Ads 468x60px

.

මම කවුරුත් එක්ක රෝයල් හෝටලයේ කාමරයක හිටියේ නෑ – මේතා

දිල්ෂාන් එක්ක ලන්ඩන් වල කැසිනෝ ශාලාවකට ගියා තමයි...
එත් තරග පාවා දුන්නේ නෑ....  
දිල්ෂාන් එක්ක හිතවත් වුනා විතරයි...

කි‍්‍රකට් තරග පාවාදීමේ චෝදනා සම්බන්ධයෙන් වන අළුත්ම හෙළිදරව්ව වශයෙන් ශී‍්‍ර ලාංකික කී‍්‍රඩක තිලකරත්න දිල්ෂාන් සහ බොලිවුඩ් නිළියක වන නූපූර් මේතා අතර පැවති සම්බන්ධයක් ගැන කරුණු අනාවරණය වෙයි. 

නූපූර් මාධ්‍යයට පවසා ඇත්තේ, 2009 එංගලන්තයේ පැවති පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය අතරතුරදී තමන් දිල්ෂාන් සමග හිතවත් වූ බවයි. 

ඇය මීට පෙර අවස්ථාවකදී ලන්ඩනයේ ‘සන්ඩේ ටයිම්ස්’ පුවත්පතට පවසා තිබුණේ, එම තරගාවලිය අතරතුරදී තමාට ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩකයින් කිහිපදෙනෙකු අහම්බෙන් කැසිනෝ ශාලාවකදී හමුවූ බවටයි.

භික්ෂු ඝාතනයේ සුල මුල එලි වූ හැටි

මිනීමරුවා නාන කාමරයට ඇතුළු වෙලා...
ගුණරතන හිමියන්ගේ කෑමොර හඬට දිව ආ ජිනසිරි හිමියන්ත් පිහියෙන් ඇන පලා ගිහින්...

කෝට්ටේ රජ මහා විහාරස්ථානයේ ආරක්ෂිතව ඇතැයි පැවැසෙන පෞරාණික මැණික් ගල් ඔබ්බවන ලද සපුමල් බණ්ඩාර කුමරුට අයත් යැයි කියනු ලබන කඩුවක් කොල්ලකෑමේ අරමුණින් විහාරස්ථානයට කඩා වැදුණු පුරාවස්තු කොල්ලකරුවන්ගේ ප්‍රහාරයකින් භික්ෂූන් වහන්සේ දෙනම අපවත්වී ඇතැයි දැනට කෙරී ඇති මූලික විමර්ශනවලින් ආනාවරණය වී තිබෙන බව ‘ලක්බිම’ පුවත්පත වාර්තා කරයි. 

එම කොල්ලය වැරදී යාමෙන් භික්ෂූන් දෙනම ඝාතනය කර ඇති බව පොලිස් විමර්ශනවලින් හෙළිවී ඇත.ඝාතනය සම්බන්ධයෙන් ඊයේ (21) අත්අඩංගුවට ගත් ගලිගමුව ප්‍රදේශයේ විහාරස්ථානයක බස්නායක නිලමේවරයා, බොරලැස්ගමුවේ ගුණරතන හිමියන් සමග කිට්ටුවෙන් ඔහු ඇසුරු කර ඇති බව හෙළිවී ඇත.‍

ජානකීගේ පැනිල්ලට අකමැති අධ්‍යක්‍ෂක

අධ්‍යක්‍ෂවරයාගේ දැඩි අකමැත්ත මත ජානකී අඩි 15ක් පමණ උස බිත්තියකින් පනී...
නාට්‍යයේ වැඩ බකල් වෙයි කියා සංජය බයෙන්....

රූපවාහිනී නිවේදිකාවක් ලෙස ක්ෂේත‍්‍රයට එක්ව වර්තමානයේ නිළයක් හා අධ්‍යක්‍ෂවරියක් ලෙස ජනාදරයට පත්ව සිටින ජානකී විජේරත්නගේ අපූරු පැනිල්ලක් සම්බන්ධයෙන් ක්‍ෂේත‍්‍රයේ කතාබහට ලක්ව තිබේ.

ජානකී මෙම පැනිල්ල කර ඇත්තේ සැබෑවට වුවද එය නාට්‍යයක දර්ශනයක් වෙනුවෙන් කරන ලද්දක් වීමද විශේෂිතය.

සාරංගයි මායි අතර සම්බන්ධයක් තිබුනා කියල කියන්නත් බැහැ..නෑ කියන්නත් බැහැ - උමාලි

ආදරය ගැන කතාකරන්න මම කැමති නැහැ - උමාලි
ඒක එයාගෙන්ම අහන්න - සාරංග

යොවුන් නළු සාරංග දිසාසේකර හා  උමාලි තිලකරත්න පෙම්වතුන් බව තිරය පිටුපස සිටින බොහෝ දෙනෙක් දන්නා කරුණක්.

නමුත් පසුගියදා සති අන්ත පුවත්පතකට ඒ පිළිබඳව ඔවුන් පිළිතුරු දී තිබුනේ එම පෙම් සම්බන්ධතාවය තවදුරටත් තිබේදැයි යන්න සැක මතුකරමින්.