Ads 468x60px

.

අප‍්‍රිකානු ජනපති හැත්තෑවෙනි උපන්දිනය සැමරුවේ බහු විවාහයන් හයකුත් එක්කලු

එම බිරියනට දාව උපන් දරු දැරියන් 20ක්...


දකුණු අප‍්‍රිකානු ජනපති ජාකොබ් සුමා සිය හැත්තෑවෙනි උපන්දිනය සැමරුවේ ඉකුත් 12 වැනිදාය. හැත්තෑ හැවිරිදි ජාකොබ් 6 වැනි වරටත් ඉදිරි සතිය තුළ විවාහවීමට නියමිතය.


බහු විවාහය දකුණු අප‍්‍රිකාවේ නීති විරෝධී කරුණක් නොවේ.
සුමා දැනට ජීවත්වන්නේ ද බිරියන් තිදෙනකු සමඟ වන අතර එම බිරියනට දාව උපන් දරු දැරියන් 20ක්ද ඔහුට සිටිති.වසර 1959 දී හමුවූ ගෙට්රූඞ් කුමාලො සුමාගේ පළමු බිරිඳ වූ අතර මේ දෙදෙනාට දරුවන් නොසිටියේය.

ජෝන් ඒබ‍්‍රහම්ට ඇබැද්දියක් ජෝන් ගේ රසිකාවියක් ජෝන් ගේ ශුක‍්‍රානු සාම්පලයක් ඉල්ලලා

ඇය ජෝන් ගේ හැර වෙනත් කිසිවෙකුගේ ශුක‍්‍රානු ලබාගැනීම ප‍්‍රතික්ෂේප කරලා...

සිය අළුත්ම චිත‍්‍රපටිය වන විකී ඩෝනර් හරහා ශුක‍්‍රානු පරිත්‍යාග කිරීමේ කර්තව්‍යයට සහය දැක්වීමෙන් අනතුරුව සුපිරි බොලිවුඩ් නළු ජෝන්ට අපූරු ඇබැද්දියකට මුහුණ පෑමට සිදුවූ බව වාර්තා වේ.


ශුක‍්‍රානු පරිත්‍යාග කිරීම තේමාවක් වන මෙම චිත‍්‍රපටියේ ප‍්‍රවර්ධන කටයුතු වලදී ජෝන් පවසා ඇත්තේ සත්‍ය ජීවිතයේ වුවද තමා ශුක‍්‍රානු පරිත්‍යාග කිරීමට පසුබට නොවන බවයි. කෙසේ වෙතත් එලෙස සිදුකරන්නේ හුදෙක් පරහිතකාමී අදහසකින් බව ඔහු වැඩිදුරටත් පවසා ඇත.

ෆැලන් සිය පෙම්වතා සමග විරසක වෙලා


ප‍්‍රසිද්ධ රහසක්ව පැවතුනු ෆැලන් හා ඇමති ඥාති පුත‍්‍රයා අතර හාදකම හමාර වෙලාලු...


වසර 2010 දී ශී‍්‍ර ලංකා රූ රැජින කිරුළට හිමිකම්කී ෆැලන් රණසිංහ සිය පෙම්වතා සමග විරසකවී ඇතැයි වාර්තා වේ.


ආණ්ඩුවේ ප‍්‍රබල අමාත්‍යවරයෙකුගේ ඥාති පුත‍්‍රයෙකු හා ෆැලන් අතර තිබූ හාදකම පසුගිය කාලයේදී කලා ක්ෂේත‍්‍රය තුළ ප‍්‍රසිද්ධ රහසක්ව පැවැතිණි.

විසි වසරක ආයු ඇති වොට් දහයේ එල් ඊ ඩී බල්බයක්

එහි මිල ඇමෙරිකා ඩොලර් 60 කි. 
රුපියල් නම් 7800  ක්...


මිහිතල දිනය වෙනුවෙන් උතුරු ඇමෙරිකාවේ පිලිප්ස් සමාගම විසි වසරක ආයු ඇති එල් ඊ ඩී විදුලි බල්බයක් නිපදවයි. 


සූති‍්‍රකාවක් වෙනුවට LED යොදාගෙන නිපදවා ඇති මෙම විදුලි බුබුලේ  මිල ඇමෙරිකා ඩොලර් 60 කි. (රුපියල් 7800 කි)වොට් දහයේ මේ බල්බයෙන් වසරකදී ඇමෙරිකාවට ඇමෙරිකා ඩොලර් කෝටි 390ක් ගෙවත් රුපියල් කෝටි 50700ක් ඉතිරිවෙයි. 

ලෝ පුරා ප‍්‍රසිද්ධියට පත් ගැබ්බර මිනිසා නීරෝගී දියණියක බිහි කරයි


අවුරුදු 20 වන තෙක්ම ඔහු කාන්තාවක ලෙස ජීවත් වෙලා...
හෝමෝන ප‍්‍රතිකර්මයක් මගින් ඔහු පිරිමියකු බවට...


ගැබ්බර මිනිසා ලෙස ලෝ පුරා ප‍්‍රසිද්ධියට පත් තිස් අට හැවිරිදි තෝමස් බෙටී පෙරේදා (21) නීරෝගී දියණියක බිහි කළේය. සුසාන් ජෙන්සන් නමින් නම් කළ එම සිඟිත්තියගේ බර රාත්තල් 8 ක් සහ අවුන්ස 9 කි.


තෝමස් බෙටී ලිංග පෙරැළියකට ලක් වූ අයෙකි. 1974 වසරේ දී හවායිහිදී ඔහු උපන්නේ කාන්තාවක ලෙසය. වයස අවුරුදු 20 වන තෙක්ම ඔහු කාන්තාවක ලෙස ජීවත් වූයේ ටේ‍්‍රසී ලැගොන්ඞීනෝ යන නමිනි.