Ads 468x60px

.

හිරු TV නැවතත් ඇන ගනී - ටවුන් එකක් දිස්ත්‍රික්කයක් කරයි...

හිරු TV නාලිකාව ආරම්භ කර බොහෝ කාලයක් ගත වන තෙක් ඔවුන් විසින් ප්‍රවෘත්ති විකාශයක් පවත්වාගන ගියේ නෑ. නමුත් මෑත කාලයක සිට රාත්‍රී 7 ට ප්‍රවෘත්ති විකාශයක් ගෙන ඒමට ඔවුන් සැරසුනා.

ඊයේ (30) හිරු TV නිවුස් වලින් වාර්තා කළේ "ඇඹිලිපිටිය දිස්ත්‍රික්කයක් "යනුවෙනි. නමුත් ඇඹිලිපිටිය යනු සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇති තරමක් විශාල නගරයක් පමණි.

ස්වර්ණවාහිනී නාලිකාව විසින් කතන්දර කියනා ආකාරට මෙන් නොව ප්‍රවෘත්තියක් ප්‍රවෘත්තියක් ආකාරයෙන්ම ගෙන ඒමට ඔවුන් කටයුතු යොදන බවයි එහි ප්‍රවෘත්ති අධ්‍යක්ෂකවරයා පසුගියදා සති අන්ත පුවත්පතකට පවසා තිබුනේ. ඔවුන්ගේ පාඨය වන්නේද "කතන්දර නැති හත" යන්නයි.

2007 වසරේ තම්මැන්නාව ප්‍රදේශයට ත්‍රස්තවාදීන් පැමිණි බවට බ්‍රේකින් නිවුස් විකාශය කර ජනතාව කළඹවන ලදැයි පවසමින් හිරු එෆ්.එම් නාලිකාව රජය මඟින් තහනම් කළ අතර පසුව දුමින්ද සිල්වා මංත්‍රීවරයා විසින් ජනාධිපතිවරයාගේ දෑත් ශක්තිමත් කිරීමට සහභාගීවූ නිසා අවලංගු කළ බලපත්‍රය නැවත ලැබුණා.

හිරු TV නාලිකාවේ සභාපති වරයා වන්නේ දුමින්ද සිල්වාගේ සහෝදරයා වන රෙනෝ සිල්වාය. සමබර යැයි කියාගන්නා බොහෝ විද්‍යුත් මාධ්‍යයන් රජයට කඩේ යන යුගයක, මැතිවරණ කාලයේදී තොර තෝංචියක් නැතිව දුමින්ද සිල්වාගේ ගුණ ගායනා ඇසෙන හිරු එෆ් එම් නාලිකාව මෙන් දුමින්දාගමනයෙන් පසුව ඒ ආකාරයේම ප්‍රවෘත්ති විකාශයන් මේ හරහා ගෙනේදෝයි බොහෝ දෙනා සැක පළ කරනවා.

"පැත්ත ගියත් ඇත්ත කියන" යන්න ඔවුන්ගේ පාඨය වුවද එම වැරදි පුවත ප්‍රදර්ශනය කලේ පහත පරිදිය.

2013 ඉඳන් පෝය වෙළෙඳ නිවාඩුටත් කෙලී...

හඡ්ජි දිනය, නබිනායකතුමාගේ උපන්දිනය, රාමසාන් දිනය,වෙළෙඳ නිවාඩු...

තෛපොංගල් දිනය, නත්තල් දිනය වෙළෙඳ නිවාඩු...

මෙම වෙළෙඳ නිවාඩු අනෙකුත් ආගම් සඳහා ලබා දෙන්නේ කෙසේද?

මෙය කාගේ බලපෑමක්‌ මත සිදුවන්නක්‌ද?

රජයේ දින දර්ශනයෙන් පොහොය නිවාඩු දිනය වෙළෙඳ නිවාඩු දිනයක්‌ ලෙස මෙතෙක්‌ නම් කළත් 2013 වර්ෂයේ රජයේ දින දර්ශනයෙන් පොහොය දිනය වෙළෙඳ නිවාඩු දිනයක්‌ ලෙස නම් නොකිරීම බරපතළ වරදක්‌ යෑයි බොදුබල සේනා සංවිධානය පවසනවා.

මේ සම්බන්ධයෙන් එම සංවිධානය නිකුත් කළ නිවේදනයේ මෙසේ ද සඳහන් වෙනවා.

ශ්‍රී ලංකාව ලෝකයේ බෞද්ධයන් විශාල ප්‍රමාණයක්‌ ජීවත් වන එකම රට ලෙස මුළු මහත් ලෝකයා විසින් පිළිගත් මතයකි. සෑම වසරකම අප රට තුළ පුර  පොහෝ දින 12 ක්‌ හෝ 13 ක්‌ යෙදෙන අතර එම සෑම පොහෝ දිනයක්‌ම රජයේ නිවාඩු, බැංකු නිවාඩු සහ වෙළෙඳ නිවාඩු දිනයක්‌ ලෙස සැලකේ. මෙම පිළිවෙත වසර ගණනාවක්‌ තිස්‌සේ ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වූ අතර එම නිවාඩු රජය විසින් අනුමත කරන ලද නිවාඩු විය.

එහෙත් මෙවර රජය විසින් මුද්‍රණය කරනු ලබන දින දර්ශනයේ සියලු පොහෝ දිනවල පැවැති වෙළෙඳ නිවාඩු අවලංගු කොට ඇත. මෙය රජය විසින් ගත් පියවරක්‌ද? නැත්නම් මෙම දින දර්ශනය මුද්‍රණය කරනු ලබන පුද්ගලයන් විසින් ගත් පියවරක්‌ද?

පොලිසිය කාන්තාවකගේ ඇඳුම් ගලවා පහර දීලා..

කෙස් කළඹෙන් ගෙන ගොස් ඇඳුම් ගලවා නිර්වස්ත්‍ර කරලා...

දෙහිවල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ කාන්තාවක් දෙහිවල පොලිස් ස්ථානය තුලදී නිර්වස්ත්‍ර කර පහරදීම සම්බන්ධව වහාම අධිකරණයට කරුණු දක්වන ලෙස ප්‍රධාන මහේස්ත්‍රාත් නිරෝෂා මහත්මිය විසින් දෙහිවල පොලිස් ස්ථානාධිපතිවරයාට නියෝග කෙරුනා.

දෙහිවල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ කාන්තාවක් හෙරොයින් මිලි ග්රෑම් 260ක් සමග ගල්කිස්ස අධිකරණයට ඉදිරිපත් කල අවස්ථාවේ ඇය විසින් විවෘත අධිකරණයේදී මහේස්ත්‍රාත්වරිය වෙත කරනු ලැබූ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

තමන්ව 30 දින දෙහිවල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන පොලීසියට රැගෙන ගොස් කෙස් කළඹෙන් ගෙන ගොස් ඇඳුම් ගලවා නිර්වස්ත්‍ර කර පහරදුන් බවත් පසුව තමන්ට

බස් රථයක් තුලදී පෝලිමට දුෂණය කල වෛද්‍ය ශිෂ්‍යාව අවසන් ගමන් යයි...

විරෝධතා ඇතිවේ යැයි බියෙන් ආරක්ෂාව තර කරලා...

සෑම ඉන්දියානුවකුම ලැජ්ජා විය යුතුයි... 

නවදිල්ලි නුවරදී ඉකුත් 16 වැනිදා සමූහ දුෂණයකට ලක් වී, බරපතළ තුවාල ලබා, සිංගප්පූරු රෝහලක ප‍්‍රතිකාර ගනිමින් සිටියදී මියගිය 23 හැවිරිදි වෛද්‍ය ශිෂ්‍යාවගේ දේහය, විශේෂ ගුවන් යානයක් යවා ගෙන්වා ගැනීමට ඉන්දීය රජය පෙරේදා (29) රාති‍්‍රයේ කටයුතු කළ අතර ඊයේ (30) ඇගේ අවසන් කටයුතු සිදු කෙරුනා.


දින 13 ක් තිස්සේ මරුවා සමඟ කළ සටනකින් පසු එම වෛද්‍ය ශිෂ්‍යාව මියගියේ පෙරේදා අලූයම 2.45 ට පමණය. 

ඉන්ද්‍රීයයන් අකි‍්‍රය වීමෙන් ඇය මියගිය බවත් උදරයේත්, පෙණහලූවලත්, මොළයේත් ආසාදනයන්ට ලක් ව සිටි ඇය
හෘදයාබාධයකට ද ගොදුරු වූ බවත් සිංගප්පූරුවේ මවුන්ට් එලිසබත් රෝහලේ විශේෂඥ වෛද්‍යවරු ඇගේ මරණය ගැන දුක් මුසු පුවත මාධ්‍ය වෙත නිකුත් කරමින් කියා සිටියා.

තරුණිය අතවරයට සහ පහර කෑමට ලක් වූයේ ඇය ඇගේ පෙම්වතා ද සමඟ රාති‍්‍රයේ බස් රියකින් ගමන් කරද්දීය. ඔවුන් දෙදෙනා ලබන පෙබරවාරි මාසයේ දී විවාහ වීමට අපේක්ෂාවෙන් සිටි බව ද වාර්තා වෙනවා. 

ලබන ජනවාරියේ ලංකාවට මම එනවා - උදාරි

උදාරි මෙවර එන්නේ ස්ථිර පදිංචියටමයි...

උදාරි වර්ණකුලසූරිය කියූ සැණින් අපේ මතකයට නැඟෙන්නේ ‘බොඳ මීදුම්’ ටෙලිනාට්‍යයේ ‘සංසලා’ චරිතය.

එතරම්ම ආදරණීය මතකයක් ප්‍රේක්ෂකයන් තුළ ‘සංසලා’ ඔස්සේ උදාරි තබා ගියා. දැන් මාස කිහිපයක සිට ම උදාරි ජීවත් වෙන්නේ සිංගප්පූරුවේ.

ඇය දැනට හරියට ම මාස පහකට පෙරාතුව ජීවිතයේ ලැබිය හැකි ඉහළම සම්මානයෙන් පිදුම් ලැබුවා ඔබට මතක ඇති. ඒ උතුම් වූ මව් පදවිය. දැන් උදාරිගේ පුංචි සුරතල් දියණියට හරියටම මාස පහක් වෙනවා.

උදාරිගේ සැමියා සුජිත් සිංගප්පූරුවෙ රෝහලක වෛද්‍යවරයකු ලෙස සේවය කරනවා. ඒ නිසාම උදාරිත් පුංචි දියණියත් ජීවත් වන්නේ සිංගප්පූරුවේමයි.

ඒ නිසා උදාරිගේ කලා කටයුතු තරමක් දුරට සීමා වෙලා. නමුත් උදාරි නැවතත් රංගනයට එක්වීමට සූදානම් වන බව අපිට පසුගිය දිනෙක දැනගන්නට ලැබුණා. ඒ ගැන ඇය අපිත් එක්ක කතාබහ කළේ මේ විදිහට. 

2013 ඔබට කොහොමද...?


මේෂ, මිථුන, සිංහ,කන්‍යා, ලග්න හිමියන්ට තනතුරු නිල තල

ධනු, කුම්භ ලග්න හිමියන්ට වරප‍්‍රසාද සමග ජීවිතයේ නව සුබදායී වෙනසක්

වෘෂභ,- කටක,- තුලා, - මකර-, ලග්න හිමියන්ට පෙර පින පෑදෙන යමක් සිදුවේ.

වෘශ්චික, මීන ලග්න හිමියන්ට අපෙක්ෂා නොකළ දෙයකින් හදිසි වාසියක්.

නව වසරේ ග‍්‍රහ ගමන ඔබේ අධ්‍යාපන ආර්ථික රැකියා මෙන්ම විවාහ ආදී කාර්යයන්ට බලපාන අයුරු මෙසේය.

හැමදාම මෙහෙම ඉන්න කල්පනාවක්‌ නැහැ. ඉදිරියේදී බලමු - මේනකා

ඒ ආදරය අයිති මට විතරයි - ඉගෙනගත්ත පලියට රඟපාන්න බැහැ......

ඉදිරියේදී ආදරයත් සමග විවාහ වෙන්න තමයි හිතාගෙන ඉන්නේ... 

කිෂානි පවුලේ එකම ගැහැනු දරුවා. ඒ හින්දම දෙමව්පියන්ගෙන් ලැබෙන ආදරය ඉහළයි. ඒ වුණාට ඇය නිතරම හිතුවක්‌කාර වැඩ තමයි කරන්න බලන්නේ. 

මොනවා හරි දෙයක්‌ ඇයට නොලැබුණොත් එය කෙසේ හෝ ලබාගන්න තමයි නිතරම උත්සාහ කරන්නේ. මේ දිනවල පුංචි තිරයේ "සිටුමැදුර" ටෙලිසිත්තම හරහා ඔබ හමුවට එන කිෂානි කවුද?. ඇය ගැන අපි ඔබට කියන්න තමයි මේ සූදානම් වෙන්නේ.

අනුන්ගේ ආදර කූඩු කඩලා දාන්න වෙහෙසෙනවා කියන්නේ ?
සැබෑ ජීවිතයේ නම් නෙමෙයි. සිටුමැදුර ටෙලිනාට්‍යයේදී නම් එහෙම දේවල් කරනවා. ඒක අනුන්ගේ ආදරයක්‌ නම් නෙමෙයි. මට හිමි ආදරයක්‌. කාලයත් සමග මට ඔහු අකමැති වෙනවා. අහිමි වෙච්ච ආදරය ලබාගන්න තමයි වෙහෙසෙන්නේ. 

ජීවිතයේ පරදින්න කැමැති නැහැ වගෙයි ?
ඇත්තටම ජීවිතයේ පරදින්න කැමැති නැහැ. 

මේනකා සැබෑවටම පැරදිලා නැතිද?
අපොයි මම කවදාවත් පැරදිලා නැහැ. 

29දා භූමිකම්පාවක්....? - තවත් අනාවැකියක් බොරු වෙයි...

2019 වසරේචී පෘථිවියට ගලක් පතිත වන්නේ යයි අනාවැකික්...

ඊයේ දිනයේ (29) ලංකාවේ කුමන හෝ ස්ථානයක භූමි කම්පාවක් වන්නේ යයි පසුගියදා ජාතික මාධ්‍ය ආයතන කිහිපයක් හරහාම සහතික කර කියූ තවත් අනාවැකියක් බොරු වී ගියේය.

ලලිත් විජේවර්ධන නම් අයෙකු විසින් මෙවර අනාවැකිය කිවුවේ ලෝකයේ  ඕනෑම පළාතක කඳුවල පස් පරීක්‍ෂා කිරීමෙන් තමන්ට ඒ බව කීමට හැකි බව කියමිනි.


මෙවර ඔහුගේ අනාවැකිය වැරදුනද මාධ්‍ය වර්තා වල දැක්වුනේ ලලිත් විජේවර්ධන මහතා ලංකාවට පැමිණි සුනාමිය ඇතුළු වෙත් බොහෝ විපත් සම්බන්ධයෙන් කියූ අනාවැකි නිවැරදි වූ බවකි.

2019 වසරේචී පෘථිවියට ගලක් පතිත වන්නේ යයිද ඔහු අනාවැකි පල කර තිබේ.

සනත් නැවතත් විවාහ වුණ රාවය බොරුවක්ලු...

ක්‍රිකට් ක්‍රීඩාවෙන් යම් තැනකට ආවත් සමහර පැතිවලින් මම ගොඩක් දුක්විඳින අවස්ථා තියෙනවා. 

කර්මය අනුව මිනිස්සුන්ට දුක් විඳින්නත් සිදුවෙනවා...

කලක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි පිතිකරුවා වූයේ සනත් ජයසූරියයි. මේ වන විට ක්‍රිකට් ක්‍රීඩාවෙන් තරමක් දුරකට ඈත් වී සිටියද නොයෙක් හැකියාවන් ඉදිරිපත් කරමින් ඔහු ක්‍රීඩාලෝලීන් අතර තවමත් රැඳී සිටියි. කලකට පසුව සනත් ජයසූරිය මාධ්‍යයට සිය අදහස් දැක්වීමට එක්වූයේ මෙසේයි.

මේ දවස්වල ජීවිතය ගෙවෙන්නේ කොහොමද?
වරදක් නෑ. මම සුපුරුදු පරිදි ජීවත් වෙනවා.

ක්‍රිකට් ක්‍රීඩාව සමග මේ දිනවල ඔබේ කටයුතු සිදුවන්නේ මොන විදියටද?
ක්‍රිකට් විස්තර විචාරකයෙක් හැටියට මම කටයුතු කරනවා. පසුගිය දවස්වල නවසීලන්තයේ සංචාරයකට සහභාගි වුණා. ඊට අමතරව 20-20 ක්‍රිකට් තරගවලට සහභාගිවෙනවා. ඒ කටයුතු අතර දේශපාලනයටත්, ව්‍යාපාරික කටයුතුවලටත් දායකත්වය ලබාදෙනවා.

කාලයක් ඔබ ක්‍රිකට් පිටියේ අතිවිශිෂ්ට දක්ෂතා පෙන්නුවා. තවමත් ක්‍රිකට් පිටියේ දක්ෂතා දක්වන්න සුපුරුදු හැකියාව තියෙනවාද?
අනේ ඔව්. දෙවියන්ගේ පිහිටෙන් මට තවමත් සුපුරුදු  දක්ෂතා දක්වන්න හැකියාව තියෙනවා. කාර්යබහුල ජීවිතයක් තිබුණත් ක්‍රිකට් පුහුණු වීම්වලට කාලය වෙන් කරනවා. එහෙම නැතිව 20-20 තරගවලට සෙල්ලම් කරන්න අමාරුයි.

ටෝනි ග්‍රේග් මියයයි..

සුප‍්‍රකට රූපවාහිනී මාධ්‍යවේදියෙකු මෙන්ම එංගලන්ත ටෙස්ට් පිළේ හිටපු නායකයකුද වූ ටෝනි ග්‍රෙග් මහතා අද (29 වැනිදා) අභාවප‍්‍රාප්ත වුණා. මියයන විට 66වැනි වියේ පසුවූ ටෝනි ග්‍රෙග් මහතා පෙනහැල්ලේ පිළිකාවකින් පෙලූණ බව මෑතකදී අනාවරණය වුණා.

ශ්‍රී ලංකාවේ පැවැති විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය‍ට පැමිණ සිටි ඔහු ඕස්ට්‍රේලියාවට යා‍මෙන් පසු ඇතිවූ රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගැනීමේ දී දකුණු පෙණහල්ලේ පිළිකාවක් ඇති බවටයි අනාවරණය කර ගෙන තිබුනේ.

ඉකුත් අගෝස්තු හා සැප්තැම්බර් අතර ඩුබායි හීදි පැවැති ක්‍රිකට් තරගාවලිය අතරතුර ඔහු රෝගාබාධයකින් පෙළුණු අතර පසුගිය කාලයේ ලංකාවේදී නිමාවට පත්වු පන්දුවාර 20/20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුරදී මුල්වරට එම රෝග තත්ත්වය හඳුනාගන තිබුනා.

පසුගිය මාස කිහිපය පුරාවට පෙනහළු පිළිකාවකින් පෙළුන ටෝනි ග්‍රෙග් වසර 1946 දී දකුණු අපි‍්‍රකාවේ දී උපන් අයෙකි. ඔහුගේ පියා ස්කොට්ලන්ත ජාතිකයෙකු වූ අතර, මව දකුණු අපි‍්‍රකානු ජාතික කාන්තාවකි.

බස් රථයක් තුලදී පෝලිමට දුෂණය කල වෛද්‍ය ශිෂ්‍යාව මියගිහින්...

"එල් හැඩයේ" වීල් ජැක් එකක් ඇගේ ලිංගික අවයව වලට ඇතුල් කරලා... 

ඇගේ යටි බඩ , බඩවැල් , ලිංගික අවයව දැඩිලෙස තුවාල...

පසුගිය දා ඉන්දියාවේ මෙන්ම ලෝකයේ මහත් ආන්දෝලනයට ලක්වූ සිද්ධියක් වූයේ දිල්ලි නගරයේ ඉන්දියානු වෛද්‍ය ශිෂ්‍යාවක් හය දෙනෙකුගෙන් යුතු පිරිසක් විසින් දුෂණය කල පුවතක් අප ඔබ වෙත ගෙන ආවා.

එම සිදුවීමට බදුන් වූ එම ශිෂ්‍යාව අද උදෑසන මියගොස් තිබෙනවා. ඒ සිංගප්පුරුවේ මවුන්ට් එලිසබෙත් රෝහලේදීය.

23 හැවිරිදි, පිසියෝතෙරපි හදාරන එම වෛද්‍ය ශිෂ්‍යාව පසුගිය 16 වනදා ඇගේ පෙම්වතා සමඟ චිත්‍රපටයක් නැරඹීමට ගොස් ඇති අතර චිත්‍රපටය නිමවී යාමට බස් රථයකට ගොඩ වී තිබෙනවා.

බස් රථයට ගොස් වාඩි වී ටික වෙලාවකින් බස් රථය සුපුරුදු මාර්ගයෙන් ඉවතට ගොස් වෙනත් මාර්ගයක ගමන් කර ඇති අතර බස් රථයේ දොරවල් දෙකඩ වසා තිබෙනවා.

ලෝක විනාශය ගැන පතුරවපු ජ්‍යෙතිර්වේදීන්ට පොලිස්‌ පරීක්‍ෂණ

සමහරු කීවේ පිටසක්‌වලින් පෘථිවියට ප්‍රහාරයක්‌ එල්ල වෙනවා කියලා...

අමු අමුවේ බොරු වපුරන ජ්‍යෙතිෂඥයන් නිසා ජනතාව දැඩි බියකින් පසුවුනා...

පසුගිය 21 වැනිදා ලෝක විනාශයක්‌ ඇතිවන බව කියමින් මාධ්‍ය ඔස්‌සේ ජනතාවට අනිසි බියක්‌ ඇතිකළ ජ්‍යෙතිෂවේදීන් පිළිබඳව වහාම පොලිස්‌ පරීක්‍ෂණයක්‌ ආරම්භ කරන ලෙස එක්‌සත් භික්‍ෂු පෙරමුණේ ජාතික සංවිධායක උලපනේ සුමංගල හිමියෝ ඉල්ලා සිටිනවා.

මේ පිළිබඳව ජ්‍යෙතිෂඥයන් විසින් මත පළ කළ අතර සමහරු කීවේ කවර මොහොතක හෝ පිටසක්‌වලින් පෘථිවියට ප්‍රහාරයක්‌ එල්ල වන බවයි.

වේදිකාව ඇලවනවාත් සමඟම භුමි කම්පාවක් කියා ගීතා මරහඬ දීලා...

වේදිකාවේ හිටපු කට්ටිය බිමට පනී

බෙන්තර ඇල්පිටිය ආසනයේ ශ‍්‍රී ලංකා පක්‍ෂසංවිධායිකා ගීතා කුමාරසිංහ මහත්මිය සිටි වේදිකාවක් කඩා වැටී තිබෙනවා. ඒ බෙන්තොට බෙන්තොට ගලපාත මහා විහාරයේ දළදා පෙරහර බලන්නට ගිය අවස්ථාවකදීය.

කෙසේ වෙතත් වේදිකාව ඇලවනවාත් සමඟ ගීතා කුමාරසිංහ, බෙන්තර ප්‍රාදේශීය සභා සභාපති ගයාන් සිරිමාන්න ඇතුළු පිරිස ඒ මොහොතේ වේදිකාවේ සිටි පිරිස බිමට පැන ගැනීම නිසා කිසිදු හානියක් සිදුවී නැහැ.

දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් සිල්වා මහතා ඇතුළු මැති ඇමැතිවරුන්ට ආරාධානා කර තිබුණද අධික වර්ෂාව නිසා ඔවුන්  පැමිණියේ නැති අතර පසු දිනද පෙරහැර නියමිත ලෙස පැවැත්වුනා.

අපට වාර්තා වන ආකාරයට සිද්ධිය මෙසේයි...

අවුරුදු තුනක් තිස්සේ පෝලිමට දුෂණය කල තවත් දැරිවියක්...

දැරියට අවු: 15 යි මාස 11යි

මාමා කෙනෙක් මුලින්ම දුෂණය කරලා..

ඊට පස්සේ අතින් අතට ගිහින්
තාත්තා දාලා ගිහින් අම්ම රට

2009 වසරේ සිට අවස්ථා කීපයකදීම පුද්ගලයින් කීප දෙනෙකු අතින් දුෂණයට ලක්වූ බව කියන මේ වන විට අවුරුදු 15 යි මාස 11 ක වයසේ පසුවන දැරිවියක් කරුවල ගස්වැව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මෙසේ වසර කීපයක් පුරා විවිධ පුද්ගලයින් අතින් දුෂණයට ලක්ව ඇත්තේ තබ්බෝව - තේවනුරුව ප්‍රදේශයේ පදිංචි දැරිවියකි. දුෂණයට ලක්වී ඇති බව කියන දැරිවියගේ පියා මව හැර ගොසිනි. 

2009 වසරේදී දැරිවියගේ මව තම දියණියව තමන්ගේ මවගේ බාරයට පත් කර විදේශ ගතවී ඇත. එම කාලවකවානුවේදී දැරිවිය තමන්ගේම මාමා කෙනෙකු අතින්

විදුලිබල මණ්‌ඩලයේ නොසැලකිල්ලෙන් තරුණ ජීවිතයක් දැයට අහිමි වූ හැටි...

මාව බේරා ගන්න අවස්‌ථාවක්‌ නැහැ අයින් වෙයල්ලා..

අල්ලන්න එපා උඹටත් වදියි වැටේ කරන්ට්‌ එක...

විදුලි කණුවකට ඇද තිබූ අර්ත් කම්බියක්‌ කටුකම්බි වැටේ

නවගමුව රෝහල පාරේ පදිංචිව සිටි කේ. සුසන්ත සිසිර කුමාර (34) නමැති දෙදරු පියා පමුණුවිල ගෝනවල ප්‍රදේශයේදී විදුලිසර වැදීමෙන් මරණයට පත්වීම නිසා මුළු නවගමුවම කඳුළු වැස්‌සකින් සේදී තිබෙනවා

විදුලිබල මණ්‌ඩලයේ මාවරමංඩිය විදුලි උප පළට ද චෝදනා එල්ල වන මියගිය සුසන්තගේ දේහය නිවසේ තැන්පත් කොට තිබූ අතර ප්‍රදේශවාසීහු විශාල පිරිසක්‌ එම නිවසට රැස්‌ව සිටියහ. මියගිය සුසන්තට විදුලි සර වදිනු දුටු ඔහුගේ ඥති සොහොයුරා වන කේ. රෝහණ ජගත් කුමාර මහතා සිද්ධිය මෙසේ විස්‌තර කලා.

අපි දෙන්න ගෙවල්වල ජනෙල් දොරවල් වැඩ, වහලවල වැඩ, කොන්ත්‍රාත් ක්‍රමයට කරනවා. මේ දවස්‌වල වැඩ කරන්නෙ පමුණුවිල, ගෝනවල ප්‍රදේශයේ නිවසක. අපි දෙන්නගෙ ත්‍රීවීල් දෙක අසල මාර්ගය අයිනේ කම්බි වැට අද්දරයි නවත්තල තිබුණේ. 

අයියා වැඩ ඉවර වෙලා 6.10 ට විතර හෝස්‌ එකකින් ත්‍රීවීල් රථය සෝදගෙන යනකොට එක පාරටම කටුකම්බි වැටේ ගෑවුණා. "මල්ලී මාව බේරගනින් කියල කෑගැහුවා." මම දුවල ඇවිල්ල අල්ලන්න හදනකොටම

සෙක්ස් සොයා ලංකාවට SEX වලින් වාර්තාවක්...

ලිංගිකත්වය පිළිබඳ තොරතුරු සෙවු රටවල් අතර ලංකාව ඉදිරියෙන්...

ඉන්දියාව ශ්‍රී ලංකාවට පරාද වෙමින් දෙවන ස්ථානයේ...

ගූගල් සෙවුම් යන්ත්‍රයෙන්  එක්තරා වචනයක්  පිරික්සන ලොව මුල් තැන ගන්නා රට ශ්‍රී ලංකාව බව ගූගල් ට්‍රෙන්ඩ්ස් වෙබ් අඩවිය කියනවා.

සෙක්ස් හෙවත් ලිංගිකත්වය යන වචනයෙන් ලංකාව මුල් තැනට ද, ඉන්දියාව දෙවැනි තැනට ද, පැපුආ නිව්ගිනියාව තෙවැනි තැනට ද පත්ව සිටිනවා. මේ සමීක්ෂණය කැරුණේ මේ වසර වෙනුවෙනුයි.


ඉතියෝපියාව, පාකිස්ථානය, බංගලිදේශය, වියට්නාමය, නේපාලය, සෝමාලියාව හා කාම්බෝජය සෙසු රටවල් දහය අතර වෙනවා. ඉන්දියාවේ බැංගලෝරය, ඉන්දියා ලැයිස්තුවේ මුලටම සිටිනවා.

චෙන්නායි, පූන්, නවදිල්ලිය හා කල්කටා ඊළඟට ගැනෙන ඉන්දියාවේ ප්‍රධාන නගර වේ. පකිස්ථානයේ ලාහෝරයටමුල් තැන හිමි වෙනවාඉන්දියාවේ චන්දිගාර් හා මුම්බායි නගර ද, වියට්නාමයේ හෝ චිං මිං හා හැනෝයි නගර ද, එම වචනයේ ප්‍රධාන කොටස් කරුවෝය.

මේ අනුව ලෝකප්‍රකට සෙවුම් යන්ත්‍රයක් වන ගුගල් සෙවුම් යන්ත්‍රය විසින් එලි කරන ලද දත්ත වලට අනුව 2012 වසරේ ලිංගිකත්වය පිලිබඳ වඩාත් සොයා ඇත්තේ ශ්‍රී ලංකාවය. 

මෙහිදී අසල්වැසි ඉන්දියාව ශ්‍රී ලංකාවට පරාද වෙමින් දෙවන ස්ථානයේ රැඳී තිබෙනවා.  2012 වසරේ ලාංකිකයන් විසින් ලිංගිකත්වය පිලිබඳ වැඩිපුර සොයා ඇත්තේ 2012‍ අප්‍රේල් මස 15 වනදා සිට අප්‍රේල් 21 දක්වාත් 2012 දෙසැම්බර් මස 23 වන දින සිට දැනට ගතවන සතිය බව හෙළිවී තිබෙනවා

ඒ අනුව පෙනී යන්නේ නිවාඩු සහිත කාල වකවානු වල එම යෙදුම ගුගල් ඔස්සේ සෙවීම ඉහලගොස් ඇති බවය .එසේම ඉන්දියාවේ අන්තර්ජාල පරිශීලකයන් විසින් 2012 නොවැම්බර් ස 11 වනදා සිට 17 දක්වා අතර සතියේදී මෙන්ම 2012 ඔක්තෝබර් 21 සිට 27 දක්වා සතියේදී ශ්‍රී ලාංකිකයින්ට වඩා මේ පිළිබඳ තොරුතුරු සොයා තිබෙනවා.

එම වාර්තාවට 2012 වසරට අදාළව ලිංගිකත්වය පිළිබඳ තොරතුරු සෙවු රටවල් අතර ඉදිරියෙන් සිටින රටවල් 10 මෙසේය. 

මැඩම් කෙනෙක් එක්ක ඉංදියා ගිය ඉනෝකාට ඇත්තටම මොකද වුනේ...?

නීත්‍යනුකූලව කටයුතු කරන්න අවශ්‍ය නැහැ... 

අපි මුදල් දෙන්නම් ඕන තරම්. ඒවාගේම දුවටත් සලකන්නම්...

කියලා මැඩම් කිව්වලු...

ඉනෝකාගේ සැත්කමින් පැය දෙකකට පස්සෙ සිහිය ආවා. ජූස් එකකුත් බිව්වා. හොඳ සනීපයෙන් සිටියේ මේ ගැන නීත්‍යනුකූලව කටයුතු කරන්න යන්න අවශ්‍ය නැහැ. 


අපි මුදල් අවශ්‍ය තරම් දෙන්නම්. කෙළින්ම මල් ශාලාවට ගෙන යමු යැයි මෘත ශරීරය සමග ඉන්දියාවේ සිට පැමිණි කාන්තාව අප සමග පැවැසුවා යැයි ඉනෝකා දමයන්තිගේ මෘත ශරීරය භාර ගැනීමට කටුනායක ගුවන් තොටුපළට ගිය මියගිය ඉනෝකා දමයන්තිගේ ඥාති සහෝදරයෙකු වු නන්දන වසන්ත කුමාර මහතා පැවසුවා


මීගමුවේ රෝගියෙකුට අක්මාවේ කොටසක් පරිත්‍යාග කිරීමට   ඉන්දියාවට ගෙන ගොස්  එහිදී කරන ලද ශල්‍යකර්මයකින් මියගිය  කෑගල්ල මොළගොඩ මංගල ගම පදිංචිව සිටි ඉනෝකා දමයන්ති විජේරත්න (සංගීතා) 36  කාන්තාව මරණයට පත්ව තිබෙනවා. ඇය එක්දරු මවකි. 

මේ සම්බන්ධයෙන් අපට තවදුරටත් කරුණු  පැහැදිලි කළ වසන්ත මහතා, අපි කියපු දේ නොවෙයි කරලා තිබෙන්නේ. අක්මාවේ කොටසක් ගන්නයි කීවේ. එය ගත්තාට පසුව හොඳට සිටියා 24 වනදා උදේ 10ට පමණ ඇය මිය ගියා යැයිද එම කාන්තාව පැවසු බවද පැවසුවා. 

අක්මාවේ කොටසක් දීමට දිවුරුම්  ප්‍රකාශයක් මගින් ගිවිසුම අත්සන් කර ඇති අතර එහි සඳහන් වන්නේ

මේ මරණය ඕන කමින්ම කරපු එකක්‌ - අමිලාගේ පියා


අනේ මගේ දුවගේ මූණ තැලිලා ඔළුව පිටුපස තැලිලා තිබුණා...

අනේ මගේ රත්තරං දුව බිලිගත්තු මේ ලොරි රථය පදවලා තිබෙන්නේ නියම රියෑදුරු නොවෙයි. රිය සහායකයා. ඔහුට රියෑදුරු බලපත්‍රයක්‌වත් නැහැ කියලා පොලිසිය මට කිව්වා. 

නත්තල් දවසේ උදේ පත්තරේ වැඩට ගිය මගේ දරුවාට වෙච්ච දෙයක්‌. කොහොම වුණත් මගේ දුවගේ මරණය ගැන මට සැකයක්‌ තිබෙනවා.

අපරික්‍ෂාකාරී අන්දමින් පැදවූ කැන්ටර් ලොරි රථයකට යටවී කොළඹ රොස්‌මිඩ් පෙදෙස, විඡේරාම ප්‍රදේශයේදී පෙරේදා (25 වැනිදා) උදේ රැකියාවට යමින් සිටි "මව්බිම" සහ "සිලෝන් ටුඩේ" පුවත්පත් ආයතනයේ මාධ්‍යවේදිනියක වූ අමිලා ජයසිංහ මෙනවිය මියයැම සම්බන්ධයෙන් මියගිය අමිලාගේ පියා වන පී. එම්. ජයසිංහ මහතා දැඩි කම්පනයෙන් යුතුව එසේ පැවසුවා.

මාධ්‍යවේදිනී අමිලා ජයසිංහගේ හදිසි වියෝව අසා මාධ්‍යවේදීන් ප්‍රදේශවාසීන් අමිලාගේ මව් වන අනෝමා ජයසිංහ මහත්මිය ආච්චි අම්මා වන කමලා මහත්මියද ඥතීන්ද මෙම වියෝව දරාගත නොහැකිව හඬා වැළපෙනු දක්‌නට ලැබිණි.

මෙහිදී තවදුරටත් කතා කළ මාධ්‍යවේදිනී අමිලාගේ පියා වන ජයසිංහ මෙසේ පැවසුවා.

මගේ රත්තරං දුව කොළඹ ජාත්‍යන්තර පාසලේ ඉගෙන ගත්තේ. දුව ඉගෙනීමට දක්‍ෂයි. දුව ඒ දවස්‌වල හැම පත්තරේකටම ලිපි ලිව්වා. පසුව මව්බිම, සිලෝන් ටුඩේ පුවත්පත් ආයතනයේ

අයිසෙක් නිව්ටන්ගේ අනාවැකියට අනුව මීළඟ ලෝක විනාශය 2060 වසරේලු...

එනම් තව වසර හතළිස් අටකින්...

2012දෙසැම්බර් 21දා ලෝක විනාශය සිදුවන බවට පැවසුණු අනාවැකිය පුස්සක් බවට පත් වුණා. එහෙත් එමගින් මෙම ලෝක විනාශ  අනාවැකි මාලාව නතර වී නැත.

ඉදිරියේදී ද ‘මෙබඳුම’ ලෝක විනාශ කිහිපයක් අප අතරේ පෙළ ගැසී තිබෙනවා. නමුත් ඒ අතුරින් විශේෂතම සිදුවීමක් වන්නේ ඊළඟ ලෝක විනාශයට පිළිබඳ දිනයක් ද නියමකොට තිබිමය. 

බ්‍රිතාන්‍යයේ සිටි සුප්‍රකට විද්‍යාඥයකු වූ ශ්‍රීමත් අයිසෙක් නිව්ටන් වසර පනහක් ගතකරමින් පිටු 4,500ක් පුරා ගණනය කරමින් ලෝක විනාශයක් සිදුවිය හැකි දිනයක් පිළිබඳ අනාවැකියක් පළ කරන්නට උත්සාහ කොට ඇත. ඔහුගේ ගණනය කිරීම්වලට අනුව මීළඟ ලෝක විනාශය සිදුවිය හැක්කේ 2060දී ය. එනම් තව වසර හතළිස් අටකිනි.

2012 ලෝකය විනාශ වීමේ අදහසට මූලික හේතුවක් සැපයන්නට හේතු කාරණා බොහොමයක් විය. ඇතැම් ආගම්වලින් ද නිතරම පාහේ ලෝක විනාශයක් පිළිබඳ කතා පැතිරවීම එකකි. එමෙන්ම මෙම කතාවට මූලික නිමිත්ත වනුයේ

යුරෙනිගේ ෆොටෝ එකක කකුලක් අනවශ්‍ය විදිහට පෙනුනැයි නෝක්කාඩු...

උඩ ඉඳගන ඇඟ වහගන මොඩලිං කරන්න බෑ...
කකුලක් අනවශ්‍ය විදිහට පේනවා නම් ඒක එයාට කියන්න තිබුණා... 
මම දන්නේ නෑ පත්තරේ බලන කල්...

යුරෙනි නොෂිකාගේ ජායාරූප ගැනීමට ගිය ජායාරුප ශිල්පියෙකු ඇගේ ෆොටෝ 500ක් පමණ ගෙන එයින් වඩාත් හිරි ඔතප් බිඳෙන ජායාරූපයම පිටුවක් පුරා පළ කලැයි ඇය විසින් පුවත්පත් කාර්යාලයකට ගොස් ගෝරනාඩු කර තිබුණා.

අනතුරුව ඒ පිළිබඳ තොරතුරු හෙළිකල සාකච්ජාවකි මේ.


යුරෙනි කියන්නේ එහෙම ෆොටෝ එකකට යුරෙනි පෙනී හිටියේ නෑ කියලද?
නෑ එහෙම නෙවෙයි. මම තමයි ඒ ඉන්නේ. අපේ ෆොටෝග්‍රැෆර්ස්ලා අපිට වඩා මොඩලින් දන්නවා. අපිට ෆෝස් කරන්න දෙන්නේ නෑ.

එයාලා තමයි අරහෙට හැරෙන්න මෙහෙට හැරෙන්න කියන්නේ. අපි ගොඩක් වෙලාවට කොණ්ඩය ගැනයි මේකප් ගැනයි විතරයි හිතන්නේ.
ඒ තුලින් ජායාරූප ශිල්පියා පහත් මානසික මට්ටම හරහා මේ වගේ ෆොටෝස් ගන්නවා. 


එහෙම කකුලක් අනවශ්‍ය විදිහට පේනවා නම් ඒක එයාට කියන්න තිබුණා. මම දන්නේ නෑ පත්තරේ බලනකල් මේ ෆොටෝ එක පලවෙලා කියලවත්. සමහරවිට පත්තරේ විකුණගන්න මාකටිං පොයින්ට් එකක් විදිහට යූස් කළාද දන්නෙත් නෑ.

හුලං නොබසින ටයරයක් හැදු යක්කල කොල්ලෙක්

ඕනෑම පීඩනයකට ඔරොත්තු දිය හැකියි...

යක්කලමුල්ල කොට්ටව ප‍‍්‍රදේශයේ විදුලි කාර්මිකයකු නවතම ක‍්‍රමවේදයක් අනුව හුලං නොබසින ටයරයක් නිර්මාණය කර තිබෙනවා.

මේ ටයරය ටියුබය නොමැතිව නිර්මාණය කර තිබෙනවා.

හුලං පුරවන ලද කුඩා රබර් බෝල උපයෝගි කර ගනිමින් තියුණු තුඩු සහිත ඕනෑම මතුපිටක් උඩින් ටයරය ධාවනය කළ හැකි ආකාරයට මෙය සකස්කර තිබෙනවා.

ටයරයට හෝ රබර් බෝලවලට හානියක් නැත.

බයිසිකල් ටයරයක ටියුබය ඉවත් කොට හුලං ගසන කරාමය තුළින් සිහින්ව සකසන ලද සුළං පුරවන ලද කුඩා රබර් බෝල ඇතුළත් කිරීම මගින් මෙම ටයරට නිර්මාණය කර තිබෙනවා.

මව්බිම පුවත්පතේ අමිලා මෙන්ඩිස්‌ කැන්ටර් ලොරි රථයට යට වුනේ මෙහෙමයි...

ලොරි අමිලා හප්පා ගෙන තාප්පයකුත් කඩාගෙන ගිහින්...

කොළඹ රොස්‌මීඩ් පෙදෙස, විඡේරාම ප්‍රදේශයේදී ඊයේ (25 දා) උදේ අධික වේගයෙන් ධාවනය වූ කැන්ටර් ලොරි රථයකට යට වීමෙන් මාර්ගය අයිනේ ගමන්ගත් පුවත් පත් මාධ්‍යවේදිනියක්‌ ඛේදනීය ලෙස මරුමුවට පත්වූනා.

මාධ්‍යවේදිනිය හප්පාගෙන ඉදිරියට ඇදීගිය ලොරි රථය මාර්ගය අයිනේ වූ තාප්පයක්‌ ද කඩාගෙන ගොස්‌ නතර වී තිබූ බව පොලිසිය කිය
නවා.

මේ අනතුරින් මියගොස්‌ ඇත්තේ මව්බිම පුවත්පතේ අමිලා මෙන්ඩිස්‌ ජයසිංහ (23) නමැති මාධ්‍යවේදිනියයි. මෙම ලොරි රථය රොස්‌මීඩ් පෙදෙසේ සිට වෝඩ් පෙදෙසට එකවර හරවනවාත් සමග

වස පානය කළ සැමියාට මුත්‍රා බටය ගහන්න යද්දී ලිංගය ස්ත්‍රියකගේ වෙලා...

කසාද බැඳලා තියෙන්නේ මාස දෙකකට කලින්...

දවස් කීපයකට පස්සේ රහස එළිවෙලා ලජ්ජාවට වහ බීලා...

වස පානය කොට හලාවත මහරෝහලට ඇතුළත් කළ විවාහක තරුණයකු යෑයි කියන අයකු රෝහලේ දැඩිසත්කාර ඒකකයේදී තරුණියක වීම නිසා පෙරේදා (24 දා) හලාවත මහරෝහලේ කාර්ය මණ්‌ඩලය මහත් අපහසුතාවකට පත්වුනා.

තම නීත්‍යනුකූල සැමියා වස පානය කළ බව පවසමින් පැමිණි තරුණියක අසාධ්‍ය තත්ත්වයෙන් සිටි සැමියා රෝහලට ඇතුළත් කොට
තිබෙනවා. වෛද්‍යවරුන් විසින් රෝගියා දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කළ අතර මුත්‍රා පිට නොවීම නිසා සාත්තු සේවකයකු ඔහුට මුත්‍රා බටය සවිකිරීමට යැමේදී රෝගියා පිරිමියකු නොව තරුණියක බවට අනාවරණය කරගෙන තිබෙනවා.

පසුව රෝගියා භාරදුන් තරුණිය පවසා ඇත්තේ තමන් දෙදෙනා මෙයට මාස දෙකකට පෙර විවාහ වූ බවත් දින කීපයකට පෙර රහස

සුනාමි ව්‍යසනයට අදට වසර 8යි...

සුනාමියෙන් විනාශ වූ දුම්රියෙන් පූජා භාණ්‌ඩ, මල්, සුවඳදුම් රැගෙන පැරෑළිය දක්‌වා...

ශ්‍රී ලංකාවේ හතළිස්‌ දහසකට මරු කැඳවූ සුනාමි ව්‍යසනයට අදට (26 වැනිදාට) වසර 8 කි.

මේ නිමිත්තෙන් රට පුරා අනුස්‌මරණ පිංකම් රැසක්‌ සංවිධානය කර
තිබෙනවා. සුනාමි ව්‍යසනයෙන් මියගිය හා විපතට පත් ජනතාව සිහි කරමින් ආපදා කළමනා කරණ මධ්‍යස්‌ථානය 2005 වසරේ සිට වාර්ෂිකව සංවිධානය කරන ජාතික ආපදා දින උළෙල මෙවර බදුල්ල දිස්‌ත්‍රික්‌කය මුල්කර ගනිමින් අද පෙරවරුවේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වෙනවා.

විපතට පත් ජනතාව සිහි කරමින් අද පෙරවරු 9.25 සිට පෙරවරු 9.27 දක්‌වා විනාඩි දෙකක නිහඬතාවක්‌ පළ කරන ලෙස ආපදා කළමනාකරණ ඇමැති මහින්ද අමරවීර මහතා සමස්‌ත ශ්‍රී ලාංකික පුරවැසියන්ගෙන් ඉල්ලා සි
ටිනවා.

සුනාමියෙන් වැඩිම ජනතාවක්‌ මිය ගිය පැරෑළිය සුනාමි ස්‌මාරකය අබියස ද අද විශේෂ පිංකමක්‌ පවත්වනු ලබන අතර 2004 සුනාමියෙන් විනාශ වූ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්ත මේන්තුවේ අංක 50 (කොළඹ කොටුව - මාතර) දුම්රිය පිළිසකර කිරීමෙන් අනතුරුව එම දුම්රියෙන් පිංකමට මහජනතාව ලබාදෙන පූජා භාණ්‌ඩ, මල්, සුවඳ දුම් ආදියද රැගෙන පැරෑළිය දක්‌වා ගමන් කරනු ලබනවා.

මෙම විශේෂ දුම්රිය අද පෙරවරු 6.50 ට කොළඹ කොටුව දුම්රිය ස්‌ථානයෙන් ගමන් ආරම්භ කොට දෙහිවල, ගල්කිස්‌ස, රත්මලාන, මොරටුව, පානදුර, දකුණු කළුතර, අලුත්ගම, බෙන්තොට ස්‌ථානවල නවතන බවත් එහිදී

පරණ පාන්වලට කොයි තරම් ජෑම්, බටර් ගෑවත් ඒවා පරණ පාන්මයි - ගීතා

කාන්තාව දිහා බලන්නේ අපහාසයෙන්...

‘‘දේශපාලනයට අලූත් මුහුණු මෙන්ම තරුණ ජවයද අවශ්‍යයි. පරණ පාන්වලට කොයි තරම් ජෑම්, බටර් ගෑවත් ඒවා පරණ පාන්මයි. 

ඒ වගේම දේශපාලනයේ ජරා-ජීර්ණ වූ චරිත කොයි තරම් ආටෝප දැම්මත් නැවත ගොඩනඟන්න බෑ’’ යැයි බෙන්තර-ඇල්පිටිය ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ ප‍්‍රධාන සංවිධායක ගීතා කුමාරසිංහ මහත්මිය පැවැසුවා.

ඇය මේ අදහස් පළ කළේ ඉමදුව, වවුලූගල ප‍්‍රදේශයේ පැවැති දහම් පාසල් දරුවන් වෙත පොත්පත්, පාසල් උපකරණ බෙදාදීමේ උත්සවයකදීය.

ගීතා කුමාරසිංහ මහත්මිය එහිදී මෙසේද කීවාය.

එහෙම් පිටින්ම අතේ රෝලක් වූ ලෝක විනාශ කතාවට වෙච්චි දේ මෙන්න...

ලෝක විනාසේ රසකර කර තලු මර මර විකුණාගෙන කාපු හැටි...

ලෝක විනාශ කථාව අන්තර් ජාතික මානසික මෙහෙයුමක්...

ලෝකය විනාශ කරන්නට වුවමනාව තිබුණේ කාටද..? 
එනම් එය ලනු දීමේ මෙහෙයුමක්..

“ලෝකේ ඉවරයි. ඔන්න විනාශ වෙනවාලු. 2012.12.12 වෙනිදා ලෝකයේ ගමන නතර වේය” යන මේ රාවය වේගයෙන් පැතිර ගියේ බොහෝ දෙනාගේ සිත් සන්ත්‍රාසයට පත්කරමිනි. 

එම දිනයේ ලෝකය ඉවර වෙනවාය යැයි අදහසක් මුලින් පැතිර ගියේය. එහෙත් එදින ඉර සඳ පායා ලෝකය සුපුරුදු ගමනේ ගියේය. ඊට පසුව 21 කරලියට පැමිණියේය. 

එසේ වුවද 21 වැනිදා ද ලෝකය තම සුපුරුදු ගමනේ නිරත විය. පෙර සේ තවම ලෝකය ගමනේය. සෞරග්‍රහ මණ්ඩලය මැදි කරගෙන හිරු චලනය වෙයි. අපිදු හිරු සමග කැරකෙමින් සිටිමු. ලෝකෙට එක විට කඩා වැටීමට තවම කිසිදු වුවමනාවක් තිබෙන බව පෙනෙන්නට නැත. 

එසේ නම් ලෝකය විනාශ කරන්නට වුවමනාව තිබුණේ කාටද? මායාවරුන්ගේ කැලන්ඩරය ඉස්සරහට දමාගෙන ඩෙගා නැටුවේ කවුද? නොස්ටා ඩාමුස්ගේ ‍පොතේ පිටු කනපිට පෙරලමින් ලෝකය විනාශ කරන්නට උත්සහ කළේ ඇයි? එහි තිබුණේ කාගේ අවශ්‍යතාවක්ද? 

මේ සියලු ප්‍රශ්නවලට කෙටි පිළිතුරක් අපට මෙසේ දිය හැකිය. ලෝක විනාශ කථාව

කොළඹ කාමර් සමාජ ශාලාවේදී අමල් පෙරේරා ගුටිකයි...

ඔහු මේ වන විට 79 වැනි වාට්ටුවේ ප‍්‍රතිකාර ලබමින් සිටිනවා...

ජනප්‍රිය ගායන ශිල්පී අමල් පෙරේරා මහතා ප්‍රහාරයකට ලක්වීමෙන් කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇතැයි අප වෙත වාර්තා වෙනවා.

ඔහු මෙම ප්‍රහාරයට ලක්ව ඇත්තේ 22දා අළුයම් කාලයේදී කොළඹ කාමර් නමැති සමාජ ශාලාවේදීය.

පෙරේදා  රාත්‍රියේ වැලිසර නවලෝක ක්‍රීඩාංගණයේදී පැවති 'හිරු නාලිකාව' විසින් සංවිධානය කල හිරු මෙගා බ්ලාස්ට් ප්‍රංසගයට සහභාගී වී තිබෙනවා. 

ඊට පසු අමල් පෙරේරා, නැසී ගිය ගායන ශිල්පී මිල්ටන් පෙරේරා ගේ පුත් චලක චමුපති හා හිරු රූපවාහිනී නාලිකාවේ විරාජ් වැලිවත්ත යන අයද සමගින් කොළඹ කාමර් නමැති රාත්‍රී සමාජශාලාව වෙත ගොස් ඇති අතර එහිදී

පියා සමඟ නිදා සිටි දැරිය උස්සාගෙන ගිහින් මරණීය තර්ජන කර රහස් ප්‍රදේශ අත පත ගාලා..

යට ඇඳුම් කිසිවක් නැති මාමා කෙනෙක් කැලයට එක්ක ගියා 

මරනවා කියල මගේ යට පැත්ත ඇල්ලුවා...

අලුයම් කාලයේ නිවෙසට ඇතුළු වූ පුද්ගලයකු පියා සමග නිදා සිටි සත් හැවිරිදි දැරියක් ඔසවාගෙන අතවර කිරීමට අසල කැලයට රැගෙන ගොස් ආපසු නිවෙස වෙත රැගෙන විත් දමා ගිය සිද්ධියක් බණ්ඩාරගම ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

මව අත දරුවා සමග වෙනත් කාමරයක නිදා සිට ඇති අතර අලුයම 5.00 ට පමණ නිවෙසේ ජනෙල් කූරු ඈත් කර මෙම පුද්ගලයා නිවෙසට ඇතුළු වී දැරිය ඔසවා ගෙන කුස්සියේ දොරෙන් මීටර් 500ක් පමණ ඈත කැලෑවට රැගෙන ගොස් කෑගැසුවොත් මරණ බවට තර්ජනය කර තිබෙනවා.

උදෑසන අවදි වූ පියා තමා අසල නිදා සිටි දැරිය නොමැති නිසා මවගෙන් විමසීමේදී කලබල වී දැරිය සොයන්නට වූ අවස්ථාවේ නිවෙස පිටුපස සිට හඬමින් දැරිය පැමිණෙනු දැක තිබෙනවා.

යට ඇඳුම් කිසිවක් නොමැතිව කහපාට ටීෂර්ට් එකක් පමණක් ඇඳ සිටි නොහඳුනන මාමා කෙනෙක් තමාව ඔසවාගෙන කැලයට

07 දෙනකුට මරු කැඳවූ තිස්‌සමහාරාම බෝට්‌ටු අනතුරට හේතුව

10 ක්‌ ගමන් කළ හැකි බෝට්‌ටුවේ 22 ක්‌ ගිහින්...

ජීවිතාරක්‍ෂක කබා 9 ක්‌ තිබුණත් කිසිවකු ඒවා පැළැඳ නෑ...

වැව් කණ්‌ඩියේ හිටපු අය කළේ වීඩියෝකර පින්තූර ගහපු එකයි...

අපේ ජීවිත බේරාගන්න ඔවුන් කිසිවක්‌ කළේ නැහැ
අනතුරින් දිවි බේරාගත් රොමේෂ් කියයි...


වගකීම මම භාරගන්නම් කට්‌ටිය එක පාර නැගලා යමු බෝට්‌ටු හිමිකරු කියලා... 

07 දෙනකුට මරු කැඳවූ තිස්‌සමහාරාම බෝට්‌ටු අනතුරට හේතු වී ඇත්තේ දස දෙනකුට පමණක්‌ ගමන් කළ හැකි බෝට්‌ටුවේ ඉතාම අනාරක්‍ෂිත ආකාරයට අධික බීමතින් පුද්ගලයන් 22 දෙනකු ගමන් කිරීම බව පොලිස්‌ පරීක්‍ෂණවලින් අනාවරණය වී තිබෙනවා.


මෙම බෝට්‌ටුවේ ජීවිත ආරක්‍ෂක කබා 09 ක්‌ තිබූ නමුත් එහි ගමන් කළ කිසිවකු ඒවා පැළඳ නොසිටි බවද හෙළිවී තිබෙනවා. මේ අතර බෝට්‌ටුව පැදවූ පුද්ගලයාද අධික ලෙස බීමත්ව ඉතාම නොසැලකිලිමත් ආකාරයට බෝට්‌ටුව පදවා ඇති බව පොලිස්‌ පරීක්‍ෂණවලින් හෙළිවී තිබෙනවා.

ඒ අනුව ඔහු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන
තිබෙනවා.පෙරේදා (22 වැනිදා) සවස 3.00 ට පමණ සිදුවූ මෙම අනතුරෙන් පුද්ගලයන් 07 දෙනකු ජීවිතක්‍ෂයට පත් වූ අතර ප්‍රදේශවාසීන් හා පොලිසිය එක්‌ව දැඩි වෙහෙසක්‌ දරා සෙසු පිරිස බේරාගෙන තිබෙනවා.

බෝට්‌ටු චාරිකාවේ යෙදුණු පුද්ගලයන් අධික ලෙස බීමත්ව ඉතාම අනාරක්‍ෂිත ආකාරයට බෝට්‌ටුව තුළ හැසිරෙන්නට පටන් ගෙන ඇති අතර ඒ අවස්‌ථාවේ බෝට්‌ටුවේ

විනාශ නොවූ ලෝකයේ සිට - දැන් ඉතින් දෑස් ඇර බලන්න.

දැන් ඉතින් ලෝක විනාශය මිථ්‍යාවක්

 ”ලෝක විනාශය” සිදුවී දින කිහිපයක් ගෙවී ගොසිනි. එහෙත් තවමත් අපි හොඳින් හුස්ම ගනිමු. ආහාර පාන ගනිමු. සුපුරුදු පරිදි පත්තරයද කියවමින් සිටින්නෙමු. රූපවාහිනී නාලිකා එහාට මෙහාට කරමින් ලෝක ප‍්‍රවෘත්තිද ටෙලිනාට්‍යද තවත් ලට්ට ලොට්ටද නරඹන්නෙමු.

පෘථිවි ගෝලයද පුරුදු විදිහටම ඉර වටා පරිභ‍්‍රමණය වෙයි. හිරු එළිය එදා මෙන්ම පෘථිවියේ ගහකොලද එදා සේම ප‍්‍රභාසංස්ලේෂණය කරයි. කුරුල්ලෝ ගී ගයති. කියන්නට තරම් කිසිදු වෙනසක් සිදුව නැත්තේය. එසේනම් 2012.12.21 දින සිදුවන බව කී ලෝක විනාශය තවත් කී කාලයකට නම් කල් ගොස් ඇත්ද?


එහෙත් තවමත් ලොව බොහෝ දෙනෙක් සිතා සිටින්නේ අද නැත්නම් හෙට ලෝක විනාශය සිදුවනු ඇති බවකි. මේ නිසාම ලංකාවේ බොහෝ දෙනෙක් සංචාරයේ යෙදීම නතර කර ඇත්තාහ.

වෙනදා අනුරාධපුරයේ, පොළොන්නරුවේ, සීගිරියේ, දඹුල්ලේ, මහනුවර,ති‍්‍රකුණාමලයේ, ගාල්ලේ ආදී වශයෙන් විවිධ සංචාරක ඉසව්වලට ගිය දේශීය උදවිය මේ දවස් ටික ගතකළේ ගෙවල්වලමය.

තවමත් ඔවුහු ගෙවල්වලට වී උඩ බලාගෙන සිටිති. මේ විශ්වයේ කොතැනකවත් නැති නීබ්රූ නම් ග‍්‍රහලෝකය පැමිණ පෘථිවියේ ගැටෙනු ඇතැයි ඔවුහු බලාපොරොත්තුවෙන් සිටිති.

මේ නීබ්රූ ග‍්‍රහලෝකය පිළිබඳ මිථ්‍යාව සත්‍යයක් සේ විශ්වාස කරන සෙනඟ ලංකාවටත් වඩා සිටින්නේ බටහිර දියුණු යැයි කියන රටවලය. ඈත අතීතයේ පටන්

ගයානුයි චතුරිකායි මොකවත් නොදන්න ගානට කතාකරන්නේ - ගයාන්ගේ බිරිඳ ඇත්ත කියයි

සමහර දවස්‌වලට පාරේ බැහැලා යන්න බැරිතරමට මම ගුටිකාලා තියෙනවා...

මම දරුදෙන්නෙක්‌ගේ අම්මා කෙනෙක්‌. මාව අසරණ කළා මදිවට... 

මාධ්‍යයෙනුත් මට මඩ ගහන එක කොච්චර වැරදිද...

ගයාන්ට මීට කලිනුත් ඔයවගේ සම්බන්ධකම් තිබුණා.

රොෂාන්-චතුරිකා ආදර කතාවේ දෙදරායාම පසුගිය සතියේ සිට කලා ලෝකයෙන් ඇසෙන තොරතුරු අතර මුල්තැන ගත්තා. මේ කතාවට තුන් වැන්නෙක්‌ ලෙස එකතු වී තිබුණේ නව පරපුරේ දක්‍ෂ රංගන ශිල්පියෙක්‌ වන ගයාන් වික්‍රමතිලකගේ නමයි. 

ඔවුන් සියළු දෙනාම තම තමන්ගේ නිර්දෝෂී භාවය හා සත්‍ය අසත්‍ය තාවය මාධ්‍ය මගින් ප්‍රකාශකර සිටියත් එම කතාබහට ලක්‌වී තිබුණු ගයාන් වික්‍රමතිලකගේ බිරිඳ වන ෆර්ෂිනා ලතීෆ් ට එම අවස්‌තාව උදාවී තිබුණේ නැහැ. 


ඇය මේ හෙළිදරව්ව හමුවේ ඉතාමත් අපහසුතාවයකට ලක්‌වී තිබෙන බවට ලැබුණු ආරංචිය හා සැමට සාධාරන වූ මාධ්‍ය භාවිතාවක්‌ අනුගමනය කරීම අපගේ ප්‍රතිපත්තියවූ නිසා අප මේ පිළිබඳව ෆර්ෂිනා ලතීෆ්ගෙන් තොරතුරු විමසා සිටියා. එහිදී මේ සියළු දේයට පිළිතුරු ලෙස ඇය අප සමග පවසා සිටියේ මෙවැන්නක්‌. 

ගයානුයි චතුරිකායි මේ ගැන මොකවත් නොදන්න ගානට තමයි අද මාධ්‍යයට කතාකරන්නේ. නමුත් මේ පවුල්වලට සම්බන්ධ හැමෝම දන්නවා ඇත්තටම සිදුවුණේ මොකක්‌ද කියලා. මේ දෙන්නගේ සම්බන්ධය නිසා අද මම දරුපැටව් දෙන්නෙක්‌ සමග අන්ත අසරණයි.

පසුගිය කාලේ ෂූටින් කිය කියා ගයාන් නිතරම ගෙදරින් පිටවෙලා ගියා. ඒ වෙනකොට මම දැනගෙන හිටියේ නැහැ මේ වගේ සම්බන්ධයක්‌ ඇතිකරගෙන තිබෙන බව. මම හිතුවේ ඇත්තටම එයාට ගොඩක්‌ වැඩ ඇති කියලයි.

අන්තිමට ඒ හැමදෙයක්‌ම එළිවුණා. ඊට පස්‌සේ චතුරිකයි එයාගේ අම්මයි තාත්තයි රොෂානුයි අපේ ගෙදර ආවා මේ ගැන කතාකරන්න. ඒ වෙලාවේ මගේ අම්ම තාත්තත් හිටියා. අපි මේ ගැන අහනකොට චතුරිකා අපි හැමෝම ඉදිරියේදී

අනියම් ෆේස්‌ බුක්‌ පෙම බිරිඳත් දරු දෙදෙනාත් මරා දැමු හැටි මෙන්න...

ෆේස්‌ බුක්‌ ඇසුරට සති තුනයි...

අනේ තාත්ති අම්මිට ගහන්න එපා... 
කරදර කරන්න එපා... 

ආච්චී මෙන්න අම්මිට තාත්ති...?

පියකු තම ලෙයින් උපන් නොදරුවෙක්‌ ගෙල සිරකර මරා දමන්නෙ කෙලෙසින්ද? එය සිතක යන්තම් හෝ තෙතමනයක්‌ ඇති ඕනෑම මනුෂ්‍යයෙකුට අදහාගත නොහැක්‌කකි. නමුත් ඒ පාපතර සිතින් උපන් සිතිවිල්ල ඛේදවාචකයක්‌ම සිදුකර තිබෙනවා.

මේ ඝාතනයේ සැකකරුවා වන විජයමුනි මධුරංග තමන්ගෙන් ජාතක වූ දරු දෙදෙනාත් බිරිඳත් මරා දැමීමට තරම් දරුණු වූයේ අනියම් ඇසුරක්‌ හේතුවෙනි. සමහරු එයට අනියම් ප්‍රේමය කියා අර්ථකතන දෙති. නමුත් එසේ කීම ප්‍රේමය යන උත්තරීතර වචනයට කරන නිඟාවකි. සැබෑ ප්‍රේමණීය සිත් තුළ මෙවැනි තිරිසන් සිතුවිලි නූපදී. එවැනි සිත් බෙහෝවිට සංවේදීය. 

එබැවින් මේ නම් ප්‍රේමයක්‌ නොව ආශාවට ලොල් වූ ඇසුරක්‌ බව පැහැදිලිය. මේ අනියම් ඇසුරට පාලම තනන්නේ අද ජනප්‍රිය අන්තර්ජාල වෙබ් අඩවියක්‌ වන ෆේස්‌ බුක්‌ය. මධුරංග මීගමුව ප්‍රදේශයේ අවිවාහක තරුණියක හැඳින ගන්නේ එම වෙබ් අඩවිය මගිනි. 

පොලිසියට කට උත්තර ලබා දී ඇති ඔහු කියා ඇත්තේ ෆේස්‌ බුක්‌ මගින් හඳුනාගත් මේ තරුණියට තමන් පෙම් කළ බවය. නමුත් තමන්ගේම දරුවන් හා බිරිඳ ඝාතනය කරන අවස්‌ථාව වන විට එම ෆේස්‌ බුක්‌

වැල්ලවායේ පිංකම නිමා වෙද්දි අහසින් ගිය රතු ආලෝකය කුමක්ද..?

රතු පැහැති ගිනි ගුලියක් නැගෙනහිර අහසේ සිට බස්නාහිර දෙසට...

වැල්ලවාය මාධ්‍ය ඒකකය මගින් ඊයේ (21) දිනයේ දී වැල්ලවාය නගරයේ බෞද්ධ මන්දීරය අසල ලෝක විනාශය වෙනුවෙන් ලංකාවාසි සැමට සෙත්පතා ස්වාමීන් වහන්සේලා 136 නමක් ඇතුළු පන්සල් 35ක නායක ස්වාමීන් වහන්සේලාගේ සහභාගිත්වයෙන් මහා සෙත් පිරිත් සජ්ඡායනාවක් හා බෝධි පූජා පිංකමක් පැවැත්වුවා. 

එයට මහා සංඝ රත්නය ඇතුළු විශාල පිරිසක් සහභාගී වුනා. එම බෝධි පූජාව නිමා වීමත් සමගම ඉහළ අහසේ රතු පැහැති ගිනි ගුලියක් නැගෙනහිර අහසේ සිට බස්නාහිර දෙසට ඉතා වේගයෙන් ගමන් කරන අයුරු රැස්ව සිටි ස්වාමීන් වහන්සේලා සහ සෙසු බැතිමතුන්ට පැහැදිලිව දකින්නට ලැබුණා. 

රතුපාටට දිලිසෙමින් කිසිදු හඬක් නොනගා මෙම අද්භූත වස්තුව අහසේ ගමන් කළ ආකාරයේ ජායාරූප කිහිපයක් පහතින්.

මට ගැහැනියක් වීමට කිසිදු වුවමනාවක් නෑ - මයික් ටයිසන්

මේක විකාර කතාවක්...

හිටපු හෙවිවේට් ශූර ලෝක පූජිත මයික් ටයිසන් ගැහැනියක් බවට පත්වීමට පැය 16ක සැත්කමකට භාජනය වූ පුවතින් පසුගියදා අන්තර් ජාතික ක්‍රීඩා පිටිය කැළඹුණා.

එසේ කාන්තාවක් බවට පරිවර්තනය වූ ඔහු තම නම මිෂේල් ලෙස වෙනස් කරගත් බවත් සඳහන් වුණා. නමුත් මේ පුවත දැඩිව ප්‍රතික්ෂේප කරන ටයිසන් තමාට කාන්තාවක් වීමට කිසිදු අවශ්‍යතාවක් නොමැති බව ප්‍රකාශ කළා.

‘මට ගැහැනියක් වීමට කිසිදු වුවමනාවක් නෑ. මේක විකාර කතාවක්. ඔය සැත්කම කළා කියන දවසේ මම හිටියේ

ලෝක විනාශය දින නියමක් නැතිව කල් ගිහින්.

පැරණි දින දර්ශනය අවසන් වුවද එවැනි තවත් දින දර්ශනයක්...

ශ‍්‍රී ලංකාවේ වේලාවෙන් ඊයේ සවස 4.41ට මත භේදාත්මක මායාවරුන්ගේ දින දර්ශනය අවසන් වු නමුත් ඇතැමුන් අනාවැකි පළ කළ පරිදි ලෝක විනාශයක් හෝ විශේෂ සිදුවීමක් ලොව කිසිදු තැනකින් වාර්තා නොවීය. 

එම වෙලාවේදී පෘථිවිය ඇතුළු ග‍්‍රහලෝක කිහිපයක් ද සූර්යා ද එකම රේඛාවක පිහිටීමෙන් දින 3ක් පෘථිවිය අඳුරේ ගිලෙන බවත් ඒ නිසා ලෝකය විනාශ වන බවද එක් පාර්ශ්වයක අදහස විය. 

සූර්යයාගේ ආලෝකය අඩුවී ලෝකය විනාශ වන බව තවත් පිරිසක් කී අතර කිසියම් ග‍්‍රාහකයක් පෘථිවිය හා ගැටීමෙන් ලෝකය විනාශ වන බවට තවත් අදහස් පළව තිබිණි. පිටසක්වලින් ප‍්‍රහාරයක් එල්ල වනු ඇතැයිද මේ අතර සාකච්චා විය.

කෙසේ වෙතත් ලෝක විනාශයට බියපත් වූ පිරිස් අධික මුදලක් ගෙවා භූගත බංකර් හෝ ආරක්ෂිත යැයි කියන නිවාස මිලදී ගත් බවට රටවල් රැසකින් වාර්ථා විය. ඇතැම් ව්‍යාපාරික සමාගම් සඳ මත සහ අඟහරු මත බිම් කොටස් ද

අද (21) පස්වරු 4.41ට අවසන් වුනු මායාවරුන්ගේ කැලන්ඩරය...

2012 ලෝක විනාශය ගැන පදනම් වන එකම කාරණය වන්නේ මායාවරුන්ගේ කැලැන්ඩරය පමණයි. 

ඒත්, මායාවරුන් සඳහන් කර ඇත්තේ මේ වසරේ දී දුෂ්කර යුගයක් අවසන් වී නව යුගයක් ඇරඹෙන බව විනා ලෝක විනාශයක් ගැන නොවේ.

මායාවරුන්ගේ කැලන්ඩරය වසර 5125.26 කට පසුව අවසන් වීමට තිබුනේ අද ග්‍රිනිජ් වේලාවෙන් 11:11 ටය. 

එනම් ශ්‍රී ලංකාවේ වේලාවෙන් සවස 4.41 ටය. නව කැලන්ඩරයක් ආරම්භ වීම නිමිත්තෙන් එය සමරා මේ වනවිට ගෝතමාලාවේ මායා වරුන් තමන්ගේ සැමරීම් ආරම්භ කර තිබෙනවා.

ඒවායේ ජායාරූප කිහිපයක් පහතින්.

වෙල්ගමට හැම මාසෙකම 20 ඉඳන් 28 වෙනකං නින්ද යන්නෙ නැතිලු...

අපි දෛනික ආදායම මිලියන 550ක් හම්බකරනවා...

ශී‍්‍ර ලංගම සේවකයින්ට වැටුප් ගෙවාගන්නේ කොහොමදැයි හැම මොහොතකම තමන් කල්පනා කරන බවත් සෑම මාසයකම 20 වැනිදා සිට 28 වෙනතෙක් තමන්ට හරියට නින්ද යන්නේ නැති බවත් ප‍්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා පවසනවා.

අපි කෙළින්ම සේවකයින්ගේ ගිණුමට රුපියල් දහදහස් එකසීයක් බැර කරනවා. ඉතිරි මුදල ගෙවන්න විතරයි ඩිපෝවලට තියන්නේ. සමහර ඩිපෝවල ඒක හරියට කෙරෙන්නේ නැහැ. සේවකයින්ගේ වැටුප නියමිත වෙලාවට ගෙවා ගන්න බැරි බවද වෙල්ගම මහතා පවසනවා.

අපි ඩිපෝවලට ටයර්, බැටරි දෙනවා. ඉතිරි ආදායම ඩිපෝව මගින් හම්බකරන්න  ඕනේ. මගීන් කිසි කෙනෙක්

මායාවරුන් කියු අනාවැකිය ගල් පැලෙන බොරුවක්‌ද

අඳුරු ධූමකේතුවක්‌ පෘතුවියේ ගැටෙන්නේද...

සුපිරි ගිනිකන්දක දූවිලි වලාවන් ගැනද අනතුරු ඇගවීමක්‌...

මායාවරුන්ගේ දින දර්ශනය අනුව ලෝක විනාශය සිදුවන බව දක්‌වා ඇත්තේ අද එනම් දෙසැම්බර් 21 වැනිදායි. එහෙත් ඇමරිකානු නාසා ආයතනය පවසන්නේ කිසිදු උල්කාපාතයක්‌ හා ග්‍රහයෙක්‌ පෘතුවිය දෙසට එන බවට නිරීක්‍ෂණ්‍ය වී නැති බවයි.

එසේ වූවත් විද්‍යාඥයන් පවසන්නේ ස්‌වභාවික උපද්‍රව තුළින් ලෝක විනාශයට මග පෑදී ඇති බවයි. අඳුරු ග්‍රහයන් - වසංගත - සුපිරි ගිනිකඳු හා දේශගුණික විපර්යාස වැනි විපත් ඊට නිදසුන් බවද ඔව්හු කියයි.

අභ්‍යවකාශ භූවිද්‍යාඥ මහාචාර්ය ජොස්‌ලින් මෙල් බර්න්ලි විශ්වාස කරන්නේ ලෝක විනාශයක්‌ සිදුවන්නේ අඳුරු ධූමකේතයන් නිසා බවයි.

මෙම අඳුරු ධූමකේතුන් තුළ සුළු වශයෙන් අයිස්‌ හා හිම ඇති අතර වැඩි වශයෙන් ඇත්තේ දූවිලි වේ. අභ්‍යවකාශය තුල වේගයෙන් ගමන් කරන මේ අඳුරු ධූමකේතු හඳුනා ගැනීම දුෂ්කර