Ads 468x60px

.

හිරුණිකා ඝාතනය කිරීමේ කොන්ත්‍රාත්තුවක් පාතාල කල්ලි දෙකකට බාරදීලා


පාතාල කල්ලියක සාමාජිකයෙකු පාපොච්ච්රණය කරලා...


ජනාධිපති සම්බන්ධිකරණ ලේකම් හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවිය අබිරහස් ලෙස ඝාතනය කිරීමේ සැලැස්මක් හෙළිවී තිබේ.

මර්වින්ගේ අලුත් රාජකාරිය


වෙබ් අඩවිවලට ප්‍රවෘත්ති සපයන ආණ්ඩුපක්ෂයේ මැති ඇමතිවරු ගැන විමසිල්ලෙන්...


ජනාධිපතිවරයාටත්, නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාටත්, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාටත් එරෙහිව කතාබහ කරන සහ රාජපක්ෂවරුන්ට එරෙහිව වෙබ් අඩවිවලට ප්‍රවෘත්ති සපයන ආණ්ඩුපක්ෂයේ මැතිඇමතිවරු සම්බන්ධයෙන් සොයා බලා වහාම ඒ පිළිබඳව වාර්තා කිරීමේ විශේෂ රාජකාරියක් ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මර්වින් සිල්වා මහතා වෙත පවරා තිබේ.

සුදු ඇඳගත් ගැහැණියක් ගොරකදෙනිය මහපාරේ


පාරේ යන වාහනවලට අත දමා වාහනයට නැග ටික දුරක් ගොස් අතුරුදන් වෙනවලු ...


සුදු ඇඳගත් ගැහැණියක් මහ රෑ වීරගුල පොලිස් වසමට අයත් ගෝනගල, ගොරකදෙනිය, පිලංකඩ ප්‍රදේශවල මහපාරේ සැරි සරතියි කියන කතාව බොරු භීතියක් මවා පෑමේ සිද්ධියක් විය හැකියි කියන වීරගුල පොලීසිය රාත්‍රී මුර සේවා තර කැර තිබේ.

ජනප්‍රිය නිලි උදාරි දියණියක් බලාපොරොත්තුවෙන්


නැවත පැමිණීමට නියමිතව ඇත්තේ මෙම වසර අගදීලු ...


තම කුලුදුල් දරු ප්‍රසුතිය සඳහා සිය සැමියා වෙසෙන සිංගප්පුරුව වෙත ගිය ජනප්‍රිය නිලි උදාරි වර්ණකුලසුරිය දියණියක් බලාපොරොත්තුවෙන් සිටින බව වාර්තා වනවා. 

දමිතා අබේරත්න අලුත් වෙනසට සුදානම් වෙනවාලු.

ඒවා විහිළු කතා. ඔය කියන නිළියෝ කී වතාවක් නම් විවාහ වෙලා තියෙනවද...

වෙනසක් සිදුවේයැයි සිතුවද එය එසේ සිදු නොවුණි. ඇය කීවේම ඒ වෙනස සිදුවෙන බවය. කෙසේ වෙතත් ගෙවී ගිය අවුරුදු කාලේ අපට ආරංචි වුයේ ඒ වෙනස සිදුවෙන බවයි. ඒ නිසාම අප ඇය සොයා ගියෙමු. 

ඒ දමිතා අබේරත්නය. දශක තුනක් රංගන ශිල්පිනියක ලෙස පේ‍්‍රක්ෂක හදවත් තුළ ලැඟුම් ගත් දමිතා අබේරත්නගේ අලුත් වෙනස ගැන තතුවිමසන්නට අපි මෙලෙස දොඩමළු වුනෙමු. 

ඔහේට මොනවහරි කියන්න තියෙනවනම් කෙළින්ම මට කියන්න - දෙරණේ ලොක්කෙක්

සවීණා වාගේ බඩවැල් ටෙලිවල අපට රඟපාන්න වෙලා තියෙන්නේ අපේ ආර්ථිකය හොඳ නැති නිසා...

 සවීණා ටෙලිය කොටස් 150 ක් පසුකර යාම නිමිත්තෙන් පසුගියදා එයට දායක වූ කලාකරුවන් හා දෙරණ නාලිකාවේ ප‍්‍රධානීන්ගේ ප‍්‍රධානත්වයෙන් පුංචි පහේ සාදයක් පැවැතිණි.


සාදය පුංචි වුවද මේ සඳහා සැර බීමද මදි නොකියන්නට තිබූ බවද පැවසේ.
මෙලෙස සාදය පැවතීගෙන යද්දී ‘සවීණා’ ටෙලිය ගැන ගුණ කථනයක් කිරීමට එහි නිෂ්පාදකයාට අවශ්‍යවී තිබේ.

මත් කුඩු පාර්සලයට මගේ සම්බන්ධයක්‌ නෑ - ඇන්ජලා කියයි

ඇන්ජලා පදිංචිව සිටි නිවෙස විදෙස්‌ සංචාරකයන්ගේ තිප්පොළක්‌ලු ...

මධ්‍යම තැපැල් හුවමාරුවට පැමිණ ඇති හෂීස්‌  පාර්සලයට අදාළව තමන්ගේ කිසිදු සම්බන්ධයක්‌ නැතැයි ද මාධ්‍යවල පළවන පුවත් පිළිබඳ කනගාටු වන බවද ජනප්‍රිය නිළි ඇන්ජලා සෙනෙවිරත්න මහත්මිය ඊයේ (20 දා) ප්‍රකාශ කළාය. 

"මගේ චරිතය ඝාතනය වන ආකාරයේ පුවත් මේ දවස්‌වල ප්‍රචාරය වෙනවා. මේ කතාව ගැන මම කිසිම දෙයක්‌ දන්නේ නැහැ. ඔය පාර්සලය එවා තිබූ බව කියන 67, හඩ්සන් පාර, කොළඹ 03 ලිපිනයේ මම අවුරුදු දහයකට කලින් පදිංචිව සිටියා. ඉන් පසු ඒ නිවස කුලියට ගත්තේ කවුද... දැන් පදිංචිව ඉන්නේ කවුද කියා මම දන්නේ නැහැ. 

ඇත්ත නැත්ත නොදැන ප්‍රසිද්ධ අයට මඩ ගැසීම අපරාධයක්‌ - රවීන්ද්‍ර ඇන්ජලා ගැන කියයි

මේ දිනවල වෙබ් අඩවි කලාකරුවන්ට ඉතා අසාධාරණ ලෙස ප්‍රහාර එල්ල කරනවා...

සත්‍ය අසත්‍ය බව තහවුරු කර නොගෙන ප්‍රසිද්ධ අයකුට මඩ ගැසීම අපරාධයක්‌ යෑයි ප්‍රවීණ නළු රවීන්ද්‍ර රන්දෙණිය මහතා ප්‍රකාශ කළේය.

ඕනෑම අයකුගේ නමකට තැපෑලෙන් පාර්සලයක්‌ පැමිණිය හැකි බවද ඇන්ජලා සෙනෙවිරත්න මහත්මිය එම පාර්සලය භාර ගනිද්දී මෙම තත්ත්වය මතුවූවා නම් වෙනම ප්‍රශ්නයක්‌ යෑයි ද රවීන්ද්‍ර රන්දෙණිය මහතා පැවසුවේය.

පැය අටක ශල්‍යකර්මයකින් පසු පාද හයේ දරුවා බේරා ගනී

දරුවාගේ පියා වෛද්‍යවරුන් සිය ප්‍රණාමය පුද කරයි...

පාද හයක්‌ සහිතව උපත ලත් දරුවා පැය අටක ශල්‍යකර්මයකින් බේරා ගැනීමට පකිස්‌තාන් වෛද්‍යවරු සමත් වේ.

මව් මරා උපන් කුකුළු කුමරා

බිත්තරය නැතිව කුකුළු පැටවෙක් ඉපදෙයි...

කුකුළු පැටවුන් උපත ලබන්නේ බිත්තරවලින් බව කවුරුත් දන්නා සාමාන්‍ය සිදුවීමකි. එහෙත් ශ්‍රී ලංකාවේ වැලිමඩ ප්‍රදේශයේ කිකිළියක විසින් බිත්තරයකින් තොරව පැටවකුට උපත ලබාදීම පිළිබඳව මෙම පුවත වාර්තා වේ.