කීයක් ආවද?
දෙක තුනක්ම ආවා.

ඔබ ගැන වචන දෙක තුනකින් හඳුන්වන්න?
හිත හොඳ කෙනෙක්.

උදව් කළ පිරිස?
සුසාර දිනාල් මහතා ඇතුළු සිරස පවුලේ හැමෝම.

අවසන් වශයෙන් කියන්න සිරස කුමරියට සහභාගී වෙලා ඔබට ලැබුණු අපූරු අත්දැකීම?
අපට එක්තර අවස්ථාවක තිබුණා කුඹුරු කොටන්න. මං ජීවිතේට කුඹුරු කොටලා නැහැ. මඩ නාගෙන අතට නුහුරු උදැල්ල පාවිච්චි කරමින් කුඹුරු කොටපු හැටි ජීවිතයට අමතක වන්නේ නැහැ.




 
Related Posts with Thumbnails