Ads 468x60px

.

සමීර දුම්රියට බිළිවුනේ පාපුවරුව දෝෂ සහිත වු නිසයි

සමීරට අවසන් ගෞරව දැක්වීම විශාල පිරිසක්.


වේයන්ගොඩදී තරුණයෙකුට මරු කැඳවූ දුම්රියේ පාපුවරුවේ දෝෂ සහිත බව දුම්රිය දෙපාර්තුමේන්තුව පවසයි.දුම්රිය සාමාන්‍යාධිකාරි බී.ඒ.පී.ආරියරත්න මහතා පැවසුවේ අද ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.


මෙම දුම්රියේ අදාළ පාපුවරුවට මහව දුම්රිය ස්ථානයේදී ඇණ සවිකළ බව  අප ඊයේ අනාවරණය කළේය.ඒ අනුව දුම්රිය බලධාරීන් එම අනතුර සම්බන්ධයෙන් පැහැදිලි කිරීමට අද මාධ්‍ය හමුවක් කැඳවා තිබුණි.


එහිදී ඔවුන් අදාළ අනතුරින් පසු පාපුවරුව පැවති ආකාරය දැක්වෙන මහව දුම්රිය ස්ථානයේදී රූගත කළ වීඩියෝ පටයක් ද ප්‍රදර්ශනය කළේය.කෙසේ වෙතත් දුම්රිය සේවකයින් පවසන්නේ මේ තරුණයාට වන්දි ගෙවීමේ සදාචාරාත්මක වගකීමක් දුම්රිය දෙපාර්තුමේන්තුව සතු බවය.

සමලිංගික චරිත රඟන්නියක ලෙස ප්‍රකට වූ සනී ලියොන්

මිනිස්සු මට පිස්සු කියලා හිතනවා ඇති.
ඒත් ‘ජිස්මි 2’ වෙනුවෙන් මං නොකරන දෙයක් නෑ.

ජිස්මි 2 සමඟින් බොලිවුඩයට නවක තාරකාවක් පායන්නීය. ඇය අමෙරිකානු, කැනේඩියානු සම්භවයකට හිමිකම් කියන සනී ලියොන්ය.තිස් හැවිරිදි සනී මේ දිනවල හින්දි බස හදාරන්නීය.

‘මට ඇහෙන හැම හින්දි වචනයක්ම යළි උස් හඩින් කෑගසා කියනවා. මිනිස්සු මට පිස්සු කියලා හිතනවා ඇති. ඒත් ‘ජිස්මි 2’ වෙනුවෙන් මං නොකරන දෙයක් නෑ’ සනී පවසන්නීය.

රාත්‍රියේ දොර වසන විටත් සොරා කටුගෙය ඇතුළේලු.

ඇතුළෙන් සහායක්‌ ලැබුණාදැයි සැකයක්.
දින දෙකක්‌ තිස්‌සේ කැමරා අක්‍රිය කරලා.
පොලිස්‌ සුනඛයෝ කෙලින්ම කටුගෙය ආරක්‍ෂක නිලධාරී විවේකාගාරයට.
 
කොළඹ ජාතික කෞතුකාගාරයේ ප්‍රදර්ශනය සඳහා තැන්පත් කර තිබූ මිල කළ නොහැකි වටිනාකමකින් යුත් පුරාවස්‌තු තොගය සොරාගත් පුද්ගලයා කෞතුකාගාරය වසා දමන අවස්‌ථාවේත් එහි සැඟවී සිට 16 වැනිදා රාත්‍රි කාලයේදී පුරාවස්‌තු තොගය සොරාගෙන පලාගොස්‌ ඇති බව පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත.



මෙම සොරකමට කෞතුකාගාරයේම සේවය කරන කිසියම් පිරිසකගේ සහායද ලැබී ඇති බවට ලැබුණු තොරතුරු මත ඒ පිළිබඳ වෙනම පරීක්‍ෂණයක්‌ පැවැත්වේ. 


අලුත්වැඩියා කටයුත්තක්‌ සඳහා කෞතුකාගාරයේ සී. සී. ටී. වී. කැමරා පද්ධතිය දින දෙකක්‌ තිස්‌සේ අක්‍රියකර තිබී ඇත. ඒ පිළිබඳව හොඳින් දැනසිටි පිරිසක්‌ කැමරා පද්ධතිය අක්‍රියකර තිබූ රාත්‍රියේ කාලසීමාවේදී ඉතාම සැලසුම් සහගත ලෙස මෙම සොරකම සිදුකර ඇති බව පොලිසිය පවසයි.

සුපර් සික්ස්’ ඉන්දීය දෙමළ චිත‍්‍රපටයක කොපියක්ද.. ?

ජනවාරියේදී සුපර් සික්ස් 
වෙනුවට කුස පබා තිරගත වුණා.
ඒකයි ඉතිං කල් ගියේ.


ශ‍්‍රී ලාංකේය වානිජ සිනමා ඉතිහාසය තුළ දැවැන්ත පෙරළියක් සිදුකිරීමට සූදානමින් සිටි යොවුන් චිත‍්‍රපට අධ්‍යක්ෂ උදාර පල්ලියගුරුගේ සුපර් සික්ස් චිත‍්‍රපටය එළඹෙන මැයි 17වැනිදා තිරගත වීමට නියමිතය. දීර්ඝ කාලයක් ලැයිස්තුවේ සිට තිරගතවන සුපර් සික්ස් පිළිබඳව අදහස් දැක්වීමට එක්වූ උදාර.

ඕන වැඩක් අල්ලගන්න වැඩි කාලයක් යන්නේ නෑ , සුළු මොහොතයි - අනර්කලී

මෝටර් වාහන පැද්ද ආකර්ශා 
පා පැදියට මාරු ඇයි...?

පසුගිය කාලයේදී නවීන මෝටර් වාහන පැද්ද ජනපි‍්‍රය චිත‍්‍රපට නිළි, දකුණු පළාත් සභා මන්තී‍්‍රනී අනර්කලී ආකර්ශා පා පැදියට මාරුවී ඇතැයි වාර්තා වේ.

මෝටර් වාහන හොඳටම පදින්න දන්න ආකාශා පාපැදි පැදිල්ලට නම් තවමත් පුරුදුවන බවත් පැවසේ.එසේම ඇය පාපැදි පැදිල්ල පුරුදුවෙන්න සහයට ඩැනී කෙනෙකුත් සොයාගෙන අතැයි වාර්තා වේ.අනර්කලී මෙසේ හදිස්සියේම පාපැදි පදින්නේ ‘සාරංගනා’ ටෙලියේ රූගත කිරීමකට පෙර පුහුණුවක් ලෙසින් බව පැවසේ.

සියලු රගපෑම් අවසන් කර දමනවා - අමන්දා ටෙලිනාට්‍යයේ කැතී

පෙම්වතාට නදීෂාගේ රගපෑම අරහංලු
එත් නිරූපනයෙන් ඉවත් නෑ.

අමන්දා ටෙලිනාට්‍යයේ දගකාර කැතීගේ චරිතය හරහා රංගනයට එක්වූ නදීෂා යාපාගේ ගේ රගපෑම් අවසන්කර මන්නට තීරණය වී ඇතැයි වාර්තා වේ.

මෙම තීරණයට හේතුවී ඇත්තේ ඇගේ පෙම්වතාට නදීෂාගේ රගපෑම අරහංවීම නිසා බවද පැවසේ.මේ අනුව නදීෂා විවාහයට පෙරම රගපෑමෙන් ඉවත්වීමට තීරණය කර තිබේ.

නදීෂා රගපෑමට එක්වී ඇත්තේ ජනපි‍්‍රයත්වය හෝ මුදල් ඉලක්ක කර නොගෙන බවද පැවසෙන අතර ඇය රගපෑමට එක්වී ඇත්තේ ඇයට කුඩා කළ සිට තිබූ ආශාවක් සංසඳවා ගැනීමට බවද පැවසේ.

කරීනා – සයිෆ් පෙම්පුවතට පස්වසරක් ගියත් විවාහ වීමට හදිස්සියක් නෑ

මධූර් භන්දර්කාර් ගේ හිරොයින් 
චිත‍්‍රපටියේ වැඩ නිසා කාර්යබහුලයි.

බොලිවුඩයේ සුපිරි තරු දෙපලක් වන කරීනා කපූර්ගේ හා සයිෆ් අලී ඛාන්ගේ විවාහය මෙම මාසයේදී පැවැත්වෙන බව මීට කලින් වාර්තා වුවද එය එසේ සිදු නොවන බව කරීනා කියයි.

පසුගිදා මාධ්‍ය වෙත අදහස් දක්වමන් කරීනා පවසා තිබුනේ ඔවුන් දෙදෙනාටම විවාහ වීමට හදිස්සියක් නොමැති බවයි.මේ දින වල මධූර් භන්දර්කාර් ගේ හිරොයින් චිත‍්‍රපටියේ වැඩ හේතුවෙන් කාර්යබහුල වී සිටින බවත්, පළමුව එම චිත‍්‍රපටියේ වැඩකටයුතු අවසන් කළ යුතු බවත් ඇය පවසා ඇත.

සියලූම ඇකැප දේවල්වලින් මම ඉවත්වෙලා ඉන්නේ – පුෂ්පිකා

ට පෙම්වතෙක් ඉන්නව.
ඒ ගැන වැඩිය කතාකරන්න කැමති නෑ.
මං සත්තුන්ට ආදරෙයි.

කාන්තා රූපශ‍්‍රීය තුළින් ජාත්‍යන්තරය ඉදිරියේ ඇය ශ‍්‍රී ලංකාවට අභිමානය එක්කළාය. 2011 වර්ෂයේ මිස් ශ‍්‍රී ලංකා තරගයේදී සුරූපිණියට හිමි කිරුළ පැළදුවේද ඇයයි. 

එපමණක් ද නොව ශ‍්‍රී ලාංකේය සිනමාවට එකතුවන ඉතිහාසගත කතාන්දර අතර නවතම මුහුණුවරවන ‘සිරි දළදා ගමනයේ’ හේමමාලා කුමරියද ඇයයි. 

ඒ අන් කවරේකු හෝ නොව පුෂ්පිකා සඳමාලිය. නැතිනම් ඉදිරියේදී සිංහල සිනමාවට අත්පොත් තබන්නට සැරසෙන්නියයි. මේ ඇගේ තොරතුරු බෙදා හදාගත් අයුරුයි.