Ads 468x60px

.

ගාල්ල ඩික්මන් හන්දියේ කුමාර මැරූ පලිය ගත් හැටි..

මරණයට හේතුව ලක්ෂ පහක් පමණ වටිනා රත්රන් මාලයක්ලු...

ගාල්ල ප්‍රදේශයේ ක්‍රියාත්මක වන මැර කණ්ඩායම් දෙකක් අතර සිද්ධ වන වසර ගණනාවක ගැටුමක් පිලිබඳ අප වාර්තා කරනු ලැබුවා.

එම ලිපිය අප අවසන් කරනු ලැබුවේ පොලිසිය මෙයට මැදිහත් නොවුවහොත් තවත් මෙවැනි මරණ සිදුවිය හැකි බවයි. එසේ කියා වැඩි කලක් ගතවීමට මත්තෙන් තවත් තරුණයන් සිව් දෙනක් වෙඩි තබා ගාල්ල පෝද්දල ප්‍රදේශයේදී සාහසික අන්දමින් මරා දමා තිබෙනවා. 

ඊයේ (04)උදෑසන ගාල්ල,පෝද්දල, බලංගොඩ පාරේ පිහිටි මහසොහොන් බෝක්කුව නමින් හදුන්වන ස්ථානයේ තිබී වෙඩි තබා මරා දමන ලද අනේකපුර පදිංචි ජානක පුෂ්පකුමාර, වැලදෙණිය ප්‍රදේශයේ පදිංචි අමිල නිශාන්ත සහ ජයසේකර මොහොට්ටි‍ගේ ජානක යන තරුණයන්ගේ සිරුරු හමුවී ඇත. අතපය ගැටගසා,දෑස්බැද මෙම ඝාතන සිදුකර තිබෙනවා.

පසුගිය 25 වන දින ගාල්ල ඩික්සන් මංසන්ධියේදී කුමාර සෙනවිරත්න මරා දැමුණු පසු එම ඝාතනයේ වගකීම බාරගෙන පොලිසියට බාර වීමට තැත්කොට ඇත්තේ එලවලු ව්‍යාපාරිකයෙකු වන මොහොට්ටිගේ ජානක නොහොත් තලේබාන් නමින් හදුන්වන පුද්ගලයාය. 



ඔහු තවත් තුන් දෙනෙකු සමගින් බාර වීමට උත්සාහ කලත් පොලසිය ඔවුන් බාරගෙන නැත්තේ මෙම කල්ලිය මෙහෙයවන මහමොලකරු ටයිටස් නැමැත්තා මෙම මරණය සම්බන්ධයෙන් අවශ්‍යය බව පවසමින්. කුමාර සෙනවිරත්නගේ මරණය සම්බන්ධව පොලිසියට බාර වීමට උත්සාහ කල හා ඒ පිළිබඳව සැකකරුවෙකු ව සිටින්නේ ජානක පමණි. 

අනෙක් තිදෙනා එම පළාතේ ජානකගේ මිතුරන් තිදෙනෙකි. ඔවුන් අකල් ලෙස මරණයට ගොදුරුවන්නේ වෙනත් සිදුවීමකට සම්බන්ධවය. එනම් මිය ගිය කුමාර සෙනෙවිරත්න නිතරම පාහේ කරේ දමාගෙන සිටි රුපියල් ලක්ෂ පහක් පමණ වටිනා රත්රන් මාලයක් ඔහු මරා දැමීමත් සමග අතුරුදන් වී ඇති අතර පසුගිය කාලයේදී අනෙක් තරුණයන් තිදෙනා විසින් මාලයක් උගස් කල බව පැවසේ (එය ඔවුන්ට අයත් මාලයක් බව ප්‍රදේශවාසීන්ගේ මතයයි ). 

ඒ හේතුව මත ජානක මෙන්ම අනෙක් තරුණයන් තිදෙනාද වෙඩි පහරට ගොදුරු වන්නේය මාලයේ සැකය මත බව නිල නොවන ආරංචිමාර්ග වලින් වාර්තා වේ. 

නමුත් මෙසේ මරණයට පත්වන්නේ පාතාලයේ අනෙක් කල්ලිය මගින් නොවන බවට මේ වනවිට සැක පහළවන කාරණා මතුවෙමින් පවතී. කුමාර සෙනෙවිරත්නගේ පාර්ශ්වයේ ආරංචි මාර්ග පවසන්නේ ජානක යනු හා අනෙක් තිදෙනා කුමාරගේ මිනීමැරුමට අත්‍යවශ්‍යම සැකකරුවන් නොවන බවයි. 


තවද ඔවුන් විසින් මේ ආකාරයෙන් අත් පා බැඳ දමා මුහුණු වසා රාත්‍රියේ හොරෙන් මරා දැමීමේ ඉඩකඩ අඩුය. කඩුවෙන් කල මිනීමැරුමට ඔවුන් පලිය ගන්නේ කඩුවෙන්මය. මිය ගිය ජානක නොහොත් තලෙබාන්ගේ නිවැසියන් පවසන්නේ ඔහුව රැගෙන ගියේ පොලිසියෙන් බවයි. 

පොලිසියේ සිටින හිතවතෙකු ජානකට ඇමතුමක් දී ඇති අතර ජානක ඒ අනුව මිතුරන් සමග ගොස් ඇත්තේ සිය කැමැත්තෙනි. ඒ සුදු පැහැති ජීප් රථයකිනි. ඒ යන අතරතුර ඔවුන් සමග කතා බස් කල පුද්ගලයෝ පවා වෙයි. 

මරා දැමීමට ප්‍රථම ඔවුන් හට දැඩි ලෙස පහරදීමකට ලක්ව ඇති බව පෙනෙන්නට ඇත. එක දෙයක් පැහැදිලිව කිවයුතුව ඇත. එනම් මෙම මිනීමැරුම පිටුපස යම්කිසි නොපෙනෙන අභිරහසක්ද ඇති බවයි.කෙසේ නමුත් අවසානයේ සිදුවුයේ ලෙයට ලෙය පලිගැනීමක්ය. ගාල්ල ප්‍රදේශයේ මෙම දම්වැල් මිනීමැරුමේ අවසානය දකින්නේ කවදාද?

තරුණයන් සිව් දෙනා මරාදමා තිබු අයුරු...

 
Related Posts with Thumbnails