Ads 468x60px

.

මීගමුව ධීවරයෝ ප්‍රධාන පාරවල් සියල්ල වසති

තෙල් මිළ ඉහල දැමිම ගැන විරෝධය පළ කරන මීගමුවේ ධීවරයෝ කිසිවෙක් අද දිනයේ රැකියාවට ගොස් තිබුනේ නැත. මේ නිසාම මීගමුවේ ප්‍රධාන ලේල්ලම් සියල්ල වසා තිබුණි.
අනතුරුව ධිවර ප්‍ර දේශ හරහා දිවෙන සියළු පාරවල් කොට දමා වසා දමා තිබුණ අතර සංචාරක හෝටල් පිහිටා තිබෙන 904 පෝරුතොට මාර්ගයද මෙලෙස වසා දැමුණි.

මිග් 27 ප‍්‍රහාරක යානයක් දුම්මලසූරිය ප‍්‍රදේශයට කඩා වැටේ.

BREAKING NEWS
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් මිග් 27 වර්ගයේ ජෙට් ප‍්‍රහාරක යානාවක් මීට ස්වල්ප මොහොත කට පෙර නාත්තන්ඩිය,  දුම්මලසූරිය ප‍්‍රදේශයට කඩාවැටී තිබෙනවා. 

ධීවරයන් පිරිසක් උද්ඝෝෂණයක - කොළඹ - පුත්තලම මාර්ගය මුළුමනින්ම අවහිරවේ.

ඉන්ධන මිල ඉහළ යාමට විරෝධය පළ කරමින් සහ ඉන්ධන සහනාධාරයක් ලබාදෙන ලෙස බල කරමින් ප‍්‍රදේශ රැසක ධීවරයන් අද (13) උද්ඝෝෂණ ව්‍යාපාරවල නිරත විය. හලාවත ධීවරයන් පිරිසක් විසින් සිදුකල උද්ඝෝෂණය විරෝධතාවය හේතුවෙන්, හලාවත නගරයේ කොළඹ - පුත්තලම මාර්ගය මුළුමනින්ම අවහිරවිය.

වසර 30 කට පසුව ඉතාලියට අධික ශීතලක් උෂ්ණත්වය -40 C යි (පින්තූර)

ඝන අයිස්  වලින් හා දැඩි හිම පතනයෙන් මුළු යුරෝපා මහද්වීපයම අගුළු ලා ඇති අතර දැනටමත් ජන ජීවීත විශාල සංඛ්‍යාවක් මෙයින් බරපතල ලෙස පීඩාවට පත්  වු බවත් යුරෝපා මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. 

මෙතෙක් නොපෙනුන චන්‍ද්‍රයා‍ගේ වීඩියෝ

නාසා ආයතනයේ Gravity Recovery And Interior Laboratory (GRAIL)යානා විසින් චන්ද්‍රයාගේ නොපෙනෙන පැත්තේ මුල්ම වීඩියෝ දර්ශණ පෘථිවිය වෙත එවීමට සමත් වී තිබේ.
GRAIL යනු නිවුන් යානා යුගලකි. 

ධනංජයගෙන් ආදරය අයැදින අනර්කලී

ජනපි‍්‍රය චිත‍්‍රපට නිළි, දකුණු පළාත් සභා මන්තී‍්‍රනී අනර්කලී ආකර්ශා යොවුන් නළුවෙකු වන ධනංජය සිරිවර්ධනට වහ වැටී ඇතැයි වාර්තා වේ.අනර්කලී පසුගිය කාලය පුරාම ධනංජය යන යන තැන ආදරය අයැදිමින් පස්සෙන් ගොස් ඇතැයිපැවසේ.

දැයට කිරුළ පින්තුර

භූමිතෙල්, පෙට්‍රල්, ඩීසල් මිල සංශෝධනය

වහාම ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල පෙරේදා (11 වැනිදා) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමට රජය පියවර ගනු ලැබීය. නව මිල සංශෝධනයට අනුව මෙතෙක්‌ රුපියල් 84 ක්‌ වූ ඩිසල් ලීටරයක මිල රුපියල් 115 දක්‌වා රුපියල් 31 කින්ද රුපියල් 137 ක තිබූ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 149 දක්‌වා රුපියල් 12 කින්ද ඉහළ යන අතර භූමිතෙල් ලීටරයක මිල රුපියල් 71 සිට 106 දක්‌වා රුපියල් 35 කින් ඉහළ දැමෙනු ලැබේ. 

දැයට කිරුළේදී අතරමංවූ ඇමතිවරු

පසුගිය 04 වැනිදා දැයට කිරුළ විවෘත කළ ජනාධිපතිවරයා ශිරන්ති රාජපක්ෂ මහත්මිය සමග නිරීක්ෂණ චාරිකාවට ගියේ මෝටර් රථයෙන්. මැති ඇමතිවරු ගියේ බස් රථයෙන්. 

ඊශා , භරත් පෙම්වතුන් විවාහ ගිවිසගනියි

බොලිවුඩ් තරු යුවළක් වන හේමා මාලිනී හා ධර්මේන්ද්‍ර ගේ දියණිය වන බොලිවුඩ් නිළි ඊශා ඩියෝල් විවාහ ගිවිසගන්නා බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.ඇය අත ගන්නා මනාලයා වන්නේ බන්ද්‍රා ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු වන භරත් තක්හානි ය.

රත්තරං කෙල්ලගේ අභිරහස් මරණය

ඇමරිකානු සුප්‍රසිද්ධ ගායිකාවක හා නිළියක වූ විට්නි හූස්ටන් 11 දා රාත්‍රීයේ මිය ගොස් ඇති  බව ඇය‍ගේ ප්‍රකාශක ක්‍රිස්ටන් ෆෝස්ටර් විසින් නිවේදනය කර තිබේ. මිය යන විට 48 හැවිරිදි වට්නි හුස්ටන්ගේ මරණයට හේතුව හෝ මිය ගිය  ස්ථානය මෙතෙක් අනාවරණය වී නොමැති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

තණකොල මත ඇවිදීමට පි‍්‍රය කරන ඔබට තණකොළ සෙරෙප්පු

පාවහන් නොමැතිව තණකොල මත ඇවිදීම බොහෝ දෙනෙකු පි‍්‍රය කරන අතර, මෙම හැඟීම ඇසුරෙන් නව නිර්මාණයක් වෙළඳපොලට නිකුත් කිරීමට ඇමෙරිකානු පාවහන් සමාගමක් පියවර ගෙන ඇත.

සුරේන්ද්‍රගේ බලු සුරතල්

සිරස සුපර් ස්ටාර් දෙවැනි අදියරත් සමගින් ජනප‍්‍රියත්වයට පත්වූ යොවුන් ගායක සුරේන්ද්‍ර පෙරේරා අලුත් ආදරයක පැටලී ඇතැයි වාර්තා වේ.සුරේන්ද්‍ර මෙසේ අලුතින් සිය ආදරය බෙදා දී ඇත්තේ කකුල් හතරේ පිරිසකටය.