Ads 468x60px

.

ඉන්දියාවේ සුපිරි නළුවන් රඟපෑම වෙනුවෙන් අය කරන මුදල් මෙහෙමයි

ශාරුක් කෝටි 27 යි. රිතික් කෝටි 20 යි.
අජේ කෝටි 18 යි. රන්බීර් කෝටි 12 යි.

ඉන්දියාවේ  සුපිරි නළු සන්ජේ දත්  චිත‍්‍රපටයක රඟපෑම වෙනුවෙන් මෙතෙක් අය කළ මුදල දෙගුණ  කර තිබේ.ඔහු මෑතක් වනතුරු චිත‍්‍රපටයක රඟපෑම වෙනුවෙන් අය කළ මුදල ඉන්දීය රුපියල් කෝටි 5කි.  

කෙසේ වෙතත් මේ වනවිට ඔහු එම මුදල දෙගුණ කර ඇත  එනමි ඔහුගේ අය කිරීම  ඉන්දීය රුපියල් කෝටි 10කි.මෙලෙස ඔහු රංගන ගාස්තුව දෙගුණ  කිරීමට හේතු වී ඇත්තේ ඔහු රඟපෑ, මෑතකදී තිරගත වූ අග්නිපත්’ චිත‍්‍රපටයේ සාර්ථකත්වයයි.

නිලන්තිට කලා ලොවේ අළුත් නමක් පට බැඳිලා..

නිලන්ති එන්නත් වලට පුදුම බයක් ලු..
නමේ අගට සුරතල්  නමකුත්..

ජනපි‍්‍රය නර්තන ශිලිපිනියක් හා නිළියක් වන නිලන්ති ඩයස් එන්නත්වලට දැඩි බියක් දක්වන බව වාර්තා වේ.

කලා ක්ෂේත‍්‍රයේ එක හා සමාන නම් ඇති කළා ශිල්පීන් කිහිපදෙනෙකුම සිටින බැවින් ඔවුන්ගේ මුලට හෝ අගට සුරතල් නමක් එකතු කිරීම කලා ක්‍ෂේත‍්‍රයේ සාමාන්‍ය සිරිතකි.

මම කෙළින් කතා කරන කෙනෙක්. අනවශ්‍ය හිතවත්කම් මගේ නෑ – ඕෂධී

මගේ මහත්මයයි මමයි දෙන්නම හොඳින් ඉන්නවා...
සමහර නළු නිළියෝ අවුල් කරගන්නෙම පවුල් ජීවිතය... 

ඕෂධී හේවාමද්දුම සොඳුරු රුව හා ප‍්‍රතිභා සම්පන්න රංගනය තුළින් ඇය නිළියක් ලෙසින්ද කතිකත්වය, චතුර බව සහ දැනුමද සමඟ විටෙක නිවේදිකාවක් ලෙසින්ද රසික පේ‍්‍රක්ෂක හදවත් දිනා ගත්තාය. 


මේ දිනවල පුංචි තිරයේ නිහඬ චරිතයක් වුවද ඇය පුංචි තිරය මෙන්ම රිදී තිරය එකාලෝකමත් කිරීමට සමත් වූ අපූරු චරිතයකි.

කටුනායක සිට කොටුව දක්වා විනාඩි 15 කින් පැමිණිය හැකි අධිවේගී දුම්රියක්

එසේම තට්ටු 32 ක ගොඩනැගිල්ලකුත්...
ෆෝර්ට් ලෝටස් ටර්මිනල් නමින් තවත් පර්යන්තයක්...  

කටුනායක ගුවන් තොටුපොළේ මගී පර්යන්තයේ සිට කොළඹ කොටුව දක්වා විනාඩි 15 කින් පැමිණිය හැකි අධිවේගී දුම්රිය සේවාවක් ආරම්භ කිරීමට රජය සූදානම් වේ. 

මැලේසියානු සමාගමක්  වන ‘‘එයාපෝර්ට් එක්ස්ප‍්‍රස් එයා ඇන්ඞ් රේල්’’ සමාගම සමග එක්ව කි‍්‍රයාත්මක කරන මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් කෙතරම් මුදලක් ආයෝජනය කරනවාදැයි තවමත් හෙළිකර නැත.

හිමි දෙනම ඝාතනයේ සැකකරුවෝ රිමාන්ඩ් - නුගේගොඩ උසාවිය ළඟ මහා කලබලයක්

මිනීමරුවන් වෙනුවෙන් පෙනී ඉන්න ලැඡ්ජා නැද්ද...
අපේ හාමුදුරුවන්ව මරා ගත්තට දඬුවම් දෙනවා...

හිමි දෙනම ඝාතනයේ සැකකරුවන් ලෙස සඳහන්ව ඇත්තේ මහරගම සහ තණමල්විල යන ප්‍රදේශවල තරුණයෝ දෙදෙනෙකි. සැකකරුවන් අධිකරණයට රැගෙන ඒමට පෙර දෙසීයකට අධික පිරිසක්‌ නුගේගොඩ අධිකරණය ඉදිරිපිටට රැස්‌ව සැකකරුවන්ට මරණ දඬුවම ලබා දෙන්නැයි කියමින් උද්ඝෝෂණය කළහ.

මිරිහාන පොලිසිය සැකකරුවන් දෙදෙනා සුදු රෙදිවලින් ආවරණ සහිතව නුගේගොඩ මහෙස්‌ත්‍රාත් අධිකරණ නිල මැදිරිය වෙත ඉදිරිපත් කළ අතර, මෙම සිද්ධියට අදාළව නඩු භාණ්‌ඩ වශයෙන් තියුණු පිහියක්‌ හා මෝටර් රථයක්‌ අත්අඩංගුවට ගත් බව පොලිසිය මහෙස්‌ත්‍රාත්වරයාට දැන්වීය.

තොපි මට අහුවෙන්න ලංකාවේ හිටියොත් තොපේ අතපය ප්‍රසිද්ධියේ කඩන එකා මම - මර්වින්

සුද්දන්ගේ මුණු ඇටිකෙහෙල් ගිලපු උගුඩුවන්ගේ වගේ....
ඔබාමා මැතිතුමනි නටපු නැටුමකුත් නා බෙරේ පලුවකුත් නෑ..


කැලණිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරු විසින් මර්වින් සිල්වා වෙත දුෂණ චෝදනා එල්ල කල විට දිගු කලක් මාධ්‍යයට අදහස් ප්‍රකාශ කිරීමෙන් වැලකි සිටි මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වා අද දිනයේ තමාගේ ඇමති ධුරය සහ ආසන සංවිධායකකම පිලිබඳ ප්‍රසිද්ධියේ අදහස් දැක්වුවා.


මහා සුළි සුඟකින් සීගිරි පර්වතය ගසාගෙන යා හැකිවුවද, තමාට එරෙහිව ජනාධිපතිවරයාගෙන් එවැනි සුළිසුළං නොවන බව මහජන සම්බන්ධතා හා මහජන උපයෝගිතා අමාත්‍ය මර්වින් සිල්වා මහතා කියයි.කැලණිය ප‍්‍රදේශයෙන් කලක් තමා ඈත්ව සිටියේ අපල කාලයක් නිසා බවත් පැවසූ ඒ මහතා තමා අද යළිත් කැලණියේ වැඩ ආරම්භ කළ බවද අවධාරණය කළේය.