Ads 468x60px

.

අන්තර්ජාල පැකේජයන් 4 ක්, ශ්‍රී ලංකා ටෙලිකොම් හඳුන්වා දෙයි

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විසින් නව අන්තර්ජාල පැකේජයන් 4 ක් හදුන්වා දී ඇත.මෙහි වේග පරාසය 16mbps දක්වා ලබා ගත හැක. ජනවාරි පළමුවනදා සිට එනම් අද සිට මෙම සියලුම පැකේජයන් හට සාධාරණ භාවිත ප්‍රතිපත්තිය යටතේ භාගත කිරීමේ සීමාවන් පනවා ඇත.නමුත් බොහෝ දෙනා මැසිවිලි නගන කාරණයක් වනුයේ ටෙලිකොම් අන්ලිමිටඩ් පැකේජය භාවිතා කරන පැරණි පාරිභෝගිකයන් හටද සාධාරණ භාවිත ප්‍රතිපත්තිය යටතේ භාගතකිරීම් සීමාකොට ඇති බවයි.

මලී නිසා සඳනිට පෙම්වතෙක්


යොවුන් පරපුරේ නැගී එන නිළියක්වන සඳනිසුලක්ඛනා පසුගිය කාලයේදී මාධ්‍යට පවසා තිබුණේ තමාගේපෙම්වතා බොරු නොකියන කෙනෙක් විය යුතු බවයි.පෙම්වතා බොරු නොකියන්නේද යන්න පිළිබදව කිව නොහැකිවුවද සඳනි පෙම්වතෙක් සොයාගෙන ඇතැයි වාර්තා වේ.සඳනිගේ හිත ගෙන ඇත්තේ තවත් නාඹර නළුවෙකි.  ඔහු සංකේත් අභිලාෂ් වික‍්‍රමගේය.

අද නිලියන් දිහා බලන්නේ වපර ඇහැකින් - මාදනී


මාදනී මල්වත්ත යන මේ රංගන ශිල්පිනිය ගැන අමුතුවෙන් යමක් කිවයුතු නැත. ඇය කවුද යන වග රංගනයෙන් ඇය අපූරැවට පෙන්නුම් කර තිබේ. ඒ විවිධ චරිත දෙස විමසා බලද්දී පසුගිය කාලයේ දී රංගන ක්ෂේත්‍රයට

2012 සුභ නව වසරක් වේවා !

ගෙවුනු වසරේ විටෙක සතුටද විටෙක දුකද කම්කටොළු ද අඩු නොවීය. ඒමැදින් ධෛර්යයෙන් යුතුව ඔබ සමඟ පැමිණි මඟ සතුටට කරුණකි.අප වෙත ආ සෑම බාධකයක් ජය ගැනීමට හැකිවිය.එහිපිටුපස ඇත්තේ ඔබේ ශක්තියයි. ඔබේ ධෛර්යයයිඑවැනි පේ‍්‍රක්‍ෂක පිරිසක් සමඟ එක්වීමම මහඟු භාග්‍යයක් කොට සලකමුඅදින් ඇරඹෙන වසරේද නිවැරදි තොරතුරු බෙදාදීම අප වගකීම බව දනිමු. ඒ මඟින් ඔබ දැනුවත් කිරීමත්එයින් යම් සමාජ සෝදකයෙකු ලෙස අප ඔබ සමඟ අත් වැල් බැඳගන්නෙමු. ඒ අප හා ඔබ අතර ඇති සදාතනික බැඳීමයි.

වසරක් ගෙවී වසරක් උදා වෙන වසර 2012 සියළු සිතුම් පැතුම් ඉටුවන නව වසරක් වේවායි උණුසුම් හඳින් සුභ පතන්නෙමු.  




ෆොන්සේකාගේ පෙත්සම බැරක් ඔබාමාට


සරත් ෆොන්සේකා මහතා සිර දඬුවමෙන් නිදහස් කිරීමට මැදිහත් වන ලෙස ඉල්ලමින් ඇමරිකාවට ඉදිරිපත් කෙරෙන පෙත්සම අත්සන් විසිපන්දහසක් සම්පූර්ණ වී ඇති බව ඒ මහතාගේ ආගමික කටයුතු සම්බන්ධීකාරක දීඝායූ අබේනායක මහතා පවසයි.

බොරු පම්පෝරි ගහලා මාධ්‍යයේ වැජඹෙන්න මට ඕන නෑ - ලකී


ඔහුට සම්මානවලින් අඩුපාඩුවක් තිබුණේ නෑ. නළුවෙක් වශයෙන් පමණක් නොව චිත්‍රපට හා ටෙලිනාට්‍ය නිෂ්පාදකවරයෙක් ලෙසත් ලැබිය යුතු බොහොමයක් සම්මාන ඔහුට හිමි වී තිබුණා. ඒ සියල්ල පුරා දශක ගණනාවක් තිස්සේ යහපත් කලාවක් වෙනුවෙන් ඔහු කළ කැපකිරීම් වෙනුවෙන් ලැබුණු ඒවා ය. මේ අතරතුරම පසුගිය සුමති ටෙලි සම්මාන උලෙළින් ද ඔහුට සුවිශේෂී සම්මානයක් හිමි විය. අපේ කතා බහට නිමිත්ත වූයේ ඒ සම්මානය පුරුදු පරිදි ඔහුගේ නළුකමට හෝ නිෂ්පාදන කාර්යයකට හිමි වූවක් නොවන නිසා ය.

ප්‍රතිපල ගැටලු විසඳීමට පිළියමක්‌ - ජීවිත කාලයටම එක විභාග අංකයක්‌

ජීවිත කාලය පුරාම පෙනී සිටින සියලුම විභාග සඳහා අයදුම් කරුවකු එක්‌ විභාග අංකයක්‌ හඳුන්වා දීම කෙරෙහි විභාග දෙපාර්තමේන්තුවේ අවධානය යොමු වී ඇත.එම අංකය ලෙස අයදුම්කරුගේ ජාතික හැඳුනුම්පත් අංකය යෙදීම සම්බන්ධයෙන් ද මේ වන විට සාකච්ඡා පවත්වා ඇති බව අනාවරණය වෙයි.

SLT බ්‍රොඩ්බෑන්ඩ් සමඟ www හතර ගුණයක්‌ දක්‌වා අධිවේගයකින්

සන්නිවේදන ක්‍ෂේත්‍රයට පෙරළිකාර නව වෙනසක්‌ හදුන්වාදෙමින් ශ්‍රී ලංකා ටෙලිකොම් තම  බ්‍රෝඩ්බෑන්ඩ් පාරිභෝගිකයන් සදහා 4 ගුණයක්‌ දක්‌වා වර්ධනය වූ නව ප්‍රවේගයක්‌ තිළිණ කරයි. 2012 ජනවාරි පළමුවැනිදා සිට ක්‍රියාත්මක මෙම නවමු සේවාව සමග එක්‌වී තත්පරයට මෙගාබයිට්‌ 16 (16ඵඉචි) දක්‌වා වර්ධනය වූ අධිවේගයක්‌ ඔබට අත්වි`දිය හැකිය.

2012 මගේ විවාහ වසරයි - මුතු


බොහෝ දෙනෙකුට ඇය මතකයට නැඟෙන්නේ මුතුකැට ඉසිරුණාක් වැනි ඇයගේ සිනහවත් සමඟ ය. ඇය අපට සිටින දක්ෂ යොවුන් රංගන ශිල්පිනියකි. ක්ෂේත්‍රයට පැමිණ කෙටි කලක් තුළ ම ප්‍රේක්ෂකයනට මතකයේ රැඳෙන චරිත කීපයකට ම ජීවය දෙන්නට ඇයට හැකි විය. ඇය මුතු තරංගා.

ලලිත් වීරතුංග මහතාට එරෙහිව රහස් මෙහෙයුමක්


ලලිත් වීරතුංග මහතාට ජනාධිපති ලේකම් ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස බලපෑම් කිරීම සඳහා ජනාධිපති මාධ්‍ය අංශයේ ප‍්‍රධානියෙකු හා ජනාධිපති ලේකම් කාර්යාලයේ ප‍්‍රධානියෙකු රහස් මෙහෙයුමක් ආරම්භ කර තිබේ.ජනාධිපතිවරයාගේ උපදෙස් මත මෙම මෙහෙයුම මේ වනවිට කි‍්‍රයාත්මක වෙමින් තිබේ.

ගැටලු රැසක් රට හමුවේ තබමින් විභාග කොමසාරිස් සමු ගනී


විභාග ක්ෂේත්‍රයේ ගැටලු රැසක් රට හමුවේ තබමින්  දෙවරක සේවා දිගුවක් ලැබීමට භාග්‍යවන්ත වු විභාග කොමසාරිස් ජනරාල් අනුර එදිරිසිංහ අද සිය ධුරයට සමු දුන්නේය.
වසර 60ක විභාග දෙපාර්තමේන්තු  ඉතිහාසයේ විභාග ආශ්‍රිත ගැටලු රැසක් පැවති වකවානුව ලෙස සැලකෙන්නේ, අනුර එදිරිසිංහ මහතා මුල් පුටුව හෙබ වු සමය බව ක්ෂේත්‍රයට සම්බන්ධ බෙහෝ පිරිස් අවධාරණය කරයි.

සාගරිකා දුම්රියේ ගැටුණු සබන් ලොරිය ජිවිත දෙකක් බිළිගනී

අලුත්ගම ඩිපෝ පාරේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේ දී සාගරිකා දුම්රියේ ගැටුණු සබන් ලොරියක ගමන් ගත් දෙදෙනෙක් මරුමුවට පත්වූහ. දුම්රියේ ගැටුණු ලොරිය මීටර් තුන්සියයක් පමණ දුරට ඇදී ගොස් තිබිණි. ( Photo )