Ads 468x60px

.

පස් දරු උපත් දෙකේ සමානකම්...

එක් පියෙක් පී.එස්.ඩීයේ - අනෙක් පියා මන්ත්‍රිවරයෙක්

ශ්‍රී ලංකාවේ මේ වනවිට පස් දරු උපත් දෙකක් සිදු වී ඇති අතර එම දරු උපත් දෙකේ අපූරු සමානතා කිහිපයක් දකින්නට ඇත.මුලින්ම පස් දරු උපතක් ශ්‍රී ලංකාවේ වාර්ථා වූයේ 2004 වසරේ ඔක්තොම්බර් 06 වැනිදා ය.  

ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට පස් දරුවන් බිහි කළ ආශ්චර්‍යමත් මාතාව වූයේ එවකට 29 හැවිරිදි වියේ පසු වූ චමිලා වීරසේකර මාතාවයි. ඇගේ සැමියා නිමල් පියතිස්ස මහතාය. ඔහු එවකට ජනාධිපති ආරක්ෂ අංශයේ සේවය කළේය. 


මම රඟපාන්නේ නිර්මාණයක් කොලිටිනම් විතරයි...

සිහින පුරයේ හිමාෂි ලෙසින් ඔබ හමුවට එන ප්‍රතිභා හෙට්‌ටිආරච්චි මේ වසරේ පැවැති රයිගම් හා ඕසීඅයිසී ටෙලි සම්මාන උළෙලවලදී හොඳම සහාය නිළියට හිමි සම්මානයට දෙවරක්‌ නතුවෙනවා. හැකියාවන් රැසක්‌ කරපින්නාගෙන රංගනයට පිවිසි ප්‍රතිභා සමග කරන ලද කතාබහකි.

ප්‍රතිභා අවුරුද්දට දෙවතාවක්‌ අගැයීම ගැන මොකද හිතන්නේ ?

ගොඩක්‌ සන්තෝෂයි. මේක පොඩි කාලේ ඉඳන් දැකපු දෙයක්‌. මම අනන්තවත් වේදිකා නාට්‍ය බලලා ඇති. ඒ වගේම ටෙලිනාට්‍ය සහ චිත්‍රපටත් නැරඹුවා. ඒවත් එක්‌ක තමයි කලාවට යොමුවෙන්න හිතුණේ. මේ අවුරුද්දේ සම්මාන දෙකක්‌ ලැබීම ලොකු ජයග්‍රහණයක්‌.


නියං කාලගුණ තත්වයන්ට විසදුමක් ලෙස කෘත්‍රිම වැසි.


කෘතිම වර්ෂා ඇතිකිරීමේ පියවර තුනකි...

2010 වසරේ එක්සත් අරාබ් එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයේ අල්-අයින් නම් කාන්තාර ප්‍රදේශයේ කෘතීම ඇතිකිරීම පිළිබඳව නව ක්‍රමයක් ඉතා රහසිගත ලෙස අත්හදා බැලූවා. 

එහි ප්‍රතිඵලයක් ලෙස කෘතිම වැසි 50ක් පමණ වස්සවා තිබුණ අතර අප රට තුලද ඇතිවන ඉදිරි නියං කාලගුණ තත්ත්වයන්ට විසදුමක් ලෙස කෘත්‍රිම වැසි යොදා ගැනිමට රජයේ අවදානය යොමුව තිබෙනවා.

ඒ සඳහා චීන රජය සමඟ සාකච්ඡා කළ බවත් මේ වන විට ලැබෙන වර්ෂාවත් සමඟ නියං තත්ත්වය අවසන්ව ඇති බැවින් ඉදිරියේදි එවැනි තත්ත්වයක් නිර්මාණය වුවහොත් ඊට අවශ්‍ය විසදුම් රජය සතු බවයි අපදා කළමනාකරණ අමාත්‍යවරයා පවසා තිබුනේ.

ලොරියෙන් පැන්න ගවයා ජීවිතය බේරාදෙන ලෙස ඉල්ලා බිම වැතිරිලා...

ගවයාගේ වටිනාකම වූ රුපියල් 30,000 ක මුදල එකතු කර ගවයාගේ ජීවිතය බේරයි...

ගවයා කඩුවෙල ශ්‍රී කල්‍යාන ධර්මාශ්‍රමය වෙතට..

මාලිගාවත්ත ගවඝාතකාගාරයක්‌ වෙත ලොරියකින් රැගෙන යමින් සිටි ගවයකු ඉන් පැන සිය ජීවිතය බේරාදෙන ලෙස ඉල්ලා දිවගෙන පැමිණ බිම වැතිරීමෙන් පසු මුදල් දී ගවයා බේරාගැනීමට මාලිගාවත්ත බෝධිරාජපුර ගම්වැසියෝ ඊයේ 14 වැනිදා පෙරවරු කටයුතු කලා.

කඩුවෙල සිට ලොරියකින් ගවයන් පස්‌දෙනකු මාලිගාවත්ත ඇපල්වත්ත ගවඝාතකාගාරය වෙත ඊයේ 14 වැනිදා පෙරවරු 10.00 ට පමණ රැගෙන එමින් සිටියදී එක්‌ ගවයකු ලොරියෙන් බිමට පැන බෝධිරාජ මාවත දිගේ දිවගොස්‌
තිබෙනවා.

නපුංසකයන් සපයන ගණිකා හා සමලිංගික තිප්පලක් මාට්ටු.

කොණ්‌ඩා කැපීම් හා රූපලාවන්‍යාගාර පවත්වාගෙන යන මුවාවෙන්... 

ගණිකා හා සමලිංගික මධ්‍යස්‌ථාන පවත්වාගෙන ගිහින්...

පිටුපස සුඛෝපභෝගී කාමරත් තිබිලා...

රූපලාවන්‍යාගාරයක්‌ සහ කොණ්‌ඩා කපන ව්‍යාපාරයක්‌ (සැලුන්) පවත්වාගෙන යන මුවාවෙන් නුගේගොඩ, කට්‌ටිය හන්දිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගණිකා හා සමලිංගික මධ්‍යස්‌ථානයක්‌ වටලා නපුංසකයන් තිදෙනකු හා කාන්තාවන් දෙදෙනකු හා ආයතනයේ කළමනාකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගැනීමට මිරිහාන මූලස්‌ථාන පොලිසිය පෙරේදා (13 වැනිදා) සමත් වුනා.

මෙම ව්‍යාපාරය ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකු විසින් කරගෙන ගොස්‌ ඇති බවත්, ඔහු විසින් නුගේගොඩ හා ඊට ආසන්න ප්‍රදේශවල

සකර්බර්ක්ගේ සොයුරිය FaceBook හැර ගියේ, තවත් එවැනිම සමාජ ජාලයක් හදන්නලු.

මෙම ඔක්තොම්බරයේ රුන්ඩි තම නව සමාගම හඳුන්වා දුන්නාලු...

ෆේස් බුක් සම නිර්මාතෘ මාක්ස් සකර්බර්ක්ගේ සොයුරිය වන රුන්ඩි සකර්බර්ග් ෆේස් බුක් සමාගමෙන් ඉවත්ව තමාගේ අයිතිය ඇති තවත් එවැනිම සමාගමක් ගොඩනැඟීමට තීරණය කර  ඇති බවට විදෙස් මාධ්‍ය උපුටා දක්වයි.

තම සෑම නිර්මාණයකම අනන්‍යතාවය සඳහන් විය යුතු බවද එසේ නොමැති වුවහොත් තමා ගැන යම් දිනක මිනිසුන්ගේ මතකයෙන් ගිලිහී යනු ඇති බවද ඇය මාධ්‍ය වෙත ප‍්‍රකාශ කර ඇත.

මේ පිලිබඳව අදහස් දක්වන ඇගේ සොයුරු මාර්ක් පවසන්නේ

විස්සයි විස්ස නිසා මැරුන තරුණයින්ගේ මරණ වලට හේතුව ආදර සම්බන්දයක්ලු...

එක්කෙනුකුට මාස 3ක කාලය තුල ආදර සම්බන්ධතාවයක්...

සියදිවි නසාගැනීමට ය හේතුවක් වුනාලු..

පසුගිය ලෝක කුසලාන විස්සයි විස්ස තරඟාවලියෙන් පසු සියදිවි නිසාගැනීම් දෙකක් වාර්තා වූ අතර ඔවුන්ගේ සියදිවි නසාගණීම් වලට හේතුව ලෙස වාර්තා වුනේ ලෝක කුසලානය පැරදීම නිසා ඇතිවූ සිත් වේදනාව බවයි.

නමුත් පසුව කළ පරීක්ෂණ වලින් අනාවරණය වී තිබෙන්නේ එම මරණ දෙකට හේතුව එම තරුණයින්ගේ තිබූ පෙම් සබඳතා බිඳියාම නිසා එලෙස සියදිවි නසාගන ඇති බවයි.

හැටන් කුඩා ඔය ප්‍රදේශයේ 26 හැවිරිදි මහේන්ද්‍ර සුරේන්ද්‍රන් හා 17 හැවිරිදි හංවැල්ලේ පදිංචි දේශාන් ලක්ෂිත යන තරුණයන් දෙදෙනායි එලෙස සියදිවි නසාගන් තිබුනේ.

මේ පිළිබඳව 
සුරේන්ද්‍රන්ගේ මව පවසා තිබුනේ

කෑගල්ලේන් පස් නිවුන් දරුවන්...

පිරිමි දරුවෝ තිදෙනෙක් ගැහැනු දරුවෝ දෙදෙනෙක්...

පස් නිවුන් දරුවන් බිහිවූ දෙවැනි අවස්ථාව මෙයයි ...

දරුවන්ගේ පියා සමාගම් විධායක නිලධාරියෙක්...

කෑගල්ලේ පදිංචි 29 හැවිරිදි වියේ පසුවූ ඩිලිනි රසාංගි ශ්‍යාමනී මහත්මිය මහනුවර රෝහලේදී අද 15 අලුයම 4.00 ට පමණ පස් නිවුන් දරුවන් බිහිකළාය.

සීසර් සැත්කමින් පිරිමි දරුවෝ තිදෙනෙක්ද ගැහැනු දරුවෝ
දෙනෙක්ද අට මාසයෙන් මෙලොව එළිය දුටහ.එම දරුවන්ගේ පියා සමාගම් විධායක නිලධාරියෙකු වන  ශිලන්ත විජේපාල මහතාය.

මව සහ බිළිඳුන් සියලු දෙනා යහපත් සෞඛ්‍ය තත්ත්වයේ පසුවන බව සැත්කම සිදුකල ශල්‍ය වෛද්‍ය මහාචාර්ය කමල් ගුණවර්ධන මහතා පවසනවා.

ශ්‍රී ලංකාවේ පස් නිවුන් දරුවන් බිහිවූ දෙවැනි අවස්ථාව මෙයයි. ජනාධිපති ආරක්‍ෂක අංශ නිලධාරයෙකු ගේ බිරියක මීට පෙර පස් නිවුන් දරුවන් බිහිකළාය. එහිදී ද වෛද්‍යවරයා වුණේ මහාචාර්ය ගුණවර්ධන මහතාය.

අසාමාන්‍ය බදු වැඩිවීම නිසා ගෙන්වූ වාහන නැවත එම රටවලටම

අලුතින් මෝටර් රථ ලියාපදිංචිකිරීම් 66% කින් අඩුවෙලා...

අයවැයෙන් හෝ රජයෙන් සහනයක් බලාපොරොත්තු වෙනවා...

සුගිය මාර්තු මාසයේ වූ බදු වැඩිකිරීම අනුව ඉන්දියාවේ නිෂ්පාදිත මරුටි 800 සිසි මෝටර් රථයක් අවම වශයෙන් රුපියල් ලක්ෂ 3 කින්ද, හයිබ්‍රිඩ් මෝටර් රථයක් රුපියල් ලක්ෂ 10 කින්ද, ටොයෝටා ඇලියන් මෝටර් රථයක් ලක්ෂ 15 කින්ද , ටොයෝටා විට්ස් මෝටර් රථයක් ලක්ෂ 12 කින්ද, වෑන් රථයක මිල රුපියල් ලක්ෂ 4 කින් පමණද, ත්‍රිරෝද රථයක් ලක්ෂයකින්ද , යතුරුපැදියක් රුපියල් 50,000 කින්ද ඉහළ ගියා.

පෙට්‍රල් කාර් 120% සිට 200% දක්වාද, ඩීසල් කාර් 180% සිට 250% දක්වාද, ත්‍රීවීල් 51% සිට 100% දක්වාද, මෝටර්සයිකල් 61% සිට 100% දක්වාද බදු වැඩි වීම නිසා වාහන විකිණීම අඩුවීම නිසා වාහන විකිණුම් සමාගම් බලවත් අපහසුතාවයට පත්වී සිටිනවා. එබැවින් ගෙන්වූ වාහන නැවත එම රටවලට යැවීමටයි ඔවුන් පෙළඹී තිබෙන්නේ. 


රුවංගි දොස්තර කෙනෙක් එක්ක හාදවෙලා කියන්නේ ඇත්තද...?

අවංක පොලිස් නිලධාරිනියකගේ චරිතයක්...

රුවංගි බණ්‌ඩාරගම නගරයේ හිටපු හොරෙක්‌ අල්ලන්න වැටක්‌ උඩින් පැන්නලු...

ජනපි‍්‍රය යොවුන් නිළියක් වන රුවංගි රත්නායක දොස්තරවරයෙක් හා හාදවී ඇතැයි වාර්තා වෙනවා.

කෙසේ වුවද රුවංගි දොස්තර කෙනෙක් හා හාදවී ඇත්තේ හැබෑවටම නොවන බවද පැවසෙනවා
.