Ads 468x60px

.

කකුල් හයක පිරිමි දරුවෙක්

විදෙස් වෛද්‍යවරුන්ගේද සහාය ඇතිව බිළිඳා සැත්කමකට...

පකිස්තානයේ රෝහලකදී කතක් විසින් පාද හයක් සහිත පිරිමි දරුවකු ප‍්‍රසූතකර ඇතැයි විදෙස් වාර්තාවල සඳහන් වේ.

මෙම දරුවා ප‍්‍රසූතකර ඇත්තේ එක්ස්රේ තාක්ෂණ ශිල්පියෙකුගේ බිරිඳක විසිනි.මෙවැනි දරු උපත් සිදුවන්නේ මිලියනයකට එකක් පමණක් බව කරච්චි ජාතික ළමා සෞඛ්‍ය ආයතනයේ වෛද්‍ය ජමල් රාසා මාධයට පවසා  තිබේ.

මහත්මා ගතිය ඉක්මවා මංත්‍රී ගතිය ඉස්මතු වූ සනත්

මංත්‍රී බලය පාවිච්චි ක පොලිස් නිළධාරියකුට පොලිස් එස්කොට් ලබාදෙන්න බලපෑම් කරලා...

ක්‍රිකට් ප්‍රසිද්ධ වී ඇත්තේ මහත්මා වරුන්ගේ ක්‍රීඩාවක් ලෙසයි. එම ක්‍රීඩාව ක්‍රීඩා කල සනත් ජයසූරිය ද මහත්මා ගතිගුණ ඇති ක්‍රීඩකයෙක් ලෙසයි ලොව ප්‍රකට උනේ.

එහෙත් ක්‍රීඩකයාගේ මහත්මා ගතිය ඉක්මවා මංත්‍රී කෙනෙකුගේ නොහික්මුනු කමක් ඔහුගෙන් ඉස්මතු වූ අවස්තාවක් අපට වාර්තා වෙනවා.

ශ්‍රී ලංකාවේ ව්‍යවස්තාව සංශෝධනය කල යුත්තේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මිස ඉන්දීය පාර්ලිමේන්තුවේ නොවේ

ඉන්දීය පාර්ලිමේන්තුවේ විපක්ෂ නායිකාව ඇතුළු පාර්ලිමේන්තු නියෝජිත පිරිසක් මෙරටට පැමිණ ඇත. අසල්වැසි රටක එවැනි නියෝජිත පිරිසක් ශී‍්‍ර ලංකාවට පැමිණ මෙහි ඇති සැබෑ තතු දැනගැනීමට පෙළඹීම පිළිබඳව අපි සතුටු වෙමු.

ශී‍්‍ර ලංකාවට පැමිණ සිටින ඉන්දීය පාර්ලිමේන්තු නියෝජිතයන්ගෙන් අප ඉල්ලා සිටින්නේ දෙමළ සන්ධානයේ මතය හා ලොව පුරා එල්.ටී.ටී.ඊ. හිතවාදීන් පතුරුවා ඇති මිත්‍යාවන් පසෙකලා උතුරේ දෙමළ ජනයා ගැන පමණක් නොව නැගෙනහිර, බටහිර ආදී ප‍්‍රදේශවල ජීවත්වන දෙමළ ජනයා ගැනද අවධානය යොමුකරන ලෙසය.

සුළු මවගේ නිවසේ උගස බේරන්න කියා උපාධි අපේක්‍ෂිකාවක් මාලයක් කඩයි

ලක්‍ෂ නවයක් එකතු කරලා...
තව අඩු පනස් දාහක් විතරලු...
බැංකුවේ අවසන් නිවේදනයෙන් 
පිහිය අතට අරන්... 

සුළු මවගේ නිවසේ උගස බේරීම සඳහා දෙවැනි වසරේ උපාධි අපේක්‍ෂිකාවක පිහියක් පෙන්වා කතකගෙන් රන් මාලයක් කඩාගෙන පැන යද්දී ගම්පොල ත‍්‍රිරෝද රියැදුරෝ පිරිසක් ඇය අල්ලා පොලිසියට බාරදුන්හ.

රුපියල් ලක්‍ෂ නවයක් එකතු කැර ගත් ඇයට තවත් රුපියල් පනස් දාහක අඩුවක් තිබූ බවද බැංකුවේ අවසන් නිවේදනය ආ පසු පිහියත් රැගෙන ඇය පාරට බැස ඇති බවද කියති.මව අහිමි ඇය ආබාධිත පියාද පාසල් වියේ සහෝදර සහෝදරයින්ද රැක බලා ගනිමින් සුළු මව සමග ජීවත් වන බවද පොලිසිය පවසයි.

පෙම්වතියගේ නිරුවත් පින්තුර ඉන්ටනෙට් එකට දාන්න ගිහින් වැඩ වරදියි

තර්ජනය කර පැරණි පෙම්වතිය 
නිවසට ගෙන්වාගෙන...

තමා සන්තකයේ ඇති නිරුවත් ජායාරූප අන්තර් ජාලයට මුදා හරින බවට තර්ජනය කර පැරණි පෙම්වතිය නිවසට ගෙන්වාගෙන පහරදුන් බව කියන ලාංකිකයකු ඉතාලි පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත. 

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉතාලියේ මෙස්සිනා නුවර පදිංචි තිස් හැවිරිදි ශ‍්‍රී ලාංකිකයෙකි.ලාංකිකයා මෙස්සිනා පොලිසිය විසින් පසුගිය 15 වැනිදා අත් අඩංගුවට ගෙන තිබේ.

ඉන්දිකගේ විවාහයෙන් උදයන්ති සදාකල් විවාහ නොවීමට තීරණය කරලා

ඉන්දිකගේ බිරිඳත් විදේශ ගත වෙලා ...
දියණිය මවගේ බාරයට අරන්...

ටෙලි නාට්‍ය නළු ඉන්දික ගිනිගේ වසර හතරක විවාහය දෙදරා ගොස් ඇති බව අපට වාර්තා වේ.

විවාහ
ජිවිතයේ ඇතිවූ අර්බුදයක් හේතුවෙන් ඔහුගේ බිරිඳ මේවන විට විදේශගතව සිටින අතර ඔවුන්ගේ දියණියද මවගේ බාරයට ගෙන ඇති බව වාර්තා වේ.

CCTV ජංගම මුර රථය මගින් අමාත්‍යවරුන්ගේ මෙවන් ක්‍රීයාත් හසුවෙවිද?

කැමරා මගින් හසු නොවන ප්‍රදේශ මෙයින් ආවරණය කෙරේ...

කොළඹ නගරය පුරා සැරිසැරීමට CCTV කැමරා සවිකරන ලද ජංගම පොලිස් රථයක් යෙදවීමට තීරණය කර ඇති හෙයින් ඊයේ(17) දිනයේදී එම රථය උත්සවාකාරයෙන් කටයුතු ආරම්භ කරනු ලැබුවා.

ඒ අනුව ඉදිරියේදී දැනට ආරක්‍ෂිත කැමරා මගින් හසු නොවන ප්‍රදේශ, හදිසි ආපදා, කලහකාරී ලෙස හැසිරෙන පිරිස්, මාර්ග නීති කඩ කරන රියදුරන්ගේ දර්ශන පටිගතකොට අධිකරණයට ලබාදීමේ හැකියාවක් මෙම නවීන තාක්ෂණික පහසුකම් සපිරි රථයට හැකියාව තිබෙනවා.

දියණියට අතවර කළැයි නඩු දැමු අම්මා පැමිණිල්ල ඉල්ලා අස්‌කර ගනී!

දැන් අපි තුන්දෙනා හොඳට ජීවත් වෙනවා... 
පවුලේ යහපත වෙනුවෙන් නඩුව සමථයකට පත්කර දෙන්න...

ශ්‍රී ලංකාවේ වාසය කළ බ්‍රිතාන්‍ය ජාතිකයකුට එරෙහිව බාල වයස්‌කාර දැරියකට ලිංගික අපචාර සිදු කිරීමක්‌ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය ජාතිකයා සියලු චෝදනාවන්ගෙන් නිදහස්‌ කිරීමට නියෝග කරන ලදී.මෙසේ නිදහස්‌ වූයේ මහනුවර පදිංචිව සිටි බ්‍රිතාන්‍ය ජාතිකයෙකි.

"තාරුණ්‍යය පරිස්සමෙන් පරිහරණය කරමු" සඳහා කෙල්ලන්ම පස්දෙනෙක්

ඔවුන්ගේ ඇඳුම් විලාසිතා සරාගී වැඩිලු...

ජනප‍්‍රිය නළු අර්ජුන් කමලනාත් ගේ කුලූඳුල් සිනමා අධ්‍යක්ෂණය ‘ඉගිල්ලෙන්න ඇයි දඟලන්නේ’ චිත‍්‍රපටය ළඟදීම තිරගත වීමට නියමිත බව වාර්තා වේ.



තාරුණ්‍යය සඳහා පිදෙන මෙම චිත‍්‍රපටයේ පණිවුඩය ‘තාරුණ්‍යය පරිස්සමෙන් පරිහරණය කරමු’ යන්න බව පැවසේ.කෙසේවුවද මේ සඳහා කෙල්ලන් පස්දෙනෙකුම යොදා ගැනීම සම්බන්ධයෙන් ක්ෂේත‍්‍රයේ කසු කුසුවක් ඇතැයි ද වාර්තා වේ.

භාවිතා කරන ලද වාහන වල මිල 20 % න් පහතට

ඉහත සහනය ලබාදීමට ජනපති එකඟ වෙලා...

භාවිතා කරන ලද ආනනයනික මෝටර් රථ සහ වෑන් රථ සඳහා පනවා තිබු වසරේ සීමාව වසර දෙක කිරීමත් වාණිජ වාහන සඳහා පැනවූ වසර තුනහමාරේ සීමාව වසර හතර කිරීමත් සමග ලෝක වෙළඳපොලෙන් වාහන අඩුමිලට ගෙන්වීමට හැකි වීමත් එම මිලට සාපේක්ෂව අඩු තිරුබද්දක් ගෙවීමට සිදුවීමත් නිසාත් භාවිතා කරන ලද වාහන වල මිල ගණන් 20 % පමණ පහල යනු ඇති බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති යොගා පෙරේරා මහතා සඳහන් කරයි.