Ads 468x60px

.

මර්වින්ට ප‍්‍රසිද්ධ විවාදයකට පැමිනෙන ලෙස අභියෝගයක්


කැළණිය මැතිවරණ කොට්ඨාශයේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ ආසන සංවිධායක වන මහජන සම්බන්ධතා හා මහජන කටයුතු අමාත්‍ය මර්වින් සිල්වා මහතාට කැළණිය ප‍්‍රාදේශීය සභාවේ පාලක එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත‍්‍රීවරු අභියෝග කර සිටිති.

අපි ගැරඩි මරලා පව් පුරව ගන්නේ නෑ - ෆොන්සේකා


සමාව ඉල්ලා සිටීම සම්බන්ධයෙන් පළ වන අදහස් පිළිබඳව හිටපු හමුදාපති සරත් ‍ෆොන්සේකා අද අදහස් පළ කළේය."පිත්තල පංචායුධ වීරවංශ මම නිදහස් කරන්න නම් මගේ බිරිඳ සමාව ගන්නවාලු, මම අකමැති වුනත් අපේ ගෙවල්වල එහෙම වැඩ වෙන්නේ නෑ.

මාබල් බීච් මුහුදු තීරය හොටල්වලට විකුනයි

ත්‍රිකුනාමලය මාබල් බීච් (marble Beach) නමින් හදුන්වන දර්ශනීය වෙරළ තීරයේ කොටසක් ගුවන් හමුදාවට ලබාදී සුවිශාල ප්‍රදේශයක් නීති විරෝදි සංචාරක හෝටල් ඉදිකිරීමට ලබාදී ඇති බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් හෙලිවේ.

කෙල්ලනේ පරෙස්සමෙන් දහසක් දෑස ඔබ දෙසට

කැළණිය සංවර්ධනය කලේ මම - නරි හු කිව්වට අපි බය නෑ – මර්වින්

කැළණිය ප‍්‍රදේශීය සභාවේ මන්තී‍්‍රවරුන් විසින් ඔහුට විරුද්ධව පවැත්වූ මාධ්‍ය සාකච්චාව ගැන අදහස් පලකරමින් අමාත්‍යවරායා ‘බෙලිඅත්තෙන් ආපු අපි වගේ අය නිසයි කැලණියේ ප‍්‍රදේශීය සභා මන්ත‍්‍රීවරු දියුණු වෙලා තියෙන්නේ. මම කරපු සංවර්ධනය කැලණියට ගියොත්  ඕනි කෙනෙකුට බලාගන්න පුළුවන්’ යයි පැවසීය. වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ කීය.

ගංගොඩවිල සෝම හිමි හීනෙන් පැමිණ මවට පිහිට වන හැටි

ගංගොඩවිල සෝම හිමියන්ගේ මව මීට වසර 8කට පමණ පෙර අපවත්වූ  සෝම හිමියන් හීනෙන් පැමිණ තමන්ට උදව් කරන බවත්, අවස්ථා ගනනාවක දර්ශනය වූ බවත් උන් වහන්සේගේ මව පවසනවා. මේ බව ඇය විසින් පවසා තිබුනේ පසුගියදා රිවිර පුවත්පතටයි. ඒ කතාව මෙසේයි.

මේනක රාජපක්ෂ ගැන අම්මා සරීනා ගේ මතකය

චූටි පුතා ඉස්කෝලේ ඇරිලා ආව ගමන්ම සපත්තු දෙක නම් ගලවන්න ඕන තාත්තාමයි. ඊට පස්සෙ ඉතින් මම හරි, තාත්තා හරි පුංචි පුතාව උස්ස ගෙන යන්නෙ නාන කාමරයට. පුතා චූටි කාලේ ඉඳන්ම හරිම ආසයි මාළුන්ට.
ඒ නිසා තාත්තා එයාට මාළු ටැංකියකුත් ගෙනත් දීලා තිබුණේ. දවසක් චූටි පුතා නාන අතරෙදි මගෙන් ඇහුවා ’අම්මෙ මං වගේ මාළු නාන්නෙ නැද්ද?’ කියලා. මාත් ඉතින් එච්චරම එයාගේ ප්‍රශ්නෙ හිතට ගත්තෙත් නෑ. හැබැයි පහුවෙනිදා උදේ තමයි මට තේරුණේ චූටි පුතාම එයාගේ ප්‍රශ්නවලට උත්තර හොයාගෙන බව.

ඔබටත් LG වෙතින් ෆ්ලැට්ම ෆ්ලැට්ස්කී‍්‍රන් එකක්

ලොව ප‍්‍රසිද්ධ ඉලෙක්ට්‍රොනික සමාගමක් වන එල් ජී සමාගම විසින් මිලිමිටර 4ක් පමණ ඝනත්වයෙන් යුතු අඟල් 55 පැතලි තිරය සහිත රූපවාහිනියක් එළිදැක්වීමට නියමිත බව වාර්තාවේ.මෙහි බර කි.ග‍්‍රෑ. 7.5කි.

සම්පත් හා මේනකාගේ හාදකම නාට්‍යයට විතරයිලු

ස්වර්ණවාහිනියේ ඩාන්ස් ස්ටාර්ස් ඩාන්ස් හි තෙවැනි ස්ථානයට පත් නිළියක්, මෝස්තර නිරූපිකාවක් හා නර්තන ශිල්පිනියක් වන මේනකා පීරිස්, සම්පත් ශී‍්‍ර රෝෂණ හා හාදවී ඇතැයි වාර්තා වේ.කෙසේවුවද මෙම හාදකමත් තව ටික දවසකින් අවසන් වන බවද පැවසේ.ඊට හේතුවී ඇත්තේ සම්පත් හා මේනකා ගේ හාදකම ටෙලි නාට්‍යකට පමණක් සීමා වීම නිසාය.

විවිධ පැහැයන්ගෙන් වර්ණගැන්වී ඇති මොරොක්කෝව

පහත ඡායාරූප වලින් දැක්වෙන්නේ ෂෙෆ්ෂාවාන් නමින් හැඳින්වෙන මොරොක්කෝවේ නිල් නගරයයි.රතු, කොළ, දම් වැනි විවිධ පැහැයන්ගෙන් වර්ණගැන්වී ඇති මොරොක්කෝවේ වෙනස් ආකාරයේ නරගයක් පිළිබඳ පුවතකි මේ.මෙහි ගොඩනැගිලි, වීදි, දොර ජනෙල් සියල්ල පාහේ විවිධ නිල් පැහැයෙන් වර්ණගැන්වී තිබීම මෙහි විශේෂ ලක්‍ෂණයයි.

ජ'පුර විරු සිසු ස්මාරකය අසල ඇතිවූ බෝම්බ පිපිරීම

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විරු සිසු ස්මාරකය අසල ඇතිවූ බෝම්බ පිපිරීමක් නිසා මුළු සරසවියම කලබලයට පත්වූවා.එම බෝම්බ පිපිරවීමෙන් එම පිළිමයේ මුල් කොටසට හානිවී තිබුනා.
එම බෝම්බ පිපිරවීම පිලිබද පාලනාධිකාරිය සහ ශිෂ්‍ය සංගම් එකිනෙකට චෝදනා එල්ලකරනවා.මේ ඔවුන්ගේ අදහස් 

කැළණියේ එකිනෙකාගේ රෙදි ගලවා ගැනීමේ කැරැල්ලක්

කැලණිය ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රසන්න රණවිර ඇතුළු පිරිස සුදානම් වන්නේ මර්වින්ගේ දුෂණ හෙලිකිරිමටය.මර්වින් සිල්වා සුදානම් වන්නේ ප්‍රසන්න රණවීරගේ දුෂණ හෙලිකිරිමටය. කැලණියේ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් කැලණියේ මර්වින් සිල්වාට එරෙහිව කැරැල්ලක් ආරම්භකොට ඇත.මෙයට හේතු වී ඇත්තේ මර්වින් සිල්වා විසින් අදාළ මන්ත්‍රීවරුන්ට "ගුබ්බැයම් කරුවන්" යනුවෙන් ආමන්ත්‍රණය කිරීමයි.