Ads 468x60px

.

කෙස් කලඹ කපා විකුණා පවුලට සරිලන නිවසක් මිලදී අරන්

කුඩා කල පටන් ආදරයෙන් රැකබලාගත් සිය කෙස් කලඹ කපා විකුණා දැමු තරුණියක් ගැන පුවතක් බ්‍රසීලයෙන් වාර්තා වුනා.

නතාෂා මොරායස් ඩි අන්ද්‍රේඩි  නම් වූ මෙම තරුණියගේ කෙස් කලඹ අඩි 5 යි අඟල් 2 ක් දිගයි.

මට “ෂොක් එකක්” වැදුණා ඒ කතාව අහලා – ඇන්ජලා

“මගේ රැකියාව නැවත ලබාදෙන්න දෙවියනේ”...

මේ සිද්ධියට ඔබගේ නම ඈඳුනේ කොහොමද?
මට ආරංචි වුණ විදිහද? නැත්නම් මට සිද්ද වුණ කරදරයද?

ඔබට දැන ගන්නට ලැබුණ විදිහ

ඉංග්‍රීසි පුවත්පතකින් මට කතා කරල ඇහුවා මේ ගැන මොනවද  කියන්න තියෙන්නේ කියලා. අප්‍රේල් 19 වැනිදා මට කතා කළේ. මට “ෂොක් එකක්” වැදුණා ඒ කතාව අහලා.

දෝර ගලා යන දරු සෙනෙහස හමුවේ බිලිඳියගේ ජීවිතය බේරෙයි

උප්පැන්න සහතිකය වෙනුවට ඇයට ලැබි තිබුණේ මරණ සහතිකයක්...

උපන් ගෙයිම මිය ගිය බිලිඳුන් ගැන අපි නොයෙක් විට අසා ඇත්තෙමු. එහෙත් උපන් ගෙයිම මියගිය බව කියූ බිලිඳෙකු පණ පිටින් සිටින පුවතක් ගැන ඔබ අසා තිබේද?

මේ අසාමාන්‍ය සිද්ධිය වාර්තා වන්නේ ආර්ජන්ටිනාවෙනි. ආර්ජන්ටිනාවේ වෙසෙන  ෆැබියොන් වෙරෝන්ට දාව ඇනාලියා බොග්නට් බිලිඳියක බිහි කළද ඇය උපන් ගෙයිම මිය ගොස් ඇති බව වෛද්‍ය නිගමනය විය. 

නමගිය දේශපාලනඥයකුගේ හොර දැව ජාවාරම් ඇතුළුව උඩුගම පොලිසියේ පැමිණිලි පොතක්‌ අතුරුදන්

මිල්ල ලී තොගයක තොරතුරුද අතුරුදන්...
පොලිසියේ සිවුදෙනකුගේ වැඩ තහනම්...

ගාල්ල ප්‍රදේශයේ නමගිය දේශපාලනඥයකුගේ ඥාතියකු කරගෙන යන හොර දැව ජාවාරමක තොරතුරු සඳහන්ව තිබූ උඩුගම පොලිසියේ පැමිණිලි පොතක්‌ අතුරුදන්වීමේ සිද්ධියක්‌ සම්බන්ධයෙන් පොලිස්‌ නිලධාරීන් සිවුදෙනකුගේ වැඩ තහනම් කර තිබේ. 

දහතුන් හැවිරිදි පාසල් දැරියක කැලෑවකට රැගෙන ගොස්‌ අමානුෂික ලෙස ලිංගික අතවර කරලා

සිද්ධිය යටපත් කිරීමට රුපියල් විසි දෙලක්‍ෂ අනූදහසක මුදලක්‌ දැරියගේ පියාට දීලා...

අනුරාධපුර ප්‍රදේශයේ දහතුන් හැවිරිදි බාලවයස්‌කාර පාසල් දැරියක කැලෑවකට රැගෙන ගොස්‌ අමානුෂික ලෙස අතවර කර පසුව රුපියල් විසි දෙලක්‍ෂ අනූදහසක මුදලක්‌ දැරියගේ පියාට දී එම සිද්ධිය යටපත් කිරීමට උත්සාහ ගත් කෝටිපති පිය පුතු දෙදෙනකු අත්අඩංගුවට ගත් ජාතික ළමාරක්‍ෂක අධිකාරියේ පොලිස්‌ නිලධාරීන් විසින් ඊයේ (01 දා) සැකකරුවන් අනුරාධපුර මහෙස්‌ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු දින දහහතරකට රක්‍ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

හෂීස් පාර්සලය නොතකාද ඇන්ජලා සමඟ ගනුදෙණු කළ කලා කරුවෝ

චෝදනා මධ්‍යයේද ඇන්ජලාගේ සැපදුක් සෙවූ මේ අය ඇගේ කළණ මිතුරන් ලෙස සලකනවලු...

ප‍්‍රවීන නිළි ඇන්ජලා සෙනවිරත්නගේ නමට මධ්‍යම තැපැල් හුවමාරුවට ආ හෂීස් පාර්සලයක් නිසා පසුගිය කාලයේදී ඇය ආන්දෝලනාත්මක චරිතයක් බවට පත් විය. 

කෙසේවුවද මේ සිද්ධියෙන් පසුව ඇන්ජලා සමඟ ගනුදෙණු කරන්නන් පිළිබඳව සොයා බැලීමටද ආරක්‍ෂක අංශවල අවධානය යොමු විය.

ලෝක පිහිනුම් ශූර ඇලෙක්සැන්ඩර් ඩේල් පුහුණුවීම් අතරතුර මියයයි


අභාවප්‍රාප්ත වී ඇත්තේ හෘදයාබාධයක් හේතුවෙන්...

ලන්ඩන් ඔලිම්පික් උළෙල සඳහා පුහුණුවීම්වල නිරත සිටින අතරතුර ලෝක පිහිනුම් ශූර නෝර්වේ ජාතික ඇලෙක්සැන්ඩර් ඩේල් ඔයින් අභාවප්‍රාප්ත වී තිබේ.

පැවිද්දන්ගෙන් සහ පුජකයන්ගෙන් ළමුන් බේරා ගනිමු

පුජක පක්ෂය විසින් සිදු කරන ළමා අපයෝජන ක්‍රමක් ක්‍රමයෙන් ඉහල යමින් පවතියි. නමුත් මේවා වාර්තා වන්නේ ඉතා අඩුවෙනි. අපයෝජන වලින් 99 % වාර්තා නොවේ. 
 
එම නිසා ආගමික ලෝගුවට මුවා වී පුජකයන් සහ පැවිද්දන් ළමා අපයෝජන සිදු කරති.  පැවිද්දෙකු විසින් සිදු කල ළමා අපයෝජන නඩුවක තීන්දුවක් පිලිබඳ අද ලන්ඩනයෙන් වාර්තා විය. 

අමීෂා පටෙල් අනූනමයෙන් බේරුන හැටි

හදිසියේම ලෑල්ලක් කඩා වැටීලා...

ප‍්‍රසිද්ධ බොලිවුඩ් නිළි අමීෂා පටෙල් පසුගියදා සිදුවූ අනතුරකින් අනූනමයෙන් බේරී ඇතැයි වාර්තා වේ.

අමීෂා ට මෙම සිද්ධියට මුහුණදීමට සිදුවී ඇත්තේ ඇය රඟපාන ‘ෂෝට්කට් රෝමියෝ’ චිත‍්‍රපටියේ රූගතකිරීම් අතරතුරේදීය.

අනේ මට දැන්නෙ මතක් වුණේ බඳින්න ඕන නේද - අශාන්ති

අශාන්තිට බඳින්න අමතක වෙලාලු ...

ජනපි‍්‍රය ගායිකාවක් වන අශාන්තිට විවාහවීම  ගැන වග විභාගයක් නැත්තේ ඇයට විවාහවීම අමතකවී ඇති නිසා බව වාර්තා වේ. 

සංගීත නිර්මාණ සඳහා වැඩි කාලයක් ගත කිරීමත්, දරුදැරියන්ට සංගීතය ඉගැන්වීමට කැපවීත් යන කාරණා හේතුවෙන් මේ තත්ත්වය ඇතිවී ඇතැයි ද පැවසේ.

හොරා ඇඳ යටට හෙලුවෙන්ම රිංගලා

රොමක් අන්දවා අත් අඩංගුවට අරන්...

ගම්පොල කහටපිටියේ නිවෙසක ඇඳක් යට අද (01) අලූයම නිරුවතින් සිටි සොරෙක් අල්ලා ගම්පොල පොලිසියට භාරදී තිබේ. 

පසුව පොලිසිය විසින් සරොමක් අන්දවා ඔහු අත්අඩංගුවටගත් බව පැවසේ.සැකකරු පහරකෑමට ලක්ව සිටි බවද පැවසෙන අතර ඔහු මේවන විට ගම්පොළ රෝහලට ඇතුළත්කර ඇතැයි වාර්තා වේ.