Ads 468x60px

.

සින්ඩ්‍රෙල්ලා හින්දා වෙච්චි දේවල් - උපේක්ෂා

රිදී තිරයට පෙම් බැන්ද ඉනෝකා සත්‍යාංගනී අලුත් වැඩකට අත ගහලා පසුගිය දවස්වල ආරංචි බොහොමයි ‘සින්ඩ්‍රෙල්ලා’ ඒ සිහිනය එළි වෙන්නයි යන්නේ තව ටික දවසකින්. දින 27 ක් තිස්සේ සමහර මාසවල කඩින්කඩ.
තවත් සමහර දින දහසයක් පුරාවට. හරියට සිව් මසක් ගියා රූගත කිරීම්වලට. ඉනෝකා ඇතුළු සෙට් එක කරක් ගැහුවා තංගල්ල, හම්බන්තොට, ගාල්ල කොළොම්පුරවරයේ හැම තැනම.

මට හිතවත් හුඟ දෙනෙක් ඉන්න බව මට තේරුණා - රිතික්

රිතික් රෝෂන් ගේ 38 වැනි උපන් දිනය ජනවාරි 10දා යෙදී තිබුණා. චිත්‍රපට රූපගත කිරීමකදී සිදුවූ අනතුරකදී ඔහුගේ පිටකොන්ද තරමක ආබාධයකට ලක්වුණත් දැන් ඒ අපහසුතා මඟහැරිලා. මේ අනතුරෙන් පසුව දින 62ක පමණ කාලයක් විවේකයෙන් ගතකරන්නට රිතික්ට සිදුවුණා.

ඉන්ටනෙට් එකෙන් ගනු දෙනු කරලත් ඉවරයි

අන්තර් ජාල බැංකු ගනුදෙනු ප්‍රවේශමෙන්
මෙරට බැංකු තුනක නම් භාවිතා කරමින් හොර වෙබ් අඩවි පහක් පමණ සාදා අන්තර් ජාල බැංකු ගනුදෙනු කරුවන් නොමග යවමින් ඔවුන්ගේ රහස් පද සොරා ගන්නා ජාවාරමක් ක්‍රියාත්මක නිසා ඒ පිළිබඳ වඩාත් සැලකිලිමත් වන ලෙස යළිත් අනතුරු හැඟවෙයි.

මේ ඡායාරූප වල දැක්වෙන්නේ උයනක් ද? විලක්ද?

ගිණිකොණ දිග ඕස්ටි‍්‍රයාවේ ස්ටිරියා ප‍්‍රාන්තයේ පිහිටා ඇති මෙම ස්ථානය ග‍්‍රීන් ලේක් (හරිත විල) ලෙස හැඳින්වනු ලැබුවද, එය විලක් පමණක් ලෙස හෝ උයනක් පමණක් ලෙස හෝ හැඳින්විය නොහැක. ඒ, මෙම ස්ථානය වසරේ අඩක් පුරාවට ජලය පිරුණු විලක් ලෙසද, වසරේ අඩක් පුරාවට ගොඩබිමේ පිහිටි ප‍්‍රසිද්ධ උයනක් ලෙසද පවතින බැවිනි.

විවාහ මංගල්‍ය දිනෙන් දින කල්යාමට හේතුව,සුබ 2011 න් පසුව නිසයි - රොෂාන්

ජනපි‍්‍රය නිලියක් වන චතුරිකා පීරිස් හා ජනපි‍්‍රය නළුවෙකු වන රොෂාන් පිලපිටියගේ මංගල්‍ය උත්සවය තවදුරටත් කල් යන බව වාර්තා වේ.
නැවත වරක් තම දෙපළ කාර්යබහුල වී ඇති බැවින් විවාහ මංගල්‍ය උත්සවය තවදුරටත් කල් යන බව චතුරිකා සතිඅන්ත පුවත්පතකට පවසා තිබේ.

රවීනාගේ අනවශ්‍ය තැන් පෙන්නුවයි ගෝරියක්

බොලිවුඩ් නිළි රවීනා තන්ඩන් ඉන්දිය මුද්‍රිත මාධ්‍ය කිහිපයකට පසුගියදා දැඩි දෝෂාරෝපණයක් එල්ල කළාය.ඇය මෙසේ මාධ්‍යට දොස් නැගීමට හේතු වූයේ ඇගේ ඡායාරූප කිහිපයක් අදාල මුද‍්‍රිත මාධ්‍ය ඔස්සේ පලකර තිබීම නිසාය.

ඇමරිකා ගිය නෙහාරා සහ මේනක

ඇමෙරිකාවේ රූගත වන පළමු ශ‍‍්‍රී ලාංකීය ටෙලි නාට්‍යය වන 'ආදරණීය නයගරා’ ටෙලිනාට්‍යයේ රූගතකිරීම් සඳහා සහභාගිවීමට ජනපි‍‍්‍රය නිළි නෙහාරා පීරිස් හා ජනපි‍‍්‍රය නළු මේනක රාජපක්ෂ බොස්ටන් නුවරට ගොස් තිබේ. කොටස් 36කින් සමන්විත වන 'ආදරණීය නයගරා’ කතා පුවත ඇමෙරිකාවට සංක්‍රමණය කරන ලද ශ‍‍්‍රී ලාංකික පවුල් දෙකක් අතර ඇති වන සිදුවීම් පෙළක් වටා ගෙතී ඇත.

වේයන්ගොඩ කාමාතුර ගුරුවරුන් රකින්නේ දේශපාලනඥයින් - දෙමාපියන්ගෙන් චෝදනා

උසස් පෙළ හදාරන පාසල් සිසුවියන් රවටා ඔවුන්ට ලිංගික අතවර කළ බව කියන වේයන්ගොඩ ප‍්‍රදේශයේ ප‍්‍රධාන පාසලක ගුරුවරයොගේ සිද්ධිය හෙළිවීමත් සමග ප‍්‍රදේශයේ දොමපියන් අතර දැඩි නොසන්සුන්කාරී වාතාවරණයක් හටගෙන තිබෙනවා. මේ සම්බන්ධව සොයා බැලීමේදී දෙමාපියන් කියා සිටියේ තම දරුවන් බේරා ගැනීමට ජනාධිපතිවරයා හෝ මැදිහත් විය යුතු බවයි. මෙම පාසලට අරක්ගෙන සිටින කාමාතුරයන් වහාම ඉවත් කරදීමට ජනාධිපතිවරයා හෝ මැදිහත් විය යුතු බවයි ඔවුන් වැඩිදුරත් පැවසුවේ.

ඉක්මනින් අපේ විවාහ උත්සවය ගන්නවා - චතුරිකා පීරිස්

“පුංචි තිරයේ දඟකාරිය” ලෙස ඇය හැඳින්වීම නිවැරැදිය. ඒ; සහජයෙන්ම ඇය සතු දඟකාර බව, කෙළිලොල් බව නිසාය. ඇය චතුරිකා පීරිස්. චතුරිකා කලා පරපුරක එක් පුරුකකි. චතුරිකාගේ රංගනයන් කලක් පුංචි තිරයෙන් නිතර දැකගත හැකි වුවද මේ දිනවල ඇයගේ රංගනයන් ඇතුළත් නිර්මාණ දැකගත හැකි වන්නේ ඉතා අඩුවෙනි. චතුරිකා පීරිස් රංගන ක්‍ෂේත්‍රය තුළ ඇත්තෙන්ම තාරකාවකි; නිහතමානී තාරකාවකි. ඇයගේ බැබළීමට එම නිහතමානිත්වය ද හේතු වී ඇත. අද තරුවක් සමඟ වරුවක් විශේෂාංගය වෙන්වන්නේ චතුරිකා පීරිස් සමඟ කළ කතාබහ වෙනුවෙනි.

නුවරඑළියට බිම් තුහින පතිත වෙයි

නුවරඑළිය ප්‍රදේශයට මේ දිනවල පවතින දැඩි ශීත දේශගුණික තත්ත්වයත් සමග තෘණ බිම් මත උදෑසන කාලයේ බිම් තුහින පතිත වී තිබීම ඉතා සුලභ දසුනක්‌ වී ඇත.

මෙන්න ගුරුවරුන්ගේ වැඩ

උසස් පෙළ හදාරන සිසුවියන් රවටා ඔවුන්ට විවිධ ලිංගික අතවර කළ බව කියන වේයන්ගොඩ ප‍්‍රදේශයේ ප‍්‍රධාන පාසලක දේශපාලන විද්‍යා ගුරුවරයකු සම්බන්ධව පොලිස් බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී තිබෙනවා. ලැබී ඇති තොරතුරුවලට අනුව මෙම ගුරුවරයා අතින් සිසුවියන් හත් දෙනෙකු පමණ අතවරයට ලක්වී ඇති බවත් කිහිප දෙනෙකුම ලිංගික අපයෝජනයට ලක්ව ඇති බවත් හෙළිව තිබේ.

MegaUpload එකත් ඉවරයි, දැන් ඉතින් ....!

අන්තර්ජාලය ඔස්සේ විශාල ධාරිතාවකින් යුතු ගොනු හුවමාරු කරගැනීමේ සේවාවක් සලසන ලෝකයේ ජනප්‍රියතම වෙබ් අඩවියක් වන Megaupload වෙබ් අඩවිය ඇමෙරිකානු FBI ෆෙඩරල් පොලිසිය විසින් ඊයේ (19) දින සීල් තබා වසා දමා ඇත.