Ads 468x60px

.

නව වසරේ අපේ අලුත් වැඩසටහන්


ක්‍රිස්තු චරිතයට ජීවන්
අපේ රටේ ප්‍රවීණ කලාකරුවන් පිරිසක් එක්වෙලා පළමු වතාවට එළැඹෙන පාස්කුව වෙනුවෙන් පාස්කු නාට්‍යයක් නිර්මාණය කරන්නට සූදානම් වෙන බව පසුගිය දා අපිට දැනගන්නට ලැබුණා.‘තඹකන්දේ පාස්කුව 2012’ නමින් නම් කොට ඇති මෙම නාට්‍යයේ ආශිර්වාද මුහුරත් මෙහෙය පසුගිය දිනෙක පැවැත්වුණා. මේ නාට්‍යය පාස්කුව ලබන එළැඹෙන අප්‍රේල් මාසෙදී එළිදක්වන්න තමයි ඔවුන්ගේ බලාපොරොත්තුව.

2012.12.21 දින ලෝක විනාශයක්‌ සිදුවන බව අසත්‍යයක්‌


2012 වසරේ ලෝක විනාශයක්‌ සිදුවන බවට මායාවරුන්ගේ දින දර්ශනයේ සඳහන් වී ඇති බවට කෙරෙන ප්‍රකාශය සාවද්‍ය බවත් එහි දක්‌වා ඇත්තේ දෙසැම්බර් 21 වැනිදා නව දින දර්ශනයක්‌ ආරම්භ වන බවත් මහාචාර්ය ලොරෙන්සෝ බැරිනෝ පවසයි.

බන්දුලගෙන් ප්‍රතිඵල අවුලට හේතුවක්

නව විභාග‍ කොමසාරිස් ජනරාල්වරයා ලෙස ඩබ්ලිව්. එම්. ජේපුෂ්පකුමාර මහතා වැඩ බාරගැනීමේ උත්සවයට සහභාගී වූ බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා මෙතෙක් පැවැත්වූ විභාග වල පැවති නිරවද්‍යතාවය සනාථ කිරීම සඳහා අපුරු උදාහරණයක් ගෙන පෑවේය.

අපේ රටේ මැති ඇමතිවරුන්ගේ පැටිකිරිය

එක්තරා අමාත්‍යාංශයක වසර අවසානයේදී පැවැති සුහද සාදයකදී සභාපතිවරයකු විෂය භාර ඇමැතිවරයා ඉදිරියේදීම අදාළ අමාත්‍යාංශයේ ලේකම්වරයාට පහර දී ඇතැයි එම අමාත්‍යාංශයේ ආරංචි මාර්ගවලින් වාර්තා වේ.ගැටුම සමතයකට පත් කිරීමට ඇමතිට ද මැදිහත්වමට සිදුවූ බව පැවසේ.කෙසේවුවද ගැටුම සමතයකට පත් කිරීමට පෙර සභාපතිවරයා ලේකම්වරයාට එක් පහරක් එල්ල කර තිබේ.

අධ්‍යාපන ඇමතිකම එපා වූ අධ්‍යාපන ඇමති


උසස් පෙළ ප්‍රතිඵල අවුලට ජනධිපති උපදේශක සුනිමල් ප්‍රනාන්දු මහතා මුළුමනින්ම වගකිවයුතු බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටී.

දකුණු අධිවේගීයේ බස් රථ කාලසටහන

දකුණු අධිවේගී මාර්ගයේ අද පටන් ශ්‍රී ලංගම විසින් සුඛෝපභෝගී බස් රථ දෙකක් ධාවනයට එක්කළ අතර මුල් අදියරේදී මෙම බස්රථ දෙක පිවිසුම් ස්ථානවල නතර නොකරයි.
ඉදිරියේදී මගීන්ගෙන් ලැබෙන ඉල්ලුම අනුව පිවිසුම් ස්ථාන වලද නතර කරන පුළුල් බස්රථ සේවයක් ඇරඹීමට සැලසුම් කර තිබේ.

අද සහ හෙට උල්කාපාත වර්ෂා

මෙම වසරේ පළමු උල්කාපාත වර්ෂාව අද (03 වැනිදා) අලුයම සහ හෙට (04 වැනිදා) අලුයම 4.00 ට පමණ උතුරු අහසේ නැගෙනහිරට වන්නට දැකගත හැකි බව නවීණ තාක්‍ෂණය පිළිබඳ ආතර් සී. ක්‌ලාක්‌ මධ්‍යස්‌ථානයේ තාරකා විද්‍යාඥ ආචාර්ය චන්දන ජයරත්න මහතා සඳහන් කරයි.

ලෝක විනාශයේ පෙරනිමිත්තක්


වෙරළට ගොඩගැසූ මසුන් දහස් ගණනකින් උතුරු නෝර්වේ හි පිහිටි මුහුදු වෙරළක් වැසී ගොස් ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.මේ ආකාරයෙන් වෙරළට ගොඩගසා ති මියගිය හුරුල්ලන් ටොන් 20ක් පමණ වෙරළතීරය පුරාවට විසිරී තිබෙන බව විදෙස් වාර්තා සඳහන් කරයි.

ස්වර්ණවාහිනියේත් ආරවුල් රැසක්


ස්වර්ණවාහිනියේ වැඩසටහන් නිෂ්පාදනඅංශය ආරවුල් රැසකට මැදිව ඇතැයි වාර්තා වේ.නිෂ්පාදන අංශයේ ප‍්‍රධානියා විසින් මෙම ආරවුල් සියල්ල ගොඩ නගමින් සිටින බවද පැවසේ.ස්වර්ණවාහිනී නාලිකාවේ වැඩසටහන් අධ්‍යක්ෂකවරයා වන බුද්ධික කුලසේකර එම අංශයෙන් ඉවත් කිරීමට උත්සාහ කිරීම ඒ අතරින් ප‍්‍රධාන තැනක් ගෙන අතැයි ද වාර්තා වේ.මේ අතර, ටෙලි නාට්‍ය විකාශය කෙරෙන රාතී‍්‍ර 8.30 විකාශ කාලයද බුද්ධිකගෙන් උදුරාගෙන අතැයි ද පැවසේ.

මහාවංශයෙ ප්‍රභාගෙයි පොට්ටුගෙයි නම් තියෙනවා මගේ නම නෑ - ෆොන්සේකා

මහාවංශයේ සංස්කාරකවරුන්ට ඉහලින් සිදුකරන ලද බලපෑමක් මත සරත් ෆොන්සේකා මහතා පිලිබඳ ඇතුලත් නොකිරීමට සිදුවී ඇති බව වාර්තා වේ.ෆොන්සේකා මහතාගේ නම යුධ ඉතිහාසයෙන් ඉවත්කළ බව මෙයට පෙර ලිපියකින් අප ඔබ වෙත හෙළිකර සිටියා.

විමල්ගේ බිරිඳ ශෂී භාර්යාවෝ ගෙන් ඉවතට

ටෙලි නාට්‍යයක තිරපිටපත ලිවීමෙන් හා තේමා ගීතය ලිවීමෙන් විමල් විරවංශ අමාත්‍යවරයාගේ බිරිඳ පසුගිය දවසක අලුත් වැඩකට අත ගැහුවා
විමල් විරවංශ ඇමතිතුමා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වුන මුහුරත් උළෙලකුත් ජයටම පැවැත්වුවත් මේ වෙනකොට විමල් විරවංශ අමාත්‍යවරයාගේ බිරිඳ ශෂී වීරසිංහ එම ටෙලි නාට්‍යයෙන් ඉවත් වී ඇති බව අපට වාර්තා වෙනවා.

පොලිසියට දඩ ගෙවන අලුත්ම ක්‍රමය

දුරකතනයේ කෙටි පණිවිඩයක් මගින් රථවාහන ධාවනයේදී සිදුකරන වැරදි වලදී නිකුත්කරන දඩ පත්‍රිකා ගෙවා දැමීමේ ක්‍රමයක් මෙම වසරේදී හදුන්වා දීමට නියමිතයි.ඒ අනුව යම්කිසි වැරද්දක් සඳහා දඩ කොලයක් එම රියදුරාට නිකුත්කළ පසු පොලිසිය විසින් හදුන්වා දෙන සුවිශේෂී දුරකථන අංකයට කෙටි පණිවුඩයක් මාර්ගයෙන් අදාළ දඩ මුදල බැරකළ හැක.