Ads 468x60px

.

වසර දහයක් පුරාවට බඩ තුළ සෙන්ටිමීටර හයක් දිග ගෑරුප්පුවක්...


අත් වැරදීමකින් වසර දහයකට පෙර ගෑරුප්පුවක් ගිලිලා...

සැත්කමට සෙන්ටිමීටර 23ක් දිග උදරයේ කැපුමක්...

වසර දහයක් පුරාවට බඩ තුළ සෙන්ටිමීටර හයක් දිග ප්ලාස්ටික් ගෑරුප්පුවක් තිබූ පුද්ගලයකු පිළිබඳ පුවතක් එංගලන්තයේ බාර්න්යේ මහ රෝහලින් වාර්තා වේ. 

බඬේ ඇතිවූ දැඩි වේදනාවකට ප‍්‍රතිකාර ගැනීම සඳහා රෝහලට පැමිණි ලී ගාඞ්නර් (40) ස්කෑන් පරීක්ෂාවකට ලක් කළ වෛද්‍යවරුන් ඔහුගේ කුසේ අසාමාන්‍ය දෙයක් දැක ඔහුට හදිසි සැත්කමක් කළහ.

අධිකරණ හේතුමත පානදුර මුහුදේ නැංගුරම් දමා තිබූ නැව ගිලෙන්නට පටන් අරන් (පින්තුර)

වසර තුනක් මුහුදේ නැංගුරම් දා තිබීම නිසා නෞකාව දිරලාලු...

මෙහි ටොන් 25 ක්‍රේන් දෙකක් හා ටොන් 35 ක්‍රේන් එකක් තිබෙනවා...

සයිප්‍රස් රජයට අයත් "තර්මොපිලී සියෙරා" නෞකාව අධිකරණ හේතු මත පසුගිය වසර 3ක කාලයක් පානදුර මුහුදේ නැංගුරම් දා තිබූ අතර මේ වනවිට එය ගිලෙන්නට පටන්ගන තිබෙනවා.

අද උදෑසන 10.30 ට පමණ ගත් පහත ජායාරූප වලින් පැහැදිලි වන ආකාරයට එය අද දිනය තුළදී සම්පූර්ණයෙන් මුහුදු පතුලට ගිලා බැසීමට නියමිතයි.

ගලීල මුහුදේ නිරුවතින් නා සමාව ගනී...

යෝඩර් පමණක් නිරුවතින්...

ජේසුස් වහන්සේ ජලය උඩින් ගමන් කලේ ගලීල මුහුදේලු...

ඊශ‍්‍රායලයේ සිදුක කරන ලද සංචාරයක් අතරතුරදී මුහුදේ නිරුවතින් නෑම සම්බන්ධයෙන් ඇමරිකා රිපබ්ලිකන් පක්‍ෂයේ කොංග‍්‍රස් නියෝජිත කෙවින් යෝඩර් සමාව අයැද සිටී.

ඊශ‍්‍රායල් සංචාරයේ යෙදුනු ඇමරිකානු නියෝජිත පිරිසේ සිටි දේශපාලඥයන් සහ ඔවුන්ගේ කාර්ය මණ්ඩලයට අයත් විසි හත් දෙනෙකුගෙන් සමන්විත පිරිසක් ගලීල මුහුදේ ගොස් ඇති අතර එහිදී යෝඩර් පමණක් නිරුවතින් පිහිනීම සඳහා මුහුදට බැස තිබූ බව මාධ්‍ය වාර්තා කර තිබුනේය.

අමාත්‍ය විමල් වීරවංශ මහතාට පපුවේ අමාරුවක් ගුවනින් කොළඹට...

වීරවංශ මහතා කොළඹ ජාතික රෝහලට ගෙන ඒමට ගුවන් හමුදා හෙලිකකොප්ටරයක්...

ජාතික නිදහස් පෙරමුනේ නායක, ඉදිකිරීම්, ඉංජිනේරුසේවා, නිවාස සහ පොදුපහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා හදිසියේ ඇතිවූ පපුවේ වේදනාවක් නිසා රෝහල් ගතකර තිබෙනවා.

කොළඹ සිට ත්‍රීකුණාමලය බලා ජන්ද ව්‍යාපාරයට සහභාගීවීමට යමින් සිටි අවස්ථාවේ ඇතිවූ මෙම පපුවේ අමාරුව නිසා ඔහු කුරුණෑගල රෝහලට ඇතුලත් කර තිබෙන්නේ අද උදෑසන 10.40 ට පමණය.


විශ්ව විද්‍යාල වැහුණා, අපේ සටන සාර්ථකයි – නිර්මාල්

ප්‍රතිපල දැන් අපගේ ඇස පනා පිට...

රට පුරා පිහිටි විශ්ව විද්‍යාල වසා දැමීමට උසස් අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කිරීමෙන් පෙනී යන්නේ තම වෘත්තීය ක‍්‍රියාමාර්ගයේ සාර්ථකත්වය රජය පිළිගෙන ඇති බව යයි විශ්ව විද්‍යාල  අචාර්යවරුන්ගේ සංගමයේ සභාපති ආචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරි මහතා පවසයි. 

නමුත් මේ ක්‍රියාවලියට ඉගෙනීමට අවශ්‍යතාවක් තිබෙන විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් සහ ඔවුන්ගේ දෙමාපියන් දක්වන්නේ මිශ්‍ර වූ ප්‍රතිචාරය. දැනට බොහෝ කාලයක් පුරා ලංකාවේ විශ්ව විද්‍යාල වල වර්ජන සහ වැඩ නොකිරීමේ ප්‍රවනතාවක් තිබේ. ශිෂ්‍යයන් පන්ති වර්ජන කරති.  විශ්ව විද්‍යාල  අචාර්යවරු බහුතරය ඉගැන්වීම නිසි ආකාරව නොකරති. වැඩ වරති. මේ ක්‍රියාවලිය දැන් වසර 20 අධික කාලයක් පුරා වරින්වර සිදුවේ. 

පෙට්‍රල් හිඟයක්‌ මතුවන ලකුණු...

ගබඩාවල පෙට්‍රල් ඉදිරි දින දහයකට පමණයි...

බාල පෙට්‍රල්, බාල ඩීසල් නිසා ඉන්ධන ගොඩබෑමද ප්‍රශ්නයක්‌...

අසාදු ලේඛනගත කළ බිටෝල් සමාගමෙන් මෙරටට පසුගිය 14 වැනිදා පැමිණි පෙට්‍රල් නෞකාවෙන් ඉන්ධන ගොඩබෑම නතර කළ නිසා ඉදිරි දින දහයකට පමණක්‌ ගබඩාවල පෙට්‍රල් ප්‍රමාණවත් වීමෙන් පෙට්‍රල් හිඟයක්‌ ඇතිවීමට ඉඩ ඇතැයි තෙල් සංස්‌ථා නිලධාරීහු පවසති.

පින්තුර කථාව ( වාසනාවන්ත පියවරු සහ දරුවන් )

මේ ජනාධිපතිතුමාගේ පුතා වන රෝහිත රාජපක්ෂය. එංගලන්තයේ විශ්ව විද්‍යාලයක අභ්‍යාවකාශ ඉංජිනේරු විද්‍යාව පිලිබඳ මුලික උපාධිය අවසන කොට  තව මාස  තුනකින් පමණ මාස්ටර්ස් උපාධිය ද නිම කිරීමට අපේක්ෂා කරයි. අනාගත බලාපොරොත්තුව  ලංකාවෙන් බිහිවු ප්‍රථම අභ්‍යවකාශගාමියා පමණක් නොව ලෝකයේ බිහිවූ ළාබාලම අභ්‍යවකාශගාමියා වීමයි.

හැරී කුමරු හෝටලයක කාන්තාවක සමග නිරුවතින්

හැරී කුමරු සිය රාජකීය නිරුවත දෑතින් වසා ගෙන...

නිරුවත් කාන්තාවක් සමග එකට සිටින ඡයාරුප දෙකක්...

එංගලන්ත රජ පවුලේ ඔටුන්න හිමි කුමාරයෙකු වන හැරී කුමරු හෝටල් කාමරයක් තුල කාන්තාවක සමග නිරුවතින් සිටින ඡයාරූප කිහිපයක් ඇමරිකානු වෙබ් අඩවියක් හරහා එලිදක්වා ඇත.