Ads 468x60px

.

සංකීර්ණතම මුහුණු බද්ධ සැත්කම සාර්ථකව අවසන්

මුහුණ හණුවක්,දත් සහ දිවක්...

අමෙරිකානු වෛද්‍යවරුන් මේ දක්වා කරන ලද බවට සැලකෙන සංකීර්ණතම මුහුණු බද්ධ සැත්කම සාර්ථකව අවසන් කර තිබේ.
 

විදෙස් වාර්තා පවසන්නේ, මේරිලන්ත විශ්වවිද්‍යාලයේදී කරන ලද සැත්කමේදී විරූපි මුහුණක් සහිතව සිටි පුද්ගලයකුට නව මුහුණක් හණුවක් දත් සහ දිවක් බද්ධ කර ඇති බවයි.

ඇමැතිවරයකුගෙන් ගීතාට කොක්කක්

ගීතා ඇමතිවරයෙකුසීනි ඇමති කියලා...
ගීතා වට්ටි අම්මා කියලා අපහාස කරලා...

සිය දේශපාලන කටයුතු කඩා කප්පල් කිරීමට කැබිනට් මණ්ඩලයේ ජේෂ්ඨ අමාත්‍යවරයෙකු ද උත්සහ කරන බව ශ්‍රී ලංකා නිදහස් පක‍ෂයේ ඛෙන්තර ඇල්පිටිය සංවිධායිකා ගීතා කුමාරසිංහ මහත්මිය පවසයි. 

දකුණු පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාර මන්ත්‍රීවරයෙකු වන අජිත් ප්‍රසන්න මහතා එම සභාවේ දී ඊයේ කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් ඇය ඒ බව සදහන් කර ඇත.
ගීතා කුමාරසිංහ මහත්මිය සිය චරිතය ඝාතනය කරන බවට අජිත් ප්‍රසන්න මහතා චෝදනා කළේය.

ජේසුතුමාගේ පිළිමයෙන් මතුවූ මරියතුමියගේ රූපය

නවතම සිද්ධිය වාර්තා වන්නේ හැඳල, නායකකන්ද දෙව්මැදුරින්... 
නැරඹී කතෝලික බැතිමතුන් විශාල පිරිසක්...


දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් ආගමික භක්තිය වැඩිවන සිද්ධීන් පසුගිය කාලයේ වාර්තා වුණා.

බුදුපිළිම වලින් බුදුරැස් විහිදෙන බව පවසමින් මීට ටික කලකට පෙර බොහෝ දෙනා පොරකමින් බුදු පිළිම දෙස බලා සිටි අතර මරියතුමීගේ දේව ප්‍රතිමා වලින් කඳුළු ගලනා සිද්ධීන්ද වාර්තා වුණා.

එහි අල්තරයේ ඉහලින් ඇති කුරුසියේ සිටින ජේසු තුමාගේ ශරීරයේ මැද හරියේ මරිය මව්ගේ මුහුණේ චායාවක් මතුව ඇති බවයි වාර්තා වෙන්නේ.

ජැක්ලයින්ට ගරු නොකළ සේවිකාවන් දෙදෙනාගේ සේවය අත් හිටවලා

අදාල සේවිකාවන් දෙදෙනා අස්කරන්නත් කියලා...
ජැක්ලයින්ගේ විශාල පින්තූරයක් ගෙනත් පසුව දැනුවත් කරලා...



ලාංකීය රූ රැජිනක් ලෙස ප්‍රසිද්ධියට පත්ව ඉන්දියාවේ බොලිවුඩ් නිළියක් වූ ජැක්ලයින් ෆර්ඩිනැන්ඩස් පසුගියදා වැලිසර පිහිටි අබාන්ස් හි Abstract (A- World) වෙළඳසැළට පැමිණි අවස්ථාවේ ඇයට ගරු නොකලැයි කියා එම අවස්ථාවේ ආයතනයේ සේවය කළ ආරක්ෂක නිළධාරිණියකුගේ හා වෙළඳ සේවිකාවකගේ සේවය අත්හිටුවා තිබෙනවා.

මගේ දිවි ගැලවුවේ ජනපති - ජීවන්ගේ මස්සිනා

මගේ බෙල්ලෙන් අල්ලගෙන තල්ලුකරගෙන ගියා... 
කෑගහන්න උත්සාහ කළාම කට වහලා මට ගැහුවා...

සුදු වෑන් රථයකින් රථයකින් පැහැරගෙන ගිය තමාට නිදහස ලැබුනේ ජනාධිපතිවරයාගේ හා  ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ  මැදිහත්වීම මත බව බස්‌නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී හා ඇමැති ජීවන් කුමාරතුංග මහතාගේ මස්‌සිනා වන සාගර සේනාරත්න මහතා පවසයි. 

ජීවන් කුමාරතුංග අයියාත්, ජනාධිපතිතුමාත්, ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාත් මැදිහත් නොවන්නට තමන් අද ජීවතුන් අතර සිටිනවාදැයි කිව නොහැකි බව පෙරේදා (26) රාත්‍රියේ සුදු වෑන් රථයකින් පැහැර ගැනීමකට ලක්‌ව නිදහස්‌ වී පැමිණි සේනාරත්න මහතාකියා සිටියි.

ලොව මිල අධිකම කේක් ගෙඩිය සුපවේදී දිමුතුගෙන්

වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 35 කි...
එංගලන්ත ක‍්‍රිකට් කණ්ඩායමත් කේක් ගෙඩියට වහ වැටිලා...


අහුන්ගල්ල හෙරිටන්ස් හෝටලයේ සුපවේදී දිමුතු කුමාරසිංහ විසින් ලොව වටිනාම කේක් ගෙඩිය නිපදවීමට සමත්වී ඇත.

යුරෝපා මාධ්‍යට රස පුවතක් වූ සිහිසුන්ව ඇද වැටුණු සෙබලා

නොයෙක් රටවල රජ කුමර කුමරියන් පිළිගැනීමේදී බොහෝ සෙබළුන් සිහිසුන්ව ඇදවැටිලා...

නෝර්වේ රැජින වන සොන්ජා හැරල්ඞ්සන් ආරාධනයකට අනුව එරටට පැමිණි එංගලන්තයේ චාල්ස් කුමරුගේ බිසව කැමිලා පාකර් පිළිගැනීම සඳහා හමුදා උත්තමාචාරයක් පැවැත්විණි. 

එහිදී සෙබළකු සිහිසුන්ව ඇද වැටීම යුරෝපා මාධ්‍යට රස පුවතක් විය.

මේ ආකාරයට පසුගිය කාලයේ යුරෝපයේ නොයෙක් රටවල රජ කුමර කුමරියන් පිළිගැනීම සඳහා පැවැති හමුදා උත්තමාචාරයන් හිදී සෙබළු සිහිසුන්ව ඇදවැටුණු බව යුරෝපා මාධ්‍ය පවසයි. 

අක්ෂා - කාවිංග පෙම් පුවත නිසා කාවිංග සිත් තැවුලෙන්

කාවිංග නිසා ජානකි අක්ෂා අතර ගැටුමක්...
කාවිංගගේ විවාහ ගිවිස ගැනීම අක්ෂා නිසා බිඳී ගිහින්...



මේ දිනවල සිරස රුපවාහිනියේ විකාශය වන "සඳ සිත්තම්" නාට්‍යයේ ප්‍රධාන චරිතයක් නිරුපණය කරන කාවිංග පෙරේරා හේතුවෙන් නිළියන් දෙදෙනෙකු අතර ගැටුමක් ඇතිවී තිබේ.

මෙම ගැටුම ඇතිවී තිබෙන්නේ එම ටෙලි නාට්‍යට රංගනයෙන් දායක වන හා නාට්‍යය නිෂ්පාදිකාව වන ජානකි විජේරත්න සහ අක්ෂා සුදාරි සමගයි.