Ads 468x60px

.

මෙරට පිරිමි අනුදාහක් ගණිකා සේවයේ

ලංකාවේ ගණිකාවන් 40,000 ක්..
වයස 15-19 පාසල් සිසුන්ද ඇතුලත්...

මෙරට පිරිමි අනුදහසක් පමණ අනාරක්ෂිතව ගණිකා සේවනය කරන බව ලිංගාශ‍්‍රිත රෝග නිවාරණ ඒකකයේ වෛද්‍ය චන්ද්‍රිකා වික‍්‍රමසූරිය පැවසුවාය.

ගණිකාවන් 35,000ත් 40,000 ත් අතර ප‍්‍රමාණයක් සිටින බව 2010 සමීක්ෂණවලට අනුව හෙළිවී ඇතැයි ද ඇය සඳහන් කළාය.

ලැගුම් හල් ආශ‍්‍රිතව ආරක්ෂක කොපු පාවිච්චි කරන පිරිස 63% ක් බවත්, සම්භාහන මධ්‍යස්ථානයන්හි එම සංඛ්‍යාව 70% දක්වා වැඩි බවත්, එසේම වීදි ආශ‍්‍රිතව එය 82%ක් බවද ඇය පැවසුවාය.

කවදාහරි අපේ දෙනවක හාමිනේ වගේ දීර්ඝ කාලයක් රඟපානවා - උපේක්ෂා

ලැබුණු චරිත සම්බන්ධයෙන් තෘප්තිමත් නෑ...
දැන් නීතිය හදාරනවා... 
එත් රඟපෑමෙන් ඉවත් වන්නේ නෑ...

නීති උපාධිය සඳහා මේ වනවිට අධ්‍යාපන කටයුතු වන නිරතව සිටින උපේක්‍ෂා ස්වර්ණමාලි නීතිඥ වෘත්තියට ද පිවිසීම සඳහා මේ වන විට "යුනිවර්සිටි ඔෆ් ලන්ඩන්" හි අධ්‍යාපන කටයුතුවල නියැලී සිටින බව ඇය විසින් පුවත්පතකට ප්‍රකාශ කර තිබෙනවා.

ගෙවී ගිය වසර හයක කාලයේදී ආර්ථික වාසි තකා රංගනයෙහි නියැලීමක් සිදු නොකළ බව කියා සිටිනා ඇය, කලාකාරිනියක ලෙසින් තමන්ට ලැබුණු චරිත සම්බන්ධයෙන් තෘප්තිමත් නොවන බවද පවසා සිටීනවා.

දමිතා අබේරත්න හා සේමිණි ඉද්දමල්ගොඩ අතර විරසකයක් ඇයි...?

කව්ද මේ රම්‍යා..?
ඇය නිළියන්ගේ රහස් තොරතුරු දන්නේ කෙසේද.?

ජනපි‍්‍රය නිළියන් දෙදෙනෙකු වන දමිතා අබේරත්න හා සේමිණි ඉද්දමල්ගොඩ අතර විරසක භාවයක් ඇති බවට කලා ක්ෂේත‍්‍රයේ රාවයක් පැතිර තිබේ. 

මොවුන් විරසකවීමට හේතුවී ඇත්තේ ‘රම්‍යා’ නැමැත්තියක් නිසා බවද පැවසේ.රම්‍යා ‘අක්කා’ ලෙස හඳුන්වන ඈ නිළියන්ගේ රහස් තොරතුරු දන්නා තැනැත්තියක් බවද මේ අතර, වාර්තා වේ.

ප්‍රවීණ ජනප්‍රිය සිනමා නිළි ගීතා කුමාරසිංහ වසර පහකට පමණ පසු රංගනයට

වසර ගණනාවකට පසු රවින්ද්‍ර රන්දෙණිය සහ ගීතා කුමාරසිංහ එකම චිත්‍රපටයක....
දන්ත කුමරු ලෙස තරුණ නිරූපන ශිල්පියකු වන හේෂාන් තෝරාගැනේ...

සනත් අබේසේකරගේ දෙවැනි සිනමා නිර්මාණය 'සිරි දළදා ගමනය' මුහුරත් උළෙල පසුගියදා නාරාහේන්පිට ඇලන් මැතිණියාරාමයේදී පැවැත්විණි.

ඓතිහාසික ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ මෙරටට වැඩම කරවීමේ කතා පුවත ඇතුළත් 'සිරි දළදාගමනය' දැවැන්ත සිනමාපටය නිෂ්පාදනය කරනුයේ ඊ.ඒ.පී. චිත්‍රපට වෙනුවෙන් සෝමා එදිරිසිංහ සහ බෝසත් ලංකා පදනම වෙනුවෙන් අකරවිට සංඝානන්ද හිමියන්ය.


බෞද්ධ භික්‍ෂුන් වහන්සේ නමක විසින් චිත්‍රපටයක්‌ නිෂ්පාදනය කරන පළමු අවස්‌ථාව ලෙස 'සිරි දළදාගමනය' සිංහල සිනමා වංශ කතාවේ වාර්තාවක්‌ද පිහිටුවයි.