Ads 468x60px

.

විදුලිය ලබාගැනීමට විරෝධතාවයක් හේතුවෙන්, පැය 48කට පසු අම්පාරට විදුලිය

ඊයේ දිනයේ දිවා කාලයෙන් පැය 6කට වඩා විදුලිය නෑ...

ළදරු ඒකකයේ බිළිදුන්ගේ ජීවිත දැඩි අවදානමකට...

විදුලිය ලබාගැනීමට අම්පාරේ උද්ඝෝෂණක්...


පුරා පැය 48ක් විසන්ධිව තිබු අම්පාර නගරයේ විදුලි බලය අද උදැසන වනවිට ලබා දී තිබුණා. එම විදුලිය කැපීම නිසා අම්පාර රෝහලේ නොමේරු ළදරු ඒකකයේ බිළිදුන්ගේ ජීවිත දැඩි අවදානමකට ලක්වී තිබූ බවයි එහි වෛද්‍යවරයා පවසන්නේ.

අද තාරුණ්‍යය පේෂ්බුක් ලයිෆ් එකට වැටිලා ඉන්නේ - මිහිර සිරිතිලක

මේක ආදයමක් ලබන වෘත්තියක් කියලා අපිව පිළිගන්නේ ආදායම් බදු දෙපාර්තමේන්තුව විතරයි...
 
මේ දිනවල පුංචි තිරෙත්, සිනමාවෙත්, වේදිකාවෙත් සිය රංග පරාසය මුදාහරින අපේ කාලයේ රංගන ශිල්පියකු විදිහටයි මිහිර සිරිතිලක අපට මුණගැහෙන්නේ.

ලැබෙන ඕනෑම චරිතයකට සිය සාධාරණය ඉටු කරන රංගන ශිල්පීන් අතර සිටින මිහිර හුදු නළුවා කියන ප්‍රතිරූපයෙන් බැහැරව පොළවේ පය ගසා ජීවත්වන රංගන ශිල්පියකු ලෙස අපට මුණ ගැහෙනවා.

චරිතාංග රංගන ශිල්පියකු වීමේ සිහින දකින මිහිර, හම්බන්තොට දිස්ත්‍රික්ක‍යේ අගුණකොළපැලැස්සෙන් මතු පුංචි තිරයටත් චිත්‍රපටයටත් ආ ගමනේ තොරතුරු බිඳක් ගෙන ආ කතාව පටන් ගත්තේ මෙහෙමයි.


මැදපෙරදිග ගෘහ සේවිකා ප්‍රශ්නයේ යථාර්තය...

අපේ රටේ සිට ගෘහ සේවිකාවන් වශයෙන් මැදපෙරදිග යන කාන්තාවන්ගෙන් බහුතරයකට, එසේ විදෙස් ගත වීමට හේතුව ඔවුන්ගේ ස්වාමි පුරුෂයන්ය. සමහර කාන්තාවන්ගේ පුරුෂයන් අධික බීමත් කමට ඇබ්බැහි වුවන්ය. 

තවත් සමහර කතුන්, ස්වකීය ස්වාමි පුරුෂයන් විසින් පොලියට ගත් ණය, පියවීමට නොහැකිව විදෙස් ගතවුවන්ය. තවත් සමහරු තමන්ගේ පුරුෂයාට ව්‍යාපාරයක්, නිවසක් හෝ වාහනයක් මිලදී ගැනීමේ අභිලාශයෙන් හෝ දරුවන් දීගතල දීමේ අරමුණින් විදෙස්ගත වුවන්ය.

සුරංගිගේ ෆේස්බුක් එක කවුරුහරි හොරෙන් අප්ඬේට් කරනවලු

මම මගේ ෆේස්බුක් එකට දැන් අවුරුද්දකින් විතර ගිහිල්ල නැහැ...
කවුරුහරි ඒක මට හොරෙන් අප්ඬේට් කරනව...

ජනපි‍‍්‍රය නිවේදිකාවක් වන සුරංගි කොඩිතුවක්කුගේ ෆේස්බුක් ගිණුම හැකරුන්ගේ ප‍‍්‍රහාරයකට ලක්වී ඇතැයි ඇය පවසන්නීය.

ගූගල් අර්ත් සොයාගත් ලොව විශාලතම පිරමීඩය

පිරමීඩම යැයි තහවුරු කරගැනීමට ක්ශේත්‍ර චාරිකාවකින් කරන නිරීක්ෂණ අත්‍යාවශ්‍යයි....

උතුරු කැරොලිනාවේ පුරා විද්‍යා පර්යේෂක වරියක් වන ඇන්ජලා මයිකල් විසින් Google Earth ඔස්සේ වසර 10 ක් පමණ තම පරීක්ෂණ කටයුතු මෙහෙයවමින් චන්ද්‍රිකා මඟින් ලබාගත් ඡායාරූප 5,000 ක් පමණ අධ්‍යනය කිරීමෙන් ඊජිප්තුවේ තවත් පිරමීඩ තිබූ තැන් යැයි සිතිය හැකි ස්ථාන 2ක් හඳුනාගෙන තිබෙනවා.

හෘදයෙන් සහ අක්මාවෙන් එකට බද්ධ දෙබඩි දරු උපතක්

දෙදෙනාම ගැහැණු දරුවන්...

දෙදෙනා වෙන් කිරීම බරපතල තත්වයක්...

බොරැල්ල ද සොයිසා කාන්තා රෝහලේදී දෙබඩි දරු උපතක් සිදු වු බව ප්‍රසව හා නාරි රෝග විශේෂඥ වෛද්‍ය රුවන් පතිරණ මහතා පැවසීය. 

ලංකාවේ ප්‍රථම කතාකරන පුවත්පත් දැන්වීම...

දැන්වීම් කලාවේ නවතම පෙරළියක්...
කියවීමට මෙන්ම ශ්‍රවනය කිරීමේ හැකියාව...

මේතාක් කල් ලංකාවේ පලවූ පුවත්පත් දැන්වීම් වල ඔබට දැකගන්නට තිබුනේ අකුරු, රූප, ඉලක්කම් හා සංඥා පමණි. 

එහෙත් දැන්වීම් කලාවේ නවතම පෙරළියක් ඇති කරමින් සිලෝන් ටුඩේ පුවත්පත (14 වැනිදා) අමුතුම ආකාරයේ දැන්වීමක් ලංකාවට හඳුන්වා දුන්නා. 

පිහිනුම් සමාජය හදුන්වාදීමේ උත්සවය උපන් ඇදුමෙන්

නිරුවතින් පිහිනීමේ ගිනස් වාර්තාවක්...
මංගල රැස්වීම ඉතාමත් උද්යෝගයෙන්...

අළුතෙන් පිහිටවූ පිහිනුම් සමාජයක සාමාජික සාමාජිකාවන් පිරිසක් විසින් තම පිහිනුම් සමාජය හදුන්වාදීමේ උත්සවය උපන් ඇදුමෙන් සිදුකල බව එංගලන්තයෙන් වාර්තා වේ. 

අනුරාධපුර පසු අස්වනු ආයතනයේ කොමිස් කාක්කෝ. මොල් හිමියන් අනතුරේ.

හොට් ඇන්ඩ් ෆාස්ට් නිව්ස් වෙත දිනෙන් දිනම ලැබෙන ලිපි ප්‍රමාණය ඉතා ඉහල බැවින් එයින් තෝරාගත් එක් ලිපියක් අප මෙසේ  පලකරනු ලබන්නේ හුදෙක් අපගේ වෙබ් අඩවියෙන් මේ පිලිබදව පල කර ජනතාවට වෙන විපත පිලිබදව දැනුවත් කරනු නියාවෙනි.

මේ ලිපිය කිසිදු සංස්කරණයක් නොකොට ඒ අයුරින්ම පළකරන්නේ ලිපියෙහි ඇති යම් යම් කොටස් අප අතින් ගිලිහි යා හැකි බැවිනි.එය මෙසේයි.

විදුලිය කප්පාදුව පැය 2 යි විනාඩි 15, පැය 3 යි විනාඩි 20 ක් වුනේ මෙහෙමයි

පසුගියදා පුත්තලම ලක්විජය බලාගාරයේ සිට වේයන්ගොඩ දක්වා දිවෙන අධිබලැති සම්ප්‍රේෂණ මාර්ගයේ සිදුවූ හදිසි බිඳවැටීම හේතුවෙන් බලාගාරයේ ජනන කටයුතු අඩපණ විය. ඉංජිනේරු මැදිහත්වීම මත මෙය යථා තත්ත්වයට පත්කිරීමට අවස්ථා කිහිපයකදී උත්සාහ කළද, ඒවා ව්‍යර්ථ වූ බව ලංවිම පවසයි.

මේ තත්ත්වය යටතේ බලාගාරය සම්පූර්ණයෙන් අඩපණ කොට, ප්‍රතිසංස්කරණය කිරීමට ලංවිම තීරණය කර ඇත. තවද මේ දින වල පවතින වැසි රහිත කාලගුණය හේතුවෙන් ජල විදුලි උත්පාදනය 14% ක මට්ටමට පහත බැස ඇත. මේ හේතුවෙන් හෙට (16) සිට නැවත බලගාරය පද්ධතියට එක්කෙරෙන තෙක් දිවයිනේ ප්‍රදේශ කිහිපයක පැය 03 විනාඩි 20ක කාලයක් විදුලිය විසන්ධි කිරීමට සිදුවන බව ලංවිම අවධාරණය කරයි. 

අවසර නැතිව බෞද්ධ ප‍්‍රකාශණ තහනම්

බෞද්ධ ප‍්‍රකාශණයක් නිකුත් කිරීමට පෙර නියාමන මණ්ඩලයකින් අනුමැතිය ලබා ගැනීම අනිවාර්යයිලු..

ඉදිරියේදී ප‍්‍රකාශයට පත් කෙරෙන සියළු බෞද්ධ ප‍්‍රකාශණ නියාමන ක‍්‍රමවේදයකට යටත් කිරීමට රජය තීරණය කර තිබේ.

මේ සඳහා අවශ්‍ය ප‍්‍රතිපාදන සැලැස්වීමට මේ වන විට අමාත්‍ය මණ්ඩල පත‍්‍රිකාවක්ද ඉදිරිපත් කර ඇති අතර එය සම්මක වූ පසු කිසියම් බෞද්ධ ප‍්‍රකාශණයක් නිකුත් කිරීමට පෙර නියාමන මණ්ඩලයකින් අනුමැතිය ලබා ගැනීම අනිවාර්ය කෙරේ. 

තීන්ත ලොරියක් හයිලෙවල් මාර්ගයේ ගිලා බැහැලා ( පින්තුර )

මොරටුව සිට ඔරුගොඩවත්තට දවස පුරාම මාර්ග තදබදයක්...

මොරටුව සිට ඔරුගොඩවත්තට තීන්ත රැගෙන ගිය ලොරියක් හයිලෙවල් මාර්ගයේ අද දහවල් ගිලා බැස තිබුනේ මේ ආකාරයටයි.