Ads 468x60px

.

හිමි දෙනම ඝාතනය කර ඇත්තේ ඉඩම් නඩුවක තීන්දුවකින් පසුවලු - තවත් වැදගත් සාක්‍ෂි රැසක්

උගුරු දණ්ඩයි බෙල්ලයි පිහියෙන් ඇණලා.... 
බඩේ සෙන්ටි මීටර් 14ක් ගැඹුරට තියුණු කැපුමක්.....



උගුරු දණ්ඩ හා බෙල්ල තියුණු අවියකින් කැපී අභ්‍යන්තර ලේ වහනයෙන් පිටකෝට්ටේ රජමහා විහාරයේ පණ්ඩිත පිටිගල ජිනසිරි (81) හිමියන් අපවත් වූ බව කළුබෝවිල රෝහලේ පැවැති පශ්චාත් මරණ පරීක්ෂණයේදී නිගමනය විය.  


ඊයේ (20) රාත‍්‍රීයේ විහාරස්ථානය තුළදීම පිහියෙන් ඇණ බරපතළ තුවාල සිදුකිරීමෙන් මෙම ඝාතන සිදුකර තිබිණි. සෙන්ටි මීටර් 14ක් ගැඹුරු තියුණු කැපුමකින් උදරයට වූ තුවාල වලින් බොරලැස්ගමුවේ ගුණරතන හිමියන් අපවත් වූ බව ද එහිදී සඳහන් විය. 

සන්ධාන මන්ත්‍රී තවත් පිරිසක් එක්ක තරුණියක් රාත්‍රිය පුරාම දූෂණය කරලා

මන්ත්‍රීල ටික පංකාදු පහයි..
මෙහෙම දේවල් ලංකාවේ වෙනවද.

තරුණියක් පැහැරගෙන ගොස් තවත් පිරිසක් හා එක්ව දූෂණය කළ සන්ධාන පූජාපිටිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී නලින්ද රාජනායක හා ත්‍රී රෝද රථ රියදුරෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 

19 දින පසුවරුවේ තරුණිය පැහැරගෙන මන්ත්‍රීවරයාට අයත් නිවසකදී තවත් පිරිසක් හා එක්ව රාත්‍රිය පුරාවට දූෂණය කල බවට තරුණිය අංකුඹුර පොලීසියට පැමිණිලි කිරීමෙන් පසු අංකුඹුර පොලීසිය විසින් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ. අදාල අනෙක් පිරිස අත්අඩංගුවට ගැනීම සදහා පරීක්ෂණ කටයුතු සිදුකරන බව පොලිස් ආරංචිමාර්ග වැඩිදුරටත් අනාවරය කරයි.

මාධ්‍ය ජාලයේ ප‍්‍රධානිකුගෙන් නදීකාට ආරාධනාවක්

මාධ්‍ය ප‍්‍රධානියා නදීකා දැලේ දා ගනීද ?
නදීකාගේ හිත රිදවන්න එපා.

ජනපි‍්‍රය මෝස්තර නිරූපිකාවක් වන නදීකා පෙරේරා රූපවාහිනී නාලිකාවක ප‍්‍රවෘත්ති ඉදිරිපත් කරන්නියක් ලෙස මේදිනවල පෙනී සිටී.

ඇය හදිස්සියේ එම නාලිකාවේ නිවේදිකාවක් බවට පත්වූයේ එම මාධ්‍ය ජාලයේ ප‍්‍රධානියාගේ ආරාධනයකින් බව පැවසේ. අදාල මාධ්‍ය ප‍්‍රධානියා නදීකා කලක් තිස්සේ දැලේ දා ගැනීමට වෙර දරමින් සිටි බවද මේ අතර වාර්තා වේ.

ස්වාමීන් වහන්සේලාගේ ඝාතනයේ සුලමුල පොලිස් සුනඛයින් සොයා ගනී

පොලිස් සුනඛයන් කම්කරුවන් පිරිසකට ඉව අල්ලයි. 
ඔවුන් මත්පැන් පානය කරමින් ඉදලා.

කෝට්ටේ රජ මහා විහාරයේ වැඩ වාසය කළ භික්ෂුන් වහන්සේලා දෙනමක් සාහසිකයකුගේ ප්‍රහාරයට ලක්ව ඝාතනය වී ඇතැයි වාර්තා වේ. 


ඊයේ රාත්‍රීයේ විහාරස්ථානය තුළදීම පිහියෙන් ඇණ බරපතළ තුවාල සිදුකිරීමෙන් මෙම ඝාතනය සිදුකර ඇති බව සඳහන් වේ.


එක් ස්වාමීන් වහන්සේ කෙනකු එම ස්ථානයේම මිය ගොස් සිට ඇති අතර අනෙක් ස්වාමීන් වහන්සේ රෝහලට ඇතුළත් කරද්දී මිය ගොස් ඇති වග වාර්තා වේ.

නිරෝෂා අත ගෑ තරුණයා පොලිසියට

මාස 18 ක කාලයක් නිරෝෂා පිටිපස්සේ ගිහින්.
මානසික ව්‍යාධියක් ඇත්දැයි සැකයක්.

නිරෝෂා විරාජිනිගේ ආදරය පතා එන තරුණයෙකු කුරුඳුවත්ත පොලිසිය මගින් පසුගියදා අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම තරුණයා ඇයගේ රසිකයෙකු වන අතර ඇය පසුපස මාස 18 ක කාලයක් තිස්සේ හඹාගොස් තිබෙනවා.

ඒ අනුව ඇය සහභාගී වන සාම සංගීත ප්‍රසංගයකටම යාමට එම තරුණයා පුරුදු වී තිබෙනවා.නමුත් මෙම තරුණයාගෙන් සිදුවන කරදරය දිනෙන් දින ඉහල යාම හේතුවෙන් ඔහු පිළිබඳව පොලිසියට පැමිණිලි කිරීමට නිරෝෂා විරාජිනී තීරණය කොට තිබෙනවා.