ලෝක කුසලාන ක්‍රිකට් තරගය නරඹන්නට ගාලූ මුවදොර පිටියට යන බව කියා පිටත්ව ගිය ජනක එදා රෑ කොහි ගියේද...?
'මට උඹලට සල්ලි දෙන්න බෑ..ගුණමකුවො මගෙ සල්ලි හොරකං කළාට මං පොලිසි යනව..' ජනක කෑ ගහලා...
ප්‍රදේශවාසීන් බාගෙට පිළිස්සුණ මළ සිරුරක් දැකලා...
ඥාතීන් මෙම සිරුර අතුරුදන්වූ ජනකගේ බව හඳුනාගනී...
තමන් සමග එකට කන බොන සගයා මරා දමා සිරුර කෑලි හතකට කපා කැලෑවක පුළුස්සා සගවන්නට තැත්කළ යහළුවන් පිරිසක් ගැන බිය උපදවන කතාවක් පසුගිය සතියේ කඩවත ඉහළ බියන්විල ප්‍රදේශයෙන් වාර්තා වුණා.
මේ ආකාරයට ඝාතනයට ලක්වූයේ 30 හැවිරිදි ජනක මංජුල නමැති කටුනායක ගුවන්තොටුපළේ ඩියුටි ෆ්‍රී සාප්පුවක සේවය කරන තරුණයෙකි.
පසුගිය 9 වනදා ඉහළ බියන්විල තේවත්ත පාරේ උදෑසන ඇවිද ගිය පුද්ගලයින්ට කැබලිවී ගිය මළ සිරුරක්