Ads 468x60px

.

හම්බන්තොට රෝහලේ සැකකටයුතු මාතෘ මරණ


සිසේරියන් සැත්කමකින් දින කිහිපයකට පසු හම්බන්තොට රෝහලේදී මවක මියගොස් තිබේ.මෙම මරණය තමන්ට සැකසහිත බව ඇයගේ ඥාතීහු පවසති.ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හම්බන්තොට කුඩා ගම්මාන 7 ප්‍රදේශයේ පදිංචිව සිටි කලුගමගේ අ‍නෝමා නිලන්ති මහත්මිය දරු ප්‍රසූතියක් සඳහා හම්බන්තොට මහ‍ රෝහලට ඇතුළත් කෙරුනේ දෙසැම්බර් මස 24 වෙනිදායි.

රුසියානු තරුණියට සුවයි - මුහුදු වෙරළ සංචාරකයන්ගෙන් පිරී යයි.

මිරිස්ස මුහුදු වෙරළ අද (2) සංචාරකයන් ගෙන් පිරී ගියේය. නත්තල් සමයේ තංගල්ල මැඩිල්ලේ දී බ්‍රිතාන්‍ය  ජාතිකයකු මරා ඇගේ පෙම්වතියට පහරදීමේ සිද්ධියෙන් බලපෑමක් නැති බව සංචාරක අංශ කියයි. ( Photo )

පාසල් සිසුන් පස් දෙනෙක් ගුරුවරියක් දුෂණය කිරීමට යයි

තංගල්ල ඛේදවාචකයට සතියක් ගත වීමටත් පෙර විදේශීය පාසල් ගුරුවරියක් දුෂණය කිරීමට තැත් කිරීමේ සිදුවීමක් මීගමුවෙන් වාර්තා වේ. 
ඇය සුවිඩන් ජාතික සංචරකයෙකි. මෙසේ ස්ත්‍රී දුෂණයට තැත් කිරීමේ වරද සිදුකර ඇත්තේ පාසල් යන යොවුන් පිරිමි දරුවන් පස් දෙනෙකි. 

ගොසිප් කියන්නේ මඩ ප්‍රචාරයක් - අනර්කලී

උපේක්ෂා මෙහෙයවන රූපවාහිනී වැඩසටහනට පැමිණි අනර්කලී ආකර්ෂා විවිධ පුද්ගලයින් සම්බන්ධ කර පළවන ගොසිප්ස් ගැන කතා කළා. ගොසිප් කියන්නේ මඩ ප්‍රචාරයක් බවයි ඇය පැවසූවේ.

තාත්තා නිදහස් කරන්න දුවගෙන් ඉල්ලීමක්


සිය පියාණන් පසුගිය යුධ ජයග‍්‍රහණය සඳහා විශාල කැපකිරීමක් කල බවත් එය සලකා ඔහු නිදහස් කරන ලෙසත් ඉල්ලමින් අපර්ණා ෆොන්සේකා විසින් ජනාධිපතිවරයා වෙත යොමු කරන ලද ලිපියක දැක්වෙන බව රජයට සමීප ආරංචි  මාර්ග සඳහන් කරයි. සිය පියා වන සරත් ෆොන්සේකා මහතා ජනාධිපති සමාවට නිදහස් කරන්නැයි ඔහුගේ දියණිය විසින් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලීමක් කර ඇතැයි  එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියයි.

ඇලිස් - කුක් පෙම්හබය ට‍‍්‍රැක්ටරයකින් අවසන් වෙයි

ඔහු අත ගත් මනාලිය ඇලිස් හන්ට් ය. ඇය මෝස්තර නිරූපණ ශිල්පිණියෙකි.එංගලන්ත කි‍‍්‍රකට් කී‍‍්‍රඩක ඇලෙස්ටෙයාර් කුක් පසුගියදා විවාහ දිවියට එළඹුනේය.ඇලිස් - කුක් පෙම්හබය ආරම්භ වූයේ දෙදෙනාම බෙඩ්ෆ්ර්ඩ් හි පාසල් යන කාලය සිටදීය.

නාමල්, ෆොන්සේකාට නිදහස දීමට ඉදිරිපත් වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතා හිටපු යුධ හමුදාපති සරත් ෆොන්සේකා මහතා හට ජනාධිපති සමාව ලබාදීම සඳහා මේ දිනවල සිදු කරන විශේෂ සාකච්ජා වලට ද සම්බන්ධ වී ඇති බව මව්බිම පුවත්පත වාර්තා කරනවා.

පවුලේ කෙනෙක් ඉල්ලූවා නම් සලකා බලන්න තිබුණා - ජනපති


සරත් ෆොන්සේකා මහතා නිදහස් කරන බවට මාධ්‍යවල පළ වී ඇති වාර්තාවල කිසිදු පදනමක් නොමැති බවත්ඔහුගේ පවුලේ ඥාතීන් හැර වෙනත් පුද්ගලයින් කරන ඉල්ලීම් පළක් නොවන බවත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

නව වසරේ ප්‍රාර්ථනා


අධ්‍යක්ෂවරයෙක් විදිහට දොරට වඩිනවා

රවීන්ද්‍ර රන්දෙණිය
නව වසර පිළිබඳ කතා කරත්දී පසුගිය වසර ගැන කතා කළොත්, පසුගිය වසර මම මේ රටේ ජනතාවට ඉතාම සමීප වුණු වසරක් වුණා.ඒ සමීප භාවය තවදුරටත් රැක ගනිමින් වසර 41 ක් පුරා ආ මේ ගමන්මඟ මගේ ආදරණීය රසිකයන්ගේ ආදරය දිනමින් ඔවුන් වෙනුවෙන් මගේ වෘත්තිය ජීවිතය තුළ යමක් කරන්නට මේ වසරේදීත් මට හැකි වේවි කියා මම හිතනවා.

ජාතියේ මහා ඛේදවාචකයක් විය හැකි සී ප්ලේන්


සංචාරක කර්මාන්තය රජරට ප‍්‍රදේශයේ තවදුරටත් ව්‍යාප්ත කරමින් අනුරාධපුරයේ තිසාවැවට, නුවර වැවට සහ නාච්චාදුව වැවට මුහුදු යානා (සී ප්ලේන්) බැස්සවීමේදී එවායින් නිකුත් කෙරෙන ශබ්ද තරංග වේගයෙන් පාවී ගොස් ශ‍්‍රී මහා බෝ සමිඳුන්ගේ ගැටීමක් ඇතිවුවහොත් එය ජාතියේ මහා ඛේදවාචකයක් විය හැකි යයි තිසා වැව හා නාච්චාදුව වැව ගොවි සංවිධාන නියෝජිතවරුන්ද, මාධ්‍යවේදීන්ද අනුරාධපුර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ පැවති දිස්ත‍්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීමේදී පවසා තිබේ. 

පාතාලයේ චන්දනගේ හිසට වෙඩි තබා මරා දමයි

මිනී මැරුම්, කප්පම් ගැනීම්, කොල්ලකෑම් ඇතුළු දරුණු අපරාධ රැසකට සම්බන්ධ පාතාල ලෝකයේ ප්‍රබලයකු බව කියන චන්දන දාබරේ නමැත්තා නාඳුනන සන්නද්ධ කණ්‌ඩායමක්‌ විසින් ඊයේ (01 වැනිදා) අලුයම තලවතුගොඩ ප්‍රදේශයේදී පැහැරගෙන ගොස්‌ හිසට වෙඩි තබා ඝාතනය කර තිබේ.

අධිවේගීයේ වට පහක් පෙරලි ගිය ප්‍රාඩෝව

රථයේ වේගය පාලනය කිරීමට නොහැකි වීමෙන් පින්නදුව පිවිසුම් මාර්ගය අසලදී අනතුරටපත් එම මෝටර් රථය වට පහක් පමණ පෙරලිගොස් ඇත.දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වෙමින් තිබූ ප්‍රාඩෝ රථයක් පින්නදූව පිවිසුම් දොරටුව අසලදී පාර මැද පෙරළීමෙන් එම රථයේ ගමන් කළ කාන්තාවන් තිදෙනෙක් තුවාල ලැබ පසුගිය 29 වනදා රෝහල්ගතකොට තිබුනා.