Ads 468x60px

.

පෙම් යුවළකට පෙම් සුව විඳීමට පාසල් මුර කුටිය දීලා

මුරකරුවාට මුරකිරීම අමතක වෙයි..
රුපියල් 50 කුත් අයකරගෙන...


දැරණියගල නගරයේ ප්‍රධාන පාසලක අනියම් මුර සේවයේ යෙදී සිටින මුරකරුවකු මුරකිරීම පසෙකලා තරුණ පෙම් යුවළකට පෙම් සුව විඳීමට මුර කුටිය භාර දීමේ සිද්ධියක්‌ නිසා පොලිසිය මගින් මුරකරු අත්අඩංගුවට ගෙන තරයේ අවවාද කර මුදාහැර ඇත.

පසුගිය 18 වැනිදා (ඉරිදා) ඇඟලුම් කම්හලක සේවය කරන තරුණ යුවළක්‌ මෙම මුර කුටියට පැමිණ ඇති අතර ඔවුන්ගෙන් රුපියල් 50 ක මුදලක්‌ ලබාගෙන මුරකුටියෙන් බැහැරවී සිටින අවස්‌ථාවේ දහම් පාසල් ගිය දරුවකු රැගෙන එන අයෙක්‌ මෙම සිදුවීම දැක අසල්වැසියන්ටද සැලකොට සියලු දෙනා පොලිස්‌ අත්අඩංගුවට පත්කොට ඇත.

ඊළඟ වේල ගැන හිතමින් ආහාර අනුභව කරන බොලිවුඩි නිළිය


මගේ මුළු ජීවිතේම රැඳිලා තියෙන්නෙ කෑම, බීම මතයි... 
දවල්ට කෑවට පස්සෙ ? රෑ කෑම ගැනයි ඊළඟට හිතන්නේ...
  

බොලිවුඩි නිළි සෝනම් කපූර්, නියම වෙලාවට, වරද්දන්නේ නැතිව කෑම බීම ගන්නා කෙනෙකු ලෙස ප‍්‍රසිද්ධය.


ඇය නිතරම  තමන්ගේ ජීවිතයේ සෑම අවස්ථාවකදීම ප‍්‍රධාන තැනක් දෙන්නේ ආහාරවලට බව පැවසේ.

ජාතික හැඳුනුම්පත එක දවසකින් දැන් පෝලිමේ ඉන්න ඕනේ නෑ


පැමිණි පිළිවෙළට ඩිජිටල් අංක ක්‍රමයක්..
ඉදිරියේදී ඩිජිටල් හැඳුනුම්පතකුත්... 



පෝලිමේ නොමැතිව  එක්දින සේවාව යටතේ ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ නව ලියාපදිංචි තාක්ෂණික ක්‍රමවේදයක් හඳුන්වාදීමට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.


” ඉදිරි සතිය තුළ එක්දින සේවාව අපි අලුත් ගොඩනැගිල්ලකට අරගෙන යනවා. පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් කාර්යාලය දැනට පිහිටි ජාවත්තේ ගොඩනැගිල්ලට යාබදව ඇති ස්ථානයකටයි ඒ. 

උමාලි - සාරංග හාදකම ඉවරයිද ..?


උමාලි කලක් සාරංගගෙන් ඈත්ව සිටීම ලොකුම  හේතුවද...? 
උමාලි සාරංගගේ ඥාති සොයුරියක් ලු.. 



සිනමා, ටෙලි නළුවෙක් හා නිවේදකයෙක් වන සාරංග දිසාසේකරගේ හා නැගී එන නිළියක්, නර්තන ශිල්පිනියක් හා ගායිකාවක් වන ඉරුදිනි උමාලි තිලකරත්න සමග තිබූ හාදකම අවසන්ව ඇතැයි වාර්තා වේ.


උමාලි, මේවන විට ජපානයේ උසස් අධ්‍යාපනය ලබන බැවින් ඇය කලක් සාරංගගෙන් ඈත්ව සිටීම එම හාදකම බිඳවැටීමට හේතුවී ඇතැයි පැවසේ.


කෙසේවුවද සාරංග පසුගිය කාලයේ දිගින් දිගටම මාධ්‍යට පවසනු ලැබුවේ සාරංගගේ හා උමාලිගේ විවාහයට තවත් වසර තුනහතරක් ගතවනු ඇති බවයි.

ඩිල්ෂාන් - නුපුර් මේතා සමීප ඇසුර පිළිබඳ මංජුලාගේ අදහස්

මේක සාමාන්‍ය දෙයක්.
මට නම් ඕක වැදගත් දෙයක් නෙමෙයි. 



2009 දී එංගලන්තයේ පැවති විස්සයි-විස්ස තරඟාවලිය අතරතුරදී ඩිල්ෂාන් සමග සමීප ඇසුරක් පැවති බව බොලිවුඩ් නිළියක වන නුපුර් මේතා පැවසීමත් සමඟ ඩිල්ෂාන්ගේ ඩිල්ෂාන්ගේ බිරිඳ වන ජනපි‍්‍රය නිලි මංජුලා තිළිණි ඒ පිළිබඳව අදහස් දක්වා තිබෙනවා.

ඇය කියා සිටින්නේ මතයක් ප්‍රකාශ කරන්න තරම් මෙම ආරංචිය ඇයට වැදගත් නොවන බවයි.