Ads 468x60px

.

රත්තරං කෙල්ලගේ මරණය සැක නෑලු

පසුගිය සෙනසුරාදා දින මියගිය සුපිරිපොප් ගායික තරුවක් වන විට්නි හියුස්ටන් ගේ මරණය 
වටාසැකසහිත සිද්ධීන් කිසිවක් නොමැති බව ලොස් ඇන්ජලීස්මරණ පරීක්‍ෂකයෙකු පවසයි. 
ලොස් ඇන්ජලීස් ප‍්‍රාන්තයේ මරණ පරීක්‍ෂක කාර්යාලයේනියෝජ්‍ය ප‍්‍රධානී එඩ් වින්ටර්ස්  
පවසා ඇත්තේ මේ සම්බන්ධපරීක්‍ෂණ වාර්තා නිකුත් වීමට තව සති 6- 8ක් 
පමණගත වනු ඇති හෙයින් පරීක්‍ෂණ වාර්තා සියල්ල ලැබෙන තෙක් මරණයට 
හේතුව පිළිබඳව අවසන් නිගමනයකට එළැඹෙන්නේ නැති බවයි.

හොර රහසේ පියවි’ නමින් ටෙලි නාට්‍යක් ස්වර්ණවාහිනියේ

ස්වර්ණවාහිනියේ වත්මන් ප‍්‍රධානියා හාඔහුගේ ගෝලයා විසින්  
ස්වර්ණවාහිනියට ‘පියවි’ නමින් දීර්ඝ ඒකාංගික ටෙලි නාට්‍යක්  
හඳුන්වාදීමට රහස් වැඩපිළිවෙලක්දියත්කරමින් සිටින බවවාර්තා වේ 
ටෙලි නාට්‍යක් නිෂ්පාදනයකට සහයදීම ගැටලුවක් නොවුනදමෙය  
ඔවුන් විසින් හොර රහසේ සිදු කිරීම සම්බන්ධයෙන්ස්වර්ණවාහිනී  
සේවකයන්ට ප‍්‍රශ්නයක් මතුව ඇතැයි පැවසේ.

කුඩු මර්වින් නාරාහෙන්පිටදී ගිනි ගෙන දැවෙයි


නාරාහේන්පිට බොතේජු මාවතේ තිබී පිළිස්සෙමින් තිබූ පිරිමි මළ සිරුරක්  සොයාගත් බව පොලිස් ආරංචිමාර්ග පවසයි.මෙය ඊයේ දිනයේ අළුත්කඩේ මහාධිකරණ සංකීර්ණය ඉදිරිපිටදී පැහැරගැනීමට ලක්වූ විත්තිකරුවාගේ සිරුර විය හැති බවටද සැක පලව තිබේ.කෙසේ වෙතත් මෙම මළ සිරුර වයස අවුරුදු 30-35 අතර වයසේ පසුවන්නකුගේ විය හැකි බවත් හඳුනාගත නොහැකි අයුරින් සිරුර පිළිස්සී තිබූ බවත් පොලීසිය සඳහන් කරයි.බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ සිටියදී මෙසේ පැහැරගැනීමට ලක්ව තිබුණේ දිවයිනේ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වශයෙන් හඳුනාගෙන සිටි 52 හැවිරිදි වේලායුදන් මෙතියස් චන්ද්‍රපාල නමැති අයෙකුය.

Harbour Room”හිදී වැලන්ටයින් වෙනුවෙන් වයින් හා චොකලට් නොමිලේ


අදට (14) දී ඇති ආදරවන්තයන්ගේ දිනයහෙවත් ශුද්ධවූ වැලන්ටයින්ගේ දිනය වෙනුවෙන් 
ආදරවන්තයන්ට චොකලට්  සහ වයින් නොමිලේ ලබාදීමට කොළඹ ග්‍රෑන්ඩ් ඔරියන්ටල්  
හෝටලය විසින් කටයුතු යොදාඇතඅද එම හෝටලය “ප්‍රේමණීය රාත්‍රිය” හෙවත් 
“Romance Night”නමින් ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් විශේෂ වැඩසටහක් 
සංවිධානය කරඇතිඅතර එයට සහභාගි වන සියලු ආදරවන්තයන්ට චොකලට්   
සහ වයින් නොමිලයේ ද සංග්‍රහකෙරේ.

පිරිමියකු ගැහැණියක් බවට පත් වී දරුවන් බිහි කළ ලොව පළමු පුද්ගලයා


එංගලන්තයේ අවුරුදු 30ක් වයසැති පිරිමියෙක් ‘ගැහැණියක්‘ වී දරුවකු බිහිකළ බව සන්ඩේ ටයිම්ස් පුවත්පත කියයි. ගැහැණුන් බවට පත් වීමට කැමැති පිරිමින් සඳහා පිහිට වන බෝමන්ට් සංවිධානයේ උදව් උපකාර ඇතිව මෙයට වසරකට ප්‍රථම සිට ඔහු දරුවකු බිහිකිරීමට අවශ්‍ය ශල්‍ය කර්ම සිදුකර ගනිමින් වෛද්‍ය උපදෙස් ගෙන ඇත්තේ විශේෂඥ වෛද්‍ය ඉංගල් සීඩ්ගෙනි. 

ඉතිහාසයේ වැඩිම ඉන්ධන මිල වැඩිකිරීම පෙරේදා.විදුලි බිලත් වැඩිවේ

අද (13) මධ්‍යම රාත්‍රියේ සිට බස්ගාස්තුව 20% කින් ඉහල දැමීමට රජය විසින් කැමැත්ත පල කර තිබෙනවා. ගමනාගමන කොමිසන් සභාවේ බලධාරීන් සමග අද සවස පැවති සාකච්ඡාවේදී බස් ගාස්තු 20% න් ඉහළ නැංවීමට එකඟතාව හිමිවූ බවයි පුද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසන්නේ.