Ads 468x60px

.

වාහන පටවාගත් සියළුම නෞකා ඉදිරියේදී හම්බන්තොට වරායට හරවා යවයි

මෙතෙක් කල් කොළඹ වරායෙන් ගොඩබෑම් කරනු ලැබූ වාහන හම්බන්තොට වරායෙන් ගොඩබෑ යුතු වනවාලු ...

කොලඹ වරායට පැමිණෙන වාහන පටවාගත් සියළුම නෞකා ඉදිරියේදී හම්බන්තොට වරායට හරවා යැවීමට රජය තීරණය කර තිබෙනවා.

හම්බන්තොට වරාය පසුකර යන නැව් 400න් දිනකට නැව් 4 ක් වත් එන බව උපකල්පනය කරමින් ඉදිකළ හම්බන්තොට වරායට නැව් පැමිණීමක් නොමැති නිසා චීනයෙන් ගත් මුදල්වලට අධික පොලී ගෙවීම් කරමිනුයි නඩත්තු කරමින් පවත්වාගන යන්නේ.

අඬු කඩනවා කිව්වයි මර්වින්ට පොලිසිය එරෙහි වෙයි

බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීම මර්වින් යටතට...
ප‍්‍රකාශ හතරක් පිළිබඳව නීතිමය ක‍්‍රියාමාර්ග...

ජිනීවා නුවරට ගොස් රට පාවාදුන් මාධ්‍යවේදීන්ගේ සහ මානව හිමිකම් ක‍්‍රියාකාරීන්ගේ අඬු කඩන බවට අමාත්‍ය මර්වින් සිල්වා මහතා කල ප‍්‍රකාශය ඇතුළු ප‍්‍රකාශ හතරක් පිළිබඳව ගත හැකි නීතිමය ක‍්‍රියාමාර්ග පිළිබඳව මේ වන විට සොයාබලමින් සිටින බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක අජිත් රෝහණ මහතා කියා සිටී.

අමාත්‍යවරයා සිදුකල ප‍්‍රකාශ 4ක් සම්බන්ධයෙන් දැඩි අවධානය යොමුකර ඇති බවත් එම ප‍්‍රකාශවල ඇති බරපතලකම සහ ඒ ප‍්‍රකාශවලට අදාලව නීති විරෝධී යමක් සිදුවී තිබේද යන්නත් සොයි බලන බවද ඔහු පවසයි.මෙම සොයා බැලීම්වලින් පසු අමාත්‍යවරයාට එරෙහිව නීතිමය ක‍්‍රියාමාර්ග ගන්නා බවද පොලීසිය වැඩිදුරටත් කියා සිටී.

මංගල ඇඳුම් නිර්මාණයේ නව ගිනස් වාර්තාවක්

විශාලතම මංගල ඇඳුම නිම කිරීමට රුපියල් 1,232,000 ක් වැයකරලා...

රුමේනියාවේ බුකාරෙස්ට් නුවර නිරුපණ ශිල්පිනියක වන එමා ඩුමිට්රෙසන් (17) මංගල ඇඳුම් නිර්මාණයේ නව ගිනස් වාර්තාවක් පිහිටුවීමට සමත් විය.  

ඇය විසින් නිර්මාණය කැරුණු කාන්තා මංගල ඇඳුම් වේල්පොටේ දිග මීටර් 2750කට ආසන්නය  මෙයට පෙර ජර්මන් ජාතික ඇඳුම් නිර්මාණ ශිල්පියෙක් මීටර් 2445ක් දිග කාන්තා මංගල ඇඳුමක් නිර්මාණය කෙළේය. එම වාර්තාව බිඳ දැමීමට එමාට හැකි විය. 

ප්‍රථම වතාවට එකිනෙකාට වෙනස් පාටවලින් යුක්ත නිව්න් දරුවන්

විනාඩියක පරතරයක දී උපත ලැබුවා...
ලක්ෂ 10කට එකක් වන නිව්න් දරු උපතක්...

එංගලන්තයෙ ලන්ඩන් නුවර කයිලී හොට්ග්සන් හා රෙමි යන දෙමාපියනට දාව මෙයට වසර හතකට පෙර උපන් අරුම පුදුම නිව්න් දරු දෙදෙනා පිළිබඳව ප්‍රථම වතාවට පසුගිය දා එංගලන්ත මාධ්‍ය වාර්තා කෙළේය.

විනාඩියක පරතරයක දී උපත ලද කියන් හා රෙමින් යන දැරියන් දෙදෙනා එක්නෙකාට වෙනස්  පාටවලින් යුක්තය වෛද්‍ය මතය අනුව නිව්න් දරු උපත් ලක්ෂ 10කට එකක් මෙලෙස සිදුවිය හැකියි.

උපන් දිනේට පවුලේ අයත් එක්ක මොනවහරි කෝලම් ටිකක් කරනවා - ෂෙරිල්

අනාථ නිවාසයකට දානයක් දෙන්නත් හිතාගෙන ඉන්නවා...

අමා ටෙලි නාට්‍යය හරහා පේ‍්‍රක්‍ෂකයන් අතර ජනාදරයටපත් ෂෙරිල් රොමේන් ඩෙකර්ගේ උපන්දිනය යෙදී ඇත්තේ ලබන අප්‍රේල් 10 වැනිදාටය.

මෙම උපන්දිනේට පවුලේ අයත් සමග මොනවහරි කෝලම් ටිකක් කරන බව ෂෙරිල් සති අන්ත පුවත්පතකට පවසා තිබේ.එසේම ඇය අනාථ නිවාසයකට දානයක් දෙන්නත් සූදානමින් සිටින බව පැවසේ.

රන්ජන් මගේ හොඳ යාලුවෙක් විතරයි - චතුරිකා

මම එයාට ආදරය කරනවා - රන්ජන්...
අනේ නෑ එයා මගේ හොඳ යාලුවෙක් - චතුරිකා.. 


සිනමා නළු රන්ජන් රාමනායක හා ටෙලි නාට්‍යය නිලි චතුරිකා පිරිස් අතර ප්‍රේම සම්බන්ධයක් ඇති බව කතාවක් පැතිරී තිබුනත් පසුගිය කාලයේ ඔවුන් දෙදෙනා විසින්ම එය ප්‍රත්ක්ෂේප කොට සිටියේ එය කටකතාවක් පමණක් බව කියමින්.

මස්සිනාගේ කට නිසා ජීවන්ට කුණු බැණුම්

කුණුහරුපයෙනුත් බැණලා...
කට පරිස්සම් කරගෙන ඉන්න කියලා..

සුදු වෑන් රථයකින් පැහැරගෙන යනු ලැබූ තමාව නිදහස් කර ගැනීමට මැදිහත් වූයේ ජනාධිපතිවරයා සහ ආරක්ෂක ලේකම්වරයා බවට ජීවන් කුමාරතුංග ඇමතිවරයාගේ සොහොයුරු, හිටපු පලාත් සභා මන්ත‍්‍රී සාගර සේනාරත්න මහතා ‘දිවයින’ පුවත්පතට කර තිබූ ප‍්‍රකාශයෙන් කෝපයට පත් ජනාධිපතිවරයා ජීවන් කුමාරතුංග ඇමතිවරයාට කුණුහරුපයෙන් බැණ වැදී තිබේ.

එපා.. එපා...කියද්දී ඒ පිරිස ගස් කැපුවා

ඇල්බීසියා ගස්‌ කීපයක්‌ පිරිසක්‌ බලෙන් කපන්නට වුණා...
මඩුවේ සිටි මිත්තනියක්‌ සහ මුණුබුරත් එකට යට වුනා...

කපමින් තිබූ ගසක්‌ මඩුවක්‌ මතට වැටීමෙන් සිදුවූ මාරක අනතුරකින් මඩුවේ සිටි මිත්තනියක්‌ සහ මුණුබුරකු මරුමුවට පත්වීම සම්බන්ධයෙන් කොළඹ නාගරික හදිසි මරණ පරීක්‍ෂක උසාවියේ පැවැති සාක්‍ෂි විභාගයේදී සාක්‍ෂි දුන් වතුහේන ගමරාළලාගේ වසන්ති කුමාරි තිලකරත්න (22) යන අය එසේ පැවසුවාය.

ඉදිරියේදී නැවතත් ඉන්ධන මිල ඉහලට - ලීටරයකින් රුපියල් 15ක් පාඩුයිලු

දැනටමත් ඉන්ධන මිල යළිත් රුපියල් 15 කින් වැඩිකිරීමට අවසර ඉල්ලලා ...

පසුගිය පෙබරවාරි මාසයේ රජය විසින් පෙට්‍රල් ලීටරයක මිල රු. 12/- කින්ද ඩීසල් මිල රු. 31/- කින්ද, භූමිතෙල් මිල රු. 35/-කින්ද වැඩිකරනු ලැබිය.

නමුත් ඉදිරියේදී නැවතත් ඉන්ධන මිල ඉහල යාමට හැකි බවට තොරතුරු අප වෙත වාර්තා වේ.

විදුලිය නොමිලේ ලබා ගන්නේ මෙහෙමයි...!

ජයග්‍රහකයන් 1,000කට මසක් විදුලිය නොමිලේ...


මාසික විදුලි බිලෙන් 20% ක් අඩු කරගන්නා විදුලි පාරිභෝගිකයන්ට මාසයකට විදුලිය නොමිලේ සැපයීමට විදුලිබල හා බල ශක්ති අමත්‍යාංශය තීරණය කොට තිබෙනවා.

මේ වැඩපිළිවෙලට ලංකා විදුලිබල මණ්ඩලයෙන් හා ලංකා විදුලි පෞද්ගලික සමාගම සහය පළකර තිබෙනවා.