Ads 468x60px

.

මේ රටට තවත් දේශප්‍රේමී ‘කන්ගැට්ටන් ' අවශ්‍ය කොට තිබේ.

කොළඹ ජාතික කෞතුකාගාරය කඩා    නුගවෙල අදිකාරම්ගේ කඩුව ඇතුළු තවත් කෞතුක භාණ්ඩ 221ක් සොරා ගත බවට පාපොච්ඡාරණය කරන ‘කන්ගැට්ටා’’ සහ එම කතාව සහසුද්දෙන් විශ්වාස කරන දේශප්‍රේමී කන්ගැට්ටන් ඉදිරි කාලයේ තව තවත් මේ පසුගාමී නූගත් ගෝත්‍රික සමාජයට තව තවත් අවශ්‍ය කොට තිබේ.

කටුගේ සොරා සුමාන දෙකෙන් අල්ලන බව කී පොලිස් නිලධාරියා සහ පිරිස මුලින්ම   ස්‌ටැන්ලි ලියනගේ නම් කලාභවනේ ආරක්‍ෂක ස්‌ථාන භාර නිලධාරියා අත්අඩංගුවට ගෙන ඔහුගේ ඇටකටු  තලා   "කටුගේ කඩුව උඹ ගත්තා කියපන්. එතකොට මේ කරදර ඔක්‌කොම ඉවරයි. අපි උඹේ පරම්පරා හතක්‌ බලාගන්නම්" යැයි පැවසිය. 

නමුත්  දේශප්‍රේමී ‘කන්ගැට්ටෙකු වීමට අකමැති වූ ස්ටැන්ලි එම යෝජනාව ප්‍රතික්ෂේප කළේය. ඉන්පසු පොලිසිය හොඳම විසඳුමට ගියේය. කොහේ හෝ මුල්ල  සිටි සික් එක හැදුනු  කුඩ්ඩෙකු අල්ලාගෙන ඌට නොමිලේ හෙරොයින් පැකට් එකක් දී කඩුව හොරකම් කලේ මමයි කියන්නට කීවේය.    

හෙරොයින් ෂොට් එකට ඕනෑම පාපොච්ඡාරණයක් අපේ මහත්තයා  වෙනුවෙන්  කීමට ලෑස්තිව සිට කුඩ්ඩා මෙසේ කීවේය.


"එදා මම කෞතුකාගාරයට ගියා ටිකට් එකක් අරගෙන. හැම තැනම ඇවිදින කොට තමයි බඩුවක් සොරකම් කරන්න හිතුණේ. ඒකේ ආරක්ෂාව අන්තිමයි. මම දැක්කා ආරක්ෂිත කැමරා තියනවා. මම ඒ වෙලාව් එතැන කෞතුක භාණ්ඩ පෙට්ටියක් අරිමිනුයි සිටියේ. කෞතුක භාණ්ඩ බලනවා වගෙයි ඒ පෙට්ටිය ඇරියේ. 

මම ගොඩක් වෙලා එතැන සිටියා. කවුරුත්ම ආරක්ෂකයෙක් මම පෙට්ටිය අරිනවා බලන්න ආවේ නෑ. ඒ නිසා මම හිතුවා කැමරා වැඩ කරන්නේ නෑ කියලා. කෞතුක භාණ්ඩ බලනවා වගේ සිට කෞතුකාගාරය වහන වෙලාවේ කබඩ් එකක සැඟවී සිටියා. කවුරුත් දන්නේ නෑ මම සැඟවී සිටිනවා කියලා. මම රෑ වෙනකල් බිඩි බිබි සිටියා.

පසුව මට ගෙනියන්න පුළුවන් හැම දෙයක්ම අරගෙන බෑගයට දමා ගත්තා. ඉන්පසුව මම ජනේලයක් ඇරගෙන බෑගයේ තිබුණු බෙඩ් සීට් එක ජනේ‍ලේ ගැටගහලා උඩ තට්ටුවෙන් බිමට බැහැලා ගියා"

මේ පසුගාමී නූගත් ගෝත්‍රික දේශයේ දේශප්‍රේමී කන්ගැට්ටන් විශ්වාස කරන පරිදි මේ ඔරිජිනල් ‘කන්ගැට්ටා ළඟ අරුම පුදුම මල්ලක් තිබේ.

යත්ත , කියත , ලඹ කැටය දමන මේ මල්ලේ ඕනෑම  කෞතුක භාණ්ඩයක් තළා දැමිය හැක.  ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ සිංහාසනය වුවද මේ මල්ලේ එබිය හැකිය. ඔරිජිනල් ‘කන්ගැට්ටා කියන පරිදි එදා ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ සිංහාසනය එළියේ තිබුනානම් ඒකද මේ මල්ලේ ඔබ ගැනීමට ඔහු හිතාගෙන සිටියේලු. 

මෙවැනි කුඩු සික් කන්ගැට්ටන් ඉදිරි කාලයේ පොලිස් දෙපාර්තමේන්තුවට වැඩි වැඩියෙන් අවශ්‍ය කරන අතර ඉදිරි කාලයේ වන ඕනෑම දේශපාලන ඝාතනයක් , හොරකමක් , දුෂණයක් වෙනුවෙන් වරද පිළිගැනීමට මේ   ටීම් එකේ කුඩ්ඩන් ඉදිරිපත් වෙනු ඇත. 

එතෙක් මොවුන්ව පොලිස් දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ   කුඩු පැකට් ටිකක් , හාල් ගෝනි කීපයක්  තුනපහහා උයන පිහන කළමනා  සමග කොහේ හෝ ආරක්‍ෂිත නිවාසයක රඳවා ගෙන සිටිය හැක.  

මොවුන් අනාගතයේ සිදුවන අරුම පුදුම අපරාධ පමණක් නොව අතීතයේ සිදුවූ හාරලක්ෂයේ මංකොල්ලය , බණ්ඩාරනායක   ඝාතනය , ප්‍රේමදාස ඇතුලත්මුදලි ඝාතන , කලේ තමන්  බව දිවුරා කියනු ඇත. 

(දිව්රීම සඳහා කුඩු පැකට් එකක් පමණක් අවශ්‍ය කෙරේ) මෙවැනි කන්ගැට්ටන් වමාරන දේ හිස් මුදුනින් විශ්වාස කිරීමට සැදී පැහැදී සිටින දේශප්‍රේමී කන්ගැට්ටන් ඇති විශාල ප්‍රමාණයක් ද  මේ පසුගාමී නූගත් ගෝත්‍රික දේශයේ සිටින බව අමතක නොකරන්න. 

‘කන්ගැට්‌ටා’ නමැති ‘වන් මෑන් ෂෝ’ ගැන නොකියා හොරා අල්ලන්න – සෝභිත හිමි




- අමිල ගුණරත්න 

 
Related Posts with Thumbnails