Ads 468x60px

.

සනත් ජයසූරියගේ තුන්වන විවාහයේ - බිරිඳ නිළියක්...

විවාහ මංගල්‍යයට ආරාධනා කර තිබූනේ 63 දෙනෙකුට පමණයි...

හෝටලය මාධ්‍යවේදීන්ට සපුරා තහනම් කලාපයක් කරලාලු...

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය මහතා ඊයේ 23 යළිත් විවාහවී ඇතැයි වාර්තා වෙනවා බිරිඳ නිළියක් බවයි වාර්තා වෙන්නේ.

මිට පෙර දෙවතාවක්ම විවාහවූ සනත් ජයසූරිය සිය දෙවන බිරිඳ වන සැන්ඩ්‍රාගෙන් දික්කසාද වීමට මීට මාස කිහිපයකට පෙර කොළඹ දිසා අධිකරණයේ නඩුවක් පවරා තිබුනා.

ඔහු මෙවරත් තම සහකාරිය ලෙස වෘත්තියෙන් ගුවන් සේවිකාවක්ව තෝරාගෙන
තිබෙනවා. වෙනසකට ඇත්තේ ඇය නිලියක විමයි. ඇය ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සේවය කරන අනුරාධපුරයේ පදිංචි
මිෂෙල් නමැති වයස අවුරුදු 28 තරුණියකි. සනත් ජයසූරිය මහතා 43 වන වියෙහි පසුවෙනවා.

ජයසූරිය ප්‍රථම වරට විවාහ වූයේද ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සේවය කරන සුමුදු නම් ගුවන් සේවිකාවක සමග වන අතර දෙවන වරට විවාහ වූයේද ශ්‍රී ලංකන් ගුවන් සමාගමේම ගුවන් සේවිකාවක වන මීගමුව ප්‍රදේශයේ පදිංචි සැන්ඩ්‍රා නම් කාන්තාව සමගය.

කෙසේ වෙතත් ගල්කිස්ස හෝටලයේ පැවැත්
වුන මෙම විවාහ මංගල්‍යය සඳහා ජයසූරිය මහතා විසින් ආරාධනාකොට ඇත්තේ 63 දෙනෙකුට පමණ සීමිත හිතවතුන් පිරිසකට පමණක් බවත් වාර්තා වෙන අතර මාධ්‍යවේදීන්ට තහනම්වූ බවයි පැවසෙන්නේ.

සනත් ජයසුරිය පළමු විවාහය බිරිඳ වන සුමුදු ගෙන් වෙන්වූ පසු සැන්ඩ‍්‍රා ටානියා සමග විවාහ වූ අතර එම විවාහයෙන් සනත් හා සැන්ඩ‍්‍රා හට දරුවන් තිදෙනෙක්
වෙනවා.










සනත් දෙවන බිරිඳ සැන්ඩ්‍රා හා දරුවන් තිදෙනා සමඟ
සනත්ගේ පළමු බිරිඳ වන සුමුදු සමඟ
සනත් දෙවන බිරිඳ සැන්ඩ්‍රා හා දරුවන් තිදෙනා සමඟ

Read more: http://www.gossip9.com/2012/11/blog-post_9101.html#ixzz2D6OV582U
 
Related Posts with Thumbnails