Ads 468x60px

.

හොරිවිල කැඬුම් බිඳුම් වෙදමහතා කොන්ද කැඞී රෝහලට

හොරිවිල වෙදමහතා උකුල් අස්ථිය බිඳී කොළඹසෙන්ට‍්‍රල් පුද්ගලික රෝහලට ඇතුළත්කර ඇතැයි වාර්තා වේ. ඒ මහතා ඊයේ (02) එම රෝහලට ඇතුළත් කර ඇති අතර දැනට එම රෝහලේ 15 වැනි මහලේ 12 වැනි කාමරේ නේවාසිකව ප‍්‍රතිකාර ලබා ගන්නා බව පැවසේ.

නෙහාරා මේනක ඇමරිකාවේදී ගත් පින්තුර

නෙහාරා පීරිස් ආදරණීය නයගරා හි රූගත කිරීම් සඳහා මේ දිනවල සිටින්නේ අමෙරිකාවේ බව ඔබ කවුරුත් දන්න කරුණක්. මේ එයට සහභාගි වීමට ගොස් සිටින නෙහාරා සහ මේනකගේ තවත් ඡායාරූප කිහිපයකි. 

උරේෂා රවිහාරී අතිනත ගත් දා




බඩුත් එක්ක කුඩු අක්කී කූඩුවට

මහනුවරට හෙරොයින් ගෙන්වා බෙදා හරින ප‍්‍රධාන ජාවාරම්කාරිය ලෙස සැලකෙන හැට හැවිරිදි ”කුඩු අක්කී” නැමැති කාන්තාව හා ඇගේ ගෝලයන් සිවු දෙනෙකු හෙරොයින් පැකට් 19 ක් සමඟ මහනුවර කොට්ඨාස දූෂණ මර්දන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ලෙෂාන් ද සිල්වාට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවෙන තත්වයක් - තවමත් නිදැල්ලේ

පයාගලදී ඝාතන දෙකක් සිදුකර තවත් අයෙකුට මාරාන්තික තුවාල සිදුකරමින් පළාගිය වාහනයේ සැබෑ රියැදුරු වන රෝහිත අබේගුණවර්ධන ඇමතිවරයාගේ ඥාති පුත්‍රයකුවන ලෙෂාන් ද සිල්වාට එරෙහිව නීතිය ක්‍රියාත්ම නොවෙන තත්වයක් පෙනෙන්නට තිබේ.

වෙනත් අයට වඩා මම අඩුවෙන් රඟපාන්නේ - ලකීඩයස්

අද (03) ප්‍රධාන පුවත් පතක් සමග සාකච්චාවකට එක්වෙමින් ලකීඩයස් මහතා මෙසේ පවසා ඇත.
ඒ මහතා වැඩිදුරටත් පවසා ඇත්තේ ''වෙන රටවල කලාකරුවන්ට කොන්දක්‌ තියෙනවා. අපේ අයට කොන්දක්‌ නැහැ. ආත්මාර්ථ කමින් හම්බ කරන්න විතරයි බලන්නේ. බලන්න ඉන්දියාව. දේශපාලනය චිත්‍රපට පරිපාලනයට රිංගුවා. අදත් දේශපාලන ඇඟිලි ගැසීම් තිබෙනවා. 

ඇමැති බන්දුල ඉතිහාසයත් වෙනස් කරයි

ලබන වසරේ සිට පාසල්හි ඉතිහාසය විෂය 'ජාතික උරුමයන් හා පරිසර විෂය' ලෙස වෙනස්‌ කෙරෙන බව අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි. ජාතික උරුමය පිළිබඳ හා පරිසරය පිළිබඳ දරුවන් තුළ ඇති දැනුම ඉතා අල්ප බවත්, මුල සිටම අදාළ විෂයන්වල  ඇති වැදගත්කම දරුවන් වෙත ගෙන යැමේ අරමුණින් ඉහත තීරණය ගත් බවත් හෙතෙම කියා සිටියි.

සුපර් ස්ටාර් වරුණ මධුසංඛ සහ කංචනා මනෝරි අතිනත ගත් දා

සිරස සුපර් ස්ටාර් පළමු වටයේ තරු අතර බැබළුන වරුණ මධුසංඛද පසුගිය 26 වැනිදා විවාහ දිවියට එළඹි බව වාර්තා වේ.‍ඔහුගේ අතගෙන ඇත්තේ කාංචනා මනෝරි රාජකරුණාය.වරුණ හා කංචනාගේ විවාහ උත්සවය කැලැරියෝන් හෝටලයේදී පැවැත් විණි.

අද කප්පම නොදුන්නොත් ලාංකික ධීවරයන් හය දෙනා අද වෙඩිතබා මරා දමනවාලු

රුපියල් කෝටි හැටකට අධික කප්පම් මුදල ලබා නොදුනහොත් තමන්ගේ අත්අඩංගුවේ පසුවන ලාංකික ධීවරයන් හය දෙනා අද (03 වැනිදා) වෙඩි තබා මරා දමන බවට සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් ඊයේ (02 වැනිදා) ධීවර යාත්‍රාවේ හිමිකරුට දැනුම් දී තිබේ.

කැලණියේ වෙනදා සුලබව දකින රුවක් දැන් අතුරුදහන් වෙලා

වෙනදා රජයට සහාය පළකරමින් කැලණිය ප්‍රදේශයේ ප්‍රදර්ශනය වන සියලු පුවරුවල දක්‌නට තිබුණු මුහුණක්‌ පුවරුවලින් ඉවත්ව ගොස්‌ ඇත.ඒ මහජන සම්බන්ධතා ඇමැති මර්වින් සිල්වා මහතාගේ රුවයි.  

මහත්තයා අසනීප වුණේ බෙහෙත් ඇලජික්‌වෙලා - වාස්‌ බිරිඳ කියයි

මගේ සැමියා හදිසියේ රෝගාතුරවීම පිළිබඳ රටේ එක එක කතා ප්‍රචාරය වෙනවා. මෙහි සැබෑ තත්ත්වය ඔහු පාවිච්චි කළ බෙහෙතක්‌ ඇලජික්‌වීම යෑයි කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි වාස්‌ ගුණවර්ධන මහතාගේ බිරිඳ වන ශාමලි ගුණවර්ධන මහත්මිය කීවාය.

25 හැවිරිදි තරුණයෙක් අධිවේගයේ පළමු මාරක රිය අනතුරට බිලිවෙයි

දක්ෂිණ-කොළඹ අධිවේගී මාර්ගයේ ප්‍රථම මාරක රිය අනතුර අද අලුයම වාර්තා වූ බව පොලීසිය පවසයි.
ගාල්ලේ සිට කොළඹ බලා ධාවනය වෙමින් පැවති මෝටර් රථයක් කළුතර උතුර පොලිස් බලප්‍රදේශයට අයත් 21 කණුව ප්‍රදේශයේදී වේගය පාලනය කරගත නොහැකිව පාරෙන් ඉවතට වීසිවීම නිසා මෙම අනතුර සිදුව තිබේ.