Ads 468x60px

.

කැපුවේ නල ලිඳක් - මෙන්න බොලේ ගෑස් එනවා

අඩි 50 ක් ගැඹුරට කැපුවා...
බුබුළු නගින ශබ්දයක් හා ගඳක් ආවා...

හලාවත තිඹිල්ල අක්කරායන්කොටුවේ ගෙවත්තක පිහිටි නල ළිඳකින් දැවෙන සුළු වායුවක් පිට වන බව වාර්තා වේ. 

මේ බව අනාවරණය වී ඇත්තේ පසුගිය 17දාය.මෙම ඉඩම හිමි චන්ද්‍රශීලන් පාල්රාජ් (37) මහතා ගේ ගෙවත්තේ පිහිටා ඇති මෙම නල ළිඳ ඉදිකර ඇත්තේ දින කිහිපයකට ඉහතදීය.

වසර මුලදී විවාහ වන බව කීවත් දුලානිට තවම පෙම්වතෙක් නෑ

ඇගේ වැඩිහිටියන් ඈ ඉක්මනින් විවාහකරදීමට උත්සාහ කරනවලු..

ජනපි‍්‍රය රංගන ශිල්පිනියක් වන දුලානි අනුරාධා මේ වසර අවසානයේ හෝ ලබන වසර මුලදී විවාහ වන බව සතිඅන්ත පුවත්පතකට පවසා තිබිණි. 

එහිදීද ඇය සිය පෙම්වතා සම්බන්ධයෙන් හෙළි කිරීමක් කර නොතිබිණි.මේ අතර, ක්ෂේත‍්‍ර ආරංචිමාර්ගවලින් වාර්තාවන්නේ දුලානිට පෙම්වතෙක් නොමැති බවයි.

පසුගිය කාලයේදී ඇයට එවැනි සම්බන්ධකම් කිහිපයක් තිබුණද මේ වන විට එම සම්බන්ධකම් බිඳ වැටී ඇතැයි ද එම ආරංචි මාර්ගවලින් වාර්තා වේ.ඇගේ වැඩිහිටියන් ඈ ඉක්මනින් විවාහකරදීමට උත්සාහයක් පවතින බවද මේ අතර වාර්තා වේ.

වසර දහස් ගණනකට පෙර වළගම්බා රජු පොළොව යටින් සැවී ගිය උමග සොයයි

හිමිවරු 99ක් අතුරුදන් වෙලා...
මහා ලෝකාන්තයක් වැනි ප‍්‍රදේශයක්...

මීට වසර දහස් ගණනකට පෙර වළගම්බා රජු පොළොව යටින් සැවී ගිය බවට ජනප‍්‍රවාදයේ එන අප‍්‍රකට උමං මාර්ගයක ගවේෂණ ආරම්භ කර ඇතැයි වාර්තා වේ. 

මෙම උමං කට පිහිටා ඇත්තේ ගම්පහ අශ්වගිර වනාන්තරයේ අඩි 513ක් උසැති ගිරිකුස්සන ලෙන් අතරය.අදින් වසර 400කට පමණ පෙර මෙම උමං කටින් ඇතුළු වූ හිමිවරු 99ක් අතුරුදන් වූ බවත් උමං කටට ඇතුළු වූ පැරණි දඩයක්කරුවෙකුද මරණයට පත්වූ බවත් පැවසේ.

හෙන්දිරික්ක මල් පිපෙන මිනි උස්සන වෙලාවට මොන නැකත්ද ?

රවී හෝරාවෙන් ගිනි මොලවන්නේ චිතකයටයි...
ජනතාව ගනදෙනු කරන්නේ ඉර උදාවත් එක්ක මිසක් ඉර බැහැල යාමත් එක්ක නෙවෙයි.

මෙවර සිංහල හින්දු අලුත් අවුරුද්දේ ලිපගිනි මෙලවීමේ නැකත අප්‍රේල් 13 වනදා අපරභාග 7:42 ට යොදාගෙන ඇති වෙලාව රටටත් ජනතාවටත් අහිතකර බව ජෝතිශ්‍යවේදීන් ගණනාවක් විසින් පෙන්වා දී ඇති අතර එය වෙනස් කරන මෙන් සංස්කෘතික ඇමතිගෙන් ඉල්ලා ඇත.

මම ගෝන මස් කන්නෙත් නෑ..උරු මස් කන්නෙත් නෑ..- මුතුහෙට්ටිගම

රෑට කන්නෙත් නෑ..ගෙදරට 
ගන්නෙත් නෑ ඕව..
මමයි නෝනයි දැන් නොමැරී ජිවත් වෙන්නේ අමාරුවෙන්.

ගාල්ල ඕපාත රජවංගල ආරණ්‍යය භුමියේ සිටි ගොනෙකු පසුගිය පෝය දිනයේදී අලුයම නීති විරෝධී අන්දමින් විදුලිසර වද්දා මරා දමා ඇත.

ගණිකාවක් ලබා නොදුන්නැයි අයිය මලෝ දෙදෙනා පහරදී අහසට වෙඩි තබයි

ලුතිනන්වරයා පූනරීන්...
උප පොලිස් පරීක්‍ෂකවරයා පොලිස් විශේෂ කාර්ය බලකායේ...

ඇසුරට ගණිකාවක් ලබාදෙන ලෙස ඉල්ලා මහරගම ප‍්‍රදේශයේදී පුද්ගලයන් කිහිපදෙනෙකුට පහරදී අහසට වෙඩිතැබූ බව කියන ලුතිනන්වරයෙකු, උප පොලිස් පරීක්‍ෂකවරයෙකු හා තවත් අයෙකු ලබන 18 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස නුගේගොඩ වැඩබලන මහේස්ත‍්‍රාත් හා අතිරේක දිසා විනිසුරු රමණී කුලරත්න මහත්මිය නියෝග කළාය. 

මම පාටි දාන්න ආස නැහැ. ඒක මහ බොරු වැඩක් - තනුජා

තනුජාගේ උපන්දිනය යෙදී ඇත්තේ මෝඩයාගේ දිනයටයි...
 සිරස මාධ්‍ය ජාලයේ ජනපි‍්‍රය නිවේදිකාවක වන තනුජා ජයවර්ධනගේ උපන්දිනයට සාද නොපවත්වන බව වාර්තා වේ.

සාදවලට අකමැති නැති තනුජා සිය උපන්දිනය අපේ‍්‍රල් 01 වැනිදා නොඑසේනම් මෝඩයාගේ දිනයට යෙදී ඇති බැවින් උපන්දින සාද නොපවත්වන බව පැවසේ.

දමිළ ලේඛකයින් සාහිත්‍යධරයින් විසින් සම්මානයට පාත‍්‍ර වූ එකම සිංහල කාන්තාව

ජාතික සමගිය උදෙසා  සිදුකළ මෙහෙවරක් ...

පසුගියදා වැල්ලවත්ත දමිළ සංගම් ශාලාවේදී පැවති  සම්මාන උළෙලකදී ප‍්‍රවීණ ගායන ශිල්පිනී ප‍්‍රදීපා ධර්මදාස මහත්මිය කොළොන්දු දමිළ සඟරාව මගින්  සම්මානයෙන් පුදනු ලැබුවාය.
ඇයට  මෙම සම්මානය පුදනු ලැබූයේ ඇය කලාව උපයෝගී කරගනිමින් ජාතික සමගිය උදෙසා  සිදුකළ  මෙහෙවර වෙනුවෙනි.

කරිෂ්මාගේ ඩේන්ජර්ස් ඉෂ්ක් හි මංගල පෝස්ටරය

ඇගේ හැඩරුව හොලිවුඞ් සිනමාවේ ඇන්ජලීනා ජෝලිට සමානයිලු ...

දීර්ඝ කාලයක් පුරාවට රඟපෑමෙන් ඉවත්ව සිටි සුපිරි බොලිවුඞ් නිළි කරිෂ්මා කපූර් යළිත් සිනමාවට පයතබා ඇති අතර, ඇය රඟපෑ නවතම චිත‍්‍රපටිය වන ඩේන්ජර්ස් ඉෂ්ක් හි මංගල පෝස්ටරය පසුගියදා එළිදැක්විණි.



මෙම චිත‍්‍රපටියේ ඇගේ හැඩරුව හොලිවුඞ් සිනමාවේ ඇන්ජලීනා ජෝලිට සමාන බව බොහෝදෙනාගේ මතය වූවද, කරිෂ්මා එයට එකඟ නොවේ.