Ads 468x60px

.

අරණකට පෙම් බැඳ හොරාට මුද්‍රණය කරලා...

චින්තා ලක්ෂ්මී සිංහ ආරච්චි මහත්මිය විසින් පරිවර්තනය කරන ලද විභුතීභූෂණ බන්දෝපාධ්‍ය නම් බංගලි කතුවරයාගේ අරණකට පෙම් බැඳ නමැති ග්‍රන්ථය  කතෘභාග කිසිවක්  නොගෙවමින් පසුගිය දෙවසර පුරා වංචනිකව මුද්‍රණය කොට පාඨකයන්ට විකුණා ඇති බව වාර්තා වෙනවා.

අරණකට පෙම් බැඳ නමැති ග්‍රන්ථය සිංහල පාඨකයන් අතර මහත් සේ ජනප්‍රිය  වූ අතර මේ වන විට ඉතා විශාල  පිරිසක් මේ පොත මිලදී ගෙන තිබෙනවා. 

මෙම ජනප්‍රිය ග්‍රන්ථයේ කතුවරිය වූ චින්තා ලක්ෂ්මී සිංහ ආරච්චි මහත්මිය 2000 වසරේ මිය ගියාය. ඇයගේ මරණින් පසු ඇය විසින් ලියන මාවතේ ගීතය, අපරාජිත ජීවිතයක් හා අපූගේ ලෝකය වැනි කෘතීන් පවා මෙසේ වංචා සහගතව විකුණා තිබෙන බව හෙළි වෙනවා.

පසුගියදා කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී විකිණීම සඳහා  කතුවරයාගේ  කිසිදු ඥාතියෙකුගේ අවසරයකින් හෝ  අනුදැනුමකින් තොරව අරණකට පෙම් බැඳ ග්‍රන්ථයෙන් පිටපත් ඉතා විශාල ප්‍රමාණයක් මරදාන ප්‍රදේශයේ මුද්‍රණාලයකදී මුද්‍රණය කොට කෙලින්ම  බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලව වෙත ගෙනගොස් තිබෙනවා. 

 
මෙසේ වංචනිකව අරණකට පෙම් බැඳ  ග්‍රන්ථය හොරාට විකුණා මුදල් උපයාගෙන ඇත්තේ අවංක භාවය , මානව  සාරාර්ථ ගැන නිතරම පුවත්පත්වලින් ගුවන්විදුලියෙන් බන කියන තමන්ගේ නමින්ම ග්‍රන්ථ  ප්‍රකාශන ආයතනයක් පවත්වාගෙන යන කොළඹ විශ්ව විද්‍යාලයේ සිංහල අංශයේ මහාචාර්යවරයෙකි.

- ඩී . සුගත් රාජපක්ෂ
 
Related Posts with Thumbnails