Ads 468x60px

.

බොලියුඩ් සිනමාවේ කුකුල් කේන්තිකාරයා නැවතත් හබයක

බොලියුඩ් සිනමාවේ කුකුල් කේන්තිකාරයා ලෙස සැලකෙන සලමන් ඛාන් නැවතත් හබයක පැටලී ඇති බව වාර්තාවේ. සත්ත්ව ඝාතනය, නොසැලකිලිමත් ලෙස රිය පැදවීම, ප‍්‍රසිද්ධ ස්ථානවල දුම්පානය, පුද්ගලයන් සමඟ කලහකාරී ලෙස හැසිරීම ආදී විවිධ හේතු මත චූදිතයෙකු බවට පත් වූ සල්මන් මෙවර ගැටුම ඇති කරගෙන ඇත්තේ මුදල් ප‍්‍රශ්නයක් සම්බන්ධයෙනි. 

තවම තනිකඩයි, දොඩන්ගොඩ වගේ ලැබුණට බාර ගන්නේ නෑ – තිසුරි

වර්ෂා, සවීනා, අල්තිනායි මේ ආකාරයේ විවිධ නම්වලින් විවිධ චරිත සමඟ රසික පේ‍්‍රක්ෂකයන් අතරට පැමිණි ඇය තිසුරි යුවනිකාය. නොමැතිනම් බොහෝ දෙනා හදුනන පරිදි සුසන්තා චන්ද්‍රමාලිගේ දියණියය. එසේත් නොමැතිනම් ඔබ කවුරුත් නොදන්නා පරිදි මැණික්ය. මව්කුස තුළ සිටියදීම රංගනයට එක්වීමට වරම් ලද ඇය අද රංගන ශිල්පිණියක ලෙස ජනාදරයට පත්ව සිටී. 

ශ්‍රී දළදාගමනය නම් වූ දැවැන්ත චිත්‍රපටයේ සමාරම්බක උළෙල

බෝසත් ලංකා - ඊ ඒ පි ෆිල්ම්ස් පදනම එක්ව ඉදිරිපත්කරන ආචාර්ය සෝම එදිරිසිංහ සමග පුජ්‍යය අකරවිට සංඝානන්ද හිමි සම නිෂ්පාදනය කරන කළා කිර්ති සනත් අබේසේකර,තිර රචනය කර අධ්‍යක්ෂණය කරන සිරි දළදාගමනය චිත්‍රපටයේ මුහුරත් උළෙල ඊයේ(09)පැවැත්වුනි. 

සූර්ය කුණාටුවේ රශ්මිධාරා කිසිදු බලපෑමක් නොකර පෘථිවිය පසුකරයි

වසර 5කට පසුව හටගත් ප්‍රබලතම සූර්ය කුණාටුවේ රශ්මිධාරා කිසිදු බරපතල ගැටලුවක් නිර්මාණය නොකරමින් පෘථිවිය පසුකර තිබේ.
අමෙරිකානු කාලගුණ විද්‍යා ආයතනය පවසන්නේ, සූර්ය කුණාටුවෙන් නිකුත් වු අවසන් විකිරණ කදම්භයන් ඊයේ පෙරවරුව වන විට පෘථිවිය පසු කළ බවයි.

දෙදරු මවකට කාන්තා දිනයදා අතවර කිරීමට තැත් කළ තරුණයකුගේ රහසඟ පිහියකින් කපා දාලා

තනිව නිවසේ සිටි දෙදරු මවකට පෙරේදා (8 දා) ලෝක කාන්තා දිනයදා බලහත්කාරයෙන් ලිංගික අතවර කිරීමට තැත් කළ තරුණයකුගේ රහසඟ එම කාන්තාව විසින් මේස පිහියකින් කපා දැමූ පුවතක්‌ තඹලගමුව 99 ප්‍රදේශයෙන් වාර්තා වේ.

නිවේදන කටයුතුවලින් ඉවත් වූ ලෝචනා ඉමාෂිගේ අලුත් වැඩේ

සිරස රූපවාහිනියේ ‘දිගන්තය’ වැඩසටහනේ නිවේදන කටයුතුවලින් ඉවත් වූ ලෝචනා ඉමාෂි අලුත් ව්‍යාපාරයක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ. 

ඉමාෂි මෙසේ ආරම්භ කර ඇති ව්‍යාපාරය වන්නේ කුලී රථ (මීටර් ටැක්සි) සඳහා අවශ්‍ය මීටර් හා අනෙකුත් ආම්පන්න විකිණීමට සාප්පුවක් ආරම්භ කිරීමය.