Ads 468x60px

.

මේක මගේ නමට කැළලක්‌ ඇතිකරන්න හදපු කුමන්ත්‍රණයක්‌ - ඇන්ජලා කටඋත්තර දෙයි

මෙම සිද්ධියට ම කිසිසේත් සම්බන්ධ නෑ...
හැම ප්‍රශ්නයකම ඇය ඇන්ජලා පිළිතුරු දෙයි...

බ්‍රිතාන්‍යයේ සිට මත්ද්‍රව්‍ය පාර්සලයක්‌ තමාගේ නමට එවීමේ සිද්ධිය පිළිබඳව ජනප්‍රිය සිනමා නිළි ඇන්ජලා සෙනෙවිරත්න මහත්මිය පොලිස්‌ මත්ද්‍රව්‍ය විමර්ශන නිලධාරීන් හමුවට පැමිණ කටඋත්තරයක්‌ දුන්නාය. 

මෙම සිද්ධියට තමා කිසිසේත් සම්බන්ධ නැති බව ද මෙම මත්ද්‍රව්‍ය පාර්සලය එවූ කොල්ලුපිටියේ හඩ්සන් පාරේ අංක 67 දරන නිවසේ තමා පදිංචි වී සිටියේ මීට වසර දහයකට පමණ පෙර බව ද ඇය එම නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර තිබේ.

අවරුදු කුමාරිය තෝරන අතර තුරේ දයාන්ගේ ගේ ගිනි අරන්

විදුලි මීටරයට අකුණක්... 
ජායාරුප එකතුව සුරක්ෂිතයි...

ප්‍රවීන ජායරුපශිල්පි දයාන් විතාරණ මහතාගේ නිවස පසුගිය 16 වනදා ගිනි ගැනීමකට ලක්ව ඇත.නිවසේ විදුලි මීටරයට අකුණක් ගැසීමෙන් මෙම ගිනි ගැනීම හටගෙන ඇත.

මෙම ගින්න පැතිරයන අවස්ථාවේ දයාන් විතාරණ මහතා නිවසේ නොසිට ඇති අතර ඒ අවස්ථාවේ ඔහු ජාතික රුපවාහිනියේ අවරුදු කුමාරිය තේරීමේ
තරඟයේ විනිශ්චය ලබා දෙමින් සිට ඇත.

85% ම මම ප්‍රතික්ෂේප කළා - උමාලි

මම චරිත තෝරාබේරාගැනීමක් සිදුකළා. 
ඉදිරියටත් එහෙම කරයි....
මම ගීත 04 ක් පටිගත කළා...

පුංචි තිරයේ රංගන ශිල්පිණියක ලෙස ප්‍රේක්ෂකයින් අතර වැඩි ජනප්‍රියත්වයක් හිමිකරගත් ඇය "රෝස වසන්තේ", "මදර් තෙරේසා කල්කටා", "ආසයි මං පියාඹන්න" හා "නිනෝ ලයිව්" වැනි චිත්‍රපට ඔස්සේ රිදී තිරයට පිවිසීමට ද අවස්ථාව හිමිකරගත්තාය. 

මේ දිනවල සිය අධ්‍යාපනය කටයුතු වෙනුවෙන් ඇය ජපානයේ රැඳීසිටියි.ඇය උමාලි තිලකරත්න. . .

මුබාරක් ලක්ෂ 10 ක ශරීර ඇප මත නිදහස්

Updated

නිදහස් කිරීමට අධිකරණය නියෝග කරලා...

රිය අනතුරකින් මරණයක් සිදුකිරීමට අදාළව හලාවත පොලීසිය මගින් අත්අඩංගුවට ගනු ලැබූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයකු වූ ජෙහාන් මුබාරක් මහතා රු.ලක්ෂ 10 ක ශරීර ඇප මත නිදහස් කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

අවසන් ලියුමයි ඔබට ලියන්නේ අවසානයි....! සතිෂ් පෙරේරා ජීවිතයෙන් සමුගනී

මිය යනවිට වයස 43 යි...

ජනප්‍රිය ගායක සතිෂ් පෙරේරා කොළොඹ පෞද්ගලික රෝහලකදී හදිසියේ අභාවප්‍රාප්ත වී තිබෙනවා.ඒ, කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීය. 

මිය යනවිට එතුමා 43 වියේ පසුවිය.සතිෂ් පෙරේරා යනු නැසී ගිය ප්‍රවීන ගායක ෂෙල්ටන් පෙරේරා මහතාගේ පුතනුවන් වේ.

කටකතා නිසා හිතට පොඩි වේදනාවක් තියෙනවා - මේනක

ඇත්තම කිව්වොත් ඔය වගේ කතා හදන්නේ වැඩකට නැති මිනිස්සු...
නෙහාරා මේනක සමබන්ධය කට කතාවක් බව පමණයිලු...
 

ජනප්‍රිය යොවුන් නළු මේනක රාජපක්ෂ පසුගියදා සිය බිරිඳ විරන්ගි ගෙන් දික්කසාද වූ බවත් නෙහාර පිරිස් ගේ දික් කසාදයෙන් පසු මෙසේ මේනක රාජපක්ෂ දික් කසාද වීමත් "ආදරණී නයගරා"ටෙලි නාට්‍යය අතරතුර නෙහාර - මේනක පෙම් ජවනිකා හේතුවෙනුත් මේනක හා නෙහාරා අතර සම්බන්ධයක් ඇති බව විවිධ මාධ්‍යය ඔස්සේ පළවුනා.

වසරක පෙම් සබඳතාවයකින් පසුව සඳනි - ප්‍රවීන් අතිනත ගනී

විවාහ උත්සවය පවුලේ හිතවතුන්ට විතරයි...
හිතමිතුරන්ට ඉදිරියේදී සාදයක්...
 
ජනප්‍රිය යොවුන් නිලි සඳලි සුලක්නා පසුගියදා යුගදිවියට එළඹ ඇත.ඇය විවාහ වී ඇත්තේ ප්‍රවීන සංස්කරණ ශිල්පියෙක් මෙන්ම නිෂ්පාදකවරයෙකු වන ප්‍රවීන් ජයරත්න සමගයි.
රඟපෑම් කටයුතු අතරදී සඳනි විසින් ප්‍රවීන් හදුනාගෙන ඇති අතර වසරක පෙම් සබඳතාවයකින් පසුව ඔවුන් යුග දිවියට එළඹ ඇත.

ඩිෆෙන්ඩර් රථයක් හා යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් මුබාරක් අත්අඩංගුවට

යතුරුපැදිය ධාවනය කල පුද්ගලයා මරුමුවට...
තවත් පුද්ගලකුට තුවාල...
පදවා ඇත්තේ මුබාරක්...
 
ඩිෆෙන්ඩර් රථයක් හා යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් අද දහවල් 2.00 ට පමණ මයික්කුලම ප්‍රදේශයේ දී යතුරුපැදිය ධාවනය කල පුද්ගලයා මරුමුවට පත්ව තවත් පුද්ගලයෙක් තුවාල ලබා තිබේ.

අනතුරට පත් ඩිෆෙන්ඩර් රථය පදවා ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජික ජෙහාන් මුබාරක් විසිනුයි.