Ads 468x60px

.

ලෙඩක් නිසා ලෝක ප්‍රසිද්ධ වූ නිවුන් දරුවන්...

මේ ලෙඩේ ලෝකෙන්ම මේ දෙන්නාට විතරයි...

ක්‍රිස්ටි සහ කැතරින් නිවුන් සොහොයුරියන්. එක බඩවැල කඩාගෙන උපන් මේ දෙදෙනාගේ හැඩරුව පමණක් නොවෙයි දෙදෙනාට වැලඳෙන ලෙඩ රෝගත් එක සමානයි.

එංගලන්තයේ දකුණු වේල්සයේ පදිංචි මේ දෙදෙනා මීට සිවු වසරකට පෙර ලෝක ප්‍රසිද්ධ වුණා.

ඔවුන් දෙදෙනා එලෙස ලොව පුරා පතළ වුණේ ඔවුන්ට වැලඳුණු ලොව ඉතා දුර්ලභ රෝග තත්ත්වයක් හේතුවෙනුයි. මුළුමහත් විශ්වයේම එම රෝගය හටගත් පළමුවැන්නන් වුණේ මේ නිවුන් සොහොයුරියන්, ඒ නිසාම ඒ රෝගය මේ දෙදෙනාගේ නමින් හැඳින්වූවා. 

තරගයකට පණ ඇති කැරපොත්තන් සහ පණුවන් දුසිම් ගණන් කෑ තරුණයා මියයයි...

මෙම අරුම පුදුම තරගයේ ජයග‍්‍රාහී තිලිණය පිඹුරෙක්ලු...

කැරපොත්තන් කෑමේ අරුම පුදුම තරගයකට සහභාගී වූ පුද්ගලයෙකු මියයාමේ පුවතක් පිළිබඳව ඇමෙරිකාවේ ෆ්ලොරිඩා ප‍්‍රාන්තයේ ඩියර්ෆීල්ඞ් බීච් නගරයෙන් වාර්තා වෙනවා .

තරගයෙන් ජයග‍්‍රහණය කළ 32 හැවිරිඩි ඬේවිඞ් ආච්බෝල්ඞ් නැමැත්තෙකු අවාසනාවන්ත ලෙස තරගය අවසානයේදී මරණයට පත්ව තිබෙනවා.

පණ ඇති කැරපොත්තන් සහ පණුවන් දුසිම් කිහිපයක් අනුභව කළ මෙම තරුණයා හදිසියේම අසනීප වී බිම ඇදවැටී ඇත.නිලධාරීන් පවසන ආකාරයට ඔහුගේ මරණයට හේතුව මේවන තෙක් අණාවරණය වී නොමැති අතර මෘතදේහය මරණ පරීක්ෂණය සදහා යවා තිබෙනවා.

ක්‍රිකට්‌ පරාජය ගැන ශෝකයෙන් හැටන් තරුණයා කාමරේ බාල්කයේ එල්ලුනේ මෙහෙමයි...

ක්‍රිකට්‌ තරගය රූපවාහිනියෙන් නරඹා නිවසට ඇවිත් දොරඅගුළු දාගත්තා...  

පස්‌සේ ගිහින් බලනකොට පුතා සාරියකින් බාල්කයක එල්ලිලා ඉන්නවා දැක්‌කා...මව කියයි

පෙරේදා අවසන් වූ 20/20 ලෝක කුසලාන අවසන් ක්‍රිකට්‌ තරගයේදී ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායමේ පරාජය දරාගත නොහැකිව හැටන් කුඩාඔය ප්‍රදේශයේ විසිහය හැවිරිදි අවිවාහක තරුණයෙක්‌ පෙරේදා (7 දා) රාත්‍රි සිය නිවසේදී ගෙල වැලලාගෙන මියගොස්‌ තිබුනා.

මෙසේ මියගොස්‌ ඇත්තේ හැටන් කුඩාඔය වත්තේ මහෙන්ද්‍රන් සුරේන්ද්‍රන්
නම් අවිවාහක තරුණයෙකු වන අතර. ඔහුගේ මව වන රත්නම් රාඡේෂ්වරී මෙසේ කියා සිටිනවා.

විස්‌සයි - 20 ලෝක කුසලානය කණ්‌ඩායමෙන් ගිලිහුණු හේතුව මහේල කියයි...

අපි තරගයේ 12 වැනි ඕවරය වෙන තෙක්‌ හොඳට සෙල්ලම් කළා..

ඉනිම මැදදී දැනුනු පීඩනය දරාගන්න බැරිවුණා - මහේල

අපේ සැලසුම් සියල්ල සාර්ථක වුණා - ඩැරන්

අවශ්‍යම උඩපන්දුවක්‌ ගිලිහී යැම සහ ඉනිම මැද ක්‍රියාත්මක වුණු පන්දුවාර 3 කදී ප්‍රතිවාදීන් වැඩි ලකුණු ප්‍රමාණයක්‌ රැස්‌කර ගැනීමට සමත්වීම පන්දුවාර විස්‌සයි-20 ලෝක කුසලාන තම කණ්‌ඩායමෙන් ගිලිහී යැමට ප්‍රධාන වූ බව ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන පවසනවා.

ජගත් ක්‍රිකට්‌ කවුන්සිලය විසින් සිව්වැනි වරටත් පවත්වන ලද පන්දුවාර විස්‌සයි-20 ලෝක කුසලාන අවසන් මහ තරගයේදී කොදෙව් කණ්‌ඩායම හමුවේ ලකුණු 36 ක පරාජයක්‌ ලැබීමට සත්කාරක ශ්‍රී ලංකා කණ්‌ඩායමට සිදුවූ අතර එම තරගාවසානයේ පැවැති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා නායකයා ඉහත අදහස්‌ පළ කර සිටිනවා.

ජැකා තවත් වැඩක් පටන් අරන්ලු...

පසුගිය තරගය සදහා මිලියන 3.4 කට ආසන්න කෙටි පණිවිඩ ප්‍රමාණයක්...

ඉංජිනේරු කාන්තා සෙබල අයෝමි පෙරේරා මිලියන 17ක් වටිනා සුඛෝපභෝගී නිවසක්...


මෙය ලොව ප්‍රථම මිලිටරි රියෑලිටිලු...

ප‍්‍රවීන නළු ජැක්සන් ඇන්තනී ‘රණවිරු රියල් ස්ටාර්’ තෙවැනි අදියරේ වැඩසටහන් අධ්‍යක්‍ෂවරයා ලෙස කටයුතු කිරීමට භාරගෙන ඇතැයි ජාතික රූපවාහිනියේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වෙනවා.

පසුගිය අවස්ථා දෙකේදීම මෙම රියැලිටි තරගයේ අවසන් මහා තරග දෙකේම වැඩසටහන් අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ ජැක්සන් මෙවර සමස්ත වැඩසටහනේම අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන බවද පැවසෙනවා.


මෙහි පළමු රණවිරු රියල් ස්ටාර් වැඩසටහනේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරනු ලැබුවේ දැනට ජර්මනියේ තානාපති ධූරය දරන සරත් කෝන්ගහගේ ගේ පුතු දේමින්ද කෝන්ගහගේ විසිනි.

ගුටි කෑ මේජර් වරදකරු වෙයි, බුද්ධි අංශයෙනුත් ඉවතට.

කැසිනෝ ව්‍යාපාරික නලීන් ගේ 'බොඩිගාඩ්' කෙනෙකු ලෙස සේවය කරලා...

යුද හමුදා බුද්ධි අංශයෙනුත් ඉවත් කරයි...

ජැයික්  හිල්ටන් හෝටල් රථගාලෙදී අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වා මහතා ඇතුළු පිරිසකගේ පහර කෑමකට ලක්වූ බව පැවසුන හමුදා බුද්ධි අංශ මේජර් සුසේන මහතා වරදකරු බවට හමුදාපති ලූතිතන් ජෙනරාල් ජගත් ජයසූරිය තීන්දු කර තිබෙනවා.

මෙම මේජර්වරයා සිය පිස්තෝලය අනිසි ලෙස පරිහරණය කරමින්, කැසිනෝ ව්‍යාපාරික නලීන් ෆොන්සේකා මහතාගේ 'බොඩිගාඩ්' කෙනෙකු ලෙස දිගු කලක සිට ආරක්‍ෂාව සපයා ඇතැයි හමුදා මූලික පරීක්‍ෂණ උසාවිය තහවුරු කර තිබෙනවා.

ආශා බෝස්ලේ ගේ දියණිය වර්ෂා, රිවෝල්වරයකින් වෙඩි තබා ගනී...

මීට පෙර නිදිපෙති අරගෙන සියදිවි නසාගන්නත් හදලා

ඉන්දියාවේ ආශා බෝස්ලේ ගේ දියණිය වන වර්ෂා බෝස්ලේ සියදිවි හානි කරගෙන ඇතැයි වාර්තා වෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ
56 හැවිරිදි වර්ෂා සිය රිවෝල්වරයෙන් වෙඩිතබාගෙන මියගොස් ඇති බවයි.

විශාදයෙන් පෙළුනු ඇය, මීට සති කිහිපයකට පෙර නිදිපෙති ගැනීමෙන් අනතුරුව රෝහල්ගතකර ඇති බවද එහි සඳහන් වෙනවා
.