Ads 468x60px

.

පාසල් සිසුන් ජෙලි වර්ගයක් මත්වීම සඳහා භාවිතා කිරීමේ පුරුද්දක්

මේ ජෙල් වර්ගය ආහාරයට ගැනීම නිසා මත් ගතිය, නිදිමත ස්වභාවය...

 හිසේ ආලේප කරන ඇල්කොහොල් අඩංගු ජෙලි වර්ගයක් මත්වීම සඳහා භාවිතා කිරීමේ පුරුද්දක් පාසල් සිසුන් අතර පැතිර යන බැවින් ගුරු භවතුන් සහ මවුපියන් මේ සම්බන්ධව අවධානය යොමු කළ යුතු යැයි ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි.

මේ ජෙල් වර්ගය ආහාරයට ගැනීම නිසා මත් ගතිය, නිදිමත ස්වභාවය යනාදී ලක්‍ෂණ පළ කරන බවත් එවැනි ළමයින් පාසල් යෑමට උනන්දු නොවන බවත් හෙතෙම පෙන්වා දෙයි.


මම අඳින්නේ මට ඕන විදියට - නදී

මම ඇඳුම මාරුකලේ ඔයා කියපු නිසා නෙමෙයි...

ජනපි‍්‍රය ටෙලි නිළියක් වන නදී චන්‍ද්‍රසේකර ප‍්‍රවීන නිළියක වන අනුලා කරුණාතිලකව හඬවා ඇතැයි යනුවෙන් පලව තිබූ පුවත ජනිපි‍්‍රය නිළි නදී ප‍්‍රවීන නිළි අනුලාට ගරුසරු නොකිරීම නිසා නදීගේ තරම හෙළිවේ යනුවෙන් නිවැරදි විය යුතුය.

විවාහක බවට චෝදනා එල්ලවීමෙන් රූ රැජිනට කිරුළ අහිමි වූ කාලිනා ඩියුරාන්

දෙවැනි ස්ථානය පළමුවෙනි තැනට...

ඉකුත් 17 වැනිදා ඩොමිනිකන් ජනරජයේ පැවති 2012 රූප රැජින තේරීමේ තරගයෙන් ජයගත් කාලිනා ඩියුරාන් විවාහක කාන්තාවක බව අනාවරණය වීමෙන් පසුව ඇයට එම කිරුළ අහිමිවී ඇත. 

ෂැගී අද සවස 4.00 ට සීර්.ආර්.ක‍්‍රීඩාංගණයේ පැවැත්වෙන සංගීත ප‍්‍රංසගයට

ඔහු  පළමු වරට ලංකාවට පැමිණියේ ඊ.ඒ.පී. මාධ්‍ය ජාලය හරහාලු...

සුප‍්‍රකට  හිප්පොප් හා රෙගේ ගායකයෙකු වන ෂැගීගේ  දෙවැනි ශ‍්‍රී ලංකා ආගමනය ඊයේ (27) සිදුවිය.ඒ අද (28) සවස 4.00 ට සී. ආර්. ඇන්ඩ්. එෆ්. සී. ක‍්‍රීඩාංගණයේ  පැවැත්වෙන  සංගීත ප‍්‍රංසගයකට සහභාගී වීම සඳහාය.

කේ.එෆ්.සී. කුකුල් මස් විෂ වී දැරියකට අංශභාගෙ වැළඳිලා

දරුණු ශාරීරික හා මානසික ආබාධවලට ලක්වෙලා...

ලොව පුරා ජනපි‍්‍රය ආහාර ජාලයක් වන කෙන්ටකි ෆ‍්‍රයිඞ් චිකන් කේ.එෆ්.සී. සමාගමෙන් ගත් ආහර විෂ වූ  ඕස්ටේ‍්‍රලියානු දැරියකට එම සමාගම විසින්  ඕස්ටේ‍්‍රලියානු ඩොලර් මිලියන 8.3ක වන්දියක් ගෙවා ඇතැයි වාර්තා වේ. 

ලංකා අලියාගේ මරණයට සැබෑ හේතුව අධික ලෙස වැඩ ගැනීම හා හෙණ්ඩු පහරවලට ලක්වීම නිසාලු

මෙය පළමු පාරත් නෙමෙයිලු ...
ලයිස්තුවේ තවත් ඉන්නවලු...
 
පින්නවල අලි අනාථාගාරයෙන් 1994 වසරේ දී කෝට්ටේ රජමහා විහාරස්ථානයට ලබාදුන් ”ලංකා” නම් අලියා ඉංගිරියල අක්කර විස්ස පරහා දේශයේ දී ඉකුත් 13 වනදා මිය ගියා.

 මරණයට හේතුව ලෙස ප්‍රකට වූයේ අකුණු සැර වැදීමයි.එහෙත් එය නිවැරදි නොවන බවත් මරණයට සැබෑ හේතුව  අධික ලෙස වැඩ ගැනීම හා හෙණ්ඩු පහරවලට ලක්වීම නිසා සිදුවූ කායික පීඩා බවත් පරිසර සංරක්ෂණ භාරය පවසනවා.

ශාරුක් හා ජුහී දෙදෙනා රඟපාන පළමුවැනි රූපවාහිනී වෙළඳ දැන්වීම

රාජු  බන්ගයා, ඩර්, යර්ස් බොස්, ඩුප්ලිකේට් වැනි චිත‍්‍රපටවල ප‍්‍රධාන චරිත මැවූ ශාරුක්, ජුහි යුවල කලකට පසුව නැවතත් රූපවාහිනි වෙළෙඳ දැන්වීමකට එක්ව සිටී. 

කළු ගඟේ අතුරුදන්වූ තරිඳු පි‍්‍රයංකරගේ සිරුර නාවික හමුදාවේ සහයෝගයෙන් ගොඩ ගනී

කළු ගඟේ අතුරුදන්වූ පෙම්වතාගේ සිරුර හමුවෙයි...
කළුතර ත්‍රිවිල් රියදුරන් සහ නාවික හමුදාවේ පුර්ණ සහයෝගය...

කළුතර බෝධිය අසල දුම්රිය පාලමේ මගී තීරුවේ ගමන් කල යුවතියක් එහි ලැල්ලක් කඩා වැටි කළු ගඟට වැටීමත් සමග පෙම්වතා ඇයව බේරාගැනීමට ගොස් දෙදෙනාම මියගිය අවාසනාවන්ත පුවතක් ඊයේ (26) වාර්තා වුනා.
 
ඊයේ දිනය වන විට පෙම්වතියගේ සිරුර සොයාගත හැකි වුවත් මිය ගිය තරුණයාගේ සිරුර සොයාගැනීමට හැකි වුයේ නැහැ.අද උදෑසන කළුතර ත්‍රිවිල් රියදුරන් සහ නාවික හමුදාවේ සහයෝගයෙන් මිය ගිය තරුණයාගේ සිරුර සොයා ගැනීමට හැකිවී තිබෙනවා.