Ads 468x60px

.

අගහරු ලෝකයෙන් අමුතු ගලක්...

මිය ගිය නාසා ඉන්ජිනේරු ජේක් මැටිජෙවික් ගේ නමින් එම ගල නම් කරලා...

අගහරු ග‍්‍රහයා මත ගොඩබැස පරික්ෂණ කටයුතු වල නියැලී සිටින රෝවර් යානයට අසාමාන්‍ය ගලක් අගහරු භූමියෙන් සොයාගැනීමට හැකිවී තිබෙනවා.

නාසා නිළධාරින් විසින් රෝවර් යානය ආධාරයෙන් ලේසර් කිරණ යොදා ගෙන සිදුකල පරීක්ෂණ වලින් පසුව සනාත වී ඇත්තේ මෙම අසාමාන්‍ය ගලෙහි සාමාන්‍යයෙන් අගහරු මත ඇති ගල් වල ඇති ඛණිජ සංඝටක අඩංගු නොවන බවයි. 


එමෙන්ම එම අසාමාන්‍ය ගලෙහි

දිනූ සතුටට ක‍්‍රිස් ගේල් ජැමෙයිකා අගැමැතිනියගේ කරටත් අත දමලා...

අග්‍රාමාත්‍යවරිය දුන් සමරු චිත්‍ර නිදන කාමරවල ගහගන්නවාලු...

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම මෙවර විස්සයි විස්ස ශූරතාව හිමිකර ගැනීමෙන් ඔවුන් පිළිගැනීමට ජැමෙයිකා රජය විශේෂ වැඩසටහන් සංවිධානය කර තිබුනා.

ඒ අනුව සුඛෝපභෝගී කාර් 10කින් විනාඩි 25ක රථ පෙළපාලියකින් ක්‍රිස් ගේල් හා මාලන් සැමුවෙල් සිය රටවැසියන්ට ආචාර කරමින් වීදි සංචාරය කිරීමෙන් අනතුරුව ජැමෙයිකානු අග්‍රාමාත්‍යවරිය වන සොරීටා සිම්ප්සන් මිලර් මහත්මියව හමුව තිබුනා.

සමලිංගිකයන්ගේ ක‍්‍රීඩා උළෙලක්...

ස්ත්‍රී-පුරුෂ දෙපාර්ශ්වයම සමග ලිංගික සම්බන්ධතා පවත්වන්නන්...තුන්සීයකට අධික පිරිසක්...

සමලිංගිකයන්ගේ ක්‍රීඩා තරඟාවලියක් නේපාලයේ කත්මන්ඩු අගනුවරදී ඊයේ දිනයේ ආරම්භ වුනා. මෙය දකුණු ආසියානු රටක එවැනි තරඟාවලියක් පැවැත්වෙන පළමු අවස්ථාවයි.

දින තුනක් පැවැත්වෙන මෙම ක්‍රීඩා තරඟයට සමලිංගිකයන්, එසේම ස්ත්‍රී-පුරුෂ දෙපාර්ශ්වයම සමග ලිංගික සම්බන්ධතා පවත්වන්නන් සහ පුරුෂයන් මෙන් හඳින පළඳින ස්ත්‍රීන් හා ස්ත්‍රීන් මෙන් හඳින-පළඳින පුරුෂයන් ඇතුළත් තුන්සීයකට අධික ක්‍රීඩක ක්‍රීඩිකාවන් නේපාල ක්‍රීඩා උළෙලට සහභාගී වෙමින් සිටින බව වාර්තා වේ.

මෙම ක්‍රීඩා උළෙල සම ලිංගික ක්‍රීඩා තරඟ

අලුතින්ම කලාවට පූට්ටු වූ අක්ක නගෝ දෙන්නා...

ගෙදරට කියන්නේ වත්සලාට ලොක්කී නැත්නම් චුක්කී කියලා...

බුවනිට කියන්නේ පොඩ්ඩී නැත්නම් චබී කියලා...

අක්කලා නිසා නංගිලා කලාවටත්, නංගිලා නිසා අක්කලා කලාවටත් පැමිණීම මෙරට කලා ක්ෂේත‍්‍රයට අලුත් දෙයක් නොවේ.

මේ පාර ඔස්සේ අලුතින්ම කලාවට පූට්ටුවූ අක්ක නගෝ දෙන්නා දියලගොඩ පතිරනලැහැගේ වත්සලා කුමාරි දියලගොඩ හා දියලගොඩ පතිරනලැහැගේ බුවිනි චාපා කුමාරි දියලගොඩය.


වත්සලා පසුගිය දිනවල ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වූ ශාන්ත සොයිසා අධ්‍යක්ෂණය කළ ‘අමා’ ටෙලියේ බිනුරි ලෙස ජනාදරයට පත් වුනා. එසේම ඇය සනත් ධර්මසිරිගේ ‘ගිනි මැද සක්මන්’ටෙලියේ ද චරිතයක් සඳහා පණ පොවා තිබෙනවා.

උපේක්‍ෂාට පැනවූ වරෙන්තුව අවලංගු කරලා...

පරක්කු වෙලා හරි ආපු නිසා වරෙන්තුව අවලංගු කරන්න පුළුවන් වෙලා...

අධිකරණය මගින් වරෙන්තු ලැබූ ගම්පහ දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්ත මන්ත්‍රිනී හා ජනප්‍රිය ටෙලිනාට්‍ය නිළි උපේක්‍ෂා ස්‌වර්ණමාලි සහ ඇගේ සැමියා වන මහේෂ් චාමින්ද යන 

දෙදෙනා මෝසමක්‌ මගින් ඊයේ 12 දා නුගේගොඩ මහෙස්‌ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටීම හේතුවෙන් අදාළ වරෙන්තුව අවලංගු කර තිබෙනවා.

දෙපාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට දැක්‌වූ කරුණු සැලකිල්ලට ගත් මහෙස්‌ත්‍රාත්වරයා එම නිකුත් කර තිබූ වරෙන්තුව අවලංගු කිරීමට එසේ නියම
කර තිබෙනවා.

දියමන්තියෙන් සැදුණු ග්‍රහලෝකයක්‌...

පෘතුවිය මෙන් දෙගුණයක්‌ විශාලයිලු.

පෘතුවිය මෙන් දෙගුණයක්‌ විශාල දියමන්තියෙන් සැදුණු නව ග්‍රහ ලෝකයක්‌ සොයා ගැනීමට ප්‍රංශ හා ඇමරිකානු විද්‍යාඥයෝ කණ්‌ඩායමක්‌ සමත්ව සිටිනවා.

මෙම ග්‍රහ ලෝකය 55 කැන්ස්‌රි ඊ (Cancri  e) ලෙස නම් කර තිබෙනවා. මෙහි ජලය තිබේ යෑයි නිශ්චිතවම විශ්වාස කළ නොහැකි බව එය සොයා ගත් විද්‍යාඥයෝ පවසනවා. මෙම ග්‍රහ ලෝකයේ උෂ්ණත්වය සෙල්සියස්‌ අංශක 2,150 ක්‌ පමණ වන බව සොයාගෙන තිබෙනවා

මෙම ග්‍රහ ලෝකයේ සිදුවූ රසායනික ක්‍රියාවක්‌ හේතුවෙන් පෘථිවිය උත්තේජනය වීම නිසා ඒ පිළිබඳ සොයා බැලීමේදී 55 කැන්ස්‌රි ඊ ග්‍රහ ලෝකය පිළිබඳ සොයා ගැනීමට හැකිවී තිබෙනවා

ජපානයේ කාන්තාවන්ටත් පැම්පර්ස් අන්දවයි...

වැසිකිලි යන්න ඕනෙ නෑ...

ළදරු ඩයෆර වගේම තෙත තදින් උරාගන්නවාලු..

ජපානයේ වැඩ කරන කතුනට ඩයෆර විශේෂයක් හඳුන්වාදී තිබෙනවා. 

සේවා ස්ථානයන්හිදි කිහිප විටක්ම තම ශාරීරික අවශ්‍යතා වෙනුවෙන් කැසිකිළි යෑමේදි වැයවන කාලය ඉතුරු කරගැනීම අරමුණයි.

මෙය දැන් වෙළෙඳපළට නිකුත් වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා. ළදරු ඩයෆර වලට සමාන තෙතමනය තදින් උරාගත හැකි ඩයෆර ඇඳීමට එරට වැඩකරන කාන්තාවෝ මේවන විට ක්‍රම ක්‍රමයෙන් පුරුදු වෙමින් සිටිනවා.

ටෝකියෝ නුවර නිවාස විකිණීමේ හා කුලියට දීමේ ආයතනයක් පවත්වාගෙන යන කාඕරි අඩක්හි (25) කියනුයේ මෙම ඩයෆර වි‍ශේෂය මාස හයක පටන් තමන් අඳින බවයි.