Ads 468x60px

.

සිරස සුසාරට දිනෙන් දිනම ඇණයක් වෙන මධූ

බදින්න ඉස්සෙලත් මෙහෙම වාතයක් වෙනව නම්....
අවුරුද්දක්වත් පවුල් කන්න වෙන්නෑ...
ඒක ෂුවර්.....සුසාර.

ලංකාවේ අංක එකේ රූපවාහිනිය වන ‘සිරස’ නාලිකාවේ විශේෂාංග අංශයේ ප‍්‍රධානී ‘මහනාමේ සූරසේන’ නොහොත් සුසාර දිනාල් ඔහුගේ අනියම් පාර්ශ්වයවන මධූ බෝගහවත්තට ලඟදීම නැවතීමේ තිත තැබීමට යන බවක් වාර්තා වේ.

මේ වනවිට දිසාඅධිකරණයේ විභාග වෙමින් පවතින සුසාරගේ හා ඔහුගේ බිරිඳගේ දික්කසාද නඩුව අවසන් වූ වහාම මධූව විවාහ කරගැනීමට සුසාර පොරොන්දුවී ඇති අතර මධූගේ ක‍්‍රියාකළාපය දිනෙන් දිනම සුසාරට ඇණයක් වෙමින් පවතින බව වාර්තා වේ.

ගයනි, නදිනි කිව්ව ඒ කතාව ඇත්තද?


අපි දෙන්නා හොඳ යාළුවෝ...
මම නම් ආඩම්බර නැහැ... 




නදිනි සහ ගයනි යන මේ දෙදෙනා රූපවාහිනී රසිකයින් අතරට පැමිණියේ සුපර් ස්ටාර් සංකල්පය යටතේය. 

එලෙස පැමිණියද ජනප්‍රිය රුල්ලට වඩා තම තමන්ට ආවේණික වූ රිද්මයක් සොයා සංගීත ලෝකයේ ගමනක යෙදෙන තරුණ ශිල්පිනියන් දෙදෙනෙකි. 

එදා එකම වේදිකාවේදී එකිනෙකා පරයමින් ඉදිරියට ගියද, එදා සිටම මේ දෙදෙනා හොඳ යෙහෙළියෝය. ඒ සුන්දර යෙහෙළියන් දෙදෙනා එකට එකතු වූ මොහොතක කියූ කතා මේ අහන්න.

මේ වෙනකොට මට පෙම්වතෙක් නෑ - උත්පලා

මගේ ප්‍රේමය අවසන් වෙලා තවම මාස කිහිපයයි...
මම ගත්ත තීරණය වැරදුණා...
පතිනි ටෙලි නාට්‍යය තුළින් මෙරට රංගන ක්ෂේත්‍රයට පිවිසීමට අවස්ථාව හිමිකරගත් ඇය එතැන් සිට මේ දක්වා ටෙලි නාට්‍යය බොහොමයක් සඳහා සිය රංගන දායකත්වය ලබා දී තිබේ. 

එමෙන්ම දෙරණ නාලිකාව ඔස්සේ විකාශය වූ "ආදරණීය පූර්ණිමා" සහ "ආදර වසන්තයක්" වැනි ටෙලි නාට්‍ය තුළින් ඉහළ ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනාගැනීමට ඇය සමත්විය. 

මේ දිනවල රූපවාහිනිය ඔස්සේ විකාශය වන "රන් සමනළයෝ", "ඉසිවර සැණකෙළි" සහ "ආදරේ අහස තරම්" ටෙලි නාට්‍ය ඔස්සේ ද ඇය ප්‍රේක්ෂක ඔබ හමුවට පැමිණෙයි. ඇය උත්පලා මධුෂාණි...

ගයේෂා පෙරේරාගේ නිරූපණ පාසල

පාඨමාලාව මාස හතරක කාලයකට...
සම්පූර්ණ කරන 20 දෙනෙකුට ශිෂ්‍යත්වයක්...

රූප සුන්දරියක්, නිවේදිකාවක්, නර්තන ශිල්පිනියක්, නිළියක් හා මෝස්තර නිරූපිකාවක් වූ ගයේෂා පෙරේරා නිරූපණ පාසලක් ආරම්භ කිරීමට සැරසෙන බව වාර්තා වේ.  

මෙම පාසල හැකි ඉක්මනින් ආරම්භ කිරීමට ඇය සූදානම් වන බවත් පැවසෙන අතර එම නිරූපණ පාඨමාලාව මාස හතරක කාලයකට සීමා කිරීමටත් ඇය සැලැසුම්කර ඇතැයි පැවසේ.

ගයේෂාගේ පාඨමාලාව සම්පූර්ණ කරන 20 දෙනෙකුට ඇය ශිෂ්‍යත්වයක් ලබාදීමට සැලැසුම්කර ඇතැයි වාර්තා වේ.